Kemruk Home Store

Kemruk Home Store cane products,odiris produts,decorative flowers,motars,pottery,Hand made items,Tote bags e.t.c

අධි පීඩන යන්ත්‍ර යොදා ගනිමින් නිෂ්පාදනය කළ මේ රතු මැටි water dispenser එක ඔබට දෙයාකාරයකට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මෙහි ඇ...
15/05/2025

අධි පීඩන යන්ත්‍ර යොදා ගනිමින් නිෂ්පාදනය කළ මේ රතු මැටි water dispenser එක ඔබට දෙයාකාරයකට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මෙහි ඇති පියනෙන් වසා ගුරුලේත්තුවක් විදියට මෙන් ම පියන ඉවත් කර ලීටර් 20 වතුර බෝතලයක් ⁣වුවත් මේ මත නමා ද ප්‍රයෝජනයට ගත හැකි වීම මෙහි වි⁣ශේෂත්වයයි.
නිවෙසේ එදිනෙදා පාවිච්චියට විතරක් නෙමෙයි දානෙකදි,බණකදි,ඕනෑම උත්සවයකදි වුණත් ඔබට මේ dispencer එක බොහෝ ප්‍රයෝජනවත් වේව්.ඇයි නෑ හිත මිතුරන් ගෙ ගෙදරකට තෑගි දෙන්න වුණත් ⁣හොඳ තෝරා ගැනීමක් තමයි මේ.මිල රු 1500/= ක් පමණයි..

06/05/2025

Indor plants pot covers
990/= Only

21/04/2025

අපේ මල් වලින් හැඩ වුණු මේ මල් කළඹ ටික ලස්සනයි නේද?අපේ ආදරණීය customer කනෙක් තමයි බිංගිරිය Neesha saloon එකේ නිශානි නංගි.බිංගිරියෙ කවුරුත් නීෂා කියලයි ආදරේට කියන්නේ.එයා හොඳ දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක්.තව දින දෙක තුනකින් ඇය අතින් හැඩ වෙන මනාලියන්ට මල් තෝර ගන්න ඇය අපිව තෝර ගත්තා.Thanks Nesha saloon Bingiriya...

10/04/2025

ඔන්න ඉතින් යාළුවනේ අපේ bags යුරෝපයෙත් සංචාරය කරන්න ගත්තා...

මේ දවස් ටිකේ ම ඉතින් වැඩිහිටි ඕගොල්ලන්ට ඕන කරන දේවල් ම අරගෙන ආපු නිසා අපේ පුංචි පොඩිහිටියන්ටත් ආස හිතෙන ,ඒ අයට ආදරෙන් තෑ...
09/04/2025

මේ දවස් ටිකේ ම ඉතින් වැඩිහිටි ඕගොල්ලන්ට ඕන කරන දේවල් ම අරගෙන ආපු නිසා අපේ පුංචි පොඩිහිටියන්ටත් ආස හිතෙන ,ඒ අයට ආදරෙන් තෑගි කරන්න පුළුවන් ලස්සන ම ලස්සන තොප්පි ටිකක් පෙන්වන්න අද මං ලැහැස්ති වුණා.අපේ දේශීය අත්කම් ශිල්පිනියන්ගේ දෑතින් ගෙත්තම් වුණු මෙි ලස්සන ම ලස්සන තොප්පි සියල්ලක් ම පාහේ පන්වලින් කළ අපූරු වියමන්.
මේ ලස්සන පන් තොප්පි ආදරණීය සිඟිත්තියකට සිංහල හින්දු අලුත් අවුරුද්ද ට තෑගි කරන්න,උපන් දිනයකට තෑගි කරන්න වුණත් කදිමයි.
දේශීය දේ අගයන පරපුරක් බිහිකිරීමට අත හිත දෙන්න.....ඔබටත් ආරාධනා.....කුඩා කල පටන් ඔබේ දරුවාටත්⁣ හොඳම දේ තෝරා බේරා ගැනීමේ ඉව ඇසට මනසට සමීප කීරීමේ වගකීම දෝත දැරූ වැඩිහිටියකු ලෙස සමාජගත වෙන්නට උත්සාහ කරන්න.වෙනස් විය යුත්තේ සිතිවිල්ල පමණයි. අපේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට අත්වැලක් වෙමින් පරිසර හිතකාමී සමාජයක් බිහි කිරීමට ඔබත් අප හා එක් වන්න.
මේ අලංකාර තොප්පි අවම මිල ගණන් යටතේ ඔබට අපෙන් මිලට ගත හැකියි.රු500/= සිට ඉහළට.....අපේ දුරකතන අංකය 0767113213

සිංහල හින්දු අලුත් අවුරුද්දට කැවිලි පෙවිලි හදන්න ලක ලැහැස්ති වෙන ඔයාට ඕන ම කරන දෙයක් අරගෙනයි ඔන්න අද මං ආවේ.  කොකිස් කිය...
08/04/2025

සිංහල හින්දු අලුත් අවුරුද්දට කැවිලි පෙවිලි හදන්න ලක ලැහැස්ති වෙන ඔයාට ඕන ම කරන දෙයක් අරගෙනයි ඔන්න අද මං ආවේ.
කොකිස් කියන්නෙ ඉතින් අලුත් අවුරුද්දට විතරක් නෙමෙයි උත්සව අවස්ථාවලදීත් කෑම මේසයට නැතිව ම බැරි ,කෑම මේසය රසින් හැඩ ගන්වන රසම රස කෑමක්.හැබැයි හදා ගන්න ගියහම අනාගන්න වෙන අවස්ථාත් බොහොමයි.මොකද පදම් නොවුණු අච්චුවකින් කොකිසක් පුච්චනවා කියන්නෙ ඉතින් කරන්න ම බැරි දෙයක්.හුඟ දෙනාට කොකිස් හදද්දි වෙන ප්‍රශ්නෙත් මේකයි.පදම හරි වුණත් කොකිස අච්චුවෙන් ගැලවෙන්නෙ නැතිකම.අච්චුවෙ ඇලවෙනකොට කොකිස ගලවගන්න බැරි වෙන එක.
මේකට හොඳ විසඳුමක් අරගෙනයි මං අද ආවේ.Nonstick කොකිස් අච්චුවෙන් කොකිස ගලවගන්න කරදර වෙන්න ඕන නෑ.පිටි මිශ්‍රනයට අච්චුව දැම්මා,රත් වුණු තෙලට අච්චුව තිබ්බා....කොකිස ගැලවිලා හරි ම නීට් එකට තෙලේ බැදෙනවා.මෙදා අවුරුද්දෙදි හොඳ නීට් එකට කොකිස් බැද ගන්න කොකිස් අච්චුවක් අපෙන් මිලට ගන්න.
බිංගිරිය වෙළඳෙ සංකීර්ණයේ පහළ මහලයේ අපි ඉන්නවා.
කොකිස් අච්චුවක මිල = රු 1550/=
අපේ දුරකතන අංකය 0767113213

අලුත් අවුරුද්දට තෑගි දෙන්න හොඳ items අපේ shop එකෙන් collect කරගන්න පුළුවන් බව මතක් කරන ගමන්ම ඇඳුම් වෙනුවට තෑගි දෙන්න කදි...
07/04/2025

අලුත් අවුරුද්දට තෑගි දෙන්න හොඳ items අපේ shop එකෙන් collect කරගන්න පුළුවන් බව මතක් කරන ගමන්ම ඇඳුම් වෙනුවට තෑගි දෙන්න කදිම තවත් Bags ටිකක් අරගෙනයි අද මම ඕගොල්ලන්ව හමුවෙන්නේ.බලන්නකෝ මේ bags ටිකේ ලස්සන .සේවා ස්ථානයට,කාර්යාලයට හැඩ වැඩ වෙලා යන ඔයාගෙ සුන්දරත්වයට අමුතු ම පෙනුමක් මේ bags වලින් ලැබේවි.කැමතිනම් 0767113213 දුරකතන අංකයට whats app පණිවිඩයක් තබන්න.නැත්නම් බිංගිරිය වෙළෙද සංකීර්ණයේ පහළ මහළයේ තියෙන අපේ shop එකට ගොඩ වෙලා යන්න එන්න.මිල රු1500/= සිට...

බලන්නකෝ මේ බෑග් ටික කොහොම ද කියලා...අලුත් අවුරුද්දට තෑගි දෙන්නත් හරිම අගෙයි.දේශීය දේවල්වලට ආස කරන කාටත් මේ ලස්සන නිර්මාණ...
02/04/2025

බලන්නකෝ මේ බෑග් ටික කොහොම ද කියලා...අලුත් අවුරුද්දට තෑගි දෙන්නත් හරිම අගෙයි.දේශීය දේවල්වලට ආස කරන කාටත් මේ ලස්සන නිර්මාණ අපේ shop එකෙන් මිලට ගන්න පුළුවන් .මෙදා අලුත් අවුරුද්දෙදි වෙනදට වඩා වෙනස් තෑගිවලින් නෑදෑ හිත මිතුරන් සතුටු කරවන්න එන්න අපේ shop එක පැත්තට.නැත්නම් අපේ 0767113213දුරකතන අංකයට ඇමතුමක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන් .

අවුරුද්දට අලුත් ඇඳුමින් හැඩවෙලා කර්යාලයට යන ඔයාටයි මේ  පන්වලින් වියපු ලස්සනම ලස්සන Hand bag එක.මිල රු 2100/=ක් පමණයි.
01/04/2025

අවුරුද්දට අලුත් ඇඳුමින් හැඩවෙලා කර්යාලයට යන ඔයාටයි මේ පන්වලින් වියපු ලස්සනම ලස්සන Hand bag එක.මිල රු 2100/=ක් පමණයි.

මෙදා අවුරුද්දට තෑගි දෙන්න පුංචි අදහස් ටිකක් අරගෙනයි අද මං ඕගොල්ලන්ව හමුවෙන්නේ .අලුත් අවුරුද්දට නෑදෑ හිතමිතුරන් බැහැ දකින...
01/04/2025

මෙදා අවුරුද්දට තෑගි දෙන්න පුංචි අදහස් ටිකක් අරගෙනයි අද මං ඕගොල්ලන්ව හමුවෙන්නේ .අලුත් අවුරුද්දට නෑදෑ හිතමිතුරන් බැහැ දකින්න යන ඔයාට ඒ අයට ප්‍රයෝජනවත්,හිත් සතුටින් පිනායන තෑගි බෝග ටිකක් අපේ shop එකෙන් collect කරගන්නේ කොහොම ද කියලා මං කියන්නම්.
සිංහල අලුත් අවුරුද්දේදි ඔබේ ආදරණීය මවට,සොහොයුරියට හෝ මිතුරියකට ඇඳුමක් තෑගි කිරීම සිරිතක් කර⁣නගන ඇති.shopping ගිහින් ඇඳුමක් ගනිද්දි ඉතින් size එක හරියයි ද?colour එකට කැමැති වෙයි ?pattern එක එයාගෙ හිතට අල්ලයි ද ?වගේ දාහක් ප්‍රශ්න හිතට එයි.ඒ පුශ්න සේරට ම තිත තියලා මෙදා අවුරුද්දෙදි අලුත් විදියට ඒ හිත් සතුටින් පුරවන්න පුළුවන් පුංචි වෙනසක් කරලා බලන්නකෝ.මේ ලස්සන බෑග් වලින් එකක් තෑගි විදියට දෙන්න හිතුවොත් ඒක ඔයාගෙ budget එකටත් shape.තෑග්ග ලස්සන නිසා කවුරුත් සතුටින් .
මේ අදහසට කැමති අයට පුළුවන් 0767113213 number එකට call එකක් දීලා අවශ්‍ය බෑග් එක වෙන් කරගන්න.නැත්නම් බිංගිරිය වෙ⁣ළෙඳ සංකීර්ණයේ පහළ මහලයේ තියෙන අපේ shop එකට එන්න.තොග සීමිත නිසා ඉක්මන් කරන්න.හිත හිත හිටියොත් මේ Chance එක මඟ ඇරෙන්නත් පුළුවන් .

ළඟ ළඟ එන සිංහල හින්දු  අලුත් අවුරුද්දට ඔයාගෙ මුළුතැන්ගෙට ඕන ම කරන දෙයක් තමයි අපි අද අරගෙන එන්නේ.බලන්නකො මේ කිතුල් පතු ටි...
27/03/2025

ළඟ ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට ඔයාගෙ මුළුතැන්ගෙට ඕන ම කරන දෙයක් තමයි අපි අද අරගෙන එන්නේ.බලන්නකො මේ කිතුල් පතු ටික.ඔයා රසකැවිලි එහෙම හදන කෙනෙක් නම් දැක්ක ගමන් මෙි පතුවල විශේෂත්වය තේරේවි.කිතුල් ලීයෙන් නිෂ්පාදනය කරපු මේ කිතුල් පතු හරි ම ශක්තිමත්.ඒ නිසා මෙිවට තියෙන්නෙ පුදුම demand එකක්.
ප්ලාස්ටික් පතුවලට වඩා මේ පතු හරි ම ශක්තිමත්.ඝන dough එකක් අනද්දි plastic පත්තකින් ඒක අනන්න ගියොත් ඔබට දරන්න වෙන්නේ පුදුම වෙහෙසක්.අතේ නම් පන ගිහිල්ලා ඉවර වෙයි.මේ පතු ⁣හයිය නිසා නැමෙන්නෙ නෑ.අතටත් පහසුවෙන් සුමටව dough එක අනා ගන්න පුළුවන් .
කිතුල් ලීය ශක්තිමත් වගේ ම නොදිරා හුඟ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් .වතු⁣රෙන් ප්‍රශ්න නෑ.
අළුවා,රුලං.අග්ගලා,කේක්,කිරි ටොෆි වගේ රස කැවිලි අනා ගැනීමේදී වෙහෙස නොවී පදම හරියට ම ගන්න කියාපු පත්ත තමයි කිතුල් පත්ත.නොපමාව මිලට අරගෙන බලන්න.අලුත් අවුරුද්දට තෑගි බෝග දෙද්දි වුණත් මේ වගේ ප්‍රයොජනවන් items ටිකක් තෝරගෙන නෑගම් යන්න මෙදා අවුරුද්දදෙදි හිතට ගන්න.දේශීය දේ අගයන ආඩම්බරකාර පුරවැසියකු වීමට අපි ඔබට ඇරයුම් කරනවා.
කුඩා පත්තේ දිග =අඟල් 11 1/2
මිල රු 290/=
ලොකු පත්තේ දිග=අඟල් 12
මිල රු330/=
අවශ්‍ය අය ඉන්නව නම් පමා නොවී බිංගිරිය වෙළෙඳ සංකීර්ණයේ පහළ මහලය පැත්තට හැකි ඉක්මණින් එන්න.මොකද උනු කැවුම් වගේ ...තොග සීමිතයි.

Address

Kurunegala Road
Bingiriya
60450

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kemruk Home Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category