Homemade by dil

Homemade by dil 👩‍🍳📸Cooking is my happy place & my camara always joins me ! 💁‍♀️ if u love homemade recipes ,food plating & tasty vibes , this is the place for you. 🫶🏽
(21)

06/10/2026
05/10/2026

🧑🏽‍🍳 Egg & Sausage Fried Rice recipe

රසම රස Egg & sausage fried rice එකක් හදමුද???
මේක හරිම රසයි.. හදලා බලන්න අනිවාරෙන්ම...

අවශ්‍ය ද්‍රව්‍ය ( දෙදෙනුකට )

👉බාස්මති බත්: කෝප්ප 2ක් ( හොඳට නිමුණු බත් ගන්න)
👉සොසේජ් : 5 ක් 6 ක්
👉බිත්තර 2ක්
👉බැදගත් කජු ( අවශ්‍යම නෑ)
👉ලූණු කොළ: කෝප්ප 1/2ක්
👉කැරට් අලයක් පොඩි
👉කපාගත් ලොකු ලූනු ගෙඩි 1/2
👉කෑලි මිරිස් මේස හැන්දක් හෝ අමු මිරිස් කරල් 2ක්
👉සුදු ලූණු: බික් 2ක්
👉ඉඟුරු: කුඩා කැබැල්ලක්
👉සෝයා සෝස්: මේස හැදි 1 ( අවශයම නෑ. මම මෙර්කට එකතු කරේ නෑ)
👉තක්කාලි සෝස් තේ හැඳි 01
👉සීනි තේ හැඳි 1/4
👉තෙල් හෝ බටර්: මේස හැදි 2ක්
👉ලුණු කුඩු : රස අනුව
👉ගම්මිරිස් කුඩු: තේ හැදි 1/2ක්

🧑🏽‍🍳සාදාගන්නා ආකාරය

👉 හොදින් නිවුණු බාස්මති බත් අරගන්න. කලින් දවසේ උයලා fridge එකේ දැම්මම ඒ බත් ඇලෙන්නෙ නැතුව බත් ඇට කැඩෙන්න නැතුව ලස්සනට එනවා..

01 . මුලින්ම තාච්චියකට තෙල් හෝ බටර් දාලා සොසේජ් ටික රන්වන් පාට වෙනකන් බැඳගෙන අරන් තියාගන්න.

02. ඊට පසු ඒ තෙල් එකටම තලාගත් ඉඟුරු සුදුලූණු මිශ්‍රණය සමඟ ලූණු, අමු මිරිස් එකතු කරන්න. හොදින් සුවඳ එනකන් විනාඩියක් විතර බැදගන්න.

03. දැන් ඒකටම කපාගත්තු කැරට් එකතු කරන්න.

4. ඊට පසු බිත්තර එකතු කරගන්න

5. අන්තිමට නිවාගත් බත් ටික එකතු කරන්න

6. ඊට පසු උඩින් සෝයා සෝස්, තක්කාලි සෝස්, ගම්මිරිස් කුඩු සහ අවශ්‍ය තරම් ලුණු , කෑලි මිරිස් එක් කර මධ්‍යම ගින්දරේ හොඳින් කලවම් කරන්න.

7. බත් එක හොඳින් මිශ්‍ර වූ පසු, බටර් ටිකක්, බැදගත් සොසේජ් ,කපාගත් ලූණු කොළ සහ බැදගත් කජුවලින් වැඩි කොටසක් බත් එකට එකතු කරලා තව විනාඩි 1-2ක් හොඳින් වැඩි ගින්දරේ කවළම් කරගන්න.

8. අන්තිමට තව කජු කීපයක් සහ ලූණු කොළ ටිකක් බත් එක උඩින් දාලා සරසගන්න..

මේකට ඔයාලා කැමති ඩෙවල් එකක් හදාගන්න. මම සොසේජ් ඩෙවල් එකක් තමා හැදුවේ පපඩම් එක්ක...

🧑🏽‍🍳 Homemade by dil

මේ recipe එක යාළුවෝ එක්ක share කරගන්න..🤗 හදලා බලලා රස කියන්න හොදේ....

Happy International Coffee Day ! ☕️අද P&S එකේ රුපියලට nescafe බොන්න යන්න බැරි වුන දුකට keels එකේ මෙන්න මේ red velvet  mu...
01/10/2026

Happy International Coffee Day ! ☕️

අද P&S එකේ රුපියලට nescafe බොන්න යන්න බැරි වුන දුකට keels එකේ මෙන්න මේ red velvet muffin එකත් එක්ක ගෙදරම කෝපි එකක් හදන් බිව්වා. 🤭

How saad🤧 දෙකම තිත්තයි අවුලක් නෑ..🥺 දත් මදින්න ගන්නත් පුළුවන් 😒
Thank you keels 😏 මදැයි coffee day celebrate කරන්න ගියා..

ඔයාලා බිව්වද අද රුපියලට nescafe ?? 🤭😌

01/10/2026

හදිස්සි බඩගින්නට කන්න ඊසී පීසී බත් එකක්... 🤗 හරිම රසයි 🤤

🧑🏽‍🍳 Homemade by dil

🍃🍳Kangkung & Egg Fried Rice recipe 🤤මේක ඉක්මනින්ම හදාගන්න පුළුවන් fried rice එකක්.. හැමදාම හදන fried rice එක නැතුව මේ වග...
30/09/2026

🍃🍳Kangkung & Egg Fried Rice recipe 🤤

මේක ඉක්මනින්ම හදාගන්න පුළුවන් fried rice එකක්..
හැමදාම හදන fried rice එක නැතුව මේ වගේ වෙනස් fried rice එකක් try කරලා බලන්න....
කංකුං කන් නැති පුංචි බබාලට කංකුං කන්න හොඳ ක්‍රමයක් මේක 🤭🙈

අවශ්‍ය ද්‍රව්‍ය :

👉බත් කෝප්ප 01 ක් (බාස්මතී හෝ fried rice වලට ගැළපෙන බත් වර්ගයක්.. )
👉කංකුං (ඔයාලා කැමති ප්‍රමානයට)
👉 බිත්තර 02 ක්
( මස්, චිකන් හෝ ඉස්සෝ වගේ දේවල් අවශ්‍ය නම් එකතු කරන්න, මම මෙකට එකතු කරේ බිත්තර විතරයි )
👉රට කජු හෝ කජු ( අවශ්‍යම නෑ)
👉 සුදුළූණු බික් 4ක් ( චූටිවට කපාගන්න)
👉ලූණු ගෙඩි භාගයක්
👉අමු මිරිස් කරල් 01
👉චිලි පේස්ට් හෝ කෑලි මිරිස් කුඩු තේ හැඳි 1ක්
👉ලුණු කුඩු , ගම්මිරිස් කුඩු රස අනුව එකතු කරගන්න
👉සෝස් වර්ග ( කැමති නම් එකතු කරගන්න. මම මේ බත් එකට එකතු කරේ නෑ)
සෝයා සෝස් මේස හැඳි 1
ඔයිස්ටර් සෝස් තේ හැඳි 01

සාදාගන්නා ආකාරය

👉පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු, සුදුළූනු, අමු මිරිස්, ලූණු ටික රන් වන් පාට වෙනකන් බැදගන්න.

👉දැන් ඒකටම බිත්තර දෙක කඩා දමා, හොඳින් බැදගන්න,

👉 ඊට පසු බත් , ලුණු කුඩු , ගම්මිරිස්, කෑලි මිරිස්, සෝස් වගේ දේවල් එකතු කරන්න.. හොදින් කවළම් කරගන්න.

👉බැදගත් චිකන් , සොසේජ්, ඉස්සෝ වගේ තියනවා නම් මේ වෙලාවට එකතු කරලා කවළම් කරගන්න .

👉දැන් ඒකටම කපාගත් කංකුං ටික එකතු කරන්න. කංකුං කොළවල කොළ පැහැය ආරක්ෂා කර ගන්න වැඩි වෙලාවක් රත් නොවෙන්න , අධික ගින්දරේ විනාඩි 2ක් හෝ 3ක් විතර ඉක්මනින් කලවම් කරගන්න.

👉අන්තිමට බැදගත් කජු හෝ රට කජු එකතු කරන්න.

( කංකුං ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක් රස වෙන්න නම් කංකුං කොළ තැම්බෙන්න ඉඩ නොදී, ටිකක් හැපෙන ගතියට (crunchy) ආකාරයට ඉක්මනින් වැඩි ගින්දරේ හදාගන්න.

මේ බත් එක විතරක් නිකන් උනත් කන්න පුලුවන්. හරිම රසයි.. හැමදාම හදන fried rice නැතුව මේ වගෙ හදලා බලන්න..

බඩගිනි වැඩිකමට පිඟානකට දාලා photo එකක් ගන්න බැරි වුනා 🤭

🧑🏽‍🍳 Homemade by dil

fans

මේවා කාලා තියන අය තමයි ඉතින් රස දන්නේ...? 🤤🙈ඔයලා කාලා තියනවදෝ.....???
29/09/2026

මේවා කාලා තියන අය තමයි ඉතින් රස දන්නේ...? 🤤🙈

ඔයලා කාලා තියනවදෝ.....???

🍱Lunch box  #05💪බර අඩු කරගන්න සහ healthy විදියට කන්න ආස ඔයාලට ගෙනාවා අදත් මගෙ office lunch එක. . අදහසක් ගන්න කැමති අය අද...
28/09/2026

🍱Lunch box #05
💪බර අඩු කරගන්න සහ healthy විදියට කන්න ආස ඔයාලට ගෙනාවා අදත් මගෙ office lunch එක. .

අදහසක් ගන්න කැමති අය අදහසක් ගන්න..🤗

🌾රෝස සූදුරු සම්බා බත්: සාමාන්‍ය බත්වලට වඩා සෞඛ්‍යයට ගුණදායකයි. දවස පුරා ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දීමට සහ බර පාලනයට කදිමයි.

🥦බ්‍රොකලි සහ ගෝවා: ප්‍රතිශක්තිය වර්ධනය කරන, ප්‍රතිඔක්සිකාරක සහ කැලරි අඩු, පෝෂ්‍ය පදාර්ථ වලින් පිරුණු එළවළු වර්ග වේ.

🥕🥔කැරට් සහ අල: ඇස්වල සෞඛ්‍යයට අවශ්‍ය විටමින් A සහ ශරීරයට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් හා ශක්තිය සමබරව ලබා දේ.

🍗චිකන් (Chicken): මාංශ පේශි වර්ධනයට සහ ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් බහුලව ලබා දෙයි.

🍎ඇපල්: ආහාර දිරවීම පහසු කරන, විටමින් සහ පෝෂ්‍ය පදර්ථ වලින් යුත්, දිවා ආහාරයෙන් පසු කෑමට කදිම නැවුම් පලතුරක්.

💪 හැමදාම එකම විදිහට කන්න කම්මැලියි වගේ නම් මේ වගේ පාට පාටට, healthy විදිහට කෑම එකක් හදාගෙන ඔෆිස් ගෙනියන්න.

ඔයාලත් මේ වගේ healthy meal try කරන්න කැමති නම්, අනිත් අයටත් අදහසක් ගන්න Share කරන්න අමතක කරන්න එපා... 🤗

🧑🏽‍🍳Homemade by dil

26/09/2026

🤗 Good morning ! උදේම කමුද රසම රස උණු උණු බත් කටක්...?

මේ වහින දවස් වලට ගැලපෙනම මෙනු එකක්..🔥🤤

fans

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Homemade by dil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share