Pradeep Shiran

Pradeep Shiran Home Gardens Landscaping Training and much more - ගෘහ/ගෙවතු උද්‍යාන ?

20/10/2020


ඔබේ උද්‍යාන අලංකරණ සැලසුම් සිහිනය ඔබ විසින්ම සැබෑවක් කර ගන්න !


~ ඵක් දින ගෙවතු උද්‍යාන භූමි අලංකරණ වැඩමුළුව ~

උද්‍යාන භූමි අලංකරණ ශිල්ප සදහා උනන්දුවක් සහ කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට පහසුවෙන් ලබා ගත හැකි වටිනා අවස්ථාවක් ලෙස මෙය හදුන්වා දෙමි.

ක්ෂේත්‍රයේ වසර ගණනාවක පලපුරුද්දක් ඇති රටා පුරා බොහෝ සිසු පිරිසක් පුරුදු පුහුණු කරමින් වර්ථමානයේ රටේ විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල උද්‍යාන අලංකරනයට අදාල දේශණ සහ ප්‍රායෝගික පුහුණු සැසි සිදුකරමින් විශාල අත්දැකීම් සපිරි දේශකවරයෙකුගේ අධීක්ෂණය යටතේ හදුනාගත් සුවිශේෂී විෂය නිර්දේශයකට යටත්ව මෙම ඵක් දින උද්‍යාන අලංකරණ පුහුණු වැඩමුළුව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර අවසන්ය.

මේ සදහා සහභාගී වන සැමට අදාල දේශකවරයා විසින් පමණක් දිනය පුරා සියලු දේශන සහ පුහුණුවන් ලබා දීම සිදු කරනු ඇත.

මෙම පුහුණුව අවසානයේ සහභාගී වන සැමට උද්‍යාන භූමි අලංකරණයට අදාල මූලික හදුනාගැනීම් ඔස්සේ ඔබේම සුන්දර භූමි නිර්මාණයක් සකස් කර ගැනීමට අවැසි සියලු අවශ්‍යතා සපුරා ගත හැක.

:
පුහුණුවේ අන්තර්ගතය

1. Introduction of Landscaping
භූමි අලංකරණය හදුනා ගැනීම

2. Soft Landscaping
මෘදු භූමි අලංකරණ අංග

3. Hard Landscaping
දෘඨ භූමි අලංකරණ අංග

4. Landscaping Principles
භූමි අලංකරණ මූලධර්ම

5. Landscape Designs
භූමි අලංකරණ නිර්මාණ සැලසුම්

ඉහත සියලු කොටස් නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ සියල්ලන්ටම අවබෝධ වන අයුරින් පෙලගස්සවා ඇති අතර දිනය අවසානයේ සහභාගී වන සැමට සැලසුමි ගත ඉලක්ක ජය ගත හැක.

සියලු කොටස් සිංහල භාෂාවෙන් ආවරණය වන අතර අවශ්‍ය අවස්ථාවල පමණක් ඉංග්‍රීසි යෙදුම් සහිත වචන භාවිතා විය හැක.

දැනට රටේ පවතින වාතාවරණය මත ඉදිරි මාස කිහිපයකින් පසු හැකි ආසන්නම සහ ආරක්ෂිත ඉරිදා දිනක උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා වැඩමුළුව පැවැත්වීමටත් ආහාර පාන සහ ලිපි ද්‍රව්‍ය ලබා දීමටත් සියලු කටයුතු සංවිධානය කරනු ඇත. මේ සියල්ල සදහා සිදුකල යුතු ගෙවීම සහ පවත්වන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

වැඩමුළුව පැවැත්වීම සදහා,
වන උද්‍යාන භූමි සංකල්පය ( Forest Garden Landscaping Concept ) යටතේ, අපගේ නිර්මාණශීලී උද්‍යාන අංග වලින් සැදුම්ලත් අලුත්ගම නගරයට සමීප අලංකාර වන භූමියක ස්ථාපිත Green N White Home Gardens Training Center යොදා ගන්නා අතර මෙහි පරමාර්ථය වනුවේද , සහභාගී වන්නන් හට යහපත් මානසිකත්වයකින් යුක්තව පුහුණුව ලබා දීමට සුදුසු වටපිටාවක් ඵක් කර දීමය. පැමිණෙන සැමට වටිනා දුර්ලභ වන ඔසු පැලයක් සිහිවටනයක් වශයෙන් ලබා දෙන අතර ඵය ඔබගේ භූමියේ සිටුවා හොදින් නඩත්තු කර පරිසරයට දායාද කරවීම අපගේ පැතුම වේ.
071-6029939 / 077-6149866 දුරකතන අංක මගින් වැඩිදුර තොරතූරු ලබා ගත හැක.
[email protected]

The Green N White Academy of Gardens Landscaping 👈 Our Page Link

19/10/2020


🏡🏘🌳

 #උපුටාගත් සත්‍යයේ සටහනක් බුද්ධියේ විමසුමට මුල් හිමිකරුට ස්තුතිය ! 💖ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ ප්‍රකාශය.මං මේ...
11/10/2020

#උපුටාගත් සත්‍යයේ සටහනක් බුද්ධියේ විමසුමට මුල් හිමිකරුට ස්තුතිය ! 💖

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ ප්‍රකාශය.

මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා.

මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු.

මගේ වයස අවුරුදු 65 යි. මේ 65 තුළ පසුගිය කාලේ මම බොහෝ දේවල් දැක්කා. මට අවුරුදු 7-8 කාලේ ඉඳලා දැක්ක දේවල් මට හොඳට මතකයි. මම කුඩා කාලේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්.

එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ (අත්තා මුත්තා) ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකමයි.

අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක්වීම. අපි ඉස්සර කැලේට ඇතුල්වුණේ ගහක අත්තක් තව ගහක අත්තක එල්ලලා. අපේ පරපුරේ මිය ගිය නැයින්ට වැඳලා අවසර අරගෙන. ගහක අත්තක් කැපුවේ ගහට වැඳලා. බිම හෑවේ වැඳලා අවසර අරගෙන. පොළොවේ ඇට හිටවන්නේ අවසර අරගෙන.

ඒ කාලේ අපි ඉරට කිව්වේ ඉර දෙය්යෝ කියලා. හඳට කිව්වේ හද දෙය්යෝ කියලා. වැස්ස, පොළාව, සුළං අපි සැලකුවේ දෙවිවරු හැටියට. ගංගා, කඳු ඇල දොලවල අරක්ගත් යක් යකින්නන් අපි පිදුවා. අපේ ඇඟට, ඇහට නොපෙනුනාට ඒවාට ලොකු බලයක් තියෙනවා කියලා ඒ කාලේ අපි හිතුවා. ඒක අපිට දැනුනා. ඒ නිසා ඒවාට වඳිමින්, පුදමින් ගරු කරනකොට, ඒවා රකින කොට, ඒ බලය අපිට ලැබුණ බව අපිට දැනුනා.

ඉස්සර අපිට උවමනා කෑම-බීම, ආරක්‍ෂාව විතරක් නොවෙයි සතුටත් ඉබේම ලැබුණා. ඒ නිසා අපි නිදහසේ ජීවත් වුණා. ඒත් අද? අපි ඒ සඳහා කොච්චර මහන්සි වෙනවද? ඒ කාලේ අපි කැලේ හැම තැනක්ම, හැම දෙයක්ම අපිට ඕන හැටියට පාවිච්චි කළේ නැහැ. ලොකු ගස් පේලියක දුනුහන (දුන්නක සලකුනක්) කොටලා සීමාවක් හදාගෙන ඒක ඇතුලෙයි අපි දඩයම් කළේ. මී කැඩුවේ. අල හැරුවේ. ඒක ඉඩ අපිට හොඳටෝම ඇති වුණා.

අපි හේන් කළා. අපේ හේනේ සීමාව වුනේ මැද ඉඳලා කෙළවරට ගලක් විසිකරන දුර විතරයි. අපි හේනකට හොයාගත්තේ මහා ගස් තියෙන ලොකු කැලෑවක් නෙවෙයි.

අපි කඳු මුදුන්, කදු බෑවුම්, උල්පත්, වතුර පාරවල් ලඟ, අඩි පාරවල් ලඟ, බුරුල් වැලි තියෙන පොළොව වගාවට තෝරා ගත්තේ නැහැ. අපි එක යායට හේන් ගොඩක් හදන්නෙත් නැහැ. අපේ හේන් දෙකක් අතර හූවක දුර කැලෑවක් ඉතුරු කළා. ඊලඟ අවුරුද්දේ ඒ හේන අපි වවන්නේ නැහැ. අපි ඉන් ඒහායින් අලූත් හේනක් සොයාගන්නවා. අවුරුදු හතකට පස්සෙයි අපි ආයෙමත් පරණ හේනට එන්නේ. අපි දඩයම් කළෙත් ක්‍රමේකට කවදාවත් අබ්බගාත සතෙක්, ගැබ්බර දෙනෙක්, පැටියෙක් මරන්නේ නැහැ. කවදාකවත් රැලේ යන, දිය බොන, වල් කන, සෙල්ලම් කරන වෙලාවක ඒ සතාව මරන්නේ නැහැ. වේලට හරියන සතෙක් මිසක්ලොකු සතෙක් මරණ එක අපි කරන්නේ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මරණ එක තමයි අපේ හොඳම දඩයම.

අපි දන්නවා කැලේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැති බව. ඒවා අයිති සත්තුන්ට. පරිසරයට. අපිට කැලෙන් ලැබෙන දෙයින් මුල් කොටස යකුන්ට පුදන්න ඕනේ. වැඩිපුර දේවල් ගන්නවට පරිසරයත්, නෑ යක්කුත් අපිත් එක්ක අමනාප වෙනවා. ඊට පස්සේ අපිට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ලෙඩ රෝග හදනවා. කැලේ සත්තු ලවා අපිට කරදර කරනවා. සමහර විට අපිව මරා දානවා. ඕවා අපි දන්නේ අපේ පරම්පරාවෙන්.

අපේ නෑ ඇත්තෝ විතරක් නෙවෙයි, මේ රටේ ලෝකේ ඉස්සර හිටිය මිනිස්සු මේ විත්තිය දැනගෙන හිටියා. ඒ අයටත් අපිට වගේම සිරිත් විරිත් තිබුණා. ඒත් පස්සෙන් පහු ඒ අය ඒ සිරිත් විරිත් අමතක කෙරුවා. මිනිස්සු සත්තුන්ගෙන්, කැලෙන්, අව්වෙන්, වැස්සෙන් සුළගින් ලැබුණ දේවල් මගේ කියලා බදා ගන්න පටන් ගත්තා. මහ පොළොවේ වැට කොටු බැඳලා සීමා හදා ගත්තා. සිරිත් විරිත් අතහැරලා ඉවක් බවක් නැතිව හූ දෙක තුනේ දුරට ගස් කොළන් පිරුණු කැලෑව කපලා දැම්මා. ඒක දවසකට ඇහැට පේන නොපෙනෙන සත්තු අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් මරලා දැම්මා. ඔය විකාර කෙරුවාට මිනිස්සු කියන්නේ ”දියුණුව” කියලා.

මට ඒ වචනේ ඇගෙන කොටත් හරි අපුලක්, පිළිකුලක් දැනෙනවා. තරහක් දැනෙනවා. අපේ ගතිගුණ සිරිත් විරිත් විතරක් නෙවෙයි අපිවත් නැති කළ හතුරා තමයි ‘‘දියුණුව’’. මේක කරේ තියාගන්නඅය සමහර වෙලාවට ඒකේ ප්‍රතිඵල වලින් මිදෙන්න ක්‍රමයක් හොයාගත්තා. අහක හිටපු අපිට ගැලවීමක් නැහැ.

"දියුණුවේ” විපාක ඔක්කොම විඳින්න වුනේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපිට සිද්ධ වුණා අනිත් අයට අතපාල ජීවත් වෙන්න. තවත් වෙලාවක අපිට වුණා අනිත් අයගේ බැල මෙහෙවර කරන්න. ඒක තමයි දියුණුවෙන් අපිට ලැබුණා දේ. මේ විකාර වලින් මිනිස්සුන්ගේ ඔලූව නරක් වෙන්න කලින්, කලට වැස්ස වැස්සා. කාලෙට පැව්වා. හරියට දිනේට වෙලාවට හුළං හැමුවා. අපි හඳ, තරු, ගහකොළ දිහා බලලා හෙට වෙන දේ ගැන කිව්වා. ඒ අනුව අපේ එදිනෙදා ජීවිතේ හදාගත්තා. ඒත් අද වහින්න ඕනේ කාලෙට පායනවා. පායන්න ඕනේ කාලෙට වහිනවා. වෙන දේ ගැන හිතාගන්නවත් බැහැ.

ඉස්සර අපි හැමෝම සතා සීපාවට ආදරය කළා. උන්ව හුරතල් කළා. උන්ව ආරක්‍ෂා කළා. දැන් මිනිස්සුන්ට ඒ සේරම පේන්නේ හතුරෝ වගේ. සත්තු නොදැක ඉන්න, උන්ගෙන් ඈත් වෙන්න හදනවා. මිනිස්සු දැන් මුලූ ඇඟම රෙදි වලින් වහගෙන ශීත කාමරවල හැංගිලා. සත්තු වෙනුවට සත්තුන්ගේ රූප බිත්තියේ අලෝගෙන. ගස් කපලා දාලා ගෙවල් ඇතුලේ බොරුමල් (ප්ලාස්ටික්) ගස් ගෙනත් තියා ගන්නවා. පොළාවට පොහොර කියලා වස විස ඉහලා ඒක වී ඇටයක් ගන්න හිරිකිතයක් නැතිව සත්තු කෝටි ප්‍රකෝටි ගානක් මරනවා.

මං හීනෙකින්වත් හිතුවේ නැහැ මෙහෙම ලෝකයක්. ඉස්සර අපි කෑම බීම ආරක්‍ෂාව ඉල්ලූවේ කිරි කොරහ නටල අපේ නෑ යකුන්ගෙන්. අද අපිට විනාශ කරපු මිනිස් ඇත්තන්ගෙන්ම අපේ කෑම වේල ඉල්ලන්න වෙලා. තමන්ගෙම දෙමාපියන් මහළු වුනාම අනාථ නිවාසෙට දාන ඔය මිනිස්සු අපිට කන්න දෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ.

මං මේ කැලේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්.මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. කහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊලඟට මිනිස්සු.

දැන් එක එක හුළං එනවා. කඳු කඩා පාත් වෙනවා. මුහුදු ගොඩ ගලනවා. ගංගා ඇල දොළ උතුරනවා. දන්නෙවත් නැති අලූත් ලෙඩ හැදෙනවා. මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෝකෙට කරපු කරන විනාසෙට හම්බ වෙන උත්තර තමයි මේ. පුදුම වෙන්න දෙයක් නැහැ.

දැන් අපි එක් එක්කෙනාට දෙස් දෙවොල් කියලා වැඩක් නැහැ. දියුණු වෙන්න ගිහින් මේ කරපු විනාසේ නවත්තමු. අපි ආපහු අත්තලාගේ මුත්තලාගේ ලෝකෙට යමු. නැත්නම් මේ ලෝකේ මිනිස්සු කියලා සත්තු ජාතියක් ඉපදිලා අනිත් අයත් මරාගෙන ඒ සත්තු මැරුණා කියලා පිට ලෝක වල අය කියයි.

මේ වැඩිහිටි අයට මොනව කිව්වත් වැඩක් නැහැ. අපි අපේ දරුවන්ට ඇත්ත කියමු. අපි වැඩිහිටියෝ වුණාට මේ ලෝකේ ඉපදුන ලොකුම මෝඩයෝ අපි කියලා අපේ දරුවන්ට කියමු. අපි කරපු මෝඩකම් නොකර තමන් කව්ද කියලා තෝරාගෙන, තමන්ට සෑහෙන තරමට ජීවත් වෙන්න ඒ අයට උගන්වමු. තමන් ජීවත් වෙන ගමන් අනිත් අයටත් ජීවත් වෙන්න ලෝකයක් ඉතුරු කරන හැටි ඒ අයට තේරුම් කරමු.

මේ මහ පොළොවේ කොතනැක හරි අපේ දරුවන්ගේ ළපටි හුරතල් අත්වලින් එකම එක පැලයක් හිටවලා, ඇටයක් හිටවලා, ඒ හැදෙන ගහට තමන්නේ යහළුවෙකුට වගේ, තමන්ගේ සහෝදරයෙකුට වගේ ආදරය කරන්න අපේ දරුවන්ට කියා දෙමු. ඉරට, හඳට, තරුවලට, ගහට, කොළයට, මල්වලට, ගගට, ඇලට, විලට, වැවට විතරක් නෙවෙයි හීතලට, උණුසුමට, සුළඟට පවා ගරු කරන්න අපේ දරුවන්ට කියා දෙමු. එහෙම කළොත් අපේ පුංචි පැටව් අමාරුවෙන් හරි මේ ලෝකේ ආපහු හදාගනියි. ඒක දකින්න අපිට වාසනාව නැති වුනත් අපේ දරුවන්ට අපේ පුංචි කාළේ සතුට සැනසීම ලැබෙන එක ගැන හිතලා අපි සතුටු වෙමු.

The Green N White Academy of Gardens Landscaping 👈 Our Page Link for Previous Posts

Highly Appreciate ! What about in 🇱🇰 💖This is our Vision & Mission ! See our past posts and like the page 👎The Green N W...
10/10/2020

Highly Appreciate ! What about in 🇱🇰 💖
This is our Vision & Mission !
See our past posts and like the page 👎

The Green N White Academy of Gardens Landscaping 👈

08/10/2020
පහත Page ඵක සහ මගේ Profile ඵක ඔස්සේ මවිසින් පලකරන ලද උද්‍යාන අලංකරණයට අදාල සියලු ලිපි කොටස් පහතින් පෙල ගස්සවා ඇත. අලුතින...
03/10/2020

පහත Page ඵක සහ මගේ Profile ඵක ඔස්සේ මවිසින් පලකරන ලද උද්‍යාන අලංකරණයට අදාල සියලු ලිපි කොටස් පහතින් පෙල ගස්සවා ඇත. අලුතින් සම්බන්ද වී ඇති අයගේ දැන ගැනීම පිණිස සහ මෙතෙක් සම්බන්දව සිට මේවා ඇස නොගැසුණු සැමට නැවත සිදුකරනු ලබන කාරුණික මතක් කිරීමකි.

The Green N White Academy of Gardens Landscaping 👈 Page for Previous Posts 👎

👎

🌿 Introduction of Landscaping

🌿 Sofscape & Hardscape of Landscaping

🌿 Natural & Man-made Landscaping

🌿 Principles of Landscaping (10 Posts)

🌿 Components of Landscaping (04 Post)......and much more

~ 🏡🏘🌳 ~

ඵකට කර සම්බන්ද වන සැමට 💖 ආදරණීය උපහාරය !

Address

49/2 Sudarshanarama Road Kalawila Beruwala
Aluthgama
12090

Telephone

+94716029939

Website

Alerts

Be the first to know and let us send you an email when Pradeep Shiran posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pradeep Shiran:

Share

Category