ArchiSphere

ArchiSphere Where Ideas meet Space

⭐𝐖𝐀𝐋𝐋 𝐂𝐎𝐋𝐎𝐔𝐑𝐒 තෝරා ගන්නෙ කොහොමද බලමු ⭐දන්නවද නිවසක බිත්ති ආලේපණ වර්ණයට ඔබේ Mood change කරන්න පුළුවන් කියලා.  මුළු නිවසට ...
19/10/2025

⭐𝐖𝐀𝐋𝐋 𝐂𝐎𝐋𝐎𝐔𝐑𝐒 තෝරා ගන්නෙ කොහොමද බලමු ⭐

දන්නවද නිවසක බිත්ති ආලේපණ වර්ණයට ඔබේ Mood change කරන්න පුළුවන් කියලා. මුළු නිවසට ම ජීවී බවක් ගේන්න wall colours වලට හැකියාවක් තියෙනවා කියලා. 🫢

ඒ තරම් දෙයක් කරන්න පුළුවන් දෙයකට අපි කොයිතරම් ඉඩක් දෙනවද...?

නිවාස අලංකරණයට Furniture, Ornaments, Light fittings අවශ්‍ය වෙනවා වගේම අපි Use කරන wall colour එකත් interior එක enhance කරන්න ගොඩක් වැදගත් වෙනවා.
නිවැරදි colours තෝර ගත්තොත් නිවස අභ්‍යන්තරය තියෙනවට වඩා ටිකක් ලොකුවට, නිස්කලංකව සහ සුඛෝපභෝගීව පෙන්නුම් කිරීමේ හැකියාව පවතිනවා.🍀

දැන් අපි බලමු කොහොමද නිවැරදි colour එකක් Mood එකට, Space එකට සහ Lighting එකට අනුව තෝරගන්නෙ කියලා.

🔅නිස්කලංක, නිදහස් නිවසකට,
Soft Beige, Pastel Green, Light Grey, Sage වගේ colours තෝර ගන්න පුළුවන්. මේ colours Living room එකකට වගේම Bedroom එකකටත් ගැළපෙනවා. විශේෂයෙන් ම නිදහස් නිස්කලංක මනසකින් ඉන්න කැමති අයට. ඒවගේම Wooden හරි white colour හරි furniture තියෙනවා නම් මේ colours වලට ගොඩක් ගැළපෙනවා.

🔅Space එක ටිකක් ලොකුවට පෙන්නන්න අවශ්‍ය නම්,
Off-White, Cream, Pale Blue, Light Pink colours use කරන්න පුළුවන්. Light shades නිවසට ආලෝකයක් ගෙන දෙනවා. Space එක අඩු room එකක් ඉඩකඩ ඇති ලෙසින් පෙන්නන්න මේ colours වලට පුළුවන්.

🔅නවීන පන්නයේ වර්ණවත් නිවසකට,
Teal, Charcoal Grey, Terracotta, Deep Blue colours use කරන්න පුළුවන්.
Highlight කරල පෙන්නන්න අවශ්‍ය එක wall එකකට පමණක් මෙම වර්ණයන් භාවිතා කිරීමෙන් නිවසට සුන්දරත්වයක් ළඟා කර ගත හැක. උදාහරණයක් ලෙස TV back wall එකට හෝ bed එකේ back wall එකට මෙම colours යොදා ගත හැක.

ඒවගේම Colours තෝරා ගැනීමේ දී ආලෝකය ගැන සිතීම ද වැදගත් වේ.

හොඳින් හිරු එළිය වැටෙන ලොකු ජනේල ඇති තැනකට blue, grey, green වගේ cool colours තෝරා ගැනීම වැදගත් වේ. ආලෝකය අඩු අඳුරු ස්ථානයකට beige, peach, mustard වැනි warm tone colours තෝරා ගැනීම වැදගත්.

📌දැන් බලමු colour එකක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු දේවල් මොනවද කියලා.

✅ Colour card එකෙන් තෝරා ගන්න colour එක patch test එකක් කරල බලන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද සමහර වෙලාවට Wall එකේ apply කළාම පේන විදිහ වෙනස් වෙන්න පුළුවන්.

✅ ගන්න colour එක finalize කරන්න කලින් ඔයා ළඟ තියෙන sofa, curtains වගේ දේවල් වලට match වෙනවද බලන්න.

✅ එකිනෙකට වෙනස් colours ගොඩක් use නොකර maximum colours 2ක් වගේ තෝර ගන්න සැළකිලිමත් වන්න. එතකොට හරි ම clean look එකක් ගන්න පුලුවන්.

-😊-

09/10/2025

Address

Avissawella
10700

Website

Alerts

Be the first to know and let us send you an email when ArchiSphere posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share