ආයු - AYU Design and Build

ආයු - AYU Design and Build plan your dream home with us-
with care & vasthu guidance.

🏠 Warakapola – Renovation Site Visit2026.01.23 Warakapola ප්‍රදේශයේ පැරණි නිවසක් Renovation Plan එකකට site visit එකක් සි...
24/01/2026

🏠 Warakapola – Renovation Site Visit

2026.01.23 Warakapola ප්‍රදේශයේ පැරණි නිවසක් Renovation Plan එකකට site visit එකක් සිදු කරමින්.

ඔබගේ පැරණි නිවසටත් නව ජීවයක් දෙන්න අපි සූදානම්.

📞 Contact: 076 909 7748
🏡 AYU DESIGN AND BUILD

🏡 New House Planning – Galewela | Mataleමාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රදේශයේ 🌿KGTW කුමාර මහතාගේ අලුතෙන් ඉදිකිරීමට නියමි...
23/01/2026

🏡 New House Planning – Galewela | Matale

මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රදේශයේ 🌿
KGTW කුමාර මහතාගේ අලුතෙන් ඉදිකිරීමට නියමිත නිවස සඳහා
නිවාස සැලසුම නිර්මාණය
AYU Design & Build වෙත විශ්වාසයෙන් භාර දී ඇත 🏡✨

ඔහුගේ අවශ්‍යතා හා කැමැත්තට අනුව
වාස්තු විද්‍යානුකූලව,
නවීන හා ගුණාත්මක නිවාස සැලසුමක් නිර්මාණය කර දීම
අපගේ එකම බලාපොරොත්තුවයි.

👉 ඔබත් නව නිවසක් හෝ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් සැලසුම් කරගන්න හිතනවාද?
අදම අපව සම්බන්ධ කරන්න 📞


📐2D | 3D | House planing, Vastu Consulting , BOQ, BOQ for Loans
📍 Kalutara | Mathugama | Island Wide
📞 076 909 7748

🌟 සුභ නව වසරක් වේවා – 2026 🌟නව බලාපොරොත්තු සහනව නිවාස සිහින සැබෑ වනසාර්ථක, සුවදායක වසරක් වේවා…📞 076 909 7748📍 Ayu Design...
02/01/2026

🌟 සුභ නව වසරක් වේවා – 2026 🌟

නව බලාපොරොත්තු සහ
නව නිවාස සිහින සැබෑ වන
සාර්ථක, සුවදායක වසරක් වේවා…

📞 076 909 7748
📍 Ayu Design & Build

27/12/2025

🏠️නිවසක ප්‍රධාන දොර කියන්නේ එම නිවසේ ගෘහ මූලිකියාව නියෝජනය කරන නිවසක ප්‍රධාන අංගයක් .

ඉතින් ප්‍රධාන දොර දුබල කරනවා කියන්නේ ගෘහ මූලිකයාව දුබල කරනවා වගේ දෙයක්.
ප්‍රධාන දොර ශක්තිමත් කරනවා එහෙමත් නැත්නම් බලවත් කරනවා කියන්නේ ගෘහ මූලිකයාව බලවත් කිරීමක් හා සමානය.

🏠️නිවසක ප්‍රධාන දොර ගැන සැලකිලිමත් වෙනකොට මේ දේවල් ගැන දෙපාරක් හිතන්න, 🤔

🏅නිවසට ධනාත්මක ශක්තීන් ප්‍රධාන දොරින් නිවසට පැමිණේ.

නිවසක ප්‍රධාන දොර අනෙක් දොරවල් වලට වඩා විශාල විය යුතුයි. ( පළල මෙන් දෙගුණයක් උස විය යුතුය ). නිවසකට නම් වඩාත්ම සුදුසු පළල අඩි 4' උස අඩි 8' ඉතාම හොඳයි .

නිවසක ප්‍රධාන දොර ප්‍රධාන දිශා හතරට පමණක් යොදාගන්න.

ඒ වගේම ප්‍රධාන දොරට සහාය ලබා දෙන අනිත් දොරවල් ඒ කියන්නේ නිවසින් එළියට යන අනෙක් දොරවල් ප්‍රධාන දොරට උදව් වන පරිදි දොරටු චක්‍රයට අනුව හොඳ දිශාවන් වලට ගැලපෙන විදිහට තියන්න. එතකොට තමයි සුබ ශක්තින් නිවසට ගැලපෙන විදිහට ලැබෙන්නේ ( එහෙම ක්‍රමවේද 16 ක් තියෙනවා ඒකෙන් සුභ 09 ක් සහ අසුභ 07 තියෙනවා.

ඒ ක්‍රම වලින් හොඳම එකක් තමයි උතුර දකුණ ,නැගෙනහිරට දොරවල් තියපු "ධනද " වර්ගය නිවසකට ධනය සෞභාග්‍ය වාසනාව පරිපූර්ණව ලැබෙන සුදුසු ක්‍රමයක්. ඒ වගේම නැගෙනහිර බටහිර සහ දකුණට දොරටු තියපු "සුමුඛ" කියන වර්ගයට අයිති නිවසත් ඉතාම සුදුසුයි.

එය හරියට රූපවාහිනිය නැරඹීමට ඇන්ටනාවක් සවි කර හොඳින් රූපවාහිනී නැරඹීම පැහැදිලි කර ගැනීම සඳහා ඇන්ටනාව සුදුසු දිශාවකට කරකවනවා හා සමානය. ඒ කියන්නේ අපට අවශ්‍ය හොඳ දේ ලබාගැනීමට හොඳ දිශාවකට දොරටු තියන්න ඕනේ.

🏅තවද ප්‍රධාන දොර පියන සහ මල් ලෑල්ල කැටයම් කරනකොට, එසඳහා පුන්කලස වගේ කැටයම් යොදා ගන්නවා නම් ඉතාම හොඳයි. ඊට අමතරව වෙනත් සුබ කැටයම්ද සුදුසුය.

පියන් දෙකේ දොරත් නිවසකට ඉතාම සුදුසුය. එය නිවසට හොද පෙනුමකුත් ලබා දෙනවා.

🏅තවත් වැදගත් දෙයක් තියෙනවා ඒ තමයි ප්‍රධාන දොරට ආසන්නයෙන් තබන සුභ සංකේත.

ප්‍රධාන උළුවස්සට උඩින් වී කරල් මිටියක් තියන්න එතකොට ගෙදරින් එළියට ගිහිල්ලා එනකොට නිවස ඇතුලටම එද්දී දකින්නේ පරිපූර්ණ වීකරල් මිටියක්. මේක ඔබගේ හිත ධනාත්මක භාවයෙන් පිරී යන්න හේතුවක් වෙනවා. Low of Attraction කියල කියන්නෙත් මේකම තමයි.

ඊට අමතරව ඉර හඳ සංකේතය, නැව්ම් මල් පිරවූ බදුනක් එහෙමත් ප්‍රධාන දොර අසලින් තියාගන්න පුලුවන් .

මේ ගැනත් කුඩා ලිපියක් තියෙනවා පහතින් සුභ සංකේත කියලා.

තවත් වැදගත් කරුණක් තියෙනවා කිසිම විටෙක ප්‍රධාන දොර ගිනිකොණ , නිරිත යන දිශාවන් අහුවෙන විදිහට තියන්න එපා. හිතනවටත් වඩා වියදමත් අධික වෙයි. කේන්තියත් වැඩිවෙයි. උෂ්ණාධික රෝග තත්ත්වයන් ද ඇතිවෙන්නත් පුළුවන්.

( පුරාණ වාස්තු පොත් පත් වල " අග්නි ද්වාරය " කියන්නෙ මේ ගිනිකොණ දිශාවේ අති දොරටුව ) අනෙකුත් නිවසින් පිටවීමේ දොරටුද මේ දිශාවන්වල තියාගන්න එපා.

නිවසේ බිත්තිය කෙරවලටම වෙන්න ප්‍රධාන දොර සැලසුම් කරන්න එපා. එ සදහා පාද කියලා සුබ ස්ථාන තියෙනවා .

ඒ වගේම ප්‍රධාන දොරට හරියටම ඉදිරියෙන් විශාල කණු , එන විදිහට නිවාසය සැලසුම් කරගන්නත් එපා.

ඒ වගේම නිවසක හරි මැදට Center point කෙලින් නිවසේ ප්‍රධාන දොර සැලසුම් කරගන්න එපා.

මේ අටදශා වේද දෝෂ කියල කියන කරුණු මේ පිළිබඳවත් ලිපියක් තියෙනවා .

ඒවගේම ප්‍රධාන දොරට ඉදිරියෙන් ආලෝක රේඛාවක් වගේ සිටින ලෙස පිටවීමේ වෙනත් දොරටුවක් හෝ ජනේලයක් තබන්නත් එපා. ( නිවසේ සුභ ශක්ති ගලනයට මේක බාධාවක් ) නූතන විද්‍යව අනුව උණුසුම පාලනය කරගන්න බාධාවක් .

ඔබ දැනටමත් නිවාසයක් ඉදිකිරීමට හිතාගෙන ඉන්නවා නම් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න.

👑රාජධානි යුගවල රජවරුන් පවා මෙම වාස්තු ශාස්ත්‍රය යොදාගෙන තමයි රාජමාලිගා, ගොඩනැගිලි , පන්සල් , රෝහල් ආදිය ඉදිකරලා තියෙන්නේ.

(උපුටා ගැනීමකි)

Address

Horawala
Matugama

Website

Alerts

Be the first to know and let us send you an email when ආයු - AYU Design and Build posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share