14/05/2026
ඔන්න ගෙනාවා Spaghetti Aglio Olio e Peperoncino 🍝 Recipe එක🤭
මේක Italian Style Pasta Recipe එකක්.
🧄Aglio - Garlic
🫒Olio - Olive Oil
🌶️Peperoncino - Dried Chilies
-අවශ්‍ය ද්‍රව්‍ය-
🔸 සාමාන්‍ය ලොකු සුදුළුණු ගෙඩියක්
🔸 ඔලිව් ඔයිල් 60ml -70ml
🔸 Spaghetti
🔸 වියළි මිරිස් කරල්
🔸 Chopped කර ගත්ත සුදුළුණු
🔸 Pasta water
🔸 කෑලී මිරිස්
🔸 Parsley
🔸 රස අනුව ලුණු
🔸 Breadcrumbs
❗️මුලින්ම කියන්න ඕනි මේක සුදුළුණු, ඔලිව් ඔයිල්, වියලි මිරිස් මිශ්‍ර පාස්තා එකක් නිසා අපි මේකට ලෝබ නැතුව ඒ අමුද්‍රව්‍ය 3 දාගන්න ඕන🥺 එතකොට තමයි මේ Spaghetti එකේ රස එන්නේ.
▪️මුලින් සුදුළුණු යි ඔලීව් ඔයිල් යි දාලා හොදට blend කර ගන්න. ඒ අතරතුර spaghetti ටිකත් තැම්බෙන්න තියාගන්න.
▪️වියලි මිරිස් කරල් ටික වීඩියෝ එකේ විදියට කපාගන්න
▪️දැන් භාජනයක් ලිපේ තියලා ඒකට ඔලීව් ඔයිල් ටිකක් දාලා ඒ ටික රත් වුනාට පස්සේ චොප් කර ගත්ත සුදුළුණු ටික දාලා ටිකක් බැදගන්න.
▪️ ඊට පස්සේ ඒකට කපාගත්ත මිරිස්, blend කර ගත්ත සුදුළුණු ඕලීව් ඔයිල් පේස්ට් එක සහා පාස්තා වතුර දාලා හොඳට කලවම් කරගන්න.
▪️ටිකක් උතුරුවගෙන එද්දි ඒකට පාස්ලී ටිකක් එකතු කරගන්න.
▪️ඊට පස්සේ, තම්බගත්ත spaghetti ටික දාලා හොදට කලවම් කර ගෙන ඒකට කෑලී මිරිස් ටිකකුත් එකතු කරගන්න. (තම්බනකොට ලුණු දාගත්ත නිසා මං මේකට ලුණු දාගත්තේ නෑ. ඔයාලා රස අනුව ලුණු ත් දා ගන්න)😊
▪️ අන්තිමට dressing එකට අවශ්‍ය පාන් කුඩු (Breadcrumbs) ටික, ටිකක් රන්වන් පැහැ වෙනකන් බැදගෙන ඔයාලා හදාගත්ත spaghetti එක උඩින් දාගන්න😋
ඔයාලා කැමතිනම් හදලා බලලා මට රස කියන්න😊🥰
Chef’s Wife
゚viral ゚viralシfypシ゚viralシalシ ゚