RSL Delux Bathware

RSL Delux Bathware Adorn your abode with unmatched bathware.

29/10/2019

Wishing you and your loved ones a Happy Diwali...
27/10/2019

Wishing you and your loved ones a Happy Diwali...

නූතන පෝසිලේන් වැසිකිළි ආගමනයඅපි මුලින්ම කතා කරා සියවස් ගාණකට කලින් ශ්‍රී ලංකාවේ තිබුණු ඉතා දියුණු වැසිකිළි හා කැසිකිළි ප...
07/10/2019

නූතන පෝසිලේන් වැසිකිළි ආගමනය

අපි මුලින්ම කතා කරා සියවස් ගාණකට කලින් ශ්‍රී ලංකාවේ තිබුණු ඉතා දියුණු වැසිකිළි හා කැසිකිළි පද්ධති ගැන. ඊළඟට අපි බටහිර ලෝකයේ වැසිකිලි පද්ධති ගැන කතා කරා එතනදි අසුනක වාඩිවී සිටින වැසිකිළි භාවිතා වූ පුරාතන රෝමයේ වැසිකිලි පිළිබඳව අපි දැනුවත් වුණා. මේවා බොහෝවිට නිමවුන කළුගල් හෝ එවැනි දැඩි පාෂාණ භාවිතයෙන් අපගේ ඊළඟ නැවතුම උනේ ලංකාවේ හැටේ දශකයේ දී භාවිතා වීමට පටන් ගත් ඉංග්‍රීසි පෙට්ටිය නමින් හඳුන්වපු ජල මුද්‍රිත වැසිකිළි පද්ධතියත් ඒ නිමැවුමට ආකෘතියක් වූ බ්‍රිතාන්‍යයෙන් 1590 ගණන්වල භාවිතා වුණු වැසිකිලි පද්ධතියක් ගැනත් කතා කරන්න. ඒ කාලේ ලීවලින් තැනූ බ්‍රිතාන්‍ය වැසිකිලි ආසන නූතන කොමෝඩ් වැසිකිළියට ඉතා සමීප මුහුණුවරක් ගත් අතර මේ වෙනකොට මේ ආකෘතියේ පද්ධති පෝසිලේන් වලින් තමයි නිපදවෙන්නේ අසුනක වාඩිවී සිටින ආකාරයෙන් භාවිතා කරන වැසිකිලි මුලින්ම හදුන්වාදුන් රෝමන් අධිරාජ්‍යයේ තිඹිරිගෙය උණු ඉතාලිය මේ වෙනකොට පෝසිලේන් වැසිකිලි උපකරණ නිෂ්පාදනය කරන රටවල් අතරින් ප්‍රමුඛ ස්ථානයක පසුවෙනවා.

ඉංග්‍රීසි පෙට්ටියේ පූර්වජයාකලින් කතා කරපු ඉංග්‍රීසි පෙට්ටියට ඒ නම ලැබෙන්න ඇත්තේ කොහොමද කියල හොයනකොට තේරුණු දෙයක් තමයි මේ...
06/10/2019

ඉංග්‍රීසි පෙට්ටියේ පූර්වජයා

කලින් කතා කරපු ඉංග්‍රීසි පෙට්ටියට ඒ නම ලැබෙන්න ඇත්තේ කොහොමද කියල හොයනකොට තේරුණු දෙයක් තමයි මේ ඉංග්‍රීසි පෙට්ටිය කියල හඳුන්වපු ජල මුද්‍රිත වැසිකිළි පද්ධතිය මූලිකවම නිර්මාණය කරල තියෙන්නෙ එංගලන්තයේ රජ මාළිගාවල ඒ කාලේ භාවිතා වුණු වැසිකිලි ආකෘතියකට අනුව කියන එක අපේ රටට එක්දහස්නමසිය හැටේ දශකයේ ආවත්, මේ මුල්කාලීන මුද්‍රිත පද්ධති එංගලන්තය භාවිතා වෙලා තියෙන්නේ 1596 විතර කාලයේ. නූතන පෝසිලේන් කොමෝඩ් වැසිකිලියකට ගොඩක් සමීප කම් දක්වන මේ වැසිකිලිය 1558 සිට 1603 බ්‍රිතාන්‍යයේ රැජිනිය වූ පළවෙනි එළිසබෙත් රැජිණගේ රාජකීය යහන් ගබඩාවට යාබදව ඉදි කෙරුණා. මෙය මුලින්ම නිපදවෙන කොට රැජිණ වයස්ගතව සිටීම නිසා ඇයට පහසුවක් ලෙසට මෙය නිර්මාණය වුණා කියලා උපකල්පනය කරන්න පුළුවන්. කොහොමහරි 1600 වගේ වෙනකොට බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර අපජලය බැහැර කරන නල පද්ධතින් ඉදි වෙන්න පටන් ගත්තා. ඒ වෙනකොට බොහෝමයක් මාලිගාවල පෞද්ගලික වැසිකිළි පහසුකම් දක්නට ලැබුණා. හැබැයි මේ වැසිකිලි වල අප ජලය බැහැර කළේ නම් මාලිගාව වටා ආරක්ෂාවට තිබුණු දිය අගලට කියලයි දැක්වෙන්නේ.

During his voyage back home, the English sailor Robert Knox who was a captive in then Ceylon in the late 17th century wr...
03/10/2019

During his voyage back home, the English sailor Robert Knox who was a captive in then Ceylon in the late 17th century wrote a book titled ‘An historical relation of the Island of Ceylon’. In this book, Knox states that our ancestors practiced very hygienic habits. However, our ancestors practiced a high level of hygiene centuries before the period of Robert Knox's stay on the island. A simple exploration of the ruins of our ancient kingdoms gives a wealth of evidence that proves this.

To date, we can witness such ruins in Abayagiriya and Thapowanaya monasteries of the Anuradhapura era; the very first recorded Kingdom of Sri Lanka as well as the ruins of the Royal Palace of Paduwasnuwara. Also, there are ancient exhibits belonging to different eras of Sri Lanka proving that during our history, our ancient ancestors developed very advanced toilet systems. These systems were made with innovative water-sealed technology while using wood ash, coal or soil for purifying waste water.

මොකද්ද මේ ඉංග්‍රීසි පෙට්ට්ය කියන්නේ...? ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂණ ක්‍රමවල ඉතිහාසය දෙස බලනකොට හැටේ දශකය දක්වාම නගර හා අර්ධ ...
24/09/2019

මොකද්ද මේ ඉංග්‍රීසි පෙට්ට්ය කියන්නේ...?
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂණ ක්‍රමවල ඉතිහාසය දෙස බලනකොට හැටේ දශකය දක්වාම නගර හා අර්ධ නාගරික ප්‍රදේශ වල භාවිතවූ වැසිකිලි සහ කැසිකිලි විශේෂයක් අමතක කරන්නම බෑ. ඒ තමයි බාල්දි වැසිකිලි ක්‍රමය. නුතනයේ අප නිවෙස්වලින් බැහැර කරන අපද්‍රව්‍යය එකතු කිරීමට ලොරි පැමිණෙන ආකාරයට එකල දිනපතා වැසිකිලියේ එකතුවන මළ ද්‍රව්‍ය එකතුකිරීමට පුද්ගලයෙක් පැමිණ තිබෙනවා. එලෙස බාල්දියකට එහෙම නැත්තන් ලොකු භාජනයකට එකතු වන මේ වැසිකිලි අපද්‍රව්‍යය ඔහු ගේ බාල්දියකට පුරවාගෙන යාම තමයි සිදුවෙලා තියෙන්නේ. කොහොම නමුත් මේ ක්‍රමය අභාවයට යන්න පටන් අරන් තියෙන්නේ පනහ දශකයේ මැද භාගයේ ඉදලා. ඇත්තටම ඉතාම අමානුෂික දෙයක් විදිහට අපිට දැන් පෙනෙන මේ සේවය නතර වීමත් සමගම කරලියට එන්නේ ජල මුද්‍රිත වැසිකිලි පද්ධති. ඒ කාලේ ඒවා හදුන්වලා තියෙන්නේ ඉංග්‍රීසි පෙට්ටි විදිහට. මේ තියෙන්නේ ඉංග්‍රීසි පෙට්ටි අලෙවි කරන ඒ කාලේ සමාගමක් තමන්ගේ නිෂ්පාදන අලෙවිය සදහා නිර්මාණය කරන්නට යෙදුනු දැන්වීමක්.

19/09/2019

කලින් පෝස්ට් එකකදී සදහන් වුන වචනයක් 'උක්කුටියෙන්' වාඩි විම. මොකද්ද මේ 'උක්කුටියෙන්' වාඩි විම? එතකොට කවුද මේ සට්ටැඹීරාළ? බලන්නකෝ වීඩියෝ එක.

Video Credit to Sinhala Comedy Club
https://www.youtube.com/channel/UC2j-6QTCiOxps6c9Ddfxa0w

පුරාණයේ නිර්මාණය වු වැසිකිළි සහ කැසිකිළි පද්ධතිඅතීතයේ පෙරදිග තිබුණු ඉතාම දියුණු වැසිකිලි සහ කැසිකිලි පද්ධතියකට උරුමකම් ක...
14/09/2019

පුරාණයේ නිර්මාණය වු වැසිකිළි සහ කැසිකිළි පද්ධති
අතීතයේ පෙරදිග තිබුණු ඉතාම දියුණු වැසිකිලි සහ කැසිකිලි පද්ධතියකට උරුමකම් කියපු රටක් අපි කියන එක අපි දැන් දන්නවා ඒ වගේම මේ කාලෙට සමකාලීනව ලෝකේ අපරදිග පැත්තට වෙන්න තිබුණු අපි වගේ ශිෂ්ඨාචාර වල තිබුණු වැසිකිලි සහ කැසිකිලි පද්ධති කොහොම වෙන්න ඇත්ද? පුරාතන රෝමය ග්‍රීසිය වටේ ශිෂ්ඨාචාර වල නටබුන් පිරික්සලා බලනකොට මේ ගැන හොඳ අවබෝධයක් ගත්ත පුළුවන් ක්‍රිපූ 500 කට ආසන්න කාලෙකට කලින් තිබුණ දියුණු ග්‍රීක වැසිකිලි පද්ධති මෙන්ම ක්‍රිපූ 800 කට ආසන්න කාලෙක වැජඹුනු රෝම ශිෂ්ඨාචාරයේ දියුණු වැසිකිලි සහ කසිකිලි පද්ධති වල නටබුන් අදටත් දකින්න පුළුවන් අපේ රටේ ඒකාලේ තිබුන සහ අදටත් භාවිතා වෙන උක්කුටියෙන් වාඩි වෙලා ශරීර කෘත්‍ය සිදුකරන වැසිකිලිවලට වඩා මේවා අපි අද දකින පුටුවක වාඩිවී ඉන්නා ආකාරයෙන් ශරීර කෘත්‍ය සිදුකරන්න සකසපු ඒවා බවයි වැඩිදුර පිරික්සීමේදී නිගමනය කරන්න පුළුවන් වෙන්නේ.

විදේශිකයන් පවා මවිත කල පුරාණ ශ්‍රී ලාංකීය සනීපාරක්ෂක ක්‍රම17 වන සියවසේ අගභාගයේ ලංකාවේ විසු බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් නො...
07/09/2019

විදේශිකයන් පවා මවිත කල පුරාණ ශ්‍රී ලාංකීය සනීපාරක්ෂක ක්‍රම

17 වන සියවසේ අගභාගයේ ලංකාවේ විසු බ්‍රිතාන්‍ය ජාතික රොබර්ට් නොක්ස්, ආපසු සිය රට බලා යන ගමනේදී අපේ රට ගැන ලියපු පොතක් වන An historical relation of the Island of Ceylon කියන පොතේ සඳහන් වෙනවා එදා හෙළදිව විසු අපේ මුතුන්මිත්තෝ ඉතාම පිරිසිදු ගති පැවතුම් වලින් යුත් මනුෂ්‍යය කොට්ඨාශයක් කියලා. ඇත්තටම බැලුවොත් හොඳ සෞඛ්‍ය පුරුදු අපේ අයට තිබිලා තියෙන්නේ සියවස් ගානකට කලින්. ඒ රොබර්ට් නොක්ස්ගේ කාලෙටත් සියවස් ගානකට කලින්. අපේ පුරාණ නටබුන් ගැන පොඩි අධ්‍යයනයක් කලොත් මේ ටික තෙරුම් ගන්න පුළුවන් වෙයි.

අනුරාධපුර යුගයට අයත් අභයගිරියේ සහ තපෝවනයේ වගේම පඬුවස්නුවර මාළිගා සංකීර්ණයේ අදටත් මේ නටබුන් දකින්න පුළුවන්. ඒ වගේම කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති විවිධ යුග වලට අයත් පැරණි නමුත් ඉතාම දියුණු වැසිකිලි සහ කැසිකිලි පද්ධති දැකබලාගන්න පුළුවන්. මේ බොහොමයක් වැසිකිලි සහ කැසිකිලි පද්ධති ඉහල තාක්ෂණික ජලමුද්‍රිත මෙන්ම අළු, අඟුරු හෝ වැලි මගින් අපජලය පිරිපහදු කිරීමේ ක්‍රම වලින්ද සමන්විතයි කියලා විශේෂයෙන්ම මතක් කරන්න ඕන.

Address

No. 486, Sri Sumana Mawatha, Lenagala, Dedigamuwa (Homagama)
Colombo

Telephone

+94115744626

Website

Alerts

Be the first to know and let us send you an email when RSL Delux Bathware posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Our Story

Adorn your abode with unmatched tiles and bathware.