AISHU VLOGS

AISHU VLOGS Your Destination for Positive Living, Culinary Delights, and Travel Adventures! 🌟

07/04/2026
05/04/2026

ඔයා නැති තැනක ඔයා ගැන කතාවෙද්දි,
ඒ කතා අකාරුනික වෙද්දි,
ඔයාව ආරක්ශා කරේ එක්කෙනාද,
එයාව මේ ස්වභාවධර්මයෙන්ම රකින්න ඕනා..

ඔයාව පහත් කරන්න බොරු කටකතා පතුරද්දි,
ඒවා මැඩපවත්වන්න උත්සහ කරන,
ඔයාව අපහසුතාවයට පත් කරන්න සංවාද ගොඩනැගෙද්දි,
ඒ සංවාද ප්‍රතික්ශේප කරමින් ඔයා වෙනුවෙන් පෙනී ඉදපු එකම මනුස්සයාව මේ ස්වභාවධර්මයෙන්ම රකින්න ඕනේ..

ඔයාගේ ආත්මගෞරව රකිමින්
ඔයා වෙනුවෙන් පෙනි ඉදපු හැම මනුස්සයෙක්ටම,
එයාලාගේ අමාරු මොහොතවල් වල,
ඔයා වෙනුවෙන් පෙනි ඉදපු හේතුවම,
පිනක් වෙලා අපහසු මොහොතවල් අතුරුදහන් වෙන්න ඕනා..
නැත්නම් ඒවාට හොදින් මූණ දෙන්න ශක්තිය ලැබෙන්න ඕනා..
පෙර පින් ඵල දෙන්න ඕනා...
පිඩනයක් දැනෙන හැම මොහොතකම මානසික සැනසීමට හේතු ලැබෙන්න ඕනා..

ඔයා පිටිපස්සෙ ඉඳන් ඔයාට පහර දෙන අයට වෛර කරනවා වෙනුවට,
ඔයාට පහර දෙන තැනදි ඔයාව රැකගත්තු මිනිස්සු වෙනුවෙන් උදා වුන මේ බක් මහේ ප්‍රාර්ථනාවක් කරන්න..
ඒක ගොඩක් වටිනවා..
මොකුත් ඕන නෑ
'එයාලාව මේ ස්වභාවධර්මයෙන්ම රකින්න' කියලා ප්‍රාර්ථනා කරන එකම ප්‍රමාණවත්.. 😇☘️

බක් මහ සුබම වේවා!!!

ආදරෙන්,
හෂී🌸

Copied



゚viralシfypシ゚viralシal ゚viralシfypシ゚viralシalシfollowers

24/03/2026

🌼ඔයාට හමුවෙලා තියෙනවාද වචනයක් කතාකරත් පුදුම හිතට සැනසීමක් ලැබෙන මිනිස්සුන් ..

🌼වචනයකින් හරි ඔයාව දිරිමත් කරන මිනිසුන් ..

🌼ඔයාගේ වැරදි කොතරම් තිබුනත් , අතපසුවීම් කොතරම් තිබුනත්, විවේචනය නොකර ඔයාට ආදරය කරන මිනිසුන් ..

🌼මේ වගේ පුදුම මායාකාර මිනිස්සු ඔයාගේ ජීවිතේට හමුවුණු කල්‍යාණ මිතුරන් ..

🌼එහෙම අයව ඇසුරු කරොත් ඔයාත් ඉබේටම කල්‍යාණ මිතුරෙක් වෙනවාමයි.

゚viralシfypシ゚viralシalシfollowers ゚viralシfypシ゚viralシal

10/03/2026

affirmations, I am affirmations, positive affirmations, sleep affirmations, affirmation, affirmations for success, morning affirmations, abundance affirmatio...

10/03/2026

ඇත්තටම අපි ලගින්ම ආශ්‍රය කරන,
ලගම ඉන්න මිතුරන් හෝ එදිනෙදා අපි කිට්ටුවෙන්ම ඇසුරු කරන 5 දෙනාගේ අදහස්, එයාලගේ යහපත් හෝ අයහපත් චේතනා, අපේක්ෂා මේ හැම දෙයක්ම වගේ අපිට ඉක්මනින් සම්ප්‍රේෂණය වෙනවා...
ආකර්ෂණය වෙනවා....
ඒ අයගේ ජීවිතය හා සමාන ජීවිතයක් අපිටත් ලැබෙනවා...
ඒ නිසා ඔයා හැමදාම උදේ හවස ඔයා එක්කම ඉන්න ඔයා ලගින්ම ඇසුරු කරන අය කවුද කියලා හොදට අවධානය තියගන්න....
හොද අදහස් තියෙන, යහපත් චේතනා තියෙන ඒ වගේම ධනාත්මක අදහස් තියෙන අය ඇසුරු කරොත් ඔයාත් ඉබේම සාර්ථක කෙනෙක් වෙන්න පුලුවන් ...

10/03/2026

හේතුවක් නම් දන්නෑ ඒත් කවුරුම හරි වාහනයක් ගන්නවා දැක්කම, ගෙයක් හදලා පදිංචියට යනවා දැක්කම පට්ටම සතුටක් දැනෙනවා ❤🚘🏘️

හොඳ මිනිස්සුන්ට කවදාවත්ම වරදින්නේ නෑ, වරදින්න සොබාදහම ඉඩ දෙන්නෙත් නෑ.. දෙන තරමට ලැබෙනවා. මං දන්නේ එච්චරයි.

10/03/2026

ඔයාගේ අවධානය යන තැනට ඔයාගේ ශක්තියත් ගලන් යනවා..
ඒ නිසා හැමවෙලේම ඔයාගේ ජීවිතේ ආශිර්වාදයන් ගැන හිතන්න.
ඒවා ගැන කතා කරන්න.
ඔයා පතුරන සුබවාදි බව ආකර්ශනය වෙලායි මේ විශ්වයෙන් ඔයාට සුබවාදිවම හිතන්න හේතු ලබා දෙන්නේ.
කොච්චර ආකාර්ශණීයව තිබ්බාත්, ඔයාට අසතුටක් දැනෙන දේ අත් හරින්න.
ඔයාගේ මනසට ඇතුල් කරගන්න දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනා ඔයාමයි..

හොද දේවල් ගැන හිතන්න, හොද දේ කතා කරන්න,
එතකොට හොද ඔයාගේ ජීවිතේ තුල රැදෙනවා.. රැකෙනවා..

සුබ මාර්තු 9 වෙනිදාවක් වේවා!!!

24/02/2026

ඔයාට පුලුවන් හැම දවසක් අවසානයේ දීම ඔයාටම වෙන් වුනු කාලයක් (me time) අමාරුවෙන් හරි වෙන් කර ගන්න බලන්න.....
දවස් සති ගනන් ඔහේ ගෙවෙනවට වඩා හැම දවසක්ම අර්ථවත් විදිහට ගත කරන එක තමා වැදගත් වෙන්නේ....
Me time එකකට පොඩි විනාඩි 20ක් වත් ඔයාට වෙන් කර ගන්න පුලුවන් නම්.....
ඔයා අනිවාර්යයෙන් සාර්ථක වීමේ සම්භාවිතාවක් නිසැකවම තියෙනවා.....
ඔයාගේ අද දවස ගැන හිතන්න හෙට දවස ගැන හිතන්න...තව අවුරුදු 5කින් ඔයාගේ අනාගතය ගැන හිතන්න..

13/02/2026

ජීවිතයට කරදරයක් වෙලාම බලන්න ඕනේ අපිත් එක්ක ඇත්තටම ඉන්නෙ කව්ද කියලා තේරෙන්න..
ඒ වගේ වෙලාවට තමයි අපි එක්ක ඉන්න ගොඩක් අයගේ නියම ස්වරූපය තේරෙන්නෙ...
ඉතින් කටුක කාර්තුවේදී අත හිත දුන්නු හැමෝවම......
වචනයකින් හරි හයියක් වුන හැමෝවම...හොදට මතකයේ තියාගන්න.....
වසන්තයේදී ඔවුන්ට කෘතගුණ සලකන්න....

Aishu😍

13/02/2026

ජීවිතයේම එපා වෙලා වගේ දැනෙනවාද?
හැමදේම වෙන්නේ ඔයාට විතරයි කියලා හිතෙනවාද ?

මෙහෙම හිතෙන හැමවිටම ඔයාගේ හිත හදාගන්න පුලුවන් ඔයාටම විතරයි ...
වෙන කෙනෙක් ඔයාගේ හිත හදනකම් බලාගෙන ඉන්න එපා.....
ඔයාට ඔයා ආදරය කරන තරමට වෙන කෙනෙක් ඔයාට ආදරය කරන්නේ නැහැ....
ඒක තමයි ඇත්ත...
ඉතින් බිදුනු හිත, තුවාල වුනු ඔයාගේ හිත වෙන කෙනෙක් හදනකම් බලන් ඉන්න එපා...
ඔයාගේ හිතට සතුට දැනෙන දේවල් මොනාද කියලා පොඩ්ඩ්ක් කල්පනා කරලා බලලා හොයා ගන්න.....
අද අධිෂ්ඨාන කර ගන්න ඔයාව අදුරගන්න , ඔයා කැමති දේවල් මොනාද කියලා තෝරගන්න......

Aishu😍

゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viral ゚viralシfypシ゚viralシalシfollowers ゚viralシfypシ゚viralシal ゚viralシfypシ゚viralシalシ

Address

Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when AISHU VLOGS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AISHU VLOGS:

Share