Tapro

Tapro Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tapro, Home goods shop, 155/1, Eluwapitiya, Veyangoda.

ඔන්න මම මගේ විදිහකට මොජිටෝ එකක් හැදුව..මේ දවස්වල පොඩි නාරං ගස් වල ගෙඩි පිරිලනේ..මාත් ඔන්න අම්මලගෙ ගෙදර  ගිය වෙලේ කඩාගත්‍...
18/08/2024

ඔන්න මම මගේ විදිහකට මොජිටෝ එකක් හැදුව..

මේ දවස්වල පොඩි නාරං ගස් වල ගෙඩි පිරිලනේ..
මාත් ඔන්න අම්මලගෙ ගෙදර ගිය වෙලේ කඩාගත්‍ත ගෙඩි ගොඩාක්...මට ඒක කඩනකොටම හිතුනා මේකෙන් මොජිටො එකක් හැදුවනම් කියල..

මම ගෙඩි පහක් විතර කපල ඇට නැතුව ඒකෙ යුෂ වීදුරුවට දාගත්ත..ඒකට මිංචි කොළ දහයක් විතර දාල හොදට පොඩි කලා.ඒකටම මම සීනි මේස හැන්දක් වගේ දැම්ම....මම මේක පොඩි කලේ මගෙ ලී වංගෙඩියේ පුන්චි මෝල් ගහෙන්..මේ ටික හොදට පොඩි උනාට පස්සෙ මම ඒකට අයිස් කැට ටිකක් පොඩිවට කඩාගෙන දැම්ම වීදුරුවෙ මැද හරියට වගේ එනකන්..

ඊට පස්සෙ මම වීදුරුව පිරෙනකන් sprite එකෙන් දැම්ම.....
එතකොට පෙණ දාගෙන ලස්සනට එනවා...
ඊට පස්සෙ පොඩි හැන්දකින් ටිකක් කලවම් කරන්න..

මිංචි කොළ ටික ඕනෙ නම් අයින් කරගන්න පුලුවන් .....

හරිම රසයි හදල බලන්නකෝ...
(හස්බන්ඩ් ඔන්න ඒකට ගෙදර ඉතුරු වෙලා තිබ්බ vodka පොඩ්ඩක් දාගෙන රස බැලුව...මේක නම් මරු කිව්ව.ඒ තමයි මට ලැබුන ආදරණීයම ප්‍රතිචාර ය....)

මම රසී.... Rasi Amarathunga

ගොඩක් දවසකින් මොකුත් හදන්න බැරි උන නිසා ඔන්න මම  හැදුව creamy chicken rolls ටිකක්..මේක youtube එකෙත් බැලුව හදන්න..ඒත් හශ...
10/08/2024

ගොඩක් දවසකින් මොකුත් හදන්න බැරි උන නිසා ඔන්න මම හැදුව creamy chicken rolls ටිකක්..මේක youtube එකෙත් බැලුව හදන්න..ඒත් හශී අක්ක හදපු එක දැකල තමා මම ඉගෙනගත්තේ..
ගොඩක් ස්තුතියි cook with love හශී අක්කා..

මේක හදන්න මම ගත්තේ

1️⃣චිකන් 200g
2️⃣ලොකු ලූණු ගෙඩියක්
3️⃣කැරට් අලයක්
4️⃣ලීක්ස් කොල ටිකක්
5️⃣ලුණු ගම්මිරිස් අවශ්‍ය තරමට
6️⃣ඉඟුරු සුදුලූණු පේස්ට් එක(කොටල ගත්තේ දෙකම)
7️⃣පාන්පිටි මේස හැන්දක් දෙකක්
8️⃣Fresh milk ටිකක්

ඉස්සෙල්ලම මස් ටික හොඳට පිහියෙන් චොප් කරගත්ත..මට නම් මෙහෙ අඹරපු මස් නැහනෙ ගන්න..ඒ නිසා මස් ටික හොදට ලෑල්ල උඩ තියල චොප් කරගත්ත..

කැරට්,ලූණු සහ ලීක්ස් වෙන වෙනම හීනියට ලියාගන්න..

භාජනයක් අරන් ඒක රත් වෙනකොට තෙල් මේස හැඳි දෙකක් වගේ දාල ඒකට මස් ටික දාන්න...ඒක පොඩ්ඩක් එහෙට මෙහෙට කරල ඒකට ලූණු,ගම්මිරිස් තේ හැන්දක් වගේ වෙන්න දාන්න..(මේක ඔයාලගෙ රස අනුව දාගන්න)
ඒක ටිකක් කලවම් වෙනකොට ඉඟුරු සුදුලූණූ පේස්ට් එක දාගන්න..ඒකත් හොඳට කලවම් කරල ටිකකින් ලූණූ ටික කැරට් ටික දාගෙන ටිකක් මස් එක්ක කලවම් කර කර උයාගන්න..අන්තිමට ලීක්ස් ටික දාන්න..
දැන් හොඳට කලවම් කරල උයාගන්න..

මේ ටික හොදින් ඉදුනම ඒකට පාන්පිටි ටික එකතු කරල හොඳින් කලවම් කරන්න..
ඒ ටික දැම්මම මිශ්‍රණය හොඳට එකතු වෙනව..(එහෙම තමා හශී අක්ක ලස්සනට කිව්වෙ..)

මේකත් විනාඩි කීපයක් ඉදුනම fresh milk එකතු කරන්න ...ගොඩක් දියාරුත් නැති ඝනකමත් නැති වෙන ගානකට තමයි fresh milk එකතු කරන්න ඕනේ...

පුංචි වෙලාවක් තියල ලිපෙන් බාගන්න..

ඊට පස්සෙ රොල්ස් වලට ඕනෙ මිශ්‍රණය හදාගෙන රෝල්ස් ටික හදන්නයි තියෙන්නෙ..

මම ගත්තේ පිටි මෙශරින් කප් කෝප්ප එකට වතුරත් කෝප්පෙ ගානට වගේ එන්න දාල හොදට මික්ස් කලා...ලුණු කුඩු පොඩ්ඩක් දැම්ම..

නොන්ස්ටික් පෑන් එකේ තෙල් චුට්ටක් ගාල මිශ්‍රණයෙන් දාගෙන ගොඩක් ඝනකමට නැති වෙන්න ෆෑන් කේක් වලට හදනව වගේ හදාගන්න..

ඒ එකින් එකට මිශ්‍රණය ටික ටික දාල ඔතා ගන්න.. රෝල්ස් ඔතන විදි නම් බලාගන්න පුලුවන් you tube එකෙ..රෝල්ස් එකේ අන්තිම කොන රෝල්ස් මිශ්‍රණයෙන් පොඩ්ඩක් ගාල අලවගන්න..

මේව ආපහු පාන්පිටි මිශ්‍රණයේ හරි බිත්තර මිශ්‍රණයෙ හරි ගාගෙන බිස්කට් කුඩු ගාගෙන බැද ගන්න..

බලන්නකෝ හදල..
හරිම රසයි ..
අපේ ගෙදර අය නම් කිව්ව කඩේ එකට වඩා රසයි කියල..

එතකොට නම් හිතුනා මගෙ මහන්සියට ලැබුන තෑග්ග හොදයි කියල..

ස්තුතියි ..
මම රසී...©️Rasi Amarathunga

18/07/2023

Address

155/1, Eluwapitiya
Veyangoda
11100

Telephone

+94776462623

Website

Alerts

Be the first to know and let us send you an email when Tapro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tapro:

Share