15/06/2025
අපි අද කතා කරන්නේ නිවසක් හරි ගොඩනැගිල්ලක් හරි ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ අනුමත කරද්දි ඉදිරිපත් කරන්න ඕන ඉඩමේ ඔප්පු පිටපත හා පළාත් පාලන ආයතනයෙන් අනුමත ඉඩම් සැලැස්ම ගැන.
⭕ඔයාලගේ නිවස හරි ගොඩනැගිල්ල හරි ඉදිකරන ඉඩමේ අයිතිය ඔයාලා සතුව තියෙන්න ඕන.
🔷ඉඩමේ හිමිකම නැත්නම් ඉඩමේ හිමිකරු විසින් ගොඩනැගිල්ල ඉදි කරනවට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන 2021.07.22 ගැසට් පත්‍රයේ 61A පිටුවේ තියන අයදුම්පත්‍රය පුරවන්න ඕන.(ගොඩක් පළාත් පාලන ආයතන වල ඉඩම් අයදුම්පත්‍රයේම ඒක සඳහන් වෙලා තියෙනවා.)ඒකෙ ෆොටෝ එකක් පහලින් දාලා තියනවා.
⭕ඉදිරිපත් කරන්න ඕන අනෙක් ලියවිල්ල තමයි පළාත් පාලන ආයතනයෙන් අනුමත ගොඩනැගිලි සැලැස්ම.
🔷ගොඩක් අය ගොඩනැගිල්ලේ සැලැස්ම අරගෙන සභාවට ආවට ගොඩනැගිල්ල හදන ඉඩම සභාවෙ අනුමත වෙන්න ඕන කියලා දන්නේ නෑ.
🔷තවත් දෙයක් තමයි ඉඩමක් අනුමත කරනවා කියන එකෙන් අදහස් වන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ හෝ සභාවේ රෙගුලාසි අනුව එම ඉඩම කැබැලි වුණා කියන එක. තවත් පැහැදිලි කරනවනම්, ඔයාලට හා අවට අසල්වාසින්ට ජීවත් මෙන්න සුදුසුයි කියන එක.උදාහරණයක් විදියට ඉඩමට ප්‍රමාණවත් මාර්ග සැපයීම, ජලය බැස යන ක්‍රමවේදය පරීක්ෂාව වගේ කාරණා.
🔷සමහර අය හිතන් ඉන්නේ ඉඩම සභාවේ අනුමත වෙනවා කියන්නේ ඉඩමේ හිමිකම , අයිතිය සහතික කරන ලියකිවිල්ලක් කියලා.
🔷තවත් සමහර අය ඉඩමේ අයිතියට ගැටලුවක් වෙයි කියලා බයයි. එහෙම බය වෙන්න කිසිම දෙයක් එතන නෑ.
🔷ඉඩම වෙලාසන අනුමත කරගන්න එකෙන් ලැබෙන ප්‍රධාන අමතර වාසිය වෙන්නේ බැංකු ණයක් ලබා ගනිද්දී. මොකද ඒකට අනුමත ඉඩම් සැලස්ම ඕන වෙන නිසා.අනිත් වාසිය තමයි ඉඩමේ විකුණුම් වටිනාකම වැඩි වෙන එක.
⭕ඔයාලා ඉඩම අනුමත කරගන්න යද්දි ,
ඉඩමේ ඔප්පු පිටපත
ඉඩමේ මුල් සැලැස්මේ පිටපත් අනුමත කල යුතු සැලැස්මේ පිටපත් දෙකක් ඉදිරිපත් කරන්න ඕන.
⭕තව දෙයක් තමයි ඉඩම් අයදුම්පත්‍රය අදාල මිනින්දෝරු මහතා අත්සන් කරල තියෙන්න ඕන.
⭕ඔයාලගේ ඉඩමේ පෙර සැලැස්ම අනුමත වෙලා නැත්නම්, ඒ සැලසුම් වලටත් අනුමැතිය ලබා ගන්න වෙනවා.1987 ට කලින් සැලසුමක් නම් අනුමත නොවුණා කියලා ගැටලුවක් නෑ.ඒ වගේම නඩු තීන්දුවකින් ඉඩම් කැබලි වුණ සැලැස්මක් නම් ගැටලුවක් වෙන්නේ නෑ.
🔷ඒක නිසා ඉඩමක් මිලදී ගන්නවා නම් ඉඩම මිලදී ගන්න කලින් ඉඩම අනුමත කරන ද කියලා බලන්න වෙනවා.අනුමත වෙලා නැත්නම් ඉඩම අනුමත කරලා දෙන්න කියලා අයිතිකරුවන්ට කියන්න වෙනවා.
විශේෂයෙන්ම වෙන්දේසි ඉඩම් වලින් ඉඩම් මිලදී ගනිද්දී මුල් ඉඩම අනුමත වෙලාද කියලා බලන්න ඕන. ඒ මුල් ඉඩම අනුමත කරගන්න ඕන වෙන්දේසිය ආයතනයෙන්.එහෙම නැත්නම් ඒක මිලදී නොගෙන ඉන්න එක ඔයාලට ගොඩක් වාසිදායක වෙන්න පුළුවන්. මොකද වෙන්දේසි වන මුල් ඉඩම සභාවෙන් අනුමත කරද්දි සභාවෙන් හරි නාගරික සංවර්ධන අධිකාරියෙන් කොන්දේසි දානවා.
ජල විදුලි පහසුකම් තියෙනවද , මාර්ග සංවර්ධනය වෙලා තියෙනවද , පාරවල් වල නියමිත පළල තියනවද, වගේ මිනිස්සු ට අවශ්‍ය මූලික අවශ්‍යතා ඉල්ලලා කොන්දේසි ඉදිරිපත් කරනවා.ඒ වගේම රාජකාරි සඳහා වෙන්දේසි ආයතනයෙන් සභාවට බදු ගෙවන්නත් වෙනවා .ඒ නිසා ඒ වගේ ආයතන සභාවෙන් අනුමත කරගන්නේ නැතුව හොරාට ඉඩම් විකුනවා. අන්තිමේදී අමාරුවේ වැටෙන්නේ ඉඩම් ගනිපු අය.
ඉඩම් සැලැස්ම ගැන අපි තව දවසක කතා කරමු...ඉතින් අපේ page එකත් එක්ක දිගටම හිටියොත් මේ වගේ වැදගත් කරුණු ඔක්කොම ඔයාලට දැනගන්න පුලුවන් 😊
ඔයාලට තියෙන ප්‍රශ්න හා අදහස් අපිට ඉදිරිපත් කරන්න.
එහෙනම් Dream Sketch අපේ page එකට like කරල follow කරන්න.
අනිත් අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා.
---Dream Sketch---