Aruni's Yummy Cooking

  • Home
  • Aruni's Yummy Cooking

Aruni's Yummy Cooking Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aruni's Yummy Cooking, # 35, Maitland Place,, .
(8)

ආදරණීය ඔබ සැමටම සතුට සැනසීම පිරි වාසනාවන්ත දවසක් වේවා ❤️ උදේ තේ එක බොහොම නිදහසේ බොන අතරේ කෑම වලින්ම පිරුණු ගැලරිය බලන එක...
12/05/2026

ආදරණීය ඔබ සැමටම සතුට සැනසීම පිරි වාසනාවන්ත දවසක් වේවා ❤️

උදේ තේ එක බොහොම නිදහසේ බොන අතරේ කෑම වලින්ම පිරුණු ගැලරිය බලන එක මගේ පුරුද්දක්....ඒ පින්තූර දකිද්දී තවම පෝස්ට් එකකින් නොදැම්ම පින්තූරයක් හමුවුණා....
එක දවසක මම ගෙදර හදපු උළුදු වඩේ.. කොච්චි සම්බෝල

ආයිත් හදන්න ඕන....

ආදරණීය ඔබ සැමටම සතුට සැනසීම පිරි සුබ දවසක් වේවා සුබ සතියක් වේවා ❤️ ගෙදර අඹ ගහේ අඹත් ඉවර වේගන යන ගමන්....ඉතින් අද උදේම බො...
11/05/2026

ආදරණීය ඔබ සැමටම සතුට සැනසීම පිරි සුබ දවසක් වේවා සුබ සතියක් වේවා ❤️

ගෙදර අඹ ගහේ අඹත් ඉවර වේගන යන ගමන්....
ඉතින් අද උදේම බොන්න කියලා අඹ lassie එකක් හැදුවා.....
💛💛👌👌

අද අම්මාවරුන් ගේ දිනය නේ.... සතුටට කාරණාව නම් හස්බන්ඩ්  ගේ අම්මා, තාත්තාත්  අද අපේ ගෙදර ආවා.. අම්මාවරුන් ගේ දිනය වෙනුවෙන...
10/05/2026

අද අම්මාවරුන් ගේ දිනය නේ....

සතුටට කාරණාව නම් හස්බන්ඩ් ගේ අම්මා, තාත්තාත් අද අපේ ගෙදර ආවා..

අම්මාවරුන් ගේ දිනය වෙනුවෙන් මම සූදානම් කරපු දහවල් කෑම වේල...

ලොව සියලු මව්වරුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා....🙏🙏

ආදරණීය ඔබ සැමටම සුබ උදෑසනක් වේවා.... සුබම සුබ දවසක් වේවා....අද විශේෂ දවසක්.... ආදරණීය මව්වරුන් ගේ දිනය අදයි....අම්මා ගැන...
10/05/2026

ආදරණීය ඔබ සැමටම සුබ උදෑසනක් වේවා.... සුබම සුබ දවසක් වේවා....

අද විශේෂ දවසක්.... ආදරණීය මව්වරුන් ගේ දිනය අදයි....
අම්මා ගැන කියන්න විශේෂ දවසක් ඕන නෑ... අම්මා කියන්නේ ම සසරක්.....
නමුත් අද දවස අම්මාවරුන් වෙනුවෙන් ම වෙන්කර ඇති දවසක් නිසා අද දවස පුරාම මව්වරුන් ගැන වැඩි වැඩියෙන් කතා වනවා...

හැමෝටම තමන්ගේ අම්මා තරම් වටිනා කෙනෙක් නෑ... පවුලේ එකම දරුවා වූ මට මගේ අම්මා ගැන කතා කරද්දී එක ඇත්තටම දැනෙනවා වැඩියි... මගෙයි අම්මා ගෙයි සම්බන්ධය හරි වෙනස්.... මගේ අම්මා කියන සම්බන්ධය වගේම මගේ අම්මා තමයි මගේ හොඳම යාළුවා.... මගේ දුක් අහන කෙනා... මගේ හොඳම විවේචකයා.... මගේ හොඳම ප්‍රේක්ෂකයා.... මගේ හොඳම විශ්වාසවන්තයා.... ඔය වගේ තව බොහොම සම්බන්ධකම් අම්මා සහ මම අතරේ තියෙනවා.... ඉතින් මගේ හැමදේම මගේ අම්මා.....

අද මව්වරුන් ගේ දිනය වෙනුවෙන් අම්මා උදේ නැගිටලා එද්දී අම්මා වෙනුවෙන් සූදානම් කරපු තේ වෙලාව....
ඉතින් අම්මායි මායි සුපුරුදු විදිහට පුංචි කතාවක් කරගෙන තේ වෙලාව රස වින්දා ...

මගේ අම්මාගේ ලස්සනට තිබුණු අත් අද වෙද්දී රැලි වැටිලා...මේ අත් දෙකෙන් මම වෙනුවෙන් මොන තරම් දේවල් කරන්න ඇත්ද කියලා මට හිතෙනවා.....
අම්මාගේ මේ අත් දෙක අදටත් මම වෙනුවෙන් මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් වෙහෙසෙනවා.... ඔයාගේ දුවෙක් වෙන්න මම පුදුම පිනක් කරලා ඇති අම්මේ....

සුවහසක් ආදරණීය මවුවරුන්....මවක් වෙන්න ආදරයෙන් බලාපෙරොත්තුවෙන් ඉන්න ආදරණීය සහෝදරියන් හැමදෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා....
ප්‍රීතිමත් මව්වරුන් ගේ දිනයක් වේවා 🙏

තේ වෙලාව වෙනුවෙන් මම හදපු රසවත් Ribbon Cake එක්ක රසම රස කිරි තේ

ආදරණීය සහෝදර සහෝදරියන් හැමෝම අද දවස බොහොම සතුටින් සාර්ථකව ගත කරන්න ඇති කියලා හිතනවා...අද රෑ කෑම වේල බොහොම සරලව.... හැබැය...
09/05/2026

ආදරණීය සහෝදර සහෝදරියන් හැමෝම අද දවස බොහොම සතුටින් සාර්ථකව ගත කරන්න ඇති කියලා හිතනවා...

අද රෑ කෑම වේල බොහොම සරලව.... හැබැයි ගොඩක් රසට....ගෙදර හැමෝගෙම මනාපයෙන් කෑමක් හදනවා නම් ඒ පරිප්පු සහ පොල් සම්බෝල තමයි...

ඉතින් අද රෑ කෑම වේල හැමෝගෙම කැමැත්තට අනුව තමයි හැදුවේ...

තැටි පාන්
පරිප්පු
පොල් සම්බෝල

අද දින ආදරණීය හදවත් දහසක් දිනා ගත් kavmi's village kitchen ආදරණීය නංගීට හදපිරි සුබ පැතුම්

අද උදේ කෑම පින්තූරය ගේන්න බැරි වුණා නේ...ඒ නිසා ගෙදර ඇවිත් පුංචි විවේකයක් අරගෙන කෑම පින්තූරය දාන්න හිතුවා ඊයේ රෑට මාළු ව...
08/05/2026

අද උදේ කෑම පින්තූරය ගේන්න බැරි වුණා නේ...
ඒ නිසා ගෙදර ඇවිත් පුංචි විවේකයක් අරගෙන කෑම පින්තූරය දාන්න හිතුවා

ඊයේ රෑට මාළු වලින් හදපු පේස්ට් එක පාන් පෙති දෙකක් අතර හොඳට පුරවලා පාන් ටෝස්ට් කර ගත්තා...රසට එළවළු සුප් එකක් හැදුවා...

සුප් දාපු මේ ලස්සන soup bowl අරගත්තේ LotuS OnlinE BoutiquE එකෙන්...

අද කෑම පින්තූරය පසුවට...අද පුතාගේ ඉස්කෝලෙ Big Match  එක වෙනුවෙන් walk  එක.... ඉතිං Walk  එක ඉවර වෙලා Ground  එකට ආවා Mat...
08/05/2026

අද කෑම පින්තූරය පසුවට...

අද පුතාගේ ඉස්කෝලෙ Big Match එක වෙනුවෙන් walk එක.... ඉතිං Walk එක ඉවර වෙලා Ground එකට ආවා Match එක බලන්න...

The 20th Battle of Golds annual encounter between Mahanama college and D.S College @ the SSC Ground Colombo

අද දවල් කෑම වේල සුදු කැකුළු සම්බා බත් පරිප්පු කරිය බීට් උයලා බිත්තර පිපිඤ්ඤා කැරට් සලාදය
07/05/2026

අද දවල් කෑම වේල

සුදු කැකුළු සම්බා බත්
පරිප්පු කරිය
බීට් උයලා
බිත්තර
පිපිඤ්ඤා කැරට් සලාදය

🎉 Facebook recognised me for starting engaging conversations and producing inspiring content among my audience and peers...
06/05/2026

🎉 Facebook recognised me for starting engaging conversations and producing inspiring content among my audience and peers!

ආදරණීය ඔබ සැමටම උදා වූ අද දවස සතුටු දවසක්ම වේවා ❤️ ඊයේ චූටි පුතා ගේ උපන් දිනය වෙනුවෙන් හබී එවපු pizza  එක්ක මම කලින් කාල...
06/05/2026

ආදරණීය ඔබ සැමටම උදා වූ අද දවස සතුටු දවසක්ම වේවා ❤️

ඊයේ චූටි පුතා ගේ උපන් දිනය වෙනුවෙන් හබී එවපු pizza එක්ක මම කලින් කාලා නැති chocolate caramel crunch එකක් තිබුණා...

රස එච්චර set වෙන එකක් නෑ කියලා හිතුවේ... හැබැයි මාරම රසයි....

ෆ්‍රිජ් එකේ තියලා අරගෙන අවන් එකේ මිනිත්තු හතරක් විතර තියලා ගත්තා...

ටිකක් රස්නෙට කනකොට තමයි රසම... chocolate melt වුණාම රස වැඩියි... හැබැයි පැණි රස වැඩි නිසා කෑල්ලක් කද්දී ඇති කියලා හිතුනා... මොකද මම පැණි රස වැඩියෙන් තියෙන ඒවට එච්චර ආස නැහැ...

ඉතින් අද උදේ මගේ තේ වෙලාවට chocolate caramel crunch කෑල්ලක් එක්ක සීනි නැතුව හදපු කිරි තේ එකක්.....

මේ පින්තූරයේ තියෙන්නේ ceremic pot දෙකක්... ගත්තේ JOEX STORE එකෙන්... ලස්සන
පින්තූරය Happy Wife නංගී ගෙන් ගත්ත එකක්...

05/05/2026

චූටි පුතා ගේ උපන් දිනය වෙනුවෙන් සූදානම් කරපු දහවල් කෑම වේල....

Address

# 35, Maitland Place,

00700

Website

Alerts

Be the first to know and let us send you an email when Aruni's Yummy Cooking posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Home Improvement Business?

Share