23/03/2026
අපට තිබෙන ඉඩමේ සම්පූර්ණයෙන්ම ගොඩනැගිල්ල ඉදිකිරීමට පාවිච්චි කරන්න පුළුවන්ද? 🤔🤔🤔👇
✨✨✨ලංකාවේ ඉදිකිරීම් සම්බන්ධයෙන් අපේ රටට අනුකූල නීති රෙගුලාසි පද්ධතියක් පවතිනවා. නාගරික සංවර්ධන අධිකාරිය (UDA) මගින් ගැසට් නිවේදන හරහා මෙම නීති දැනුම් දෙනවා. ඒවා කාලෙන් කාලෙට සහ ප්‍රදේශ අනුව සුළු වශයෙන් වෙනස් විය හැක. සමහර ප්‍රදේශවල පාරිසරික හේතු මත විශේෂ නීතිද තිබෙනවා.
✨✨✨කොහොම නමුත්, අපට තිබෙන ඉඩමේ සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් කරන්න හැකියාව නැහැ. සාමාන්‍යයෙන් ඉඩමේ ප්‍රමාණයෙන් සියයට 65% පමණක් ඉදිකිරීම් සඳහා භාවිතා කළ හැක. පර්චස් 6ක්, 10ක් හෝ ඊට වැඩි උනත්, මෙම ප්‍රතිශතය එම ඉඩමට අදාළයි.
කෙසේ වෙතත්, උස ගොඩනැගිලි හෝ මුහුදු ආසන්න ප්‍රදේශවල මෙම නීති වෙනස් විය හැක. ඒ සඳහා අදාළ නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව සමඟ සම්බන්ධ වී නිවැරදි තොරතුරු ලබා ගැනීම වැදගත්ය.
✨✨✨මීට අමතරව, තමන් ඉදිකරන්නට අදහස් කරන නිවස හෝ ගොඩනැගිල්ලේ ප්‍රමාණය පිළිබඳ දළ අවබෝධයක් තිබීමත් ඉතා වැදගත්. බොහෝ විට අප වෙත පැමිණෙන සේවාදායකයින්ට තමන් කැමති design එක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට ඉඩමේ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන අවස්ථා ඇත.
එවැනි අවස්ථාවල “අල්ලපු ගෙදර එහෙම තියෙනවා, ඇයි අපිට බැරි?” 🤷🤷🤷කියන ප්‍රශ්නය සාමාන්‍යයෙන් අසනවා. නමුත් එවැනි ඉදිකිරීම් නීතිවලට අනුකූල නොවනවා විය හැක.
✨✨✨මෙම ගැටලුවට මූලික හේතුව වන්නේ බොහෝ දෙනාට ඉඩමේ ප්‍රමාණය හා රෙගුලාසි පිළිබඳ නිසි දැනුමක් නොමැති වීමයි.
✨✨✨ඒ නිසා, ඉඩමේ ප්‍රමාණය සහ ඉදිකිරීම් කළ හැකි ප්‍රමාණය පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබේ නම්, නිවැරදි සැලසුමක් කර ගත හැක. එය ප්‍රමාණවත් නොවේ නම්, තව ඉඩමක් මිලදී ගැනීම හෝ සැලසුම සකස් කර ගැනීම වඩාත් සුදුසුය.
✨✨✨ඇත්තටම මේ 65% නීතිය අපට බාධාවක් නොව, වාසියක්. 😯 😯 😯
ඒ මගින් ගොඩනැගිල්ල වටා විවෘත ඉඩක් ඉතිරි වන නිසා, නිවසට ප්‍රමාණවත් ආලෝකය හා වාතාශ්‍රය ලැබේ.
✨✨✨විශේෂයෙන් නාගරික ප්‍රදේශවල, තාප්ප වලින් වට වූ ඉඩම්වල වාතාශ්‍රය හා ආලෝකය අඩුවීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙම ඉඩ තැබීම මගින් එම ගැටළු අඩු කරගත හැක.
✨✨✨එමෙන්ම, ඔබට කැමති ආකාරයට ලස්සන උද්‍යානයක් සැලසුම් කර ගැනීමටද හැකියාව ලැබේ.
✨✨✨එය වටා පරිසරයේ උෂ්ණත්වය අඩු කිරීමට, ස්වාභාවික ආලෝකය හා වාතාශ්‍රය ලබා ගැනීමට සහ නිවස තුළ සුවපහසු පරිසරයක් සෑදීමට උපකාරී වේ.
බොහොම ස්තූතියි අප සමඟ රැඳී සිටීමට.
මෙවැනි දැනුවත් කිරීම් මගින් සමාජයේ ගැටළු සහගත ඉදිකිරීම් අවම කර, ඔබගේ සිහින නිවැරදිව සාර්ථක කර ගැනීමට අපි සැමවිටම උත්සාහ කරනවා.
Cozy Concept Associates (Pvt) Ltd
2026.03.23