Nuthara

Nuthara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nuthara, Nurseries & Gardening Store, Kaduwela.

සිතෙහි සතුට රැඳෙන සුභ අලුත් අවුරුද්දක් වේවා  💛
01/01/2025

සිතෙහි සතුට රැඳෙන සුභ අලුත් අවුරුද්දක් වේවා 💛

ආදරයට අනිත් අයගේ හීන විනාශ කරන්න එපා..සෑම කෙනෙක්ම තමන්ටම ආවෙනික වූ හැකියාවන් හා දක්ෂතාවන් සහිතව උපත ලබන අතර ජීවිත කාලය ප...
31/12/2024

ආදරයට අනිත් අයගේ හීන විනාශ කරන්න එපා..
සෑම කෙනෙක්ම තමන්ටම ආවෙනික වූ හැකියාවන් හා දක්ෂතාවන් සහිතව උපත ලබන අතර ජීවිත කාලය පුරා ඔහුන්ට තම හැකියාවන් ඔප්නවාගෙන එය ජීවිතයට ආශිර්වාදයක් කර ගැනීමට ජිවිතය සාර්ථකවයට පත්වීමට අවස්තාවක් තියනවා..

නමුත් ඔබ දන්නවද මිනිස්සු තවත් කෙනෙක්ගේ ඒ හැකියාවන් දක්ෂතාවයන් මරා දමන්නේ ඉරිසියාවට වෛරයට විතරක් නෙවෙයි..මිනිස්සු ආදරයටත් ඒක කරනවා..

බිස්නස් කරලා කාටද හරි ගියේ?

කොණ්ඩ කපල කාටද හරි ගියේ?

ඔය art වලින් A/ L කරලා මොනවා කරන්නද?

අපේ පවුලේ කවුරුත් ඔය විදියේ රස්සාවල් කරන්න ගිහිල්ලා නෑ..

අපේ පරම්පරාවෙම මිනිස්සු කළේ රජයේ රැකියාවන්...

තමන්ගෙ කියල දෙයක් පටන් අරන් නාස්ති වෙනවට වඩා හොඳයි..ස්ථිරව හම්බෙන මස් පඩියට වැඩ කරන එක...

කෝ අපි බිස්නස් කරන්න ගියා හරි ගියාද?ඔන්න ඕක පැත්තක තියලා රස්සාවක් කරගෙන හිටපන්..

කෙල්ලෙක් වගේ කෑම උය උයා ඉන්නේ..කොල්ලෝ කරන වැඩද ඕවා..

ගෑණු ළමයෙකුට හරියන්නෙ ඉතින් teaching වගේ තමා...

කොහේ හරි රස්සාවක් කරා නම් ඔය තරම් නැහෙන්න ඕනෙද?

මෙන්න මේ වගේ කතා තමන්ගේ පවුලෙම අයගෙන්...අහල ....
නාස්ති වෙලා ගිය වටිනා ජීවිත ඕන තරම් මට හමුවී තිබෙනවා..

මට හමු නොවුනු ඔබට හමු වූ ඒ වගේ ජීවිතත් බොහොමයක් ඇති....

එසේත් නැත්නම් ඔබත් එයින් කෙනෙක් වෙන්නට පුළුවන්..

අපි වටා අපිට ආදරය කරන මිනිස්සු ඉන් එකක හොඳයි..

හැබැයි ඒ එක එක්කෙනාට තමන්ගේ මානසික සීමාවන් තිබෙනවා..ඒ සීමාවලින් එහා හිතන්නට ඔවුන්ට හැකියාවක් ඇත්තේ නැහැ..

ඉතින් ඔහුන් ආදරේ කරන ඔබවත් එම සීමාවන් තුළ කොටු කර තබන්න ඔවුන් උත්සාහ කරන්නේ ඔබට ආදරේ නැති නිසා නෙවෙයි ආදරේ නිසා..

නමුත් ඒ ආදරය ඔබේ මුළු ජීවිතයම එක කොටුවක සීමා කර තබන්නට පුළුවන්..

ඒ සීමාවන් ඔබවත් ඔබගේ ජීවිතයම සිරකරුවන් කළ හැකියි.

ඉතාමත් සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්නට තිබුණු තරුණයන් කාගේ හෝ කාර්යාලයක මාසෙ පඩියට වැඩ කරනවා වෙන්නට පුළුවන්..

ඒ නිසා ඔබ ඔබේ හීන ආදරය නිසා වළදමන්න එපා..

ඒ වගේම ඔබ දන්න අඳුනනේ ඉතාමත් දක්ෂමිනිස්සු..දක්ෂ දරුවන්..ඔබගේ සීමාවන් තුළ කොටු කර තබන්නත් එපා..

කෙනෙකු එකවරක් අසාර්ථක වුණහම ඒ කෙනාව අධෛර්යමත් කරමින් ඔවුන්ගේ උත්සාහයට බාධා කරන්න එපා..

මම හරි ආස ප්‍රකාශයක් තියෙනවා..

ඒ Thomas Edison විසින් කළ දෙයක්

මම අසාර්ථක වී නැත, මම ක්‍රියා නොකරන ක්‍රම 10,000 ක් සොයාගෙන ඇත.

බොහෝ අසාර්ථකත්වයන් වලට පසුව බිහිකළ ඒ නිර්මාණයේ එළියෙන් තමා ඔබ අද ඔබේ රාත්‍රිය ආලෝකවත් කරගෙන තියෙන්නේ..

ඔබේ දරුවා අසාර්ථක වෙද්දී ඔවුන් අධෛර්යමත් කරන වචන කියන්න එපා..

ඔබේ දරුවා අලුත් දේවල් කරන්න යද්දි..ඔවුන්ගේ මඟ අහුරන්න එපා..

ලෝකෙට ගොඩක් වටින දේවල් කරන්න හිටිය මිනිසුන්ගේ හීන මරලා දාලා තියෙන්නේ එයාලා වටේ හිටිය එයාලට ආදරේ කරන මිනිස්සු..ඒ ආදරය නිසා…

ඔබ ඉන් කෙනෙක් වෙන්න එපා..

ඒ වගේම ඔබේ හීනක් ඔබ කිසිසේත්ම තව කෙනෙක් හින්ද මරා දාන්නත් එපා..

2025 කියන්න ඔබේ ජීවිතය වෙනස් කරන අවුරුද්දක් කරගන්න..

Mihiri Jayakanth

Life Coach | Psychological Counselor

💛මේ අවුරුද්දේ  අපිත් එක්ක ගනුදෙනු කරපු හැමෝටම ස්තුති..💛අලුත් වෙනස්කම් ගොඩක් එක්ක 2025 ආයෙත් හම්බෙමු..  💛ආදරෙයි
30/12/2024

💛මේ අවුරුද්දේ අපිත් එක්ක ගනුදෙනු කරපු හැමෝටම ස්තුති..
💛අලුත් වෙනස්කම් ගොඩක් එක්ක 2025 ආයෙත් හම්බෙමු..
💛ආදරෙයි

Customer 📷💚
28/12/2024

Customer 📷💚

27/12/2024
මෙතෙක් මම ජීවිතේ අහපු ලස්සනම උපදේශය ! 💜" කිසිවෙකුත් තමා දෙස නොබලන බව සිතා නටන්න… අහන්න කිසිවෙකුත් නැති බව සිතා සින්දු කි...
26/12/2024

මෙතෙක් මම ජීවිතේ අහපු ලස්සනම උපදේශය ! 💜

" කිසිවෙකුත් තමා දෙස නොබලන බව සිතා නටන්න… අහන්න කිසිවෙකුත් නැති බව සිතා සින්දු කියන්න… කිසිවෙකුත් අවධානය නොදෙන බව සිතා සිනාසෙන්න. "

තමන් වෙනුවෙන් ලැබුණු ජීවිතය තමන් කැමති අයුරින් සතුටින් ගෙවන්න මනුස්සයෙක්ට පුලුවන් වෙන්න ඕන... තව කෙනෙක් නිසා, සමාජයට බයේ තමන් කැමති විදියට අඳින්න, කැමති තැන් වල යන්න, කැමති දේවල් කරන්න බය මිනිස්සු ඕන තරම් ඉන්නවා.

" අනෙක් අය මොනවා හිතයිද ?" කියන සංකල්පයෙන් මිදුන දවසට මිනිස්සු සැබෑවටම ජීවත් වෙන්න පටන් ගන්නවා කියලා මං විශ්වාස කරනවා.

අපි කොහොම හිටියත් මිනිස්සුන්ට අපි වෙනුවෙන් කියන්න බොහෝ දේවල් තියෙනවා... අපි ආසාවෙන් කරන සමහර දේවල් තව කෙනෙක්ට හොඳ වෙද්දි තව කෙනෙක්ට නරක වෙන්න පුලුවන්... ඒ කිසිම දෙයක් අපිට පාලනය කරන්න පුලුවන් දේවල් නෙමෙයි.

ඒ නිසා ඒ දේවල් ගැන කරදර නොවී, කිසිම කෙනෙකුට කරදරයක් නොදී, පුලුවන් කාලෙ, පුලුවන් විදියට සතුටින් ජීවත් වෙන්න.

මේක තමන් වෙනුවෙන් ලැබුණු, තමන්ගෙ ජීවිතය කියලා අමතක කරන්නෙපා. ! 🖤✨🌻

-උපුටා ගැනීමක්-

🪴2024 අන්තිම orders ටික..
26/12/2024

🪴2024 අන්තිම orders ටික..

💚
26/12/2024

💚

🍃
26/12/2024

🍃

Nuthara Plants  stall will be there on 27,28,29  of December at diyatha uyana stall no.149
26/12/2024

Nuthara Plants stall will be there on 27,28,29 of December at diyatha uyana stall no.149

🌲 Orders දාපු හැමෝටම ස්තූතියි 💚
26/12/2024

🌲 Orders දාපු හැමෝටම ස්තූතියි 💚

Address

Kaduwela

Opening Hours

Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94714029505

Website

Alerts

Be the first to know and let us send you an email when Nuthara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share