No Name

No Name Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de No Name, Cuisine, Paris.

17/05/2024

හුගක් මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආව වෙලාවට කටින් පිටවෙන එකම වචනය 🥺🖤
:
:
:
:
:
❤️ " අම්මා 🥺🌼"
:
:
:
:
:
: - No name -

08/05/2024

නමක් නැත නමුත් ආදරයක් 🍃🖤
-------------------------------------------------------------------------------

(02) කොටස........

🧒💬 - " නංගි... මං ඔයාට මේක කියන්නම ඕනේ මොකද මං මේ දේ හිතේ තියගෙන ඉන්නවා අවුරුදු 5 ඉදන් 🤕

👩💬 - " කියන්න අයියේ මොකද්ද තවත් හිතේ තියාගෙන ඉන්නේ කියන්න 😑"

🧒💬 - " ඈන්.. මං ඔයාට ආදරේ කලා ඈන් 😔❤️‍🩹.. තාමත් හිතේ ආදරේ තියෙනවා මැණික 😔 "

👩💬 - " මොකක් 😳 විසල් අයියේ මේ ඔයාද? "

- ඇත්තටම අදහාගන්න බෑ මේ විදියට කතා කරන්නේ මෙයාමද කියලා. එදා ඔලුවක් උස්සලා කෙලින් මගේ දිහාවත් බලපු නැති කෙනා මට දැකපු දවසේ ඉදන් හිතින් ආදරේ කරලා කියලා මට හිතා ගන්න බෑ.. මේකට සතුටු වෙනවද දුක් වෙනවද කියලා මටම හිතා ගන්න බෑ.. ඒ දේ එයාගේ කටින් පිට උනු ගමන් මගේ ඇස් වලින් කදුලු ගලන්න පටන් ගත්තා.. හැබැයි ඒ සතුටටද දුකටද කියලා මටම හිතා ගන්න බැරි විදියට 😔💔

🧒💬 - " ඔව් මැණික .. ඔයා දැකපු දවසෙම මට ඔයා ගැන ආදරයක් ඇති උනා.. ඒත් ඒක කියාගන්න බැරි තරම් මං අසරණ උනා නංගි 😔.. ඒකට හේතු ගොඩක් තිබ්බා.. එකක් තමා ඔයා මගේ පුංචිගේ දුව.. අපි නෑයෝ උනාට අපි first time හම්බුනේ එදා මළගෙදර දවසේ.. මට බය හිතුනා නංගි ඔයාගෙන් මං ඕක ඇහුවම ඔයා ඒකට අකමැති වෙලා අම්මටත් කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා අපේ සහෝදරකම් නැති වෙයි කියලා 😔..

👩💬 - " හ්ම්ම්... 💔 "

🧒💬 - " ඒත් මං හිතුවේ නෑ ඔයා මේ තරම් ඉක්මනින් marry කරයි කියලා මැණික 😔💔 ඔයාගේ අම්මා එදා යශ්ලගේ party එකෙදි ඔයා marry කරා කියද්දි මගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ හැගීමක් ආවේ රත්තරනේ 😭💔 "

👩💬 - " ඔයා ඔය ටික කියන්න මං මේ තරම් දුර එනකන් බලන් හිටියේ ඇයි රත්තරනේ? 😔❤️‍🩹 "

- එයා ඒ තරම් දේවල් කියලත් මගේ කටින් පිට උනේ ඒ වචන ටික විතරයි 😔❤️‍🩹.. මට පසුතැවීමක් වගේ කියාගන්න බැරි දුකක් මගේ හිතට දැනුනා.. හේතුව මං එයාට ගොඩාක් ආදරෙන් හිටියා.. එයාට හොරෙන් මං එයාට ආදරේ කරා.. එයාව බලාපොරොත්තු උනා.. එයා මට ආදරෙයි කියයි කියලා හිතුවා.. 💔.. ඒත් එයා එහෙම කිව්වේ නෑ.. මං කිව්වෙත් නෑ.. ඇයි එහෙම උනේ ❤️‍🩹😔

🧒💬 - " ඈන් මට තේරුනේ නෑ.. 🙄 "

👩💬 - " නෑ අයියේ.. ඔයාට තේරුනා මං කිව්ව දේ.. ඒත් තේරුනේ නෑ වගේ ආයෙත් මගෙන් අහනවා.. අයියේ මාත් ඔයාට ආදරේ කරා.. ඔයා දිහා හොරෙන් බලන් හිටියා එදා.. ඔයා මගෙන් දැන් අහයි දැන් අහයි කියලා මං බලාපොරොත්තු උනා.. ඒත් ඔයා අඩුම තරමේ මාත් එක්ක කෙලින් මූණ දිහා බලාගෙන කතා කරේවත් නෑ.. ඉතිං මං හිතුවා ඔයා මට අකමැති නිසා එහෙම වෙන්න ඇති කියලා.. මගේ හිතේ තිබ්බ අදහස කාටවත්ම නොකියා හිතේම කවදා හරි මාත් එක්කම මැරිලා යද්දෙන් කියලා හිත හදාගත්තා 😔❤️‍🩹 "

🧒💬 - " මැණික 😔.. මට සමාවෙන්න රත්තරං ඔයාව මගේ කරගන්න බැරි උනාට 💔 "

👩💬 - " 😔💔 "

- හිතේ තියෙන වේදනාව වචන වලට පෙරලන්න උත්සාහ නොකරම මං chat එක නතර කරලා phone එක පැත්තකින් තිබ්බා.... එයාගේ එක වචනෙකින් මාව අවුරුදු ගානක මතක වලට ආයෙත් අරගෙන යන්න එයාට පුලුවන් උනා.. ගොඩක්ම මං අතීතය අමතක කරලා ජීවත් වෙන්න උත්සහා කරන කෙනෙක් .. ඒත් මේ මොහොතේ මං අවුරුදු ගානක් පස්සට ගියා...

* අතීත කතාව *

- හරියටම දැනට අවුරුදු 05 කට කලින් තමා මේ සිද්ධිය වෙන්නේ.. අපේ සීයාගේ මළ ගෙදර දවසේ තමා අපි දෙන්නා මුලින්ම හම්බෙන්නේ.. මගේ නම ඇන්ජලා පෙරේරා.. එදා මළ ගෙදර දවසේ කෑම ලෑස්ති කරලා තිබ්බේ අපේ පුංච්ලාගේ ගෙදර.. මං ඒ දවස් ටිකේම අපේ පුංචිගේ දුවත් එක්කමයි හිටියේ.. මං ඒ පවුලෙන් වැඩියෙන්ම ලග එයාට.. එදා මළගෙදර අවසාන දවසේ දවල් කෑම ගන්න පුංචිලාගේ ගෙදරට ගියාම ඒ වෙලාවේ කවදාවත් මං දැකලත් නැති ඒත් මගේ හිත මොකද්දෝ ඇදුරුම් කමක් කියන හරි ලස්සන පිරිමි ළමයෙක් වාඩි වෙලා කන ගමන් හිටියා 🥺 මං ඉතිං යශ්ගෙන් ඇහුවා කවුද ඒ කියලා..

👩‍🦰 - " යශ් මේ ? "

👱‍♀️ - " ඕ මොකෝ "

👩‍🦰 - " මේ අර කොල්ලා පව් නේද? කෑම මොනා හරි අඩුපාඩු තියේ නම් අහමුද? "

👱‍♀️ - " ඇත්තට උබට මෙච්චර දෙනෝ දාහක් ඉන්න අස්සේ ඇයි උගෙන්ම අහන්නේ අඩුපාඩු මොනාද කියලා ? 😂 "

👩‍🦰 - " අනේ අනේ මේ යශ් 😑 "

යශ්ට එහෙම කිව්වට ඇත්තටම මට එයා ගැන මොකද්දෝ මෙව්වා එකක් හිතට ඇවිත් තිබ්බේ ඉතිං 🥲. ඊටපස්සේ යශ් මට කිව්ව දේ නිසා ඒ කැමැත්ත එහෙම්ම යටපත් කරගෙන ඉන්න තීරණේ කරා.. 😑

👱‍♀️- " මේ ඕයි තමුසේ දන්නව ද අර කොල්ලා කවුද කියලා ? "

👩‍🦰 - " එයා කවුරු උනත් මට මොකද 😑"

👱‍♀️- " නෑ .. ඒ ඉන්නේ වෙන්නප්පුවේ ලොකු අම්මලාගේ ලොකු පුතා තමුසෙට මතක නැතුව ඇති "
👩‍🦰 - " අහ්හ් ! ම්ම් හා හා ඉතිං එයාද හ්ම්ම්.. 🙂 "

👱‍♀️ - " මොකෝ හ්ම් ගාන්නේ.. මූණත් කලු වෙලා අනේ 😂"

👩‍🦰 - " අනේ මේ එහෙම දෙයක් නම් නෑ යශ් 😒"

යශ්ට මං එහෙම කිව්වට ඇත්තටම ඒ වෙලාවෙ මට එයා ගැන කැමැත්තක් ඇති වෙලා තිබ්බේ මොනා කරන්නද ඉතිං එයා මගේ සහෝදරයෙක් නේ .. කොහොමත් ඉතිං එයා මගේ දිහා බලන්නේවත් නෑනේ 😒. ඊටපස්සේ යශ් කරපු වැඩේ නම් මට හීන් දාඩිය දාලා හිටියේ 🙂.. මෙයා මාව විසල් අයියා ලගට ඇදගෙන ගියා.. මට එක පාරට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි උනා 🥲............

👱‍♀️ - " ආහ් විසල් අයියා 😊 "

--------------- 03 කොටස බලන්නත් අමතක කරන්න එපා.. 😊.. මොකද්ද මේ යශ් මේ කරන්න හදන්නේ ? 🥲 ............

" ආදරයක් කියන දේ ඇති වෙන්න උසද මිටිද කලු ද සුදු ද කෙට්ටුද මහතද වගේම වයසවත් අදාල නෑ .. ආදරේ එහෙමයි 🥺❤️ "

නමක් නැත නමුත් ආදරයක්  🖤🍃------------------------------------------------------------------------------------(01) කොටස.....
29/03/2024

නමක් නැත නමුත් ආදරයක් 🖤🍃
------------------------------------------------------------------------------------
(01) කොටස.......

🧒💬 - Hi ! නංගි , කොහොමද? ඔයා හොදින් ඉන්නවද?


??????????????????

= එදා ඉරිදා දවසක්.. උදේ 10.15 ට විතර facebook එකෙන් මැසේජ් එකක් ඇවිත් තිබුනේ අදුරන්නේ නැති fb account එකකින්. ඒ කවුද කියන එක බලාගන්න උවමනාව තිබ්බ නිසාත් ඒ නමේ මොකක් හරි හුරුවක් තියෙන නිසාත් ඒ වෙලාවෙම account එකට ගිහිං බැලුවා.. ඒත් එකම එක photo එකක් විතරයි ඒකේ තිබ්බේ.. ඒ photo එක දැක්ක ගමන් මට අදහා ගන්න බැරි උනා. ඉක්මනින්ම friend request එක accept කරා..

මං මගේ හිතින්ම ඇහුවා "මේ එයාමද? නෑ නෑ දැන් අවුරුදු ගානක් නේ එයා වෙන්න බෑ.. කියන්නත් බෑ හැබැයි. බලමුකෝ මැසේජ් කරලම 😒"

👩‍🦰💬 -" කවුද මේ 🤨 ? "

🧒💬 - "නංගි මං විසල් . වෙන්නප්පුවේ ඔයාගේ ලොකු නැන්දගේ පුතා. මතකද දන්නෑ ඔයාට "


= හරිනේ සැකේ මේ එයා තමා නිකන් හීනයක් වගේ ☺️..

👩‍🦰💬 - " අනේ අයියේ ! මං ඒත් බැලුවා කවුද කියලා. මට අදුරගන්න බැරි උනා නේ.. soo sry 🥲 "


= එහෙමවත් කියන්න එපැයි නැත්තන් හරි නෑනේ කියලා බොරුවක් කිව්වා 😒..

🧒💬 - " කොහේ අදුරගන්නද ඉතිං. අපි මතක ඇති කාලෙකට කියලා හම්බුනෙත් එකම එක පාරයි නේ.. ඒකත් දැන් කොච්චර කල්ද? ඒක අවුලක් නෑ ඈන් 🙂.. ඉතිං ඔයාට කොහොමද?"

👩‍🦰💬 - "හොදින් ඉන්නවා අයියේ. ඔයාට ? "

🧒💬 - "ම්ම්ම්ම් ! කියන්න තරම් හොදක් නෑ.. හැබැයි ඉන්නවා ඈන් 😕"

👩‍🦰💬 - " එහෙමද?"

🧒💬 - " මේ ඈන් ඔයා marry කලා කියලා ආරංචි උනා. සතුටුයි නංගි.. congratulations 😊❤️ "

👩‍🦰💬 - " thank you අයියේ ! මං marry කලා.. දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා ඉතිං "

🧒💬 - " wedding එක කිව්වෙත් නෑ.. හොරෙන්ම
හැමදේම කරා නේ.. කමක් නෑ කමක් නෑ ඉතිං 😉 "

👩‍🦰💬 - " හැමදේම හදිස්සියේ උනේ අයියේ.. අනික එහෙම දෙයක් කියන්න ඔයාලා කාගෙවත් phone numbers නෑනේ අපේ ලග 😒"

= ඔන්න ඔහොම එදා ඉතිං පැය ගාණක් ආ ගිය මුල ගිය දේවල් කතා කර කර හිටියා. එයාත් එක්ක මැසේජ් කරද්දි හිතේ පරණ මතක ගොඩාක් මතක් උනා.. හැබැයි ඒ හැම මතකයක් ම ඒකපාර්ශවිකයි 😕.... පහුවෙනිදත් එයාගෙන් මැසේජ් එකක් බලාපොරොත්තුවෙන් හිටියා.. ඒ වගේම පහුවෙනිදත් මැසේජ් එකක් ආවා.. මගේ හදිස්සිය කියන්නේ මැසේජ් එක ආව ගමන්ම සීන් කරා නේ මං 😖..

🧒💬 - " Hii ඈන් !!! Mk ?

👩‍🦰💬 - " ඉන්නවා හලෝ .. ඉතිං 😊 Mk ? "

🧒💬 - " camp එකේ ඉන්නේ.. ඩියුටි ඕෆ් වෙලා දැන් මේ ආවේ ඈන්.. 🤕 "

👩‍🦰💬 - " ආහ් ! ඔයා තාමත් Army එකේද වැඩ ? "

🧒💬 - " හ්ම්ම් ඔව්.. ඔයා ඔහොම ජීවිතේ වෙනස් කරගෙනෙ දුර ගියාට මං තාම එතනමයි ඈන් 😔"

👩‍🦰💬 - " මොකද්ද තේරුනේ නෑ 🙄"

🧒💬 - " නෑ මං කිව්වේ මේ ..........ඔව් ඈන් මං තාම Army එකේ වැඩ "

- අනේ මන්දා 🤔 මෙයාගේ කතාවේ අමුත්තක් තේරෙනවා. හරියට මොකක් හරි කියන්න ඇවිත් ගිලගත්තා වගේ.. එහෙම නැත්තන් මගේ හිතේ තියෙන මනස්ගාත නිසා එහෙම හිතෙනවා ඇති 😕... ඒත් මං නම් බයෙන් ඉන්නේ මගේ කටින් මොනවා හරි දෙයක් පිටවෙයි කියලා..


🧒💬 - " දැන් ඈන් ඔයා මොනා කරන්නද ප්ලෑන් එක.. මං ඇහුවේ...... ඉස්සරහට ? "

👩‍🦰💬 - " මං කැම්පස් 3rd year අයියේ.. ඒ වැඩ ටික ඉවර උනාම ජොබ් එකක් කරන්න තමා හිතන් ඉන්නේ.. අපේ විශ්ව ඒ තරම් කැමැත්තක් නෑ මං ජොබ් එකක් කරනවට ඒත් එපා කියන්නේත් නෑ.. මං හිතනවා අයියේ මාත් ජොබ් එකක් කරොත් එයාට help එකක් වෙයි කියලා..

🧒💬 - " ම්ම්ම් එක හොදයි.. අම්මලා කතා කරාද? මට දැන් මාස 2ට විතර උඩදී යශ්ගේ බබාගේ birth day party එකේ දී හම්බුනා.. මගේ ඔලුව අත ගගා කතා කරේ 🙂 මං හිතුවේ ඔයත් එයි කියලා.. අම්ම එක්ක කතා කරද්දි තමා දන්නේ ඔයා Marry කරලා කියලා 🙂...

👩‍🦰💬 - " ඔව් අම්මි නම් කතා කරනවා අනිවාරෙන් දවසට එකපාරක් හරි.. යශ් Invite කරා ඒත් හදිස්සි වැඩක් වැටුනා විශ්වට.. ඒකයි නාවේ.. අම්මා කිව්වා විසල් අයියා හම්බුනා කියලා 🙂 "

🧒💬 - "එහෙමද? අම්මා ගොඩක් පසුතැවීමෙන් කතා කරේ ඈන්.. වෙන මුකුත් කිව්වේ නැද්ද? "

👩‍🦰💬 - " ඔව් එහෙම එකක් නම් එයාගේ තියෙනවා.. දන්නැද්ද ඉතිං 😊.. "

🧒💬 - " කොහොම එකක්ද? 😒"

👩‍🦰💬 - " නෑ ඉතිං ඔයා දන්නවා නේ විසල් අයියේ අම්මිගේ හිතේ ලොකුවටම කැමැත්තක් තිබ්බ නේ අපි දෙන්නා Marry කරනවා දකින්න.. ඒක එහෙම උනේ නැති නිසා එයාට අවුල්.. "


- හරිනේ ! ඔන්න කටින් පැන්නා.. දැන් නම් ඕකෙන් ගැලවෙනවා බොරු 🫤

🧒💬 - " එහෙම එකක් මං දන්නේ නෑනේ.. ඔයාගෙ හිතෙත් තිබ්බද එතකොට.. ඔයාගේ අම්මලාවත් ඒ දේ ගැන මට කිව්වේ නෑ ඈන්.. 🤕"

👩‍🦰💬 - " අපේ අම්මි මට මලගෙදරින් පස්සේ ඔයාව Propose කරා ඒත් මුලින් මං කැමති උනේ නෑ.. හේතුව ඔයා මාත් එක්ක හරියට වචන දහයක්වත් කතා කරලා නෑ.. එහෙම හැගීමක් මං ඔයාගෙන් දැක්කෙත් නෑ.. අඩුම තරමේ මූණ බලලා හිනා වෙලාවත් නෑ 😒 එහෙම එකේ මං කොහොමද කැමති වෙන්නේ.. "

🧒💬 - " ඔයාට මං දෙයක් කියන්නද? හැබැයි කිව්වට පස්සේ මැසේජ් කරන එක නවත්තන්න බෑ.. මං දන්නවා ඔයා දැන් ඉන්න තත්වේ එක්ක මෙහෙම කියන එක වැරදි කියලා.. ඒත් තවත් මේක නොකියා ඉන්න එකෙන් වෙන්නේ තවත් මගේ සැනසීම නැතිවෙන එක ඈන් "

👩‍🦰💬 - " හරි ඔයා කියන්න.. දැන් ඕක නොකියා හිටියොත් මටත් හිත නිදහසේ ඉන්න බැරි වෙන එකයි වෙන්නේ කියන්න අයියේ "

???????????????????

( විසල් ඈන්ට කියන්න යන්නේ මොකද්ද 🤔 comment කරන්න බලන්න හිතෙන දේ....)

(02) කොටස ඉක්මනින් ම... coming soon guys 😊🖤🍃

❤️

- No Name -

29/03/2024

හෙට තමා දවස 😊

27/03/2024

ලමායි ලගදිම ලස්සනම ලස්සන short novel එකක් දානවා...
ඒක කියවලා comment කරන්නත් අමතක කරන්න එපා 😉

ජීවිතය 🌿🍃🥀                                       ::::                                       ::::                        ...
27/03/2024

ජීවිතය 🌿🍃🥀
::::
::::
::::
::::
::::
::::
::::
::::
::::
::::
🖤🍃🥀

= බෝදිලිමා ගැන අහලා තියෙනවා නේද?                              🍃🌿🦎🍃🦎    බෝදිලිමා කියන්නේ පිරිමින්ට කරදර කරන කටුසු වෙස්ගත්...
18/03/2024

= බෝදිලිමා ගැන අහලා තියෙනවා නේද?

🍃🌿🦎🍃🦎

බෝදිලිමා කියන්නේ පිරිමින්ට කරදර කරන කටුසු වෙස්ගත්තු යකින්නක් කියලා තමා ගොඩාක් අය කියන්නේ. ඒ වගේම බෝදිලිමා කෑ ගහන්නේ බඩ දරු අම්මා කෙනෙක් විලිරුදාවෙන් කෑ ගහනවා වගේලූ...

*ඇත්තටම කවුද මේ බෝදිලිමා යකින්න කියන්නේ ? 🤔😱😨


- බොහොම ඈත අතීතයේ දී එක්තරා ගමක ලස්සන ගැහැණු දරුවෙක් ජීවත් වෙලා තියෙනවා. ඉතිං කල වයස හරියාගෙන එනකොට මේ ගැහැණු දරුවගේ දෙමව්පියෝ පිරිමි ලමයෙක් හොයලා විවාහ කරලා දීලා තියෙනවා. හැබැයි ඒ මනුස්සයා මත්පැන් වලට , සූදුවට ඇබ්බැහි වුනු හරිම කම්මැලි හරිම නපුරු මනුස්සයෙක් . විවාහයෙන් පස්සේ මේ කාන්තාව තම ස්වාමියගෙන් නොසෑහෙන්න හිරිහැර විදලා තියෙනවා 😪 . ඒ හැමදේම ඉවසාගෙන ඉන්නකොට මේ කාන්තාව ගැබ්ගන්නවා. දරුවා ලැබෙන්න විලිරුදාවෙන් මේ කාන්තාව කෑ ගහනකොට මත්වෙලා හිටපු තම ස්වාමියා මේ කාන්තාවට හොදටම පහරදීලා.. අහල පහල ගෙවල්වල කාන්තාවන් ස්වාමියාගේ පහර කෑමට ලක්වුනු මේ කාන්තාව බේරගෙන එක්කගෙන යනවා.

- හැබැයි විලිරුදාවත් එක්ක හිටපු මේ කාන්තාව ස්වාමියාගේ පහර කෑම නිසාම දරුවා කුසේ ඉද්දිම මියයනවා 😓. ඉතිං දරුවත් නොලබා සැමියා ගැන වෛරයෙන් මිය ගියපු මේ කාන්තාව බෝදිලිමෙක් වෙලා ඉපදෙනවා. එදා ඉදන් බෝදිලිමා කියන යකින්න හැම පිරිමියෙක්ටම කරදර කරනවා. එදා කාන්තාවන් ඇගේ සහයට ආපු නිසා කාන්තාවට කිසිම කරදරයක් කරන්නේ නැහැල්ලු. මේ කටුසු වේශයෙන් ඉන්න යකින්න නිසා මියගිය පිරිමින් බොහොමයි කියලා තමා අපේ පැරණි ගැමියන් නම් කියන්නේ. ඉතිං බෝදිලිමා ගැන මේ විදියේ කතාවක් තමා ජනප්‍රවාදවල තියෙන්නේ 😊

- No Name -

කල්පනාවක අවසානය දිග හුස්මක් සහ එය එසේ  වීමට හේතුවක් තිබෙන්නට ඇති යන වග සිතීම පමණි ❤️‍🩹🥀----------------- No Name 🖤 -----...
16/03/2024

කල්පනාවක අවසානය දිග හුස්මක් සහ එය එසේ වීමට හේතුවක් තිබෙන්නට ඇති යන වග සිතීම පමණි ❤️‍🩹🥀----------------- No Name 🖤 -------------

🌺 මැකී ගිය සිත් යලි මතකයෙන්  පිරවීමට  No Name මම ඔබේ කතාව වචනයට පෙරලා ඔබේ සිත් තුලට ඇතුළු වීමට සූදානම්.....🥀🍃
16/03/2024

🌺 මැකී ගිය සිත් යලි මතකයෙන් පිරවීමට No Name මම ඔබේ කතාව වචනයට පෙරලා ඔබේ සිත් තුලට ඇතුළු වීමට සූදානම්.....🥀🍃

Adresse

Paris

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque No Name publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager

Type