22/06/2017
ඇන්සා ෆ්ලෝරින්
A Royalty of Flooring
ගෙබිමෙහි රාජකීයත්වය
තනිකරම ස්වභාවික දැවයෙන් නිමවන ලද ගෙබිමක් හෝ පොළොවක් ඉංගිරිසියෙහි Hardwood Flooring ලෙස හැඳින් වෙයි. මධ්‍යතන යුගයේදී ආරම්භ වූ දැවමය ගෘහ නිර්මාණ කලාව මානවයාගේ සංවර්ධන ක්‍රියාවලියෙහි තවත් එක් වර්ණවත් සිදුවීමකි. මෙම ක්‍රියාවලිය දිනෙන් දින දියුණුවට පත් කරමින් නිවසෙහි සැකිල්ල, වහලය පමණක් නොව ගෙබිමද සම්පුර්ණ දැවයෙන් නිම කරවා ගැනීමට ඔවුන් සමත් විය.
දැවමය ගෙබිම නිවසකට එක් කළේ අති විශිෂ්ඨ වූත් අභිමානනීය වූත් පෙනුමකි. එය අග්‍රගන්‍ය වූ නිර්මාණයක් විය.
ක්‍රි: ව: 1600 පමණ වන විට දැව පොළොව නැතිනම් ගෙබිම යුරෝපයෙන් ඔබ්බට ගොස් ඇමෙරිකාව කැනඩාව ආදී රටවල පවා ජනප්‍රිය වූ අතර වඩාත් කල්පවත්මෙන් යුත් දැව ආරක්‍ෂිත ක්‍රම උපයෝගී කර ගනිමින් පදම් කළ ලී වර්ග යොදාගෙන ඔවුන් තමන්ගේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු කිරීම ආරම්භ වී තිබුණි.
අද වන විට ලොව පුරා ගෞරවයට පාත්‍ර වෙමින් බොහෝ දෙනාගේ නිවාස හෝ ගොඩනැගිලි අලංකාර කිරීමට මෙම කර්මාන්තය සමත් වී තිබේ.
මේ වන විට ලංකාව තුල ද මෙම දැවමය ගෙබිම් කලාව අතිශය ජනප්‍රිය වෙමින් තිබේ. අප රට තුලදී මේ සඳහා වැඩිපුර යොදා ගනු ලබන්නේ තේක්ක, නැඳුන්, කුඹුක් හෝ රබර් යන දැව වර්ග ය.
දැවමය ගෙබිමක් හිමි නිවැසියා නිරතුරුව ඒ පිළිබඳව මහත් වූ අභිමානයකින් පසු වෙයි. එය ඔවුන්ගේ ජීවන මට්ටම හා සමාජයික තත්වය පවා පිළිබිඹු කරන්නක් බව ඔවුන්ගේ අවංක මතයයි.