20/04/2026
"ගෑනියෙක් දැන ගන්න ඕන තමන්ගේ මිනිහගේ ඕනෑ එපාකම් බලන්න.. ගෙදර ගෑනි හරියට ඒ යුතුකම් ඉෂ්ට කරන්නේ නැති උනාම මිනිස්සු පිට යනවා.."
"තමන්ගේ අතේම එහෙම වරද තියාගෙන මෙහෙම පවුල් කඩාගෙන දික්කසාදය ඉල්ලුවාම හරිද.. ටිකක් ඉවසීමෙන් වැඩ කරන්න ඕන නේද,,
"මගේ පුතා එහෙම නොහොබින ගමනක් ගියා නම් ඒ වරදේ භාගයක් මේ දුවටත් තියෙනවා කියලා මතක තියා ගන්න. ගෙදර ගෑනි හරියට හිටියා නම් මගේ පුතාට ඔහොම ගමනක් යන්න සිද්ද වෙන්නේ නෑ.."
යෝජිත විවාහයකින් මගෙයි සනත්ගෙයි විවාහය සිදු උනා.. එක ගෙදර මාසයක් ඉන්න හම්බ උනේ නෑ මට එයා ගැන එක එක නරක ආරංචි ලැබෙන්න ගත්තා.. එයා දකින දකින ගෑ/නු එක්ක හොටෙල් රූම් ගානේ යනවා කියලා නිර්ණාමිකව මට දැන ගන්න ලැබුනා.
පිට මිනිස්සු මොනවා කිව්වත් මම එයාව විශ්වාස කරගෙන හිටියා.. ඒත්.. දවසක් හො/ර ගෑනියෙක් එක්කම හොටෙල් රූම් එකක මගේ අතටම මට්ටු උනා.. තවත් එයා එක්ක ජිවත් වෙන්න බැරි නිසා මම දමා ගහලා මගේ ගෙදර ආවා.. ඔන්න ඊලග දවසේ එයාගේ අම්මා තාත්තා එක්ක මාව ආයේ එක්කගෙන යන්න ඇවිල්ලා..
නැන්දම්මා පුතා ගැන සුදු හුණු ගාන ගමන් එයා වටේ යන එකටත් මගේ පැත්තට වරද දානවා.. මට ම//ල පැන්නා.. මගේ අම්මා තාත්තත් ඉන්නවා සාලයට වෙලා.. ඒ හැමෝම හදන්නේ සේරම දේවල් අමතක කරලා ආයේ එකට ඉන්න කියන්න.
" මොකක්ද නැන්දම්මේ මං කරපු වරද..
මට ම/ල පැනලා මගේ ඉස්සරහා සෝෆා එකේ වාඩි වෙලා ඉන්න නැන්දම්මා දෙස බලාගෙන ආවේගයෙන් ඇසුවා. ඔන්න ඒ පාර එයා සද්දේ අඩු කරලා කතා කරනවා..
"දුව හරියට ඒ යුතුකම් ඉටු කලා නම් පුතා වෙන කෙනෙක් ලගට යන්නේ නෑනේ.. ඒකයි දුව කල වරද,,
නැන්දම්මා තාමත් තමන්ගේ පුතා සුද්ද කරමින් කතා කරනවා. මට ය//කා නැගලා මම පුටුවෙන් නැගිටලා ආවේගයෙන් කතා කරන්න ගත්තා.. සනත් ඉන්නවා කිසිම දෙයක් නොදන්න තොත්ත බබා වගේ බිම බලාගෙන..
"නැන්දම්මේ.. මාත් එක්ක කු/නු/හ/ර/ප කතා කරන්න එපා.. වටේ යන එ/කා කොහොමත් වටේ යනවා.. මාව බදින්න කලිනුත් මෙයා මෙහෙම කියල මම හොයා ගත්තා.
"ය/කෝ බැදලා මාසයයි.. එහෙම මොනවා හරි නම්, මාත් එක්ක කතා කරන්න බැරිද.. මම ඇහුම්කන් දෙන්නේ නැද්ද,, ඒකට වටේ ගිහින් හරි යනවද,,
"පිරිමි මොන වැරැද්ද කරලා ආවත් නාවලා හොද පුතා කියලා අපි ගෙදරට ගන්න ඕන.. ඒක ය/කා/ගේ නිතීයක්නේ.."
මම සාලයේ එහා මෙහා යමින් ආවේගශීලිව කතා කරනවා.. කවදාවත්ම මේ වගේ චරිතයක් මා තුලින් නොදැක්ක සනත් පුදුමෙන් මගේ දෙස බලාගෙන ඉන්නවා.. ටික වෙලාවක් සාලේ එහා මෙහා ගිය මම නැන්දම්මා ඉදිරියේ නතර වී නැවත කතා කරන්න සුදානම් උනා.
"හරි නැන්දම්මේ..
"හෙට මම වෙන මිනිහෙක් එක්ක හොටෙල් රූ/ම් එකක ඉදලා ඔයාට අහු වෙනවා.. ඔයා හොද ලේලී කියලා මාව පිලිගන්නවද..
මම නැන්දම්මාගේ දෑස් බලගෙන ප්‍රශ්න කර සිටියා.. අර කට වැහිලා මම දෙස සැරින් සැරේ බලමින් ඇය නිහඬව ඉන්නවා...
"සනත්... හරි ඔයා කියන්නකෝ.. ඔයා එදා හිටියා වගේ මාත් වෙන පිරිමියෙක් එක්ක හොටෙල් රූ/ම් එකක ඉදලා ඔයාට අහු වෙනවා.. ඔයා මාව වෙනදා වගේ සූදු නෝනා කියලා හෙට ඉදන් බාර ගන්නවද..
මම නැන්දම්මා වෙත යොමු කල ප්‍රශ්නයම සනත් ඉදිරියට ඇවිත් අහන්න ගත්තා.. එයා මා දෙස ටික වෙලාවක් බලාගෙන ඉදලා බිම බලාගෙන නිහඩව ඉන්නවා..
"කෝ උත්තර... මොකද ඔයාලා නිහඩව ඉන්නේ.. ඇයි පිරිමින්ට හොද නම්, ගෑනු අපිට වරදට සමාව දීලා බාර ගන්න බැරිද.. එහෙම ගියොත් මම වේ # ගෑ/නී වෙනවා නේද නැන්දම්මේ...
"හැබැයි ඔයාගේ පුතා කොටු සීයක් පැනලා ආවත් හොද පුතා කියලා ඔයා ගෙට පිලිගන්නවා..
"ගෑනියෙක් ට බොන මිනිහෙක් හදා ගන්න පුලුවන්.. ඒත්..ගෑනු පස්සේ යන මිනිහෙක් කවදාවත් ම හදන්න බෑ.. නැන්දම්මේ ඔයා හරියට ඔයාගේ පුතාව හදලා නෑ. ඔයාට පුතාව හදා ගන්න බැරි උනා කියලා ඒකට මම පලි නෑ..
"පිටරට ගෑනු ඉන්න මිනිස්සුත් ඕන තරම් අවුරුදු ගානක් ලංකාවට වෙලා ආදරයෙන් මග බලාගෙන ඉන්නවා.. ගෑනිට ආදරේ මිනිහෙක් එහෙම උනා කියලා වටේ යන්නේ නෑ.
"කසාද ගෑනියෙක් තව ගෑනියෙක් එක්ක කවදාවත් ම තමන්ගේ මිනිහව බෙදා ගන්න කැමති නෑ..
"සනත්...
මට ඔයාව එපා.. මට ඔයාව දැන් පිලිකුල්.. මට ඔයා එක්ක සතුටෙන් දැන් එක වහලක් යට ජිවත් වෙන්න බෑ..
"ප්ල්ස්... මට ඩිවෝස් එක දෙන්න...
මට ඔයාව දැන් හිරිකිතයි.. ආයේ අපිට එක වහලක් යට ජිවත් වෙන්න බෑ.. මේ මගේ අවසාන තීරණය..
මම කියන්න ඕන දේ මූණටම ඒ තුන් දෙනාට කියලා අඩාගෙන කාමරේට ඇවිත් ඇඳට වැටුනා.. අම්මලා මොන මොනවද නැන්දම්මා එක්ක කුටු කුටු ගානවා ඇහෙනවා.. ටිකකින් එයාලා යන වාහන හඩ ඇසුනා..
ගෑනු අපි බදින මිනිහා හදවතින්ම බාර ගත්තට... සමහර පිරිමින් ට අපිව තවත් එක ගෑනියෙක් විතරයි. උ/න්/ගේ සෙල්ලමේ අපි එක ඉත්තෙක් විතරයි.
වටේ යන මිනිහෙක් කවදාවත් ම හදන්න බැ.. ඒ වේදනාකාරී සම්බන්ධය ඉවර කරන එක තමයි එකම සැනසීම..
ඔව්... මම සනත්ගෙන් ඩිවෝස් වෙනවා..
ඒ මගේ අවසන් තිරණයයි..
සමාප්තයි.
ෂෙයා කරන්න
දෙපාර්ශ්වයටම අදාලයි.. වටේ යන උ/න්/ට කවදාවත් ම සමාව දෙන්න එපා😍
කතාව ශෙයා කරන්න.
කතාව ගැන ඔබගේ අදහසක් දක්වන්න