04/09/2026
ලක්ෂයක ආදරේ... 100,000 Subscribers! 🎉✨
ජීවිතේ අපහසුම කාලවලදිත් අපිව දරාගත් ආදරණීය හිතවතුනි... ❤️✨
ලක්ෂ වාරයක් ස්තූති කරනවා හැරෙන්නට කියන්න වෙනත් කිසිම වචනයක් නෑ. අවුරුදු ගාණකට කලින් පාසල් නිල ඇඳුම ඇඳගත්ත, පුංචි හීනයක් තිබ්බ ඒ ගෑනු ළමයව ඔයාලා එදා ගොඩක් විශ්වාස කළා. අද අපේ පවුලට Subscribers ලා ලක්ෂයක් (100,000) පිරෙද්දිත්, එදා මුලින්ම අපිත් එක්ක හිටපු පළවෙනිම රසිකයාවත් මට තාමත් හොඳට මතකයි!
අපේ මේ ගමන ආරම්භ කරන්නට ආශිර්වාද කරමින් නිවැරදි මඟපෙන්වීම ලබාදුන්, ඓතිහාසික ගනේවත්ත පුරාණ රාජමහා විහාරයේ වත්මන් විහාරාධිකාරී ධූරය හොබවන පූජ්‍ය බෝමිරියේ සිරිනන්ද ස්වාමීන් වහන්සේව අතිශය භක්ති ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. (ධම්ම විමංසා Dhamma Vimansa / Bomiriye Sirinanda Himi
පසුබිම් වාදනය ලබාදුන් නුවන් සමරසිංහ මහතාටත් .samarasinghe.73
ඒ වගේම අපේ ආරම්භයේ සිට මේ දක්වාම ළඟින් හිටපු සහෝදරියන්, ආශාන්, කවින්ද, කුමාරි අක්කා, ශචිනි මධුෂිකා (Shachini Madushika), කඩුවෙල ශෂී නංගී ඇතුළු ආදරණීය පිරිසත්, මට නිරන්තරයෙන් ආශිර්වාදයක් හා ශක්තියක් වූ අම්මා, සුනීතා නැන්දා, නිරංජන් අයියා, ප්‍රේමේ අයියා ඇතුළු විශාල දිරියක් දුන් සැමටමත් කැනඩාවේ චමිල අපේ අයියටත් හදවතින්ම ස්තූතියි!
අපේ මේ ගමනේ ආරම්භයටම පැමිණ අපිට විශාල පන්නරයක් ලබාදුන් ආදරණීය Rohan wijethunga රෝහණ විජයතුංග මහතාටත් එතුමියටත්,
ඒ වගේම මෙතැනදී මාව නිරන්තරයෙන් ධෛර්යමත් කළ Stone 'N' String ආයතනයේ ඔබතුමාවත් මම ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් මතක් කරනවා.
එදා අපේ මුල්ම වීඩියෝ එකට මුල්ම කමෙන්ට් එක දාලා, අදටත් "මගේ පළවෙනි කමෙන්ට් එක" කියලා හැමවෙලේම කමෙන්ට් එකක් දාලා දිරිගන්වන සුපුන් නිර්මාල් අයියේ, ඔයාටත් මගේ හදවතින්ම ගෞරවය සහ ස්තූතිය පිරිනමනවා!
තවත් ගොඩක් අය මෙතන ඉන්නවා. විශේෂයෙන්ම මගේ WhatsApp එකේ ඉන්න හැමෝගෙම නම් මෙතැනදී එකින් එක කියන්න බැරි වුණාට කිසිවෙක් තරහා වෙන්න එපා; ඉදිරියේදී මම පුළුවන් හැම වෙලාවකම ඔබ සියලු දෙනාවම ආදරයෙන් සිහිපත් කරන්නම්.
ලෝකයේ විවිධ රටවල ඉඳන් අපිත් එක්ක එකතු වුණු හැමෝටමත් මගේ හදවතින්ම ස්තූතියි. ඉතාලිය, ඇමරිකාව, සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග සහ අනෙකුත් රටවල් රැසක සිට මට කතා කරපු, කාර්යබහුලකම නිසා කතා කරන්න බැරි වුණත් හැමදාම උදේ හවස පණිවිඩ එවලා දිරිගන්වපු ඔබ හැමෝම මගේ හදවතේ ඉන්නවා. ඒ හැමෝටම වෙනම වෙලාවක අනිවාර්යයෙන්ම කතා කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.
(මෙතැනදී යම් හෙයකින් කාගේ හෝ නමක් මඟහැරුණා නම් සමාවෙන්න, වෙනත් දවසක හරි මම ඔබ සැම නැවත ආදරයෙන් මතක් කරනවා.)
පුංචි හීනයක් මෙතරම් දුරක් අරන් ආපු ඔබ සැමට,
ලක්ෂ වාරයක් ස්තූතියි! ලක්ෂ වාරයක් ආදරෙයි! 🌸
එදා පටන් ගත්තු තැන ඉඳන්
අද වෙනකල්ම අපිව අතනොහැරපු
අපේ ආදරණීය පවුලට...
හදවතින්ම ගොඩාක් ස්තූතියි! ❤️
- Team Traditional Sisters - 🌸