මිහිලිය plants nursery

මිහිලිය plants nursery 💞💞හංසි පැල තවාන💞💞
(5)

21/12/2025
🍄අකුණු ගැසීමත් සමඟම මහ පො⁣ලොවේ හට ගන්නා ඉදලෝලු - සොබා දහමේ අපුර්වතම නිර්මානයක් වන බිම්මල් අතීතයේ සිටම ජනයා අතර ජනප්‍රියම...
20/12/2025

🍄අකුණු ගැසීමත් සමඟම මහ පො⁣ලොවේ හට ගන්නා ඉදලෝලු - සොබා දහමේ අපුර්වතම නිර්මානයක් වන බිම්මල් අතීතයේ සිටම ජනයා අතර ජනප්‍රියම කෑමක් ලෙස හැදින්වුවොත් නිවැරදි.

🍄🍄බිම්මල්,නැතිනම් හතු ගැන සදහන් කලොත් හතුවර්ග ගොඩකි.

🍄🍄ඒ අතර විශේෂම ඉදලෝලු හතු,සහ ජනයා අතර ප්‍රසිද්ධ ලේන හතු,පිදුරැ හතු,හීන්වැලි හතු,කොට හතු,⁣⁣බෝල හතු මින් කිහිපයකි.

🍄🍄සැප්තැම්බරයේ සිට දෙසැම්බර් මාසය දක්වා ,අපේ වැඩිහිටියො කියන අයුරින් අකුනු ගසමින් වහින විට පොලවෙන් මතුවෙන මෙම අරුම පුදුම රසනහර පිනවන ඉදලොලු හතු ගැන ගුන-අගුන බිඳක් දැනගමු.

🍄🍄මෙම හතු ගොඩාක් විශේෂ වන්නේ අවුරැද්දටම එකම කාලයකට පමනක් දැකීමට හැකිවීමත්, එසේම දුර්ලභ බව නිසාත්, මෙම බිම්මල් සැදුන දා පටන් අපේ ගැමියන් තුල මෙය ආහාරයට ගැනීමේ උනන්දුවක් හා වෙනම උප
සංස්කෘතියක් ගැමියන් විසින් නිර්මාණය කර තිබීමත්ය.

🍄🍄එසේම මෙ⁣ම බිම්මල් හටගන්නා කොස්මුල්, තුඹස් ආශ්‍රිත ප්‍රදේශයන් වලින් කෘමි නාශක, වල් නාශක ඈත්කර තැබීමටත් වග බලාගත යුතුය.

🍄🍄අකුනු ගැසීමත් සමග මෙම හතු සැදෙන බවට බොහෝ දෙනා විශ්වාස කරනවා , මෙම බිම්මල් අස්වනු නෙලීමේදී කතා නොකර හැකි ඉක්මනින් එය නෙලීමට කටයුතු කරනවා, එයට හේතුව ලෙස මෙම ඉදලෝලු හතුවලට ඉක්මනින් පනුවන් බෝ වීමයි.
මාංශ පරිභෝජනය නොකරන අයටද ඉතා වටිනා පෝෂණීය ගුන සපිරි මෙම හතු ආහාරයට ගැනීමෙන් ලැබෙන යහපත.
අනෙක් බිම්මල් ලෙසම පිලිකා සෛල විනාශ කිරීමේ හැකියාව.
🍄🍄ශරීරයේ ප්‍රතිශක්තිය දියුනු කිරීමේ හැකියාව.
ශරීර කොලොස්ට්‍රෝල් තත්වය පාලනය කිරීම හැකියාව.
අධි රුධිර පීඩනය,හෘදයාබාද වැලක්වීමෙ හැකියාව ආදිය මෙය ආහාරයට ගැනීමේදී ලද හැකි ප්‍රතිලාභ ලෙස දැක්විය හැකියි.
අන්තර්ජාලයෙ පලවුන ලිපි සහ තොරතුරැ ඇසුරිනි.

🌼🌼ලෙඩ රැසකට සුව ගෙන දෙන අරුම පුදුම දිව ඔසුවකි අරූද(Rue)🌼🌼(Ruta graveolens)🌼🌼අරූද ශාකය ඉන්දියාවෙන් ලංකාවට හදුන්වා දෙන ලද ...
19/12/2025

🌼🌼ලෙඩ රැසකට සුව ගෙන දෙන අරුම පුදුම දිව ඔසුවකි අරූද(Rue)🌼🌼(Ruta graveolens)

🌼🌼අරූද ශාකය ඉන්දියාවෙන් ලංකාවට හදුන්වා දෙන ලද ඖෂධීය ශාකයකි .
සෙ.මී.60-80 පමණ උසට කුඩා පදුරක් ලෙස වර්ධනය වේ.

🌼🌼අරූද ශාකයෙ සියලුම කොටස් ඖෂධ සදහා භාවිතා කරන අතර ඖෂධීය තෙල් සැකසීම සදහා මේවා බහුලව යොදාගනී .
මෙම තෙල් ප්‍රතිකාර වලදී ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම නිසා බොහෝ වටිනා ඖෂධයක් ලෙස සැලකේ.

🌼🌼කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ඇති හිස කෙස් සම්බන්ද ගැටලු සදහා අරූද තෙල් බොහෝ සෙයින් ප්‍රයෝජනවත් ඖෂධයකි..
🌼අකලට කෙස් පැසීම,🌼කෙස් අග පැලීම ,
🌼කෙස් අවපැහැ ගැනීම
🌼අකලට කොන්ඩය ගැලවී යෑම අවම කිරීමට මෙන්ම
🌼🌼ශීර්ෂ වලින් තොර නිරෝගී දිගු පිරිපුන් නිල් වන් කේශ කලාපයක් ලබා ගැනීමට අරූද තෙල් උපකාරී වේ.

🌼🌼එමෙන්ම
අත පය හිරි වැටීම් වලදී
🌼සෙම් රෝග
🌼පීනස් රෝග සදහා අරූද තෙල් ආලේප කිරීමෙන් ඉක්මන් සුවයක් ලබා ගත හැක

🌼🌼සෙම් හා පීනස් රෝග සදහා අරූද කොළ පුලුස්සා දුම් ඇල්ලීමටද යොදාගන්නා බව පැවසේ

🌼🌼අරූද තෙල් කුඩා දරුවන්ගේ හිසෙහි ආලේප කිරීමට සහ සෙම් රෝග සදහාද යොදාගනී .

🌼සර්ප ව්ෂ🌼🌼වලිප්පුව🌼අපස්මාරය 🌼මූත්‍රා රෝග 🌼පණු රෝග හා පණුවන් නැසීමට 🌼කණ් රෝග 🌼සෙම් රෝග සාමාන්‍ය ඉදිමුම් 🌼වණ නිසා ඇතිවෙන ඉදිමුම් වාත🌼ගර්භාෂයේ රෝග 🌼ආර්තවය සිදුකිරීමට🌼විශ නැසීමට වැනි රෝග ගණනාවක් සදහා ආයුර්වේදයේ යොදාගන්නා බව පැවසේ
(තොරතුරු අන්තර්ජාලයෙන් )
💞☘️☘️ හොදින් වැඩුණු නීරෝගී අරූද පැල මිලදී ගැනීම සදහා වට්සැප් පනිවිඩයක් මගින් විමසන්න ..📞📞 0768893790

ලෙඩ රැසකට සුව ගෙන දෙන අරුම පුදුම කුළුබඩුවකි එනසාල් 🌸🌸🌿🌿ඉන්දියාවේ ආහාර පාන සැකසීමේදී බහුලව යොදා ගැනෙන සහ සම්ප්‍රදායික  චී...
15/12/2025

ලෙඩ රැසකට සුව ගෙන දෙන අරුම පුදුම කුළුබඩුවකි එනසාල් 🌸🌸🌿🌿
ඉන්දියාවේ ආහාර පාන සැකසීමේදී බහුලව යොදා ගැනෙන සහ සම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමය තුල බහුලව භාවිතයට ගැනෙන එනසාල් ( CARDAMOM ) වල ඖෂධීය වටිනාම කියා නිම කල නොහැකි තරම්ය.

😍😍- විදුරුමස් රෝග ,උගුරේ ආබාධ, පෙනහලු අවහිර වීම්, ආහාර ජීර්ණ පද්ධතියේ රෝග ,වකුගඩු රෝග ,මූත්‍රාශයේ ආබාධ වැනි රෝග බොහොමයක් සඳහා කරඳමුංගු / එනසාල් ප්‍රතිකාර ලෙස යොදා ගැනෙනව..

😍😍- ලොව වැඩිම පිරිසක් මිය යන බහුලවම වැළඳෙන මහාන්ත්‍රි පිලිකා ඇතිවීම වැළැක්වීමට එනසාල් වලට හැකියාව ඇති බව වර්තමානය වන විට සොයාගෙන තිබෙනවා ..

😍😍- අධි රුධිර පීඩනය ඇති අයට රුධිර පීඩනය අවම කරගැනීමටත් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් ඉවත් කිරීමටත් එනසාල් වලට හැකියාව පවතිනවා ..

😍😍- මානසික අවපීඩනය ,ගැස්ට්‍රයිටිස් ,බඩ පිපුම වැනි රෝග වලට ප්‍රතිකාර ලෙස එනසාල් දේශීය වෛද්‍ය සම්ප්‍රදාය තුල භාවිතයට ගැනෙනවා..

😍😍- එමෙන්ම එනසාල් සතුව ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීමේ හැකියාවක් පවතින අතර ක්ෂුද්‍රජීවීන් නිසා ඇති වන ආහාර විෂ වීම් වලට එරෙහිව ක්‍රියා කරන බව සනාථ වී තිබෙනවා .

😍😍 - සන්ධි මස් පිඩු වේදනා සමනය කිරීමටද කරඳමුංගු වලට හැකියි.

😍😍- දන්ත සෞඛ්‍ය රැක ගැනීමට චීන ජාතිකයන් කරඳමුංගු භාවිතා කරන බව පැවසෙනවා..

😍😍- ඇඳුම රෝගයටද ඖෂධයක් වශයෙන් එනසාල් යොදා ගැනෙන අතර පෙනහලු ආශ්‍රිත පටක ලිහිල් කර හොඳ ශ්වසන පරිමාවක් ඇතිකිරීමට මෙන්ම පෙනහලු වලට හොඳ රුධිර සැපයුමක් ලබාදීමට එනසාල් සතු සංයෝග වලට හැකියි..

😍😍- කරඳමුංගු සතු ප්‍රතිඔක්සිකාරක නිසා ශරීරයේ ඇති මුක්තඛණ්ඩ ඉවත්වීමෙන් ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් නී පිලිකා සෑදීමේ හැකියාව අවම කරන අතර වයසට යෑම පාලනය කරනවා..
😍😍- ඔබට අප්‍රිය මෙන්ම වමනය වැනි තත්ත්වයකදී සහ උගුර කැසීම උගුරේ ආසාදන වලට එනසාල් කරලක් සැපීමෙන් ක්ෂනික සහනයක් ලැබෙනවා..

😍😍😍😍😍ඔබත් ප්‍රමාද නොවී අදම ඔබගේ ගෙවත්තේ එනසාල් පැළයක් සිටුවීම තුලින් එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය කරඳමුංගු ඔබටම සපයා ගැනීමට හැකියි ...වෙළෙඳ පොලෙන් මිලදී ගැනීමේදී ග්‍රෑම් 20ක මිල රුපියල් 250-300ක් පමණ වන අතර එනසාල් පැළයක් රුපියල් 200 වැනි අවම මිලකට ඔබට ලබාගන්න පුලුවන් .

♥️♥️ දිවයින පුරා ආරක්ෂිත කුරියර් පහසුකම් සහිතයි.. භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත..(cash on delivery available)
❤️❤️ පැල 10ට වැඩි මිලදී ගැනීම් වලදී
💚💚කරාබුනැටි පැල 10 නොමිලේ..
❤️❤️ කුරියර් ගාස්තු අය නොකෙරේ...
❤️❤️ පැල 10ට අඩු මිලදී ගැනීම් සදහා කුරියර් ගාස්තු 450 පමණි..
💚💚💚💝 ඇනවුම් කිරීමට නම ලිපිනය දුරකථන අංක දෙකක් සමග අවශ්‍ය පැල ගනන ඉන්බොක්ස් හෝ වට්ස්ඇප් මගින් යොමු කරන්න...
📞📞📞📞 0768893790

15/12/2025

🌱🌱Cardomom plants🪴
( #කරදමුංගු[ ] / #එනසාල්[ ] ) පැල විකිනීමට .🌱🌱🌱🌱

පැලයක් රු 150=
දිවයින පුරා ආරක්ෂිත කුරියර් සේවයක් මගින් නිවසටම එවන්න පුළුවන්
(Domex courier service )🚚✔️✔️✔️

සියලුම මිලදී ගැනීම් සදහා කුරියර් ගාස්තු 450 පමණයි

පැල ලැබුනු පසුව පරීක්ෂා කර මුදල් ගෙවන්න පුළුවන් 🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃
Cash on delivery available 🚚🚚🚚🚚

වසුක්කා සහ මලබාර් ප්‍රභේදයේ අඩි3-4 උස නිරෝගීව
එනසාල් පැල අපි ලග තියෙනවා

අඩුම පැල 5 සිට ඉහලට පැල ගන්න පුළුවන්
පැල 50 ට වැඩි සෑම ඇනවුමක් සදහාම මිල අඩු කිරීමක් වේ.

ඇනවුම් කිරීමට
🏘️ලිපිනය ________
☎️දුරකථන අංක දෙකක් ________
🌱අවශ්‍ය පැල සංඛ්‍යාව _____

සදහන් කර කෙටි පනිවිඩයක් හෝ

වට්ස්ඇප් , හෝ ඇමතුමක් මගින් දැනුම් දෙන්න ❤💚

To order please send

number
of plants ☑️☑️

🌱පැල සිටුවාගන්නා අකාරය හා නඩත්තුව 🌱

✳✔️අඩියක් ගැඹුර හා පලල සහිත වලක් සකස් කරගන්න
✳✔️එයට හොදින්ම දිරාපත් වූ කොල රොඩු පොහොර හෝ කොම්පෝස්ට්
කොටස් එකක් මතුපිට පස් කොටස් එකක් සමග මිශ්‍ර කර සකසා ගත් වල පුරවාගන්න ..

✳✔️ එනසාල් පැලය ගෙන අගලක් හෝ අගල් එක හමාරක් පමන යට කරගන්න.

60% පමන සෙවනක් සහ සාමාන්‍ය තෙතමනය අත්‍යවශ්‍ය සාධකයකි

කොල රොඩු වසුනක් දාන්න පුළුවන් තවත් හොදයි.

🤩🤩ඉහළ වෙලදපල ක් තියෙන මේ කරදමුංගු ඔබටත් ගෙදර ම වගාකරගන්න පුළුවන්
ඔබත් අදම පැල වෙන්කරවා ගන්න.
ස්තූතියි 🙏🙏
0783906838☎
Whatsapp0768893790☎

💚💚ලොව තෙවැනි මිල අධිකම කුළුබඩු වර්ගය💚💚 ❤️❤️❣️මුළුතැන්ගෙයි නැතිවම බැරි රසවතිය  ගෙවත්තට එක් කර ගෙන.. ආහාර රස සුවද මෙන්ම  ඔ...
15/12/2025

💚💚ලොව තෙවැනි මිල අධිකම කුළුබඩු වර්ගය💚💚 ❤️❤️❣️මුළුතැන්ගෙයි නැතිවම බැරි රසවතිය ගෙවත්තට එක් කර ගෙන.. ආහාර රස සුවද මෙන්ම ඔබගේ ආදායමත් වැඩි කරගන්න..❤️❤️❣️
❣️❣️ නීරෝගී අඩි 2-3 උස එනසාල් මොරෙයි පැලයක මිල රුපියල් 250.....
❣️❣️ මාස දෙකක් වැනි කෙටි කාලයකදී සිටුවන ලද පැලයෙන් පැල ලබාගැනීමේ හැකියාව ඇත...
❣️❣️ එනසාල් කරල් ලැබෙන තෙක් පැල ඉතා පහසුවෙන් පැල බෝ කර අලෙවි කිරීමේ හැකියාව ඇත..(අවශ්‍ය නම් අප විසින්ම මිලදී ගනු ලබයි)
❣️❣️ අවුරුදු 1 -2 අතර කාලයේදී පලදාව ලබා ගැනීමේ හැකියාව පවතී..
❣️❣️ පැල 10ට වැඩි මිලදී ගැනීම් සදහා කුරියර් ගාස්තු අය නොකෙරේ..
❣️❣️ඉතා විශ්වාසනීය සේවාවක් සමගින් දිවයින පුරා ආරක්ෂිත කුරියර් පහසුකම් සහිතයි
❣️❣️ පැල 10ට අඩු මිලදී ගැනීම් සදහා කුරියර් ගාස්තු 450
❣️❣️ පාරිභෝගික ප්‍රතිචාර අවසාන ඡායාරූප වල දක්වා ඇත...
සැ:යු- අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලද ඡායාරූප නොමැත.. අප විසින් අලෙවි කරන ලද පැල හා අස්වනු නෙළීමේ ඡායාරූප හා අප වෙත ලැබුණු පාරිභෝගික ප්‍රතිචාර පමණක් මෙහි ඇතුලත් වේ...
❣️❣️ පැල ලැබුණු පසු පරීක්ෂා කර බලා මුදල් ගෙවීමේ හැකියාව ඇත..

❣️❣️ වගා උපදෙස් නොමිලේ.. සෑම මිලදී ගැනීමක් සදහාම කරාබුනැටි පැල 10 නොමිලේ..
❣️❣️ එනසාල් ප්‍රභේදය වසුක්කා.. ඡායාරූප වල සදහන් මව් ශාක ආකාරයට කරල් හට ගනී...
❣️❣️ නම ලිපිනය දුරකථන අංක දෙකක් සමග අවශ්‍ය පැල ගනන ඉන්බොක්ස් හෝ වට්ස්ඇප් මගින් යොමු කරන්න...
❣️❣️❣️❣️ වැඩි විස්තර සඳහා ඉන්බොක්ස් හෝ වට්ස්ඇප් මගින් විමසන්න...📞📞📞076-8893790

😍කෙසෙල් පරඩැල් වලින් පහසුවෙන්ම බිම්මල් 🍄🍄🍄🍄ලංකාවේ කොහේ හිටියත් හොයාගන්න පහසුම ගහ තමයි කෙසෙල්.. 🍄🍄😍😍මුලින්ම කෙසෙල් ගහකින්...
14/12/2025

😍කෙසෙල් පරඩැල් වලින් පහසුවෙන්ම බිම්මල් 🍄🍄🍄🍄

ලංකාවේ කොහේ හිටියත් හොයාගන්න පහසුම ගහ තමයි කෙසෙල්..

🍄🍄😍😍මුලින්ම කෙසෙල් ගහකින් හොඳින් වියලුණු කෙසෙල් පරඩැල් ටිකක් අරගන්න

🍄🍄😍ඒ ටික සිහින් තීරු වලට ඉරා ගෙන
නටු කොටස් ටිකත් කුඩා කැබලි වලට කපා ගෙන බාජනයකට දාගන්න..

🍄🍄😍වතුර එකක් හොදින් උතුරවා ගෙන
කෙසෙල් පරඩැල් කැබලි නටන උණු ජලය යොදා පැයක් පමන හොදින් තම්බා ගන්න..

🍄🍄😍පැයකට පමණ පසු කෙසෙල් පරඩැල් කැබලි වල ඇති වැඩි වතුර අතින් මිරිකා ඉවත් කර ගන්න..

🍄🍄😍සිදුරු සහිත ප්ලාස්ටික් බඳුනක් (Dustbin) එකක් ගෙන වැඩි ජලය මිරිකා ගත් කෙසෙල් පරඩැල් තට්ටුවක් අතුරන්න

🍄🍄😍ඒ මතට සමපෝශ , ඉරිගු පිටි, හාල් නිවුඩු (Rice polish), හාල් පිටි නෙමෙයි..., කුරක්කන් පිටි, මුං පිටි මේ වර්ග වලින් පහසුවෙන් හොයාගන්න පුළුවන් පිටි වර්ගයකින් ස්වල්පයක් ඉස ඒ මතට බිම්මල් බීජ ග්‍රෑම් 1-2 පමණ විසුරුවා හරින්න..

🍄🍄😍 Dustbin ඉහලට වන තෙක්ම (පිරෙනකල්ම ) මේ විදියට තට්ටු කිහිපයක් කෙසෙල් පරඩැල් සමපෝෂ බිම්මල් බීජ යොදා
ඉහලම කොටසට සමපෝශ සිවල්පයක් විසුරුවා නැවත බිම්මල් බීජ විසුරුවා හරින්න..

🍄🍄😍කලු පොලිතීන් එකක් ගෙන අපි හදාගත්ත බදුන වසා ගෙන සිසිල් ස්තානයක් තබන්න

🍄🍄😍දින 10 කින් පමණ කලු පොලිතීන් එක ඉවත් කරලා බලමු 🙈🙈
සුදු පැහැයෙන් හරි අපූරවට බිම්මල් දිලීර හොදින් වර්ධනය වෙලා තියනවා ඔයාට දැක බලා ගන්න පුළුවන්

🍄🍄😍පොලිතීන් එක ඉවත් කරලා සිසිල් හිරු එළිය නොවැටෙන සෙවන සහ කෘමි හානි අවම තැනක අපේ බිම්මල් කූඩය තැන්පත් කරන්න ඕනි..

🍄🍄😍අපි හදාගත්ත කූඩයේ මාධ්‍ය වියලීමට ඉඩ නොදී උදේ සවස දිනකට කිහිප වතාවක් ම කුඩා බිදිති ලෙස ජලය ස්ප්‍රේ කරගන්න... (වතුර වැඩි කරගන්නත් එපා)

🍄🍄😍දින කිහිපයක් යන විට පුංචි පුංචි කැකුළු මතු වෙලා බිම්මල් පිපෙනවා අනිවාර්යයෙන්ම...
බිම්මල් ගොඩක් පෙනෙන්න නොදී නැවුම් බිම්මල් නෙලාගන්න. මෙන්න මේ වගේ 😛😛😛😍😍
🍄🍄😍

Address

Matale

Telephone

+94768893790

Website

Alerts

Be the first to know and let us send you an email when මිහිලිය plants nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share