GTS Hardware

GTS Hardware ගොඩනැගිලි ද්‍රව්‍ය

19/01/2026
අලුතින් බාත් රූම් හදන අයට නිර්මාණශීලි අදහස් ටිකක්💚💚
12/01/2026

අලුතින් බාත් රූම් හදන අයට නිර්මාණශීලි අදහස් ටිකක්💚💚

විදුලි උපාන්ග සවිකරන අනුපිලිවල සහ ඒවායින් බලාපොරොත්තු වන කාර්යයන්
12/01/2026

විදුලි උපාන්ග සවිකරන අනුපිලිවල සහ ඒවායින් බලාපොරොත්තු වන කාර්යයන්

කම්බි වර්ග 2ක්  ඇත.1.දගර වානේ කමිබි (Tor steel / Yeld steel)මෙවා 10 mm,12mm,16mm,25mm,26mm,32mm  යන ප්‍රමාණ වලින් වෙළදපල...
12/01/2026

කම්බි වර්ග 2ක් ඇත.
1.දගර වානේ කමිබි (Tor steel / Yeld steel)
මෙවා 10 mm,12mm,16mm,25mm,26mm,32mm යන ප්‍රමාණ වලින් වෙළදපලින් මිලදි ලත හැක.
දගර වානේ කමිබි වල ශක්තිය සාමාන්‍යයෙන් 460 Nmm-1 වේ.
2. මෘදු වානේ කමිබි (Round steel )
මෙවා 6 mm,8mm,10mm,16mm යන ප්‍රමාණ වලින් වෙළද පලින් මිලදි ගත හැක...........................................................................................................
කම්බියක බර
ඕනැම කම්බියක 1m ක බර = D2/162.161
Eg -: 10mm කම්බියක මීටරයක(1m) බර =
D2/162.161
102/162.162
0.616
සාමන්‍යයෙන් කම්බියක දිග 6m වන නිසා , 0.616 X 6 =3.696 Kg

ඒම නිසා ටොන් 1ක අඩංගු 10 mm විශ්කම්බයක් ඇති ,6m දිග කම්බි ප්‍රමාණය සෙවිමට
1000 Kg /3.696 =270.56277
ඒම නිසා ටොන් 1ක අඩංගු 10 mmවිශ්කම්බයක් ඇති ,6m දිග කම්බි ප්‍රමාණය වන්නෙ 270 ක් වේ.
(1Ton =1000Kg)........................................................................................................
කම්බි නැවිමෙදි කමිබි 2ක් අතර Lap lenght (අතිවැස්මෙහි දිග) ඒක ඒම කම්බියෙ විශ්කම්බය මෙන් 5.7 ක ප්‍රමාණයක් වේ.

ඒනම් 10 mm විශ්කම්බයක් ඇති කම්බියක් නැවිය යුතු ප්‍රමාණය වන්නෙ
D X5.7
10 X 5.7 =57 mm(අගල් 2.244)

අපගේ පාරිභෝගිකයන් සැමවිටම අහන දෙයක් තමා මොකක්ද මේ 107, 1247 , සිමෙන්ති වල ප්‍රමතිකරනය කියන්නෙ කියල , ඔන්න අපි ඔබට අවශ්‍ය...
12/01/2026

අපගේ පාරිභෝගිකයන් සැමවිටම අහන දෙයක් තමා මොකක්ද මේ 107, 1247 , සිමෙන්ති වල ප්‍රමතිකරනය කියන්නෙ කියල , ඔන්න අපි ඔබට අවශ්‍ය සිමෙන්ති වර්ගය හරියටම තෝර ගන්නෙ කොහොමද කියල අද ලිපියෙන් කියල දෙන්නම්.

බොහෝවිට වෙලදපොලේදී සුලභ සිමෙන්ති වර්ගයක් මිලදී ගෙන ඉදිකිරීම් සදහා භාවිතා කිරීම දක්නට ලැබෙනවා.එය වැරදි භාවිතයක්.එක් එක් වැඩ සදහා යෝග්‍ය සිමෙන්ති අපිට වෙන් කරගන්න පුලුවන් .

01.කොන්ක්‍රීට් සදහා OPC හෙවත් Ordinary Portland Cement භාවිතා කරයි. මෙහි සිමෙන්ති කවරයේ SLS 107 ලෙස සදහන් කර ඇත.

මේ සිමෙන්ති යොදාගෙන බේස් එකේ සිට කනු,බීම්,ස්ලැබ්,පෙර සවි කොන්ක්‍රීට් (Pre cast concrete ) ඕනෑම දෙයක් සදහා යොදා ගැනීමේ හැකියාව පවතිනවා.

02.මුහුදුබඩ , වගුරු බිමේදී , පාලම් වැනි වතුර සහිත ස්ථානවල ඉදිකිරීම් වන විට හොදම සිමෙන්ති ලෙස BHC හෙවත් Blended Hydraulic Cement හදුන්වා දෙන්න පුලුවන් .මෙහි සිමෙන්ති කවරයේ SLS 1247 ලෙස සටහන් කර ඇත.

මේ සිමෙන්ති ඕනෑම ඉදිකිරීමක් සදහා භාවිතා කල හැක.

03.PCC- Portland Composite Cement .මෙහි කවරයේ SLS 1697 ලෙස සදහන් වෙනවා.මෙය බොහෝවිට OPC සිමෙන්ති වලට සමානයි.වෙනස් වන්නේ සිමෙන්ති සංයුතියේ ඇති clinker ප්‍රමාණය(OPC 95% PCC 65%) මගින්.OPC සිමෙන්ති තුලින් පරිසරයට වන බලපෑම වැඩි ලෙස එයින් නිගමනය කල හැක.

04.PLC - Portland Lime Stone Cement.මෙහි කවරයේ සදහන් වෙනවා SLS 1253 ලෙස.
මේ සිමෙන්ති ගල් බැදීම , කපරාරු කිරීම වැනි වැඩ සදහා යොදා ගැනීම සුදුසුයි.කොන්ක්‍රීට් වැඩ සදහා සහ ජලය සහිත ස්ථානවලට මෙම සිමෙන්ති යෝග්‍ය නොවේ.

05.MC - Masonry Cement .මෙහි සිමෙන්ති කවරයේ SLS 515 ලෙස දැක්වේ.මේ සිමෙන්ති බැම්මට සහ කපරාරුවට ඉතාමත් යෝග්‍යයි.කොන්ක්‍රීට් වැඩ සදහා භාවිතා නොකරයි.

තවද සිමෙන්ති බෑගයේ strength class එකක් සටහන් කර ඇත.එය 42.5, 32.5 හෝ 22.5 ලෙස සටහන් කර ඇත.අපි බොහෝවිට 42.5 භාවිතා කරනු ලබයි.

විදුලි මෙවලම් නම්
12/01/2026

විදුලි මෙවලම් නම්

කම්මල්  කර්මාන්තය ආශ්‍රිතව භාවිත වන උපකරණ
11/01/2026

කම්මල් කර්මාන්තය ආශ්‍රිතව භාවිත වන උපකරණ

වඩු කර්මාන්තයේ උපකරණ
11/01/2026

වඩු කර්මාන්තයේ උපකරණ

පර්චස් 1ක් වර්ග අඩි 272.25
11/01/2026

පර්චස් 1ක් වර්ග අඩි 272.25

Address

Anuradhapura Town

Telephone

+94775294606

Website

Alerts

Be the first to know and let us send you an email when GTS Hardware posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share