02/11/2026
තාවා බිරියානි
තාවා බිරියානි කියන්නේ වැඩි වැඩ නැතිව ලේසියෙන්ම හදාගන්න පුළුවන් බිරියානි එකක් . මේ බිරියානි වල විශේෂත්වය තමයි පෑන් එකක හෝ තාච්චියක සාදා ගැනීමට පුළුවන් වීම. ගෙදර බිරියානි හදනවනම් පහසුම ක්‍රමයත් මේකයි .
අවශ්‍ය දේවල් 👇
▪️බාස්මති හාල් රයිස් කුකර් කප් 4
▪️චිකන් බ්‍රෙස්ට් භාගයක්
▪️කොටු කපාගත් කැරට් අලයක්
▪️ග්‍රීන් පීස් කෝප්ප කාලක්
▪️කොටු කපාගත් බෝංචි කරල් 6 - 7
▪️ලියාගත් බී ළූණු ගෙඩියක්
▪️කොටු කපාගත් තක්කාලි ගෙඩියක්
▪️හීනියට කපාගත් කොත්තමල්ලි කොල හා මින්චි කොළ ටිකක්
▪️මිරිස් කුඩු තේ හැඳි 1 1/2
▪️බිරියානි මසාලා මේස හැඳි 1
▪️ඉගුරු සුදුලුනු පේස්ට්
▪️කුඩු කරගත් එනසාල් දෙකක් හා කරාබු නැටි තුනක්
▪️කරපිංචා ඉත්තක්
▪️ඇස්ට්‍රා හෝ බටර් මේස හැඳි 4 -5
▪️තියනවා නම් වියළි මිදි හා කජු ටිකක්
▪️කහ
▪️දෙහි බෑයක්
▪️ලුණු රස අනුව
සාදා ගන්නා අන්දම 👇
▪️මුලින්ම හාල් සෝදා විනාඩි 30 පෙඟෙන්න තියන්න .රයිස් කුකර් සාස්පානට බටර් හෝ ඇස්ට්‍රා මේස හැඳි 2 - 3 දාලා රත් වෙද්දී එනසාල් 4 , කරාබුනැටි 3 , ලොකු රම්පෙ කෑල්ලක් , කුරුඳු පොතු කෑල්ලක් දාලා තෙම්පරාදු කර හාල් ටික දාලා පිසගන්න . බත් එක හොඳට ඉදුනාට පසු කූරු ගා එනසාල් , කරාබුනැටි , රම්පෙ අයින් කරන්න .
▪️චිකන් බ්‍රෙස්ට් එක තීරු වලට කපාගෙන කහ , ගම්මිරිස් , දෙහි යුෂ ටිකක් දාලා සීසන් කරගන්න .
▪️දැන් ලොකු පෑන් එකක් හෝ තාච්චියක් ලිපේ තියා බටර් / ඇස්ට්‍රා දාලා රත් කරන්න . එයට කජු හා වියලි මිදි බැදගෙන අයින් කර චිකන් කෑලි දාන්න . විනාඩි 4 - 5 බැදගන්න . පසු ළුණු දාන්න . විනාඩියක් හමාරක් තෙම්පරාදු කර ඉඟුරු සුදුළූණු පේස්ට් දාන්න .හොඳින් මිශ්‍ර කර කුඩුකර ගත් එනසාල් කරාබුනැටි කුඩු , තක්කාලි , කරපිංචා දාන්න . මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරමින් තෙම්පරාදු කර බිරියානි මසාලා , මිරිස් කුඩු හා කහ දාලා ටික වේලාවක් පිසින්න .
▪️දැන් කැරට් , බෝංචි , ග්‍රීන්පීස් දාලා තෙම්පරාදු කරන්න .එළවළු ගොඩක් තැම්බෙන්න දෙන්න එපා . යන්තමට තැම්බීගෙන එද්දී ලුණු හා දෙහි යුෂ දාන්න . රස බලා මදිපාඩු දාන්න .
▪️පසුව කොත්තමල්ලි කොළ හා මින්චි කොළ වලින් භාගයක් දාලා කලවම් කර බත් දාන්න . බත් කලවම් කර විනාඩියක් දෙකක් තියා ලිපෙන් බාගන්න .
▪️කලින් බැදගත් කජු හා වියලි මිදි , ඉතිරි කොත්තමල්ලි කොළ හා මින්චි කොළ උඩින් දාලා ගන්න . රයිතා ටිකක් මින්චි චට්නියක් හොඳටම ඇති .
Laxmi Palihakkara ✍️