28/03/2023
විශ්වාස කරනවද ?
සමහර හමුවීම් තියෙනව ලං වෙලා ඉදපු කාලයට වඩා වැඩි කාලයක් දුරකට වෙලාම අනෙකා වෙනුවෙන් බලා හිදපු....❤️🌍
උදේ නැගිටපු මොහොතේ දාන
Good Morning මැස්සෙජ් එකේ ඉදල
රෑ නින්දට යනකන්ම තැන් දෙකකට වෙලා
එක් වෙන්න දින ගැන ගැන හුස්ම ගත්ත....💞🥺
පොඩිම අසනීපයක් උනත් ඉගියකින් වගේ
දැනිල බෙහෙත් ගන්නකම් කියව කියව
හොද වෙනකම් ඉවසුමක් නැතුව දින ගෙවපු......🌍❤️
දෑත් පටලගෙන ලංවෙලා ඉදියට වඩා වෙන රටක වෙන පළාතක ඉන්න එයා දිහා,
වීඩියෝ කෝල් එකකින් පොටෝ එකකින්
ඇස් දිහා බලන් සැනසුන හීන මවපු කාලය ගොඩාක් වැඩි වුනු...
එයාව ගැලපෙනවද
දුර ඉදන් ආදරේ කරද්දි විශ්වාස කරන්න පුලුවන් ද
කියල ඇතැමුන් අහන ප්‍රශ්න ඉවසගෙන
බය නැතුව
"ඔව් එයා තමා මගේ හොදම තේරීම " කියල කියන්න නොපැකිලුනු.......🥰🥺❤️.
බත් කටක් කන්න ගියත් එයා කාලද දන්නෑ කියල හිතෙන......
පාරෙ ඇවිදගෙන යන පෙම්වන්තයින් දැක්කම ඉක්මනටම මේ දවස අපිටත් එනවනම් කියල හිතපු....
තරහ වුන වෙලාවල් වලත් හොරෙන් හොරෙන් හොයල බලපු
වෙන කෙනෙක් ලං වෙනවට ඊරිසියා හිතුන ලෝබ හිතුන
කොටින්ම ආදරය කියන හැඟීමට දුර ලඟ කියන බේදය ප්‍රශ්නයක් කරගන්නෙ නැතුව ලඟින්ම ඉන්නව වගේ දැනිච්ච දුර ඉදන් එක්වෙන්න දින ගැනපු හරි ලස්සන ප්‍රේම කතා තියෙනව අදටත් .....
එහෙව් ප්‍රේමවන්තයන්ට දුර කියන්නෙත් එක්තරා වචනයක් විතරයි.....💞🌍🥺
විශ්වාසය රැකපු එහෙව් හිත් අනිවාර්යයෙන්ම දවසක එකතු වෙනව හැමෝගෙම ආශිර්වාදය මැදින්...🌼❤️
ඉතින් ප්‍රේමය කියන්නෙම සුන්දරම හැඟීමක් හරිම කෙනා හරි විදියට ජීවිතේට ලැබුනහම.......🍃💞🌼🌍❤️
*P R A T H I RU__: | SᴛΔᵀᴜs*