10/03/2026
🔴රු.29 ට ගත්ත විදුලි ඒකකයක් රු 23 ට ගන්න එක , රු.20ට ගත්ත එකක් 14 ට 15ට ගන්න හදන එක , 25 ට ගත්ත එකක් 17ට ගන්න හදන එක තමයි මේ ආණ්ඩුවෙ උත්සහය.කොමිස් නැහැ , වංචා නැහැ , සියල්ල රටට 🇱🇰
🔴🔴මේ රජයේ ප්‍රතිපත්තිය , විදුලි මිලදී ගැනිම් වලදි ස්ථාවර මිල ගණන් (Feed-in Tariffs) වෙනුවට , තරඟකාරී මිල ගණන් කැඳවීම (Competitive Bidding) හරහා විදුලිය මිලදී ගන්න එක.. එමගින් ඒකකයක මිල රුපියල් 15 කට ආසන්න මට්ටමකට අඩු කර ගන්න එක තමයි ප්ලෑන් එක.
යන වියදම අඩු වුනාම තමයි ඒකෙ ප්‍රථිලාබ ජනතාවට ලැබෙන්නෙ..
මීට අමතරව ආණ්ඩුව උපරිම උත්සහයක ඉන්නවා , පුනර්ජනනීය බලශක්තිය සඳහා ලොකු අවධානයක් දෙන්න... ඒක රටකට ඉතාම වාසියි..
තව ටිකක් ඉවසීමෙන් බලන් ඉන්න කියන එක තමයි ඉල්ලීම... ❤️🙏
🔴ඒ ගැන වර්ථමාන ආණ්ඩුව ගත්ත සුපිරි ප්‍රවේශයක් ගැන පහත ලිපියෙ තියෙනවා..ඒක කියවන්න...
උපුටා ගැනීම පහතින්
____________________________________
🔴මාලිමා රජයට මල් මිටක්.
Grid Scale Battery Systems (BESS) ලංකාවට....!
මාලිමා රජයෙන් විදුලි බල ක්ශේත්‍රයේ කරන ලොකුම සහ අත්‍යාවශ්‍යම තාක්ෂණික පිම්ම ගැන මගේ අදහස. ඕනෑම තැනක share කර ගන්න.
( New Zealand වල 100MW BESS දෙකක consulting කරපු නිසා මම පොඩ්ඩක් මේ ගැන දන්නවා)
🔴2026 පෙබරවාරි මාසෙ ටෙන්ඩර් ප්‍රදානය කරපු BESS වල සම්පූර්ණ capacity එක 120 MW/480 MWh.
🔴10 MW/40 MWh BESS දොළහක් හදන්න තමයි ප්ලෑන් එක. ( 10 MW/40 MWh කියන්නෙ 10 MW විදුලි බලයක් පැය 04 ක් දෙන්න පුලුවන්. 4h x 10 MW= 40 MWh).
මේවා plan කරලා තියන තැන් ටික මෙහෙමයි.
▪️අම්පාර▪️අනුරාධපුරය, ▪️බෙලිඅත්ත, ▪️චුන්නාකම්▪️ හම්බන්තොට▪️කිලිනොච්චිය, ▪️මහියංගණය▪️මහව▪️පොලොන්නරුව, ▪️වාලච්චේන▪️වවුනියාව සහ ▪️වවුනතිවු.
මේ ඔක්කොම තැන් තියෙන්නෙ අපේ load centres වලට බාහිරින්. ඒ කියන්නෙ විදුලි බලය උපරිමයෙන් භාවිතා වන තැන් වලට දුරින්.
🔴ඒ වගේම සූර්‍ය විදුලි බලාගාර තැනිය හැකි ප්‍රදේශ වල.
🔴🔴🔴මේ තැන් ටික ගැන බලපුවාම පේන දේ තමයි ලංකාවෙ තියන සූර්‍ය බල ව්‍යාපෘති වලින් ලැබෙන ශක්තිය උපරිම වශයෙන් ලබා ගැනීමට රජය උනන්දු වන බව.
ඒක මේ වෙලාවෙ ඉතාම වටින ක්‍රියා මාර්ගයක් වෙන්නෙ එයින් ලැබෙන මේ ප්‍රධාන වාසි නිසා.
🟠 සූර්‍ය විදුලිය නිපදවන දහවල් කාලයේ විදුලි බලයට ඉල්ලුම අඩු වීම නිසා ඇතිවන අතිරික්ත ශක්තිය ගබඩා කර ගැනීමට හැකි වීම.
🟠එම ගබඩා කළ විදුලිය peak ඉල්ලුම ඇති අවස්තා වල මුදා හැරීමෙන්, අධික වියදමක් වැය වන power plants අඩුවෙන් භාවිතා කල හැකි වීම.
🟠 විශාල සූර්‍ය විදුලි ජනනය මගින් power system inertia අඩු වන බැවින් 50Hz පවත්වා ගැනීමට අවශ්‍ය inertia ( අවස්ථිතිය) BESS මගින් ලබාගැනීමට හැකි වීම.
🟠 Blackout අවස්තාවල දී( සම්පූර්ණයෙන්ම විදුලි පද්ධතිය බිඳ වැටීම), යථාවත් කිරීම සඳහා ප්‍රධාන generators ව්ලට අවශ්‍ය energy සහ frequency support එක.
පළවෙනි දෙක මූල්‍ය වශයෙන් වාසිදායක වන අතර අන්තිම එක power grid stability සඳහා වැදගත් වෙනවා.
මේ තියන ආර්ථික තත්ව යටතේ මේ තැන් වල BESS හදන එක නියමයි. තාක්ෂණික අඩු පාඩු කීපයක් තාම BESS වල තිබුණත්, එයින් ලැබෙන ප්‍රතිලාභ ඉහළයි.
🔴🔴🔴ඒ වගේම තව දේවල් කරන්න පුළුවන් BESS වලින්. එයින් එකක් තමයි "Virtual Power Line" කියන්නෙ.
මේකෙදි වෙන්නෙ Load centres වලට ලඟින් BESS හදන එක. Load peak වලදි BESS එකෙන් ඒ වැඩි බලය දෙනවා load එකට. එතකොට Transmission line එක ලෝඩ් වෙන්නෙ අඩුවෙන්.
උදාහරණයක් කිව්වොත්, පොඩි බටේකින් එන පොඩි වතුර පාරකින් දවස තිස්සෙ එකතු කරලා එක පාර නා ගන්න පුළුවන් වෙන්න ටැංකියක් හැදුවා වගේ. 🙂
මේ virtual power line කතාව බොහෝම ඉක්මනට ලංකාවට වැදගත් වේවි. ඒ වෙද්දිත් දුර පේන රජයක් තිබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන share කරන්න.
තව විස්තර වලට ආස නම් ලියන්නම්.
(සහන් එදිරිසිංහ)
--------------------------------------------------------------------------
මාලිමා රජයට මල් මිටක්.- https://www.facebook.com/sahan.edirisinghe.1/posts/10243933628822343?
මාතෘ භූමියට ජයම වේවා ! 🇱🇰