29/11/2023
සමරකෝන් අටපිරිකර වවුචර්
පසුගිය දිනවල දිවයිනේ නන් දෙසින් බාල අටපිරිකර, ස්වාමීන් වහන්සේලා වෙත පූජා කර ඇති බවට වාර්තා විය.
පින් ලබාගැනීම උදෙසා දායකයින් මිල මුදල් වියදම් කර අටපිරිකර මිලදී ගත්ත ද, ඒවා තුල නියමිත ලෙස අටපිරිකර නොමැති බවත් ඇත්තේ තත්වයෙන් බාල දේවල් බවත් ස්වාමීන් වහන්සේලා විසින් ඔප්පු කර පෙන්වා තිබුණි. ගුණධර්ම නොහදුනන මසුරු වෙළදුන් , මුදල් වෙනුවෙන් මේ පාපී ව්‍යාපාරය ජයටම කරගෙන යනු ලබයි.
මෙසේ බාල දේවල් උතුම් ස්වාමීන් වහන්සේලා උදෙසා පූජා කළවිට කුසල් වෙනුවට රැස් කරගන්නට වෙන්නේ අකුසල් ය.
මෙය අප කෙතරම් දැනුවත් කර තිබුනද, තවමත් දායකයින් මේ ව්‍යාජ අටපිරිකර මිලට ගෙන අකුසල් රැස් කරගන්නා අතරම ස්වාමීන් වහන්සේලාට කිසිඳු ප්‍රයෝජනයක් නොමැති කඩමාලු කීපයක් සහ බෙලෙක් පාත්තරයක් පූජා කරයි.
මෙයට විසදුම ලෙස සමරකෝන් පූජාභාණ්ඩ අපි, 'සමරකෝන් අටපිරිකර වවුචර්' හදුන්වා දෙන අතර, දායකයින්ට මේවා මිලට ගෙන ස්වාමීන් වහන්සේලා උදෙසා පූජා කල හැක.
එවිට ඒ වවුචරයේ වටිනාකම අනුව අප සමාගම සමඟ ගිවිසුම් ගතවී සිටින, ප්‍රමිතියට අනුව පූජා භාණ්ඩ නිෂ්පාදනය කරන බවට ඇති 'සමරකෝන් පූජා භාණ්ඩ සහතිකය' සහිත වෙළඳසැල් වලින් ස්වාමීන් වහන්සේලාට කැමති දෙවල් ලබාගත හැකිය.
ස්වාමීන් වහන්සේලා මුදල් ලබාදී මිලට නොගන්නා නිසා, මෙම ක්‍රියාවලියේ කිසිම ප්‍රශ්නයක් නැත.
මෙයින් බාල නිෂ්පාදන වෙළඳපොලෙන් ඉවත්වනවා සේම ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය දේ පමණක් අවශ්‍ය වෙලාවට ලබාගත හැකි බැවින් සම්පත් නාස්තියක් සිදුවන්නේ ද නැත.
අප ස්වාමීන් වහන්සේලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, බාල අටපිරිකර වෙනුවට 'සමරකෝන් අටපිරිකර වවුචර්' පූජා කරන ලෙස දායකයින් දැනුවත් කරන ලෙසයි.
මිල ගණන්
සමරකෝන් අටපිරිකර වවුචර් - තඹ - 10,000/-
සමරකෝන් අටපිරිකර වවුචර් - රිදී - 20,000/-
සමරකෝන් අටපිරිකර වවුචර් - රත්‍රං - 30,000/-
"සමරකෝන් පූජාභාණ්ඩ නිෂ්පාදකයෝ"
දශක ගණනක විශ්වාසය සමඟ ඉදිරියටම.
#සමරකෝන්