20/08/2026
හායි මගේ යාලුවෝ ඔයාලාට කොහොමද අද මම අරගෙන එන්නේ... Day 03 – SUGAR. Pastry & Bakery වල sugar කියන්නේ රසයට විතරක් භාවිතා කරන ingredient එකක් නෙවෙයි මගේ chef යාලුවෝ ....Sugar එක dough, cake, cookie සහ pastry එකේ texture, colour, moisture සහ shelf life වලටත් බලපානවා.
DAY 04 — SUGAR
1. Sugar එකේ ප්‍රධාන කාර්යයන් මොනවද
1. Sweetness
අපිට හුරුම function එක — product එකට sweetness ලබාදීම.
2. Tenderness
Cake සහ cookies වලදී sugar එක proteins සහ starch වල water availability එකට බලපාන නිසා texture එක soft / tender කරන්න උදව් වෙනවා.
3. Moisture retention
Sugar hygroscopic — එනම් moisture attract/hold කරන්න පුළුවන්. ඒ නිසා baked products වල softness සහ freshness maintain කිරීමට දායක වෙනවා.
4. Browning & Colour
Baking වෙද්දී sugar caramelization සහ Maillard reaction වැනි browning processes වලට දායක වෙනවා. ඒ නිසා golden-brown colour සහ roasted flavour ලැබෙනවා.
5. Cake structure & aeration
Creaming method එකේ butter + sugar cream කරනකොට sugar crystals මගින් butter එකේ air cells create කරන්න උදව් කරනවා. ඒ air cells baking වෙද්දී cake volume එකට contribute කරනවා.
6. Yeast fermentation
Yeast වලට fermentable sugar source එකක් ලබාදිය හැක. නමුත් වැඩිපුර sugar දැම්මොත් yeast activity එක slow වෙන්නත් පුළුවන්, මොකද high sugar concentration එක osmotic pressure වැඩි කරන නිසා.
Bakery වල භාවිතා වෙන Sugar වර්ග මොනවද
White Granulated Sugar
සාමාන්‍ය baking වල common.
Caster / Superfine Sugar
Crystals කුඩා නිසා cakes, meringues, creams වගේ applications වල හොඳයි.
Icing / Powdered Sugar
ඉතා fine sugar එකක්. Buttercream, icing, decoration වලට භාවිතා කරනවා.
Brown Sugar
Molasses අඩංගු නිසා colour, flavour සහ moisture වැඩි දායකත්වයක් ලබාදෙනවා
Invert Sugar / Glucose Syrup
Confectionery සහ pastry වල moisture retention, texture සහ crystallization control වැනි functions සඳහා භාවිතා වෙනවා.
Sugar වැඩි කළොත් / අඩු කළොත්?
Sugar වැඩි කළොත්
වැඩි sweetness
වැඩි browning
softer texture
moisture retention වැඩි
yeast fermentation slow විය හැක
Sugar අඩු කළොත්
sweetness අඩු
browning අඩු
texture එක වෙනස්
moisture retention අඩු විය හැක
ඒ නිසා recipe එකක sugar ප්‍රමාණය randomly වෙනස් කරන්න බැහැ. Sugar එක ingredient එකක් විතරක් නෙවෙයි—formula එකේ functional ingredient එකක්.
“Sugar is not just for sweetness. It controls texture, colour, moisture, structure and fermentation.”
゚viralシfypシ゚viralシalシ #කුවේට්