22/01/2026
2026 සාමාන්‍ය කෙනෙක් වෙනවද? නැත්නම් කැපී පෙනෙන චරිතයක් වෙනවද? තීරණය ඔයාගේ! හැම අවුරුද්දකම අපි "New Year Resolutions" හදාගන්නවා. හැබැයි ජනවාරි මාසේ ඉවර වෙන්නත් කලින් ඒවා අමතක වෙලා යනවා නේද? ඒකට හේතුව අපිට හරියටම මාසෙන් මාසෙට කරන්න ඕනේ දේවල් ගැන පැහැදිලි "Map" එකක් නැතිකමයි.
🟢 ජනවාරි (The Foundation)
මුලින්ම ඔයාගේ ඇතුළාන්තය හදාගන්න. විනය (Discipline), උදෑසන චර්යාවන් (Morning routines) සහ ඔයාගේ අනන්‍යතාවය (Identity shift) අලුත් කරගන්න. මතක තියාගන්න, අත්තිවාරම දුර්වල නම් මාලිගාව හදන්න බැහැ.
🟢 පෙබරවාරි (The Health)
ලොකු ගමනක් යන්න නම් ඔයාගේ සිරුර නිරෝගී වෙන්න ඕනේ. නින්ද, කෑම සහ මානසික පැහැදිලි බව ගැන හිතන්න.
🟢 මාර්තු (The Action)
දැන් ප්ලෑන් කළා ඇති, වැඩ පටන් ගන්න. පරිපූර්ණ වෙනකම් ඉන්න එපා, Messy action එකක් හරි අරගෙන ඉස්සරහට යන්න.
🟢 අප්‍රේල් (The Learning)
අලුත් දක්ෂතා ඉගෙන ගන්න (New skills). අද ඔයා ඉන්න තැනට ආපු දැනුමෙන් විතරක් ඔයාට හෙට දිනන්න බැහැ.
🟢 මැයි (The Creativity)
කාගෙන්වත් අවසර ඉල්ලන්නේ නැතුව අලුත් නිර්මාණ කරන්න, Side projects පටන් ගන්න.
🟢 ජූනි (The Balance)
විවේකයත් අවශ්‍යයි. Burnout නොවී ඉන්න නම් "එපා" කියන්න පුරුදු වෙන්න (Saying no) සහ ඔයාගේ සාමය ආරක්ෂා කරගන්න.
🟢 ජූලි (The Confidence)
අනුන් වෙනුවෙන් ඔයාගේ හීන පොඩි කරගන්න එපා. ඔයාගේ වටිනාකම තේරුම් අරන් ආත්මවිශ්වාසයෙන් නැගී සිටින්න.
🟢 අගෝස්තු (The Focus)
අනවශ්‍ය දේවල් වලට ඉඩ දෙන්න එපා. වැදගත්ම දේට විතරක් ඔයාගේ කාලය සහ අවධානය දෙන්න
🟢 සැප්තැම්බර් (The Momentum)
මාස ගණනාවක මහන්සියේ ප්‍රතිඵල ලැබෙන වෙලාවයි. නතර වෙන්න එපා, ජයග්‍රහණ එකින් එක ගොඩගහන්න.
🟢 ඔක්තෝබර් (The Transformation)
පරණ ඔයාව අතෑරලා අලුත් කෙනෙක් වෙන්න. ඔයාගේ වටපිටාව සහ මිතුරන් පවා උසස් කරගන්න (Upgrading your circle).
🟢 නොවැම්බර් (The Connection)
තනිවම දිනන එක සාර්ථකත්වය වුණාට, මිනිස්සු එක්ක දිනන එක "පරම්පරාගත උරුමයක්". කෘතගුණ දක්වන්න, උදව් කරන්න.
🟢 දෙසැම්බර් (The Vision)
අවුරුද්ද පුරා ආපු ගමන ගැන ආඩම්බර වෙන්න. දැන් ඊළඟ මට්ටමට (Next level) යන්න හීන දකින්න.
මතක තියාගන්න! ඔයාගේ අනාගතය තීරණය වෙන්නේ අද ඔයා ගන්න තීරණ මතයි. මේ Roadmap එක නිකම්ම කියවලා අතාරින්න එපා. අදම ජනවාරි මාසයේ "Foundation" එක හදන්න පටන් ගන්න!
Blessings With Thara