Try & Taste

Try & Taste � Cook Deliciously, Share Joyfully - Your Kitchen Companion! �
(2)

14/06/2026

එන්නකො දොදොල් හැඳි ගාන්න....🤩 හැබැයි සාම්ප්‍රදායික ක්‍රමයට පොල් ගාලා මිරිකලා, හාල් පෙඟෙන්න තියලා කොටලා එහෙමනම් නෙමෙයි, හැබැයි ඒ රසටම 😋

බාගයක් කෑවමයි මතක් වුනේ photo එකක් ගත්තෙ නෑනෙ කියලා 🤣... ගෙදර හදපුවා හරියැ 😋
14/06/2026

බාගයක් කෑවමයි මතක් වුනේ photo එකක් ගත්තෙ නෑනෙ කියලා 🤣... ගෙදර හදපුවා හරියැ 😋

දොදොල් කෑල්ලක් එක්ක කහට කෝප්පයක් බොමු 😁
14/06/2026

දොදොල් කෑල්ලක් එක්ක කහට කෝප්පයක් බොමු 😁

09/06/2026

මැටි වළදක කෑම උයනවා කියන්නේ ඒක වෙනම රසක් 🤩

වම්බට්ටුයි කරවලයි එකට තෙල් දාලා 😋 මෙන්න මේ විදිහට හදලා බලන්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය:
​වම්බටු (දිගට කපාගත්)
​කරවල
​රතු ළූණු හෝ බොම්බායි ළූණු
​සුදු ළූණු බික් කිහිපයක්
​අමු මිරිස් (මැදින් පලාගත්)
​තක්කාලි (කැබලිවලට කපාගත්)
​කරපිංචා සහ රම්පේ
​කුරුඳු පොතු සහ එනසාල්
​කුළුබඩු: ලුණු, කෑලි මිරිස්, කහ කුඩු, සහ ගම්මිරිස් කුඩු
​පොල්තෙල් * වතුර ස්වල්පයක්

​සාදාගන්නා ආකාරය:
​වම්බටු සූදානම් කරගැනීම:
​කපාගත් වම්බටු කැබලිවලට කහ කුඩු සහ ලුණු ස්වල්පයක් දමා අතින් හොඳින් කලවම් කර පසෙකින් තබන්න.

​කරවල සහ ළූණු තෙම්පරාදුව:
​මැටි වළඳට තෙල් ස්වල්පයක් දමා රත්වන්න හැර, මුලින්ම කරවල කැබලි ටික එකතු කර රන්වන් පාට වනතුරු බැදගන්න.
​කරවල ටික බැදීගෙන එන විට එයටම ලොකුවට ලියාගත් ළූණු, සුදු ළූණු, අමු මිරිස්, රම්පේ සහ කරපිංචා එකතු කර සුවඳ එනතුරු තෙම්පරාදු කරන්න.

​දැන් සූදානම් කරගත් වම්බටු කැබලි සියල්ල වළඳට එකතු කරන්න.
​එයට උඩින් රස අනුව ලුණු, කෑලි මිරිස් සහ ගම්මිරිස් කුඩු එකතු කර කරවල සහ අනෙක් ද්‍රව්‍ය සමඟ හොඳින් කලවම් කරන්න.
ඉන්පසු කුරුඳු පොතු, එනසාල් සහ කපාගත් තක්කාලි එකතු කර හොඳින් කලවම් කරගන්න.

​කුළුබඩු සියල්ල වම්බටු හරවල සමග මිශ්‍ර වූ පසු, වම්බටු ටික මෙලෙක් වෙන්න වතුර බිංදු කිහිපයක් (ඉතා ස්වල්පයක්) ඉසින්න.
​මැටි වළඳ වසා, ලිපේ ගින්දර අඩු කර විනාඩි කිහිපයක් තැම්බෙන්න හරින්න.
​වම්බටු ටික හොඳින් තැම්බී, තෙල් පෑදී, වියළි ගතියට (Thel Dala හැඩයට) එන තෙක් මඳ වෙලාවක් හැඳිගාමින් ලිපේ තබා බාගන්න.
​කරවල සුවඳයි, වම්බටුයි එකතු වුණාම ඉතින් වෙන මුකුත්ම ඕන නෑ බත් පිඟානක් කන්න! සත්තකින්ම රසයි

මාක් අයියේ... ඇයි මේ කුඩම්මාගේ සැලකිලි? 🥲💔​සීනි, ලුණු, මිරිස් පදමට දාලා, මහන්සි වෙලා රසම රස කුකින් වීඩියෝ (Cooking Video...
09/06/2026

මාක් අයියේ... ඇයි මේ කුඩම්මාගේ සැලකිලි? 🥲💔

​සීනි, ලුණු, මිරිස් පදමට දාලා, මහන්සි වෙලා රසම රස කුකින් වීඩියෝ (Cooking Videos) හදලා මේ පේජ් එකේ දැම්මාම මාක් අයියාට ඒක පේන්නේ නැහැ වගේ. කලින් මිලියන ගණන් Views දීලා, දැන් එකපාරටම Reach එක බිංදුවටම බස්සන්න තරම් මම කරපු වරද මොකක්ද? 🤷🏽‍♀️
​මට හිතෙන්නේ මාක් අයියා මම උයනවාට කොහොමටවත් කැමති නැහැ වගේ! 🙄
​මෙහෙම ගියොත් හැමදාම මහන්සි වෙලා උය උයා ඉන්න එක නවත්තලා, මටත් සිද්ධ වෙන්නේ FB එකේ හැමතැනම යන කාගේ හරි "කුණුගොඩක්" (Gossip/Drama) අරන් ඇවිත් මේකේ ඔබන්න තමයි. මොකද ඒවටනේ දැන් Reach දෙන්නේ! 🤦🏽‍♀️

​රස කෑමක් හදන හැටි බලන්න කැමති මගේ පරණ සෙට් එක තාම ඉන්නවාද? ඉන්නවා නම් කමෙන්ට් එකක් දාලා, Like එකක් දාලා පේජ් එක Active කරලා දෙන්න යාළුවනේ... නැත්නම් ඉතින් ඊළඟ පෝස්ට් එකෙන් Drama එකක් තමයි බලන්න වෙන්නේ! 😉👇

මෙහෙමයි. මං දෙකයි පනහේ(2.50) ජොබ් කියලා අදහස් කලේ මේ වයිරල් යන වීඩියෝ එකේ ඉන්න ගෑණු ළමයට ගොඩේ ගෑහැනියක්, ලඟදි uk ගිහිල්ල...
08/06/2026

මෙහෙමයි. මං දෙකයි පනහේ(2.50) ජොබ් කියලා අදහස් කලේ මේ වයිරල් යන වීඩියෝ එකේ ඉන්න ගෑණු ළමයට ගොඩේ ගෑහැනියක්, ලඟදි uk ගිහිල්ලා, පොෂ් වෙන්න දඟලනවා අනම් මනම් කතා ගොඩක් තිබ්බනෙ.
ඉතින් ඔය සේරම කියන්නේ ලංකාවෙ මිනිස්සුනේ. ලංකාවේ බහුතර මිනිසුන්ට අනුව ගොඩේ කියල අදහස් කරන්නේ කොළඹින් පිට ප්‍රදේශයක ජීවත්වෙන, profession එකක් නැතිව සාමාන්‍ය ජොබ් එකක් කරන ඉගෙන ගත්ත නැති අන්න ඒ වගේ අයටනේ. ගොඩේ පොෂ් කියලා විශේෂයෙන්ම වෙන් කරලා කතා කරන්නේත් අපේ ලංකාවේ වගේ ජීවත් වෙන එක කොට්ඨාශයක්. ඉතින් අන්න ඒ අයට තේරෙන්න තමා ගොඩේ නෙමෙයි කියන අදහස පෙන්නල දෙන්න මම දෙකයි 50 ජොබ් කියන කතාව කිව්වේ. මොකද ගොඩේ කියලා මනින්නෙ අන්න ඒ වගේ නිර්ණායක අපේ කට්ටිය භාවිතා කරන නිසා.
කට්ටිය තේරුම් ගත්ත එක නම් හොඳයි කොහෙවත් රටක දෙකයි පනහේ ජොබ් නැහැ කියන එක (හැබැයි ලංකාවේ තාමත් බහුතරය එහෙමයි). ඒ වගේම මනුෂ්‍යයෙක් ගොඩේද පොෂ් ද කියන එකත් කාටවත් තීරණය කරන්න බැහැ.
අනිත් එක තමා ඒ ගෑනු ළමයගේ ඇක්සන්ට් එකට තමා බනින්නේ කියලා මේකේ මට කමෙන්ට් කරලා තිබ්බනෙ...
දෙකයි පනහයි ජොබ් එක මම කිව්වා කියලා මෙතන ගොඩක් කට්ටිය නටනවා වගේම මේකත් මම කියන්නම්, language එකක් කියලා කියන්නේ ඇක්සන්ට් එක හරියටම තියෙන්න ඕනි කියන එකක් නෙමෙයි. ඔයාට පුළුවන් නම් ඕනෑම භාෂාවකින් කෙනකුට කිසියම් දෙයක් තේරුම් ගැනීමට හැකි වන ලෙස කියන්න සාමාන්‍ය ජීවිතයේදී එක හොඳටම ප්‍රමාණවත්. නමුත් එයාගේ ඇක්සන්ට් එකේ ප්‍රශ්නයක් ඒ ළමයා ජීවත්වෙන රටේ මිනිසුන්ට නැති නිසා තමා ඒ රටේ employer කෙනෙක් ජොබ් එකක් ඔෆර් කරලා එයාට පඩියක් ගෙවන්නේ.

ඉතින් බොරුවට මරාගන්න එපා. කෙනෙක්ගේ experience එකක් ශෙයා කරාම ඒකෙන් ඔයාට ගන්න දෙයක් තියෙනවා නම් අර ගන්න එක තමා හොඳම දේ....

මාව තියාගෙන මට දෙහි කපන නිසා තමා මේක මෙහෙම ලිව්වේ 😁....

සල්ලි දීලා Ticket ගත්තම සේවාව බලාපොරොත්තු වීම වැරදිද? 🤔​මේ දවස්වල Facebook එකේ ලොකුවටම Trend වෙන ශ්‍රී ලංකන් එයාර්ලයින් ...
07/06/2026

සල්ලි දීලා Ticket ගත්තම සේවාව බලාපොරොත්තු වීම වැරදිද? 🤔

​මේ දවස්වල Facebook එකේ ලොකුවටම Trend වෙන ශ්‍රී ලංකන් එයාර්ලයින් එකේ වීඩියෝ එක හැමෝම දකින්න ඇති. මේ ඉන්නේ මගේ කැම්පස් බැච් එකේ යාළුවෙක්ගේ වයිෆ්.

​වීඩියෝ එකේ එයා කරන්නේ සර්විස් එකක් ගැන තමන්ගේ ඇත්තම Experience එක කියන එක මිසක් කාටවත් බණින එකක් නෙමෙයි. හැබැයි අපේ ලංකාවේ ඉන්න "සෝෂල් මීඩියා වීරයෝ" ටිකක් එකතු වෙලා මෙයාට "ගොඩේ ගෑනියෙක්" කියලා අපහාස කරනවා දැක්කා.

​මම එයාගේ YouTube වීඩියෝස් දිගටම බලන කෙනෙක් විදිහට ඔය බණින අයට එක දෙයක් මතක් කරන්න ඕනේ. මේ දවස්වල UK වල තියෙන අමාරු තත්ත්වයත් එක්ක ස්ටඩීස් වලට ගිය ගොඩක් අයට ලංකාවට හැරිලා එන්න වෙනකොට, මේ දෙන්නා UK වල හරි අපූරුවට හොඳ ලස්සන ජොබ් කරගෙන, තමන්ගේ ජීවිතේ සාර්ථකව ගොඩනගා ගන්නවා (දෙකයි පනහේ ජොබ් නම් නෙමෙයි 😁)

​ඉතින් ඔය කමෙන්ට් තීරුවල වීරයෝ වෙලා ඉන්න, ජීවිතේට Flight එකක පස්ස පැත්තක්වත් ගාවලා නැති මිනිස්සු එක ඇඟිල්ලක් දික් කරන්න කලින් තමන් දිහා බලන්න. තමන්ගේ ගෝල්ස් කරා යන සාර්ථක මිනිස්සුන්ගේ එක වීඩියෝ කෑල්ලක් බලලා චරිත සහතික දෙන්න, පොෂ්ද ගොඩේද කියන්න ඔයාලට කිසිම අයිතියක් නැහැ!

​UK ඉඳන් ලංකාවට එන පැය ගාණක Long Flight එකක Screen එක වැඩ කරන්නේ නැති වුණාම දැනෙන අපහසුතාවය දන්නේ සල්ලි ගෙවලා යන මිනිස්සු. තමන් ගෙවන සල්ලි වලට හරියට සර්විස් එකක් ඉල්ලන එක ලංකාවේ අයට "පොස්" 🤣 වීමක් වුණාට, ලෝකේ අනිත් රටවල ඒකට කියන්නේ Customer Rights (පාරිභෝගික අයිතිවාසිකම්) කියලා.

​ඇත්ත ඇති සැටියෙන් දකින්න පුරුදු වෙයල්ලා මනුස්සයෝ! ✋



02/06/2026

ඔන්න අපේ Europe Tour එකේ ගත්ත තවත් ලස්සන අත්දකීමක් තමා මේ ❣️ හිම සෙල්ලම් 😁.....

කලින් දාපු videos තාම බැලුවෙ නැත්නම් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න ළමායි ❣️ ආදරෙයි ❤️

Dirección

Andorra La Vella
|+

Página web

Notificaciones

Sé el primero en enterarse y déjanos enviarle un correo electrónico cuando Try & Taste publique noticias y promociones. Su dirección de correo electrónico no se utilizará para ningún otro fin, y puede darse de baja en cualquier momento.

Compartir

Categoría