11/06/2026
බෝංචි මේ විදිහට හදල තියෙනවද?
🟢බෝංචි හොඳට සෝදාගෙන කැමති විදිහකට කපාගන්න.
🟢සුදුලූණු සහ ලූණුත් කපාගෙන තියාගන්න.කැමතිනම් අමු මිරිසුත් පාවිච්චි කරන්න.
🟢මුලින්ම සෝස් එක හදාගෙන තියාගමු.
පොඩි බෝල් එකක් අරගෙන එයට සෝයා සෝස් මේස හැඳි 2-3 අතර දාගන්න.බෝංචි ගන්නා ප්‍රමාණය අනුව අඩු වැඩි වේ.ඊට පසු කලින් කපා කපාගත් සුදුලූණු සහ මී පැණි මේස හැන්දක් එකතු කරන්න.කෑලි මිරිස් ද එකතු කරන්න.තමන්ගේ සැර අනුව.දැන් මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න.
🟢ඇතිලියක් ලිප තබා(පෑන් එකක් වුවද ප්‍රශ්නයක් නැත) එයට තෙල් මේස හැඳි තුනක් පමණ එකතුකර රත් වූ විට කපාගත් ලුණු එකතු කරන්න.සුදුලූණු තිබේ නම් කලින් කපා ගත් කොටසින් ටිකක් එකතු කරත් ප්‍රශ්නයක් නැත.දැන් හොඳින් ටෙම්පරාදු උන විට කපා ගත් බෝංචිඑකතු කර විනාඩියක් පමණ පිසගන්න.පසුව ගම්මිරිස් කුඩුත් එකතු කර රස අනුව ලුණු එකතු කර හැඳි ගා හදාගත් සෝස් එකද එකතු කරන්න.බෝංචි වල පාට නොවෙනස් වන ලෙස විනාඩි දෙකක් පමණ පිසගෙන ලිපෙන් බාගන්න.ලුණු රස බලා මදි පාඩුව එකතු කරගන්න.
😊සුදුලූණු,පැණි රස,ලුණු රස මිශ්‍ර උණු මේ බෝංචි කරිය ඉතාම රසවත්..
#බෝංචි
ANN'S Recipes