23/09/2021
අපේ තුරු සම්පත කොහොඹ ගස..
ලoකාවේ වියලි කලාපයේ සහ දැඩි වියලි ප්‍රදේශ වල හොඳට වැවෙන සදාහරිත ශාක විශේෂයකි.
ඉන්දියාවේ සහ පාකිස්තානයේ මිනිසුන් අවුවේ වේළන ලද කොහොඹ කොළ අල්මාරි හා සහල් අසුරන භාජන සඳහා යොදා ගනිමින් කෘමි උවදුර වළක්වා ගනී. පාකිස්තානයේ උෂ්ණ කලාපයට අයත් ප්‍රදේශයන්හි මදුරුවන් පලවා හැරීම සඳහා කොහොඹ කොළ වියළා පුලුස්සයි. එසේම මෙම කොළ ඉන්දියානු උත්සව සඳහා(උදා: උගාදි උත්සවය) ද යොදාගනු දක්නට ලැබේ. කොහොඹ කොළ තවදුරටත් මුස්ලිම් ජනයාගේ මළ සිරුරු නැහැවීම සඳහා ද භාවිතයට ගනී.
එළවලුවක් ලෙස
ඉන්දියානු ජනතාව කොහොඹ දලු සහ මල් එළවලුවක් වශයෙන් ආහාරයට ගනී. තමිල්නාඩු ජනයා කොහොඹ මල් වලින් වෙප්පම්පූ චාරු (Veppampoo charu) නම් සූපයක් පිළියෙල කරයි. බටහිර බෙන්ගාලයේ, නොමේරූ කොහොඹ දලු සහ කුඩා වම්බටු කැබලි තෙලෙහි බැද කට ගැස්මක් ලෙස භාවිතයට ගනී.
කොහොඹ අග්නිදිග ආසියාවේ විශාල භූමි ප්‍රදේශයක භාවිතයට ගනී. කොලොම්බියාව, ලාඕසය, තායිලන්තය, මියන්මාරය වැනි රටවල් ඒ අතරින් විශේෂ වේ. හොඳින් පිසගත්තද, මෙය ඉතා තිත්ත රසැති ආහාරයක් බැවින් මෙම ප්‍රදේශයන්හි සියලුම නිවැසියන් මෙවා අනුභව නොකරයි. මෙය සෞඛ්‍යට හිතකර ආහාරයක් බවට විශ්වාසයක් තිබේ. කොහොඹ මැලියම් වල ප්‍රෝටීන් බහුලය. මියන්මරයේ, නොමේරූ කොහොඹ කොළ සහ මල් සියඹලා සමග තම්බා තිත්ත ගතිය අඩු කොට එළවලුවක් ලෙස ආහාරයට ගනී. තව ද මියන්මාර ජනයා කොහොඹ කොළ අච්චාරුව තක්කාලි සහ මාලු මිශ්‍රිත සෝස් සමග අනුභව කරයි.
සාම්ප්‍රදායික ඔෟෂධයක් ලෙස
ඉන්දියාවේ මිලියන 2 කට අධික ප්‍රමාණයක්, කොහොඹ ශාකය ආශ්‍රයෙන් සදන නිෂ්පාදිත වල ලෙඩ සුව කරන ගුණයක් ඇති බව සලකා භාවිතයට ගනී. ආයුර්වේදයේ නියතු වුවන් කොහොඹ නිෂ්පාදිත ප්‍රතිහෙල්මින්තික, ප්‍රතිබැක්ටීරිය, වයිරස් නසන, උපත් පාලක සහ වේදනා නාශකයක් ලෙස විශ්වාස කරයි. මෙය ආයුර්වේදයේ හා යුනානි වෙදකමෙහි ප්‍රධාන සංරචකයක් වේ. එහිදී කොහොඹ විශේෂයෙන් සමේ රෝග සඳහා නිර්දේශ කොට ඇත. එසේම කොහොඹ තෙල් හිසකෙස් නිරොගී කර ගැනීමටත්, අක්මාවේ ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමටත්, ලේ වල සීනි මට්ටම පාලනය කර ගැනීමටත් භාවිතා කරයි. කොහොඹ කොළ සමේ රෝග(උදා:දද, සෝරෙෙසියසිස්) සත්කාරකයක් ලෙස යොදාගනී.
කෙසේ වුවද කොහොඹ ශාකයෙන් ගත හැකි ප්‍රයෝජන පිළිබඳ සෙවීම් ඉතාමත් අඩු බව දක්නට ලැබේ.කොහොඹ දිගුකාලීනව භාවිතය වකුගඩු සහ අක්මාවට හානි පැමිණවිය හැකි බැවින් තරුණ ජනතාවට මෙය කෙටිකාලීනව භාවිත කල හැක. කොහොඹ තෙල් විෂවීම් නිසා කුඩා දරුවන් මරණයට පත්වීම් සිදුවිය හැක. කොහොඹ ගබ්සා වීම්, මදසරු භාවය හා ලේ වල සීනි ප්‍රමාණය අඩු වීමට හේතු විය හැක.
අවදානම් තත්ත්වය
කොහොඹ තෙල් විශාල වශයෙන් භාවිත කිරීම හේතුවෙන් මොළයේ ආබාධ සහ අක්ෂිගත ආබාධ ඇතිවිය හැක.
කෘමී හා විෂබීජ නාශකයක් ලෙස
කොහොඹ රසායනික පළිබෝධ නාශක වෙනුවට භාවිත කළ හැකි ස්වාභාවික පළිබෝධ නාශකයකි. කුඩු කරගත් කොහොඹ ඇට රැය පුරා පෙගෙන්නට හැර බෝග වලට ඉසිනු ලැබේ. මෙහි ඵලදායී කර ගැනීම සඳහා දවස් 10කට වරක්වත් දිගින් දිගටම යෙදිය යුතුය. කොහොඹ බෝග වල සිටින කෘමීන් එකවර විනාශ නොකරයි. එය කෘමී වර්ධනය හීන කිරීමත් බිත්තර දැමීම පාලනය කිරීමත් මගින් බෝග හානිය වලක්වයි. කෘමීන් ආහාර නොමැති වීමෙන් කිහිප දිනකින් විනාශ වේ. කොහොඹ පොහොර ලෙස විකුණයි.
කොහොඹ තෙල් වේයන් වර්ධනය වලක්වමින් පරිසර හිතකාමියෙකු ලෙස කටයුතු කරයි.
අනෙකුත් ප්‍රයෝජන
පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය: කොහොඹ තෙල් යොදා ගනිමින් රූපලාවන්‍ය ද්‍රව්‍ය උදා: ලෙස සබන්, හිස සෝදන ද්‍රව්‍ය(shampoo), බාම් වර්ග, ආලේපන(creams) දත් බෙහෙත් ආදිය නිපදවයි.දත්බුරුසුවක් ලෙස: අතීතයේ, සිහින් කොහොඹ රිකිලි සපා දත්බුරුසුවක් හා දිව ශෝධකයක් ලෙස භාවිත කරන ලදී.ගස:පාරම්පරික ඉන්දියානු වෛද්‍ය විද්‍යාවේ භාවිතයන්ට අමතරව,කොහොඹ ශාකය කාන්තාරකරණය වැලැක්වීමේ උදාර මෙහෙය ඉටු කරයි. එසේම ඉහල වටිනාකමක් ඇති ශක්තිමත්
දැවයකි.ගෘහභාණ්ඩ, උළුවහු, දොරජනෙල් නිපදවීම සඳහා යොදාගනී.පාරම්පරික ඉන්දියානු වෛද්‍යවරු රෝගින් හට සරම්ප වැනි රොග වැලදුනු විට කොහොඹ කොල මත වැතිරීම සුවදායී බව නිර්දේශ කරයි.කොහොඹ මැලියම්විශේෂ ආහාර සැකසීම සඳහා එකතු කරයි.රූපලාවන්‍ය ද්‍රව්‍ය : කුඩු කරන ලද කොහොඹ දලු මුහුණු ආලේප නිපදවීමට යොදා ගනී.ලිහිසි තෙල් : කොහොඹ තෙල් කරත්තය රෝද ග්‍රීස් කිරීම සදහා යොදාගනී.පොහොර ලෙස : කොහොඹ ඉතා හොඳ පොහොරකි.කොහොඹ පිඬැලි බෝග පල දරන්ට බහුලව යොදාගනී. උක්ගස් සහ එළවලු මෙවා බහුලව යොදා නිපදවන බෝග වේ.පොත්ත : කොහොඹ පොත්තෙහි 14% ටැනින් (තද කහට වර්ගයක්) අඩංගු වේ. තවදුරටත්, එය ශක්තිමත්, ගොරෝසු කෙඳි ලබා දෙයි. මෙම කෙඳි ආශ්‍රයෙන් ඉන්දියානු ජනයා කඹ සාදාගනී.මී පැණි :ආසියාවේ සමහර ප්‍රදේශ වල කොහොඹ මී පැණි ඉහළ මිලකට හිමිකම් කියයි
පැළ අවශ්‍ය නම් කතා කරන්න .0777771960.