02/05/2026
අපි හැමදාම කියනවා ප්ලෑන් එකට
ලෝබකම් කරන්න එපා.
අමාරුවේ වැටෙනවමයි කියලා.
මේ තියෙන්නෙත් ඒ වගේ එක් අවස්ථාවක්.
සමහර ප්‍රශ්න නම්
විසදන්න බැරි තරමට ගැටලු.
ප්‍රශ්ණය අහලා තියෙන විදිහ අනුව
වෙන්න පුලුවන් දේවල් දෙකයි තියෙන්නේ.
සුදුසුකම් නැති අයෙකුගෙන් අඩු මුදලකට
බිම් සැලසුමක් (Floor Plan) පමණක්
අරගෙන ගෙදර වැඩ ටික කරගන්න බැරුව
හිර වෙලා.
එහෙම නැත්නම් කොහේ හරි පේජ් එකක ,
ගෘප් එකක තිබුන බිම් සැලසුමකට (Floor Plan)
ගේ හදන්න පටන් අරගෙන අමාරුවේ වැටිලා.
දැන් මෙහෙම ගැටලු එන එන වෙලාවට
ගෘප් වලින් උත්තර සොයලා
අන්තිමට එහෙන් මෙහෙන් අටවපු
තේරුමක් නැති ගෙදරක ජිවත් වෙන්න වෙනවා.
ගේ හදන්න ලක්ශ 75ක් වියදම් උනා කියලා හිතුවොත් ඔයාගේ අලාභය ලක්ශ 75 යි.
සමහර වෙලාවට උත්තර ලැබෙන්නෙත්
නුසුදුසු අයගෙන්. එතකොට තව ප්‍රශ්න.
සුදුසුකම් සහිත අයෙකුගෙන් ප්ලෑන් එක
ඩිසයින් කරගන්නවා නම් අඩුම තරමේ
ගෙදර හදන්න අවශ්‍ය
මූලික සැලසුම් කට්ටලය හෝ ලැබෙනවා.
බිම් සැලසුම - Floor Plan
වහලයේ සැලසුම - Roof Plan
* හරස් කැපුම් / දික් කැපුම් - Sections
ඉදිරි / පැති පෙනුම් - Elevations
දොර ජනේල් විස්තර - Doors & Windows Detail
ලණු ගැසිමට අදාල සැලසුම - Setting out plan
ඒ වගේම ව්‍යුහ සැලසුම්,විදුලි සැලසුම්, 3D ආදි
අනෙකුත් සැලසුම් ගැනත් ඔබව දැනුවත් කරනවා.සැලසුම් වැඩි වෙන තරමට ගෙදර හදන්න පහසු වෙන ආකාරයත්, එයින් ඔබට ලක්ෂ ගණනක මුදලක් ඉතිරි වෙන අයුරුත් කියලා දෙනවා.
ඉතින් නැවත කියන්න තියෙන්නේ
සැලසුමකට ලෝබ වෙන්න එපා කියලයි.
*මේ ප්‍රශ්නයට උත්තර
හරස් කැපුම් / දික් කැපුම් (Sections) වලින් පහසුවෙන් බලාගන්න පුලුවන්.
කාගෙන් වත් අහන්න අවශ්‍ය වෙන්නේ නැ.