21/06/2026
💚🩸රුධිර පරිත්‍යාගය කියන්නෙ, ඔයාට වීරයෙක් වෙන්න තියෙන ලේසිම අවස්තාවක් 🩸💚
🩸හැම දවසකම අනතුරු, ශල්‍යකර්ම, දරු ප්‍රසූතියේ ඇතිවන සංකූලතා, පිළිකා ප්‍රතිකාර සහ විවිධ රෝග තත්ත්වයන් නිසා රෝගීන් දහස් ගණනක් පරිත්‍යාග කරන ලද රුධිරය මත තම ජීවිතය රඳවාගන්නව.
🩸රුධිරය කියන්නෙ කෘතිමව හදන්න පුලුවන් දෙයක් නෙවෙයි. එක රුධිර පරිත්‍යාගයක් ගෙන් ජීවිත තුනක් දක්වා බේරාගන්න පුලුවන් කියල මම අහල තියනව.
🩸ගොඩක් දෙනෙක් සමාජයේ තියෙන වැරදි මත නිසා රුධිරය ලබා දෙන්න බයයි. ඒත් ඔයා දැනගෙන හිටියද, මේ ක්‍රියාවලිය නිසා දායකයාගෙ ශරීරයේ අලුත් රුධිර සෛල හදන්න උත්තේජනයක් ඇතිකරනව කියල.
අනික, වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරන ආරක්ෂිත, සරල සහ කෙටි ක්‍රියාවලියක් නිසා බයවෙන්න කොහොමත් අවශ්‍ය නෑ.
🩸මමත් බයේ හිටියෙ රිදෙයි කියල. ඒත් මතක තියාගන්න කඩියෙක් කනව වගේ තමයි අපිට ඒක දැනෙන්නෙ.
🩸මේ දවස්වල blood bank එකත් ගොඩක් හිස් වෙලා තියෙන්නෙ කියල මට ඒකෙ වැඩ කරන nurse කෙනෙක් කිව්ව.
❤️ Donate Blood, Save Lives ❤️
Every drop of blood carries the power to save a life. Join Blood Donation Camp and become a hero to someone in need. Your small act of kindness can bring hope, healing, and a second chance at life.
❤️ රුධිරය පරිත්‍යාග කරන්න – ජීවිත රැකගන්න ❤️
ඔබගේ එක් රුධිර පරිත්‍යාගයක් ජීවිත කිහිපයක් බේරාගත හැකිය. උතුම් රුහිරු පූජාවට එක්වී අවශ්‍යතා ඇති අයට නව ජීවිතයක් ලබා දීමට ඔබත් දායක වන්න.
The Cacti Spot - wholesale