11/06/2025
කාබනික පොහොර භාවිතයේ වාසි
කාබනික පොහොර යෙදීමෙන් පසට සැලකිය යූතු ප්‍රමාණයක ශාක පෝෂක එක් වනු ඇත. තවද, රසායනික පොහොර මගින් සැපැයිය හැකි ශාක පෝෂක වර්ග ප්‍රමාණය සීමා සහිතය. එහෙත් කාබනික පොහොර මගින් ශාක වර්ධනයට අවශ්‍ය මූලික, ද්වීතියික හා අංශුමාත්‍රවලට අවශ්‍ය ශාක පෝෂ්‍ය සියල්ල පසට එක්වීම සිදුවේ. මෙය එකවර සිදු නොවූවත් ක්‍රම ක්‍රමයෙන් සිදුවන ක්‍රියාවලියකි. මේ නිසා කාබනික පොහොරවලට දිගු කාලයක් තුළ සෙමෙන් හා පහසුවෙන් ශාක පෝෂ්‍ය නිදහස් කිරීමේ හැකියාව පවති. එහෙත් රසායනික පොහොර මගින් ඉතා ඉක්මනින් ශාක පෝෂක නිදහස් වීම මගින් පෝෂ්‍ය පදාර්ථ පරිසරයෙන් ඉක්මනින් සෝදායාම සිදුවේ. මේ නිසා කාබනික පොහොර භාවිතය නිසා පසේ වැදගත් රසායනික ලක්‍ෂණයක් වන ශාක පෝෂක රඳවා තබා ගැනීමේ හැකියාව නිසා පොහොර දියවී පසෙන් ඉවත් වී අපතේ යාම අඩුවේ. වාණිජකරණයේ දී කාබනික පොහොර යනු කාබනික ද්‍රව්‍ය සඳහා අගය එකතු කිරීමයි. සරලව කිවහොත් කාබනික ද්‍රව්‍ය සඳහා අගය එකතු කිරීම මගින් වැඩි ඵලදායිතාවක් ලබා ගත හැකිය.
පසේ සාරවත් බව වැඩි දියුණු කිරීම සඳහා පසේ භෞතික හා ජීව විද්‍යාත්මක සාධක බලපානු ලබයි. ඒ අතර, පසේ PHඅගය, ජලය රඳවා ගැනීම, පසේ අන්තර්ගත වාත ප්‍රමාණය, පසේ ගැඹුර, වැලි, මැටි, රොන් මඩ වැනි කොටස්වල අනුපාත වැදගත් වේ. පසක මෙවැනි ලක්‍ෂණ වැඩි දියුණු කිරීමට කාබනික පෙහොර වැදගත් වන අතර, ඒ අනුව භෝග වගාවල ඵලදායීතාව වර්ධනය වේ. කාබනික පොහොර භාවිතය නිසා පසේ ජීවත් වන ක්‍ෂුද්‍ර ජීවීන්ට අවශ්‍ය ආහාර ශක්තිය පහසූවෙන් ලබා දීම සිදුවේ. අනෙක් අතට කාබනික පොහොර පසට එක්වීමෙන් පසේ සිදූවන ප්‍රතික්‍රියා සඳහ ක්‍ෂුද්‍ර ජීවීන් එයට එක්වීම සිදුවේ. ඒ අනුව කාබනික පොහොර යෙදිම මගින් පසෙහි රසායනික, භෞතික හා ජීව විද්‍යාත්මක ලක්ෂණ වැඩි දියුණු වීමෙන් පස පූර්ණ සාරවත් බවට පරිවර්තනය වීම සිදුවේ. කාබනික පොහොර භාවිතය වැඩි වීම නිසා පසෙහි සාරවත් බව වැඩිදියුණු වන අතර පරිසරය ආරක්ෂා වීම ද සිදුවේ. කෙසේ වෙතත් රසායනික පොහොරවල මෙන් නොව කාබනික පොහොරවල ක්‍රීයාකාරිත්වය දිරිඝ කාලීනව පසේ රදා පැවැත්ම රටකට හිතකර ප්‍රතිඵල ලබා දෙයි.