Hashi Diaries

Hashi Diaries Life, laughter & little joys, one diary entry at a time ��

ඒ උනාට තරහයි 😒😂
24/05/2026

ඒ උනාට තරහයි 😒😂

ආදරයෙන් ජීවිතය පුරාවට අපිව රකින, මගේ අම්මා ඇතුලු සියලුම අම්මාවරුන්ට සුභ මව්වරුන්ගේ දිනයක් වේවා 🙏♥️🌸  Hashi Diaries 🌸🍃♥️
09/05/2026

ආදරයෙන් ජීවිතය පුරාවට අපිව රකින, මගේ අම්මා ඇතුලු සියලුම අම්මාවරුන්ට සුභ මව්වරුන්ගේ දිනයක් වේවා 🙏♥️🌸

Hashi Diaries 🌸🍃♥️

ඉදලා හිටලා හිත ගිය යාලුවොත් එක්ක, සිංදුවක් අහන ගමන් මෙහෙම පොඩ්ඩක් නිවාඩූවේ චැට් එකක් දාන්න සෙට් වෙන්නත් ඕනේ 😌♥️😍මේ ටිකේම...
09/05/2026

ඉදලා හිටලා හිත ගිය යාලුවොත් එක්ක, සිංදුවක් අහන ගමන් මෙහෙම පොඩ්ඩක් නිවාඩූවේ චැට් එකක් දාන්න සෙට් වෙන්නත් ඕනේ 😌♥️😍
මේ ටිකේම පෝස්ට් එකක් දාන්න වෙලාව අඩුයි, වැඩට යනවා එනවා ගෙදර වැඩ ටික කරනවා, ඉතින් එතනින් එහාට නිදාගන්නත් තියෙන්නෙ පැය 6ත් අඩු කාලයක්,
ඇත්තටම මෙහෙම කාර්යබහුල ජීවිතයට ඉදලා හිටලාවත් යාලුවෝ එක්ක නිදහසේ කතා කරන්න වෙලාවක් අපි හැමෝම වෙන් කරගන්න ඕනේ. මට අනුව අපේ ජීවිත වලට මොනවා තිබ්බත් වැඩක් නෑ මානසික නිදහස නැතිව ♥️🌸🍃

මගේ ආදරණීය හස්බන්ඩ් වෙනුවෙන් හදපු පලවෙනි බටර් අයිසින්ග් කේක් එක තමයි මේ 😍😍😍 මේක හැදුවේ එයාගේ බර්ත්ඩේ එකට ♥️🎂කොච්චර උනත් ...
28/04/2026

මගේ ආදරණීය හස්බන්ඩ් වෙනුවෙන් හදපු පලවෙනි බටර් අයිසින්ග් කේක් එක තමයි මේ 😍😍😍 මේක හැදුවේ එයාගේ බර්ත්ඩේ එකට ♥️🎂
කොච්චර උනත් මටනම් මෙහෙම ගෙදර රසට පිරිසිදුවට කේක් කැල්ලක් හදලා කනවා වගේ නැහැ මෙහේ ( UAE ) තියෙන ශොප් වලින් අරගෙන කෑවට. ඇත්තටම රසම රසයි. මමත් ආසාවෙන් මාස 05 ට විතර පස්සේ තමයි මෙහෙම හදලා කෑවේ.
එයා දන්නෙ නෑ මම එයා වෙනුවෙන් බර්ත්ඩේ කේක් එකක් හදනවා කියලා, කොහොම හරි මගේ සප්‍රයිස් එක සාර්ථකයි 😍♥️😍
ස්තූතියි මාව බලන ඔයාලට ♥️

තමන්ගේ අය වෙනුවෙන් රසට දෙයක් හදලා ඒ අයව සතුටු කරන හරිම ලස්සන දෙයක්, ඔයාලත් පුංචි හරි දෙයක් හදලා දීලා ඔයාලාගේ ආදරණීයන්ගේ විශේෂ දවස් තවත් විෂේශ කරන්න 😍

ජීවිතයට ආදරෙන්,
හෂී ♥️🍃🌸

15/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏😍♥️🌸🍃🌾🌞♥️

Hashi Diaries

ඔබ සැමට සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා 🙏♥️😍🌸🌞🌾🍃 Hashi Diaries 🌸🍃♥️
14/04/2026

ඔබ සැමට සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා 🙏♥️😍🌸🌞🌾🍃
Hashi Diaries 🌸🍃♥️

එන්නකෝ මොනවද අද අරගෙන ආවේ බලන්න 😍  කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරිවුණ නිසා අද අරන් ආවා ළගදි දවසක හැදුව කජු කරියක්, ඒකට ක...
11/04/2026

එන්නකෝ මොනවද අද අරගෙන ආවේ බලන්න 😍
කාලෙකින් පෝස්ට් එකක් දාන්න බැරිවුණ නිසා අද අරන් ආවා ළගදි දවසක හැදුව කජු කරියක්, ඒකට කැරට් ගෙඩියක් කොටුවට කපලා ලස්සනට දාන්න මට ආසාවක් ආව නිසා එහෙම තමයි හැදුවේ ♥️
ඇත්තටම හරිම රසයි, මට මෙහේ ලංකාවේ වගේ අමුකජු ගන්න තැනක් නැහැ, ඒ නිසා මම ගත්තේ සාමාන්‍ය කඩේ විකුණන්න තියෙන කජු, පැය 5ට වගේ කලින් පෙගෙන්න තියලා තමයි මම මේක හදන්න ගත්තේ 😍😍😍 හරිම රසයි මේක, කජු කරිය කන්න ආස අය කෝ බලන්න කමෙන්ට් එකක් දාගෙන යන්න 😍😍😍

Home Made Chicken Koththu 😍😍😍  මේකනම් ලංකාවේ ඉද්දි හදපු එකක්, රසටම රසට හැදුනු කොත්තු එකක් 🌸 ගෙදර පිරිසිදුව හදලා, උණුවෙන්...
29/03/2026

Home Made Chicken Koththu 😍😍😍

මේකනම් ලංකාවේ ඉද්දි හදපු එකක්, රසටම රසට හැදුනු කොත්තු එකක් 🌸
ගෙදර පිරිසිදුව හදලා, උණුවෙන් රසම රසට කද්දි ඒක වචන වලට පෙරලන්න බෑ ♥️
ඔයාලත් හදලා බලලා ෆොටෝ කමෙන්ට් කරන්න ♥️🌸🍃

දන්නවද ජීවත් වෙලා ඉන්න කාලේ තමන් කෙනෙක්ව ආදරේ කරන්න තෝරගන්නේ ඇයිද කියලා, ඒ කෙනා මැරෙනකන් අපිව ආදරෙන්, සතුටෙන් තියයි කියල...
29/03/2026

දන්නවද ජීවත් වෙලා ඉන්න කාලේ තමන් කෙනෙක්ව ආදරේ කරන්න තෝරගන්නේ ඇයිද කියලා,
ඒ කෙනා මැරෙනකන් අපිව ආදරෙන්, සතුටෙන් තියයි කියලා බලාපොරොත්තුවෙනුයි,
සතුටෙදි දුකේදී ළගින්ම ඉදීවී කියලා හිතාගෙනයි,
ජීවිතේ කවදාවත්ම අපේ විශ්වාසය කඩ කරන්නෙ නැති වෙයි කියන විශ්වාසය ඇතිවයි,
නමුත් එච්චර විශ්වාස කරලා ආදරේ කරපු මිනිස්සූ අපිව රවට්ටන එක, ඒ මිනිස්සුන්ට අපි රැවටිලා කියලා දැනෙන හැගීම අපිව නොමරා මරනවා,
ඒ නිසා මනුස්සයෙක්ට වෙන්න පුලුවන් නරකම දේ මරණය විතරක්ම නෙමේ,
ඊට වඩා රැවටිලා කියලා දැනෙන එක, අපිව රවට්ටලා කියලා දැනෙන එක දරාගන්න අමාරුම හැගීමක්.

ඒ නිසා කවදාවත් ආදරෙ කරන අයට බොරු කරන්න එපා, රවට්ටන්න එපා,
රවට්ටනවට වඩා නම්බුයි ආදරයක් නැතිනම් ගෞරවාන්විතව එතනින් ඉවත් වෙලා යන එක 🙂


ජීවිතයට ආදරෙන්,
හෂී ♥️🍃🌸

Address

Jaela
Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Hashi Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share