11/06/2025
ලිංගික අධ්‍යාපනය කියන්නෙ ළමයින්ට වල්කම් කරන්න උගන්නන එක නෙවෙයි.
S*x Education කියන්නෙ ලිංගිකත්වය, ප්‍රජනනය, සෞඛ්‍යය, සබඳතා, තීරණ ගැනීම පිළිඹඳ අතිශය පුළුල් දැනුමක් ලබා දෙන වැඩසටහනක්.
⭕ S*x Education යටතේ ප්‍රධානව කතා කරන මාතෘකා
📌 Body Changes and Puberty (ශරීරයේ වෙනස්කම් සහ වැඩිවියට පත්වීම)
1. ශාරීරික වෙනස්කම් පිළිබඳ අධ්‍යාපනය ලබා දීම. ගැහැණු ළමයි විතරක් නෙවෙයි, පිරිමි ළමයිනුත් වැඩිවියට පත් වෙනවා.
2. චිත්තවේග (Emotions) වෙනස්වීම් පිළිබඳ අධ්‍යාපනය ලබා දීම.
3. ස්නානය කිරීම, Deodorant භාවිතය, සනීපාරක්ෂක තුවා භාවිතය වැනි සනීපාරක්ෂාව හා ස්වයං රැකවරණය (Self Care) පිළිබඳ අධ්‍යාපනය ලබා දීම.
4. ස්වයං වින්දනය (Ma********on), මිත්‍යා මත, ඇබ්බැහිවීමෙන් මිදීම, මානසික හා ශාරීරික ගැටළු පිළිබඳ අධ්‍යාපනය ලබා දීම.
📌 Healthy Relationships
1. Consent හෙවත් කැමැත්ත / අනුමැතිය තුල ආදර සබඳතා (Romantic) හා ආදර නොවන (Non-romantic) සබඳතා පවත්වාගැනීම පිළිබඳ අවබෝධය ලබා දීම.
2. හැඟීම් ප්‍රකාශ කිරීම, ගැටුම් නිරාකරණය, සීමා මායිම් තබාගැනීම (Setting Boundaries) සඳහා ඵලදායී සන්නිවේදනය පිළිඹඳ අධ්‍යාපනය ලබා දීම.
3. ගැහැණු, පිරිමි සෑම දෙනෙකුටම ගෞරවයෙන් සැලකීම පිළිබඳ අධ්‍යාපනය ලබාදීම.
📌 S*xual Orientation and Gender Identity (ලිංගික දිශානතිය සහ අනන්‍යතාවය)
1. LGBTQ+, ස්ත්‍රී, පුරුෂ ලිංගික දිශානති හා අනන්‍යයතා, විවිධත්වය (Diversity) පිළිගැනීම හා ගරුකිරීම පිළිබඳ අධ්‍යාපනය ලබාදීම.
2. LGBTQ+ අය පිළිබඳ ඇති හානිකර ඒකාකෘති (Stereotypes), වැරදි මත පිළිබඳ අධ්‍යාපනය ලබාදීම.
📌 Reproductive Health (ප්‍රජනක සෞඛ්‍යය)
1. ඔසප් වීම (Menstruation), ඔසප් චක්‍රය, සනීපාරක්ෂාව පිළිබඳ අධ්‍යාපනය ලබා දීම.
2. ගැබ් ගැනීම (Pregnancy), ගැබ් ගැනීමේ ක්‍රියාවලිය, දරු ප්‍රසූතිය පිළිබඳ අධ්‍යාපනය ලබා දීම.
3. උපත් පාලනයට කොන්ඩම් භාවිතය, ඖෂධ භාවිතය හා අනෙකුත් විද්‍යාත්මක ක්‍රම භාවිතය, මිත්‍යාමත, වැරදි ක්‍රම භාවිතයන්, අතුරු ආභාධ පිළිබඳ අධ්‍යාපනය ලබා දීම.
4. ගබ්සාව (Abortion) පිළිබඳ අධ්‍යාපනය ලබා දීම.
5. HIV, සිපිලිස් වැනි ලිංගාශ්‍රිත රෝග (STD - S*xually Transmitted Diseases / STI - S*xually Transmitted infections) හා බැක්ටීරියා හෝ දිලීර ආසාදනයන් වළක්වාගැනීම, පරීක්ෂා කර ගැනීම, සායන වලට යොමුවීම පිළිබඳ අධ්‍යාපනය ලබා දීම.
📌 Healthy Decision-Making
1. ලිංගික සෞඛ්‍යය හා සබඳතා පිළිබඳ දැනුවත්ව තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යාපනය ලබා දීම.
2. සමවයස් මිතුරන්ගෙන් එල්ලවන පීඩනය (Peer pressure) කළමණාකරණය කරගැනීම පිළිබඳ අධ්‍යාපනය ලබා දීම.
3. ලිංගික සෞඛ්‍යය පිළිබඳ තොරතුරු, ගැටළු විසඳාගැනීමට විශ්වාසදායක සම්පත් (වෙෙද්‍යවරු, උපදේශකයින්) සැපයීම.
4. අපචාර, අපයෝජන (Abuse) සිදුවන ආකාරය, ආරක්ෂා වන ආකාරය, අපයෝජනය වූ විටකදී ගත යතු ක්‍රියාමාර්ග පිළිබඳ අධ්‍යාපනය ලබා දීම.
S*x Education වලින් ආවරණය වන ප්‍රධාන මාතෘකා ගැන ඉතාම කෙටි විස්තරයක් ඉහත තියෙන්නෙ.
⭕ ලංකාව කියන්නෙ S*x Education නැතිම රටක්.
මේ නිසා බොහෝ පුද්ගලයින් කායික හා මානසික ගැටළු වලට මුහුණ දීලා ඉන්නවා.
1. වැඩිවියට පත් වූ ගැහැණු ළමුන් කාමර වල සිරකර, නිසි පෝෂණයෙන් යුතු ආහාර නොදෙමින්, Party දමමින් මානසික පීඩාවලට පත් කිරීම.
2. කුතුහලයෙන් පිරුණු ළමුන්හට S*x Education ලබාගත හැකි එකම ක්‍රමය අසභ්‍යය වෙබ් අඩවි වීම නිසා වැරදි දේවල්, වැරදි මත, වැරදි ආකල්ප ඉගෙනගැනීම තුලින් මනස විනාශ වීම හා සාමාජීයව ගැටළු ඇති වීම.
3. අපයෝජන පිළිබඳ නොදැනුවත්කම නිසා අපයෝජනයට පත් වීම හා පසුව නීතිමය ක්‍රියාමාර්ග වලටද යොමු නොවීම.
4. විවාහ ජීවිතය තුල ගැටළු ඇති වීම.
5. ලිංගික රෝග, ළමා වයසේ සිදුවන ගැබ් ගැනීම් වැනි සාමාජීය ප්‍රශ්න ඇති වීම.
6. ගුරුවරුන්ගේද S*x Education පිළිබඳ දැනුම 0 බැවින් නව යොවුන් වියෙහි පසුවන ළමයින් තමාගේ පෙනුම ආකර්ශනීය ලෙස පවත්වාගැනීමට උත්සාහ දැරීම විනය නීති යොදමින් දැඩි ලෙස මර්ධනය කර ළමයින් මානසික පීඩාවට ලක් කිරීම.
7. කන්‍යාභාවය පිළිබඳ වැරදි මත නිසා සම්බන්ධතා විනාශ වීම.
8. සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට බියක් සහ ලැජ්ජාවක් දැක්වීම.
9. ලිංගික ප්‍රදේශ වල ඇති දිලීර ආසාදන වලට පවා ප්‍රතිකාර ගැනීමට බිය වීම, ලැජ්ජාවක් දැක්වීම නිසා විවිධ ගොඩ බෙහෙත් ක්‍රම අත්හදා බලා තත්ත්වය නරක් කරගැනීම.
10. කොන්ඩම්, උපත් පාලන පෙති ෆාමසි වලින් මිලට ගැනීමට අධික බිය සහ ලැජ්ජාව නිසා අනවශ්‍යය ගැබ් ගැනීම් ඇති වීම, උපත් පාලනය පිළිබඳ නොදැනුවත් කම නිසා අනවශ්‍යය ගැබ් ගැනීම් ඇති වීම.
⭕ අසභ්‍යය වීඩියෝ වලින් S*x ගැන ඉගෙනගත්ත සිංහල බෞද්ධයෝ හිතාගෙන ඉන්නවා වගේ ළමයින්ට වල් කම් කරන්න, ලිංගිකව හැසිරෙන්න පොළඹවන දෙයක් නෙවෙයි S*x Education කියන්නෙ.
අනවශ්‍ය ගැබ් ගැනීම් පන්සල් වලට ගාල් කිරීම නිසා උං ලොකු වෙලා S*x Education වලට විරුද්ධ වෙනවා. 😪
⭕ සොබාදහම විසින් ජීවීන්ගේ පැවැත්ම වෙනුවෙන් දීපු දෙයක් තමයි S*x කියන්නේ. S*x සමඟ කායික හා මානසික සතුට බැඳී පවතිනවා.
හැබැයි අපි තිරිසන් සතුන් නොවන නිසා මේ දේවල් වලට විද්‍යාත්මක ක්‍රම සහ ආචාර ධර්ම තියෙනවා.
ලෝකය පුරා බොහෝ ආගම් ආදරය සහ ලිංගිකත්වයට අහිතකර ලෙස මැදිහත් වීම් කරනවා.
ලංකාවේ නම් සිංහල බෞද්ධ සංස්කෘතියේ මැදිහත් වීම් නිසා බොහෝ මිනිසුන් මානසිකව පීඩාවට පත් වුන ජීවිතයක් ගෙවනවා.
Hiran Kavishka 🦇
Seek! Think! Know! Share!
උපුටා ගැනීමකි.