08/06/2022
දැඩි කලකිරීමෙන් ඔබ හට දැනුම් දෙමි. 😥
මම මුලින්ම පතොක් පැලයක් ගත්තෙ මගේ මේසෙ ලස්සන කරන්න හිතන්. ඒ වෙද්දි ඉතින් ඔන්ලයින් ලස්සන ලස්සන පැල ගන්න උනන්දු උනේ නෑ.ලග තැනකින් පැල,පොට් ,ගල් එහෙම අරන් තමයි පැලේ හැදුවෙ. ඉතින් ඒකෙන් අතු රිකිල එද්දි ආසාවක් ආව අලුත් පැලගෙනල්ල පොට් වලට දාල විකුනන්න. මගේ යාලුවයි මමයි එකතු වෙලා සල්ලි දාලා නොදන්න කමට වැඩි මිලටත් පැල ගෙනල්ල බිස්නස් එක පටන් ගත්ත.
ඉතින් හෙමින් හෙමින් මාසෙට ඕඩර් තුන හතරක් කරගෙන අපි ඉස්සරහට ආව. ගාල්ල අවට ඒව අපිම ගිහින් බෙදුව පරිස්සමට.කොහොම උනත් කුරියර් එකකට දෙනව කියන්නෙ ආසාව අත ඇරගෙන දෙන්න ඕන. මුල් ඕඩර් වල අපිට වැරදුන තැන් හදන් අපේ පොට් එක උපරුම ආරක්ශාවක් එන විදිහට bubble wrap ගොඩක් එක්ක ,අමතර කාඩ් බෝඩ් එක්ක තමයි ඩිලිවර් කරේ. මන් මුලින්ම ඔයාලට කියන්නම් අපේ පොට් එකක ගාන හැදෙන විදිහ.
*මුල්ම වතාවෙ රු 225 ට ගෙනාපු පැලත් අපි 150 ගානෙ මිල කරා
*මිනි පොට් එකක් රු 40 ගානෙ දැම්මා
*ප්‍රින්ටින් කොස්ට්,බොක්ස් එක හදන කාඩ් බෝඩ් කොස්ට් එක, ඔක්කොටම රුපියල් 60යි දැම්මෙ.
*අපේ ලාබෙ රු 150 ක් තියාගත්තා මොකද එක පැලේකට පැය ගානක් මහන්සි වෙන්න ඕන නිසා.
එතකොට මිනි පොට් එකකට සම්පූර්න වියදම රු. 400 විතර. අපි ඒත් මිනි පොට් එක දෙන්නෙ රු 350 ට. ඒ දෙන්නෙත් පොට් එකට ඇඩ් වෙන ගල්, වැලි,කොම්පෝස්ට්,ඔස්මොකොට් පෝර ,bubble wrap,කියන වියදම් නැතුව.
අපේ black pot එක ගොඩක් අය ආස එකක්. අපි ඒ පොට් එක කඩෙන් ගන්නෙ 150 යි. ඒ 150 ට අර මිනි පොට් එකේ දාපු වියදන් ටිකම එකතු කරල බලන්නකො කීයද කියල. 510 යි ගාන. ඒකෙන් 500 යි අපි ගන්නෙ.
හොදම හරිය ඒක නෙවෙයි. ලගදි තෙල් මිල වැඩි උන නිසා කුරියර් එකෙන් එයාලගෙ ෆී එක වැඩි කරා. මුලින් අපි රු 300 - 350 වගෙ යැව්වෙ. කිලො එකට වැඩි නම් 350 ක් වගේ ගියේ. තෙල් වැඩි උනාම ඒ ගාන රු 400 ක් උනා.කිලො එකට වැඩි නම් 450 ක් වගේ. අපි කුරියර් කියල කස්ටමර්ගෙන් මුල් කාලෙ රු 300 වගේ ගත්තෙ. එතකොට රු 500 පොට් එකට ඔක්කොම වියදම රු 800 ක් යන්නේ.
ඉතින් අපිට තව ඕඩර් ඕන නිසා අපි ෆේස්බුක් ඇඩ් එකක් දැම්ම සතියක් රීච් වෙන්න කියල.ඩොලර් අටයි, රුපියල් නම් 3000 විතර. දාපු දවසෙ ඉදන් කට්ටිය කතා කරා. හරි සතුටුයි ඒකට. කොහොම හරි ඇඩ් එක දැම්මෙ මේ සදුදා. ඉතින් ඒ වෙද්දි අපි හිතන් හිටියෙ කුරියර් එක 400 කියල. අපි කස්ටමර්ස්ලට කිව්වෙත් 400 යි. ඉතින් ඒ ආපු ඕඩර්ස් හතරක් අද වැඩි පරිස්සමට ගාල්ලෙ ප්‍රසිද්ද කුරියර් සර්විස් දෙකකට අරන් ගියා. එකකින් කුරියර් ගාස්තුව 670ක් ගත්තා. එතනට පාර්සල් දෙකක් දීල අනිත් තැනට ඊලග දෙක දුන්නා. එතන කිලෝ එකයි ග්‍රෑම් 400 ගානක් තිබ්බ පැකේජ් දෙකටම 500 ගානෙ ගත්තා. මේ කුරියර් ආයතන වලට බයිනව නෙවෙ. අපේ සර් අපිට කොච්චර හොදට කරල තියෙනවද කියන එකයි කියන්නෙ. අපි කස්ටමර්ගෙන් කුරියර් විදිහට රු 400 ක් අරන් ඇත්තටම බ්‍රාන්ච් එකට රු 500 ක් 600 දෙන්න උනාම අපිට ලැබෙන දෙයක් නෑ.
ඉතින් මේ ඔක්කොම් දේවල් පෙට්‍රල් මිල එන්න එන්න වැඩි උන එක. පොඩි බිස්නස් කරන් ඉන්න හැමෝටම මේ හෙනේ වැදිල තියෙන්නෙ. අපි නම් ගොඩක්ම ආසාව නිසා කරන්නෙ. ඒත් කුරියර් එක කිව්වම කව්ද ගන්නෙ. අදත් කුරියර් එක 600 කිව්වම ආපු ඕඩර්ස් දෙකක් නැති උනා. කාටද මේව කියන්නෙ. අඩුම ගානෙ අපි ගෙනාපු පැල වල කොස්ට් එකවත් කවර් කරන්න වෙන්නෙ නෑ.
ඉතින් අදින් පස්සෙ අපේ බිස්නස් එකේ කුරියර් ෆී එක අවම රු 500 යි. හෙට අනිද්ද පෙට්‍රල් ආයෙ වැඩි වෙන රාවයක් තියෙන නිසා ඒකත් වෙන්ස් වෙයි. ඉතින් අපේ පැල වල මිල නම් දැනට පරන ගානමයි. පොට් වල මිල වැඩි උනොත් අපි ඔයාලට අසාදාරනයක් නොවෙන්න පොඩි ගානක් වැඩි කරනව.
ඉතින් පොට් එකේ මිලටත් වඩා කුරියර් එකක් ගෙවන්න ඔයාලට පුලුවන් නම් තව සතියකින් අපිට ඕඩර් දාන්න.
ආයෙ ඕඩර්ස් බාර ගන්නෙ ලබන සතියෙ මැද වගේ.
දැනට ආපු ඕඩර්ස් කම්ප්ලීට් කරල යවනව. වැඩි කරපු කුරියර් ෆී එක යටතේ උනත් කමක් නෑ කියල අපෙන් එයා දාපු ඕඩර් එකම ඉල්ලපු කස්ටමර් කෙනෙකුත් හිටියා. හැමෝම අසරනයි. අද වෙනකන් ඕඩර්ස් දාපු හැමෝටම ස්තූතියි.
Cacti Care