Recipe.lk

Recipe.lk All about sri lankan recipes and various delicious recipes for beginners...
(3)

කෝ බලනුන ආස සෙට් එක 😌☕
21/01/2025

කෝ බලනුන ආස සෙට් එක 😌☕

රයිස් කුකර් එකේ වටලප්පන්. 🍮_________________________________අවශ්‍ය ද්‍රව්‍ය1.ගා ගත් කිතුල් හකුරු or සක්කර  250grm 2.උකු ...
12/01/2025

රයිස් කුකර් එකේ වටලප්පන්. 🍮

_________________________________

අවශ්‍ය ද්‍රව්‍ය

1.ගා ගත් කිතුල් හකුරු or සක්කර 250grm
2.උකු මිටිකිරි 250ml
3.බිත්තර 5
4.ලුණු ස්වල්පයක්
5.කරදමුංගු කරල් 3ක්‌
6.වැනිලා

ගාගත් හකුරු පොල් කිරි වලට දාල හොඳින් අතින් පොඩි කරන ගමන් දියකරගන්න. හොඳට දිය කරගත්තට පස්සෙ පෙනේරයකින් පෙරාගන්න.

බිත්තර ටික බ්ලෙන්ඩරයක දමා හෝ බීටරයකින් හෝ ගෑරප්පුවකින් හොඳින් ගසාගන්න. එයට ලුණු ටිකක් එක් කරගන්න.
ගසාගත් බිත්තර වලට හකුරු සහ දියකරගත් පොල් කිරි එක් කර හැන්දකින් මිශ්‍ර කරගන්න.

දැන් ඔබ ගන්න භාජනයට වටලප්පන් මිශ්‍රණය හිමීට දාගෙන කරදමුංගු කරල් ටික තැනින් තැනට දමාගන්න. කැමති නම් කජුත් එක් කරගන්න පුළුවන්.

වටලප්පන් භාජනය ෆොයිල් කොළයකින් හෝ ලන්ච් ශීට් එකකින් හොඳින් ආවරණය කරගෙන ස්ටීමර් එකක තබා විනාඩි 30-40ත් අතර කාලයක් ස්ටීම් කරගන්න.

උපදෙස් සහ tips

1.අවන් එකේ බේක් කරනවා නම් වටලප්පන් තැටිය වතුර අඟල් භාගයක් විතර දාගත්ත තවත් තැටියක තියල ෆොයිල් වලින් විතරක් කවර් කරගෙන සෙල්සියස් 200ට විනාඩි 35ක් 45ක් බේක් කරගන්න. (අවන් එකෙන් අවන් එකට උෂ්ණත්වය වෙනස් නිසා බේක් වෙන්න ගත වෙන කාලය අඩු වැඩි වෙන්න පුළුවන්. විනාඩි 40කට පස්සෙ කූරක් වටලප්පමේ මැදට ගහල තෙත ගතියට එනවද නැද්ද බලන්න.

2.බිත්තර එක හොදට හැන්දෙන් beat කරන්න එවිට.. වටලප්පන් එකෙන් හොදට බුබුළු වගේ එනවා.

3.බිත්තර එකට ලුණු දාලා ටිකක් දාලා beat කරන්න.

4.රයිස් කුකර් එකේ steam කරද්දී..එහි වතුර 1/5 වගේ දාන්න. Cooling rak එකක් හෝ. වටලප්පන් එක දාන්න පුළුවන්.. පොඩි කප් එකක් වගේ එකක් තියන්න.. එහි වටලප්පන් එක තියන්න. රයිස් කුකර් එකේ කට හොදින් සිල් කරන්න. රෙදි කැල්ලක් තියලා.

5.කුරුදු එනසාල් දාන්න එතකොට වටලප්පන් හැදුවම බිත්තර වලින් එන පිලි ගද නැති වෙනවා.

6.අවන් එකේ bake කරද්දී... වහන්න foil එකකින්.. පාට මදි වගේ නම් bake උනාම.. foil එක අයින් කරලා විනාඩි 5ක්‌ 10ක්‌ bake කරන්න.

7.ඔබ‍ට පොල් කිරි වෙනුවට fresh milk පාවිච්චි කරන්න පුළුවන්

9.හකුරු වෙනුවට සක්කර එකතු කර ගත හැකිය.

🥺 මේ වගේ කෑම එකක් අන්තිමට කෑවෙ කවද්ද 🤤
03/09/2023

🥺 මේ වගේ කෑම එකක් අන්තිමට කෑවෙ කවද්ද 🤤

විනාඩි පහෙන් මයෝනිස් සෝස් හදමු. 🍯_________________________________________මේ මම හදපු රෙසපි එක .මොකටද අපි කඩෙන් ගේන්නේ. හ...
26/05/2023

විනාඩි පහෙන් මයෝනිස් සෝස් හදමු. 🍯

_________________________________________

මේ මම හදපු රෙසපි එක .

මොකටද අපි කඩෙන් ගේන්නේ. හදමු අපි ගෙදරදීම. සැන්ඩ්විච් වලටත් සලාද වලටත් නියමයි. බ්ලෙන්ඩර් එක වතුර බිංදුවක් නැති වෙන්න පිහදාලා ගන්න ඕනේ.

අවශ්‍ය ද්‍රව්‍ය :-

බිත්තර 1
තෙල් අඩු කෝප්ප 1 (ඔල්ව් තෙල් හෝ එළවළු තෙල් නම් වඩා හොදයි.)
විනාකිරි තේ හැදි 1 1/4
සීනි තේ හැදි 1
ලුණු කුඩු තේ හැදි 1 /4
දෙහි යුෂ තේ හැදි 1

සාදන ක්‍රමය :-

වතුර බිංදුවක් වත් නැති වෙන්න පිස දමන්න.
බ්ලෙන්ඩර් එක ශිතකරනයේ තියා ටික වේලාවකින් ගන්න.

බ්ලෙන්ඩර් එකට මුලින්ම බිත්තරය දමන්න .

එයට විනාකිරි , දෙහි යුෂ , ලුණු කුඩු , සීනි තේ හැදි 1 එකතු කරන්න .

ඊලගට මෙයට තෙල් කෝප්ප 1/4 එකතු කර
තප්පර 50 ක් බ්ලෙන්ඩ් කරන්න.

නැවත තෙල් කෝප්ප 1 /4 ක් දමා බ්ලෙන්ඩ් කරන්න.

මෙසේ හතර සැරයක් තප්පර 50 ගානේ බ්ලෙන්ඩ් කරන්න.

ඉතාම රසවත් මේ මෙයෝනිස් සෝස් එක ශිතකරනයේ සති දෙකක් තියා ගන්න පුලුවන්.

පොල් තෙල් එකතු කලොත් එන්නේ පොල් තෙල් රස නිසා ඔලිව් තෙල් හෝ එළවළු තෙල් එකතු කරන්න.

කවුද ඉතින් ආස නැත්තෙ මෙහෙම කන්න... 😋🥺
22/05/2023

කවුද ඉතින් ආස නැත්තෙ මෙහෙම කන්න... 😋🥺

කෝ බලන්න කජු පෙරේතයො ටික 😋💚
08/05/2023

කෝ බලන්න කජු පෙරේතයො ටික 😋💚

අවුරුදු කෑම වට්ටෝරුව - Aurudu Recipe Collection ___________________________________________________
05/04/2023

අවුරුදු කෑම වට්ටෝරුව - Aurudu Recipe Collection

___________________________________________________

දියවැඩියාවට මට්ටු කරන්න චුට්ටක් කන්න එපා! ඇති තරම් කන්න...- Dr. Janaka Wannaku -✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️වන්නකු මෙතඩ් 'Wannak...
05/04/2023

දියවැඩියාවට මට්ටු කරන්න චුට්ටක් කන්න එපා! ඇති තරම් කන්න...
- Dr. Janaka Wannaku -
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

වන්නකු මෙතඩ් 'Wannaku Method' (WM) යනු තරබාරුකම සහ තරබාරුකම ආශ්‍රිත රෝග කළමනාකරණය කිරීම අරමුණු කරගත් ජීවන රටාවකි. ලංකාවේ සුලභ සහ ලාභ ආහාර වර්ග පදනම් කරගෙන ආහාර පිඟාන සකස් කර ගැනීමත්, සියලු දෙනාටම කෙටි වේලාවකින් නිම කරන්නට පිළිවන් සරල සහ උපකරණ රහිත ව්‍යායාම මාලාවක් හඳුන්වා දීමත් මෙහිදී විශේෂිතය. ඔබට හැකි ආකාරයට එක් වරකට එක පියවර බැගින් පුහුනුවට ඇතුලුකර ගන්න.

බොහෝ විට ලැබෙන අවවාදය නම් අඩුවෙන් ආහාර ගෙන වැඩිපුර ව්‍යායාම කරන ලෙසටයි. නමුත් 'Wannaku Method' (WM) හි දි ඔබට බඩ පිරෙන්නට ඇති තරම් ආහාර ගෙන අඩුවෙන් ව්‍යායාම කර ඉතා පහසුවෙන් බඩ අඩු කර ගන්නත් දියවැඩියාව සමනය කර ගන්නත් නිසැකවම හැකි වනවා. අපේ ක්‍රමය අනු ගමනය කර ඵල ලබා ගත් දහසක් දෙනා ඒ වෙනුනේ සාක්ෂි ලබා ‌දෙයි. WM සියල්ල 100% නිවැරදිව කිරීම සාමාන්‍ය ජීවිතයේදී ඉතා අසීරු කරුණක් විය හැක. නමුත් ඔබ මේ පියවරයන් වැඩිපුර අනුගමනය කරන පමණට ඔබේ නිරෝගී බව ඉහල යයි.

'Wannaku Method' (WM) කා වෙනුවෙන්ද ? 🤔🤔🤔
ලෙඩ රෝග වලට බිය නොවී ජීවිතය ගත කරන්න කැමති සියලු දෙනා වෙනුවෙන්. බඩ ගෙඩිය වැඩි අයට බඩ අඩු කර ගන්නට. දෙවන ඝණයේ දියවැඩියාව රෝගීනගේ දියවැඩියාව සමනයට. කාබෝහයිඩ්‍රේට විෂ වීමේ රෝග සමූහය(Carbohydrate Toxicity Syndrome) සමනය කර ගන්නට.

කාබෝහයිඩ්‍රේට විෂ වීමේ රෝග සමූහය නම් ස්ථුලතාව. දියවැඩියාව. හෘද රෝග. අධි රුධිර පීඩනය. අධික කොලෙස්ටරෝල්. ෆැටිලිවර්. පොලි සිස්ටික් ඔිවරි සින්ඩ්‍රෝමය. කාන්තාවන්ගේ මඳ සරු බව හෝ නිසරු බව. ඩිමෙන්ෂියාව සහ මානසික රෝග. පිලිකා. වකුගඩු රෝග, කුරුලෑ. ‌මෙම නාම කරණය මෙසේ කරන්නට හේතුව නම් මෙම රෝග සියල්ල ඇතිවන්නේ ඉන්සියුලින් ප්‍රතිරෝධය (Insulin Resistance) මුල් කරගෙන වීම නිසාය. ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇතිවන්නට ප්‍රධාන හේතුව නම් අපි නිතර නිතර ආසාවෙන් ගිල දමන පාන් පිටි සීනි සහ කාබෝහයිඩ්‍රෙිට බහුල ආහාර වීමයි. ඉතින් කාබෝහයිඩ්‍රෙිට විස සහිත නම් ආහාරයෙන් විස සහිත දෑ සහ නිතර නිතර විස ආහාරයට ගැනීම නැවැත්වූ විගස මෙම රෝග සියල්ල අතුරු දහන් වී යයි.

නමුත් ඒය සිතන තරම් පහසු නැත. ඇයි ? මන්ද යත් ඔබ වටා ඇත්තේ මෙම විස සහිත ආහාර පිරුණු පරිසරයක් වීමයි. 'Wannaku Method' (WM) යනු ක්‍රමාණුකූලව ඔබට ඒම විස සහිත් ජීවන රටාවෙන් මිදෙන්නට මග කියන පහන් ආලෝකයයි. අමතක කරන්න ඒපා ඔබට 'Wannaku Method' (WM) ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ බව.

'Wannaku Method' (WM) යනු අපේ රටේ ජනතාව බෝ ‌නොවන රෝග වසංගතයෙන් මුදා ගැනීම වෙනුවෙන් කෙරෙන ප්‍රජා සත්කාරයක් පමණි. ඔබටත් මේ මහඟු ප්‍රජා සත්කාරයට දායක වන්නට පිළිවන් ක්‍රමයක් අපි සකස් කරලා තියෙනවා. ඒ කොහොමද ? පළමුව ඔබ 'Wannaku Method' (WM) අනුගමනය කර සුවපත් වන්න. ඔබ සෑහීමකට පත් වනවානම් පමණක් තවත් දහ ‌‌දෙනෙකුට මේ ශුභ ආරංචිය බෙදා හරින්න. මේ ලිපිය පහල කෙලවරේ අපේ මුහුණු පොතේ සමූහ සහ පිටු පිළිබඳ තොරතුරු තිබෙනවා. ඒවාට ඒකතුවන්න.

'Wannaku Method' (WM) අනුගමනය කරන්නේ කෙසේද ?
WM පියවර දහයක් අඩංගු වේ. ඒවා කොටස් තුනකට බෙදා ඇත. මූලික අවස්ථාව, අතරමැදි අවස්ථාව, සහ වර්ධනීය අවස්ථාව ලෙසට. මූලික අවස්ථාවේ අඩංගු කරුණු ඔිනෑම කෙනෙකුට පහසුවෙන් අනුගමනය කරන්නට පිළිවන්. ඔබ WM හි අඩංගු කරුණු පිළිබඳව දෙගිඩියාවෙන් සිටින්නේ නම් මූලික අවස්ථාව මාසයක් උත්සාහ කර වෙනස බලන්න. සිදුවන වෙනස් කම් ගුණදායක නම් පමණක් දෙවනුව අතරමැදි අවස්ථාවට යන්න. ඉන් පසුව වර්ධනීය අවස්ථාවට යන්න.

මූලික අවස්ථාව – Beginner Level

👉පියවර 1
දවසේ වැදගත්ම ආහාර වේල රාත්‍රී ආහාරයයි. රාත්‍රී ආහාරය බිං කලුවර වැටෙන්නට පෙර ගන්න. සවස හයට පෙර ආහාරගෙන අහවර කරන්න පුලුවන්නම් ඉතා හොඳයි. අඩුම ගානේ හතට පෙර වත් ආහාර ගෙන අහවර කරන්න. අට පහු වෙනවානම් රාත්‍රී ආහාරය නොගෙන සිටින තරමට හොඳය.

👉පියවර 2
උදෑසන ආහාර වේල ගන්නා තුරු වතුර පමණක් බොන්න. උදේම අවදි වූ විගස තේ බොන්න එපා. බිස්කට් කන්න ඒපා. උදෑසන ආහාර වේල හැකි තරම් පමා වී ගන්න.

👉පියවර 3
“චුට්ටක් කන්න එපා” “ඇති තරම් කන්න” . ප්‍රධාන ආහාර වේල් පමනක් ගන්න. කැලරි ගනන් කරන්න එපා.. නමුත්, අතරින් පතර – අනං මනං – චුට්ට චුට්ට – තිබුන පලියට – දැක්ක පලියට – කන්න එපා.

👉පියවර 4
සෑම ආහාර වේලකටම පැය බාගයකට පලමුව වතුර වීදුරුවක් හෝ දෙකක් බොන්න. ආහාර ගෙන අහවරවී පැය බාගයක් යනතුරු වතුර බොන්න එපා.

👉පියවර 5
හොද දේවල් ඇතිතරම් කන්න. සිරුරට විස සහිත “තහනම් ආහාර” කන්නම එපා.

❌❌❌
තහනම් ආහාර නම් – සීනි, පැනි රස, පාන්පිටි, පිටි වර්ග, කිරි, එලවලු තෙල්, සන්ෆ්ලවර් ඔයිල්..කෝන් ඔයිල්..වෙජිටබල් ඔයිල්,මාගරින් පැකට් කල ආහාර, රූපවාහිනියේ දැන්වීම යන ආහාර, processed food, සකස් කල ආහාර . මේවා පොඩිත්තක්කත් කන්නේම නැතිව ඉන්න උත්සාහ කරන්න. මෙම විස සහිත ආහාර ඝණයට අයත් තව ආහාර වර්ග කිහිපයක් තිබේ. යොදය රහිත කිරි වර්ග, කෘත්‍රිම රස කාරක, කැලරි රහිත ආහාර සහ පානයන් වර්ග, සීනි රහිත ආහාර වර්ග (sugar free products, fat free products. calorie free products.)

අතරමැදි අවස්ථාව – Intermediate Level

👉පියවර 6
ආහාර ගන්නා ප්‍රමානයට වඩා ආහාර ගන්නා වේලාව ඉතාම වැදගත්. මෙහි පළමු පියවර නම් රාත්‍රී ආහාරය සවස 7.00 ට පෙර ගැනීමයි.. හය වන පියවරේ ඉලක්කය නම් දවස ඇතුලත ආහාර ගන්නා කාළය සහ ගන්නා ආහාර වේල් ගනන කෙමෙන් අඩු කිරීමයි. මෙය ඒකවර කරන්නට අපහසු බැවින් පියවර ගනනාවකින් ක්‍රමාණුකූලව කරණු ලබයි. අවසාන ප්‍රතිඵලය නම් පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් ගැනීමයි.

👉පියවර 6a – 12/12
පැය 12 ඇතුලත ආහාර වේල් තුනක් පමණක් කන්න. අතර මැද අමතර අනං මනං කන්න එපා. උදාහරණ; උදේ 7 – 8 / දවල් 1 – 2 / රාත්‍රී 6 – 7 මේ පියවර සති දෙකක් හො හතරක් පමණ කරන්න.. ඔබට ඉක්මනින් සුව වන්නට දැඩි අවශ්‍ය තාවක් තිබුනත් සිරුරට මේ නව ආහාර රටාවට හුරු වන්න යම් කාලයක් අවශ්‍ය වනවා. ඒම නිසා ක්‍රම ක්‍රමයෙන් ඔබේ ආහාර රටාව වෙනස් කරන්න. ඔබට හැඟෙනවා නම් සති දෙකකට වඩා වැඩි කාලයක් වුවත් 12/12 පියවරේ රැඳී සිටින්නට පුළුවන්.

👉පියවර 6b – 14/10
දෙවන සතියේ සිට පැය දහයක් ඇතුලත ආහාර වේල් තුනක් පමණක් ගන්න.. අතර මැද අමතර ආහාර ලෙස අනං මනං කන්න එපා.. උදේට 9 – 10 අතර. දවල්ට 1 – 2 අතර. රාත්‍රී 6 – 7 අතරගන්න. සවස 7 සිට පහුවදා උදේ 9 ට ආහාර ගන්නා තුරු වතුර පමනක් බොන්න. පිගානෙන් 1/5 ක් පිශ්ඨය 1/5 පිශ්ඨය රහිත එලවලු සහ පිශ්ඨය රහිත පලතුරු .ඉතිරි 3/5 මේදය සහ ප්‍රෝටීන බෙදාගන්න. මේ පියවර අනිවාර්යයෙන් මාසයක් කරන්න. මෙයත් අන්තර්වාර කාලයක්.

👉පියවර 6c – 16/8
6b පියවර මාසයක් පමන පුහුනුවීමෙන් අනතුරුව 5c පියවරට යන්න. පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් පමනක් ගන්න. ඉතිරි පැය 16 වතුර පමනක් බොන්නග උදේ ආහාර වේල මගාරින්න. පලමු ආහාර වේල 11-12 අතර ගන්න. රාත්‍රී ආහාර වේල 6 – 7 අතර ගන්න. එහෙම නැතිනම් රාත්‍රී ආහාර වේල මගාරින්නත් පුලුවන්. පලමු ආහාර වේල 8-9 අතර අරගෙන දෙවන් ආහාර වේල 2-4 අතර ගන්න උනත් පුලුවන්…. පිගානෙන් 1/5 ක් පිශ්ඨය 1/5 පිශ්ඨය රහිත එලවලු සහ පිශ්ඨය රහිත පලතුරු .ඉතිරි 3/5 මේදය සහ ප්‍රෝටීන බෙදාගන්න. ඔබේ රැකියාව සහ ජීවන රටාවට ගැලපෙන ආකාරයට ආහාර ගන්නා වේලාව සකස් කර ගන්න.

මෙහි ඇති වැදගත් කම නම් ඔබ දවසින් පැය දහසයක් නිරාහාරව (උපවාසයෙන්) ගත කිරීමයි. උපවාස කාලය තුල වතුර පමණක් බොන්න. මේ කාලය තුල ඔබේ සිරුරට ඉන්සියුලින් ප්‍රතිරෝධය සමනය කර ගන්නට සහ ඔබේ සිරුරේ කාලයක් තිස්සේ ගොඩ ගැහෙමින් තිබූ වැඩිපුර මේදය ඇතුළු නොයෙකුත් අපද්‍රව්‍ය ශක්තිය බවට හරවා දහනය කර දමන්නට සිරුරට නිදහස ලැබෙනවා. 16/8 ආරම්භ කල විගසම ඔබේ දියවැඩියාව තත්වය වේගයෙන් සමනය වන්නට පටන් ගන්නවා. ඉක්මනින්ම ඖෂධීය ප්‍රතිකාර නැතිවම රුධිරයේ සීනි මට්ටම පාලනය වනවා. නිරතුරුවම රුධිර සීනි මට්ටම පරීක්ෂා කරන්නත් ඔබේ වෛද්‍ය වරයා සමග නිතර සාකච්ඡා කිරීමත් මෙම කාලයේදී ඉතා වැදගත් වෙනවා.

👉පියවර 7
ආහාර පිඟාන බෙදා ගන්නේ කෙසේද ? ක්රමයෙන් ආහාර පිඟානේ ඇති පිෂ්ඨය අඩු කරන්න පටන් ගන්න. පළමු මාසය ඇතුලත පිෂ්ඪය සහිත ආහාර පිඟානෙන් බාගයක් දක්වා අඩු කරන්න. ‌ඉතිරි අඩ පිෂ්ඨය රහිත ආහාර වර්ග බෙදා ගන්න. දෙවන මස සිට 1;1;3 අනුපාතයට ආහාර ගන්න ආරම්භ කරන්න.

පිගානෙන් 1/5 ක් පිශ්ඨය, 1/5 පිශ්ඨය රහිත එලවලු සහ පිශ්ඨය රහිත පලතුරු. ඉතිරි 3/5 මේදය සහ ප්‍රෝටීන බෙදාගන්න. ආහාර ප්‍රමානයට වඩා ආහාර අතර අනුපාතය වැදගත් බව සලකන්න. 1; 1; 3. ඔබට කන්නට පුළුවන් නම් බත් බාල්දියක් වුවත් කන්න. නමුත් ඒ් සමග කොළ ඒලවළු බාල්දියකුත් මස් හෝ ඊට සමාන දේ බාල්දි තුනකුත් බැගින් කන්න.

පිඟානෙන් 1/5 “පමණක්” පිශ්ඨය සහිත ආහාර කන්න.
හැකි සෑම විටම කඩල, කවුපි, මුන් ඇට,තම්බපු හාලේ බත් කන්න..බත් පොලොස් කොස් දෙල් දේශීය අල වර්ග බතල මයියොක්කා . පිෂ්ඨය සහිත ඒලවළු. ඒනම් කැරට්, බීට්, වට්ටක්කා සහ අළුකෙසෙල් වැනි ඒලවළු වර්ග. ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් අඩු ආහාර හැකි සෑම විටම තෝරා ගන්න.

පළමු මාස හය ඉකුත් වන තුරු පැණිරස පළතුරු කන්නම ඒපා. එනමි ; අඹ අන්නාසි ගස්ලබු කෙසෙල් කොමඩු මිදි, වැනි පළතුරු. පළමු මාස හය ගත වුනාට පසුවවත් මේ පළතුරු වර්ග පුළුවන් තරම් අඩුවෙන් කන්න. මේ පළතුරු වලින් සෑදූ (ෆෘට් ජූස්) පළතුරු බීම වර්ග සීනි නොදා වත් බොන්න එපා. මෙම පළතුරු වල ඇති අධික සීනි සහිත ස්වභාවය නිසා ඉන්සියුලින් ප්‍රතිරෝධය ඉහල නංවයි.

පිඟානෙන් 1/5 පමණක් පිශ්ඨය රහිත එලවලු වර්ග කන්න. පලා වර්ග, මැල්ලුම් වර්ග, කොළ කැඳ වර්ග පොල් කිරි වැඩියෙන් සහ බත් අඩුවෙන් හෝ නැතිවම සාදන්න. කොල පැහැති පිෂ්ඨය රහිත එලවලු; කරවිල, තිබ්බොටු, බණඩක්කා, බෝංචි, මෑකරල්, පතෝල, වැටකොළු සහ තවත් ඒවැනි ඒලවළු වර්ග. කොළ පැහැති නොවන පිෂ්ඨය රහිත ඒලවළු; තක්කාලි, ගෝවා, කැකිරි පිපිඤා.කරවිල, තුඹ කරවිල, තිබ්බටු, පිශ්ඨය රහිත පලතුරු; අඹරැල්ල, වෙරලු, නංනං, පේර, ලොවි, උගුරැස්ස, දිවුල්,බෙලි

පිඟානෙන් 3/5 ක් මේදය සහ ප්‍රෝටීන ගන්න.පොල් සම්බෝල,දවසකට කහ මදය සමග බිත්තර 4 කන්න, මාලු, මස්, මී කිරි, අලිගැටපේර, හතු, ටෝෆු, බටර්, පොල්තෙල්, එලගි තෙල්.කජු, රටකජු

චුට්ටක් කන්න එපා…කැලරි ගනන් කරන්න එපා..කන වේල අඩුවෙන් කන්න ඒපා. කන වෙලාවට බඩ පිරෙන්න කන්න.නමුත් අතරින් පතර, අනං මනං, චුට්ට චුට්ට, කන්න එපා.

තෙල් වලට බය වෙන්න එපා. අදහස තමා පුලුවන් තරම් තෙල් සහ ප්‍රෝටීන් ආහාරයට ඒක්කර ගැනීම.ඔය දෙකම ස්වභාවයේ එකට තියෙන හොදම ආහාරය තමා මස් සහ මාලු.

මස් වර්ග වලින් මේදය අධිකව පවතින රතු මස් වර්ග (හරක් මස් සහ ඌරු මස්) වඩා ගුණයි. යම් හේතුවක් නිසා ඔබ මේ මස් වර්ග ආහාරයට ගන්නට අකමැති නම් සුදු මස් වරග ( කුකුලු මස් )වල අවශ්‍ය පමණට මේදය අඩංගු නොවන නිසා ඒ් සමග නොවරදවා පොල් සම්බෝල හෝ බටර් ආහාරයට ඒක් කර ගන්න. අපේ රටේ බහුලව ඇති පොල් සහ පොල් තෙල් වල සිරුරට අවශ්‍ය මේදය මස් මාළු වලටත් වඩා හොඳින් තිබෙනවා.මී කිරි සහ අලිගැට පේරත් අපට අමතක වූ නමුත් ඉතාමත් ඉහල පෝෂණ ගුණයක් සහිත ආහාර වර්ගයි.දිනපතා උදේ ආහාරයට ලොකු පොල් සම්බෝලයක් අණිවාර්යයෙන් ඒකතු කර ගන්න.

ලොකු පොල් සම්බෝලයක්, මුං ඇට පොඩ්ඩක්,ලොකු මැල්ලුමක්,බිත්තර දෙකක් සහිත ආහාර පිගානක් කියන්නේ දියවැඩියාවට අඩු වියදම් දිව ඔසුවකි.අප නිර්දේශ කරන ආහාර පිඟාන බත් අඩු, කොළ එළවළු අඩු, ලොකුම ලොකු පොල්සම්බෝලයක් හෝ පොල් ගොඩාක් වරදින්නේ නැති, බිත්තර දිනපතා හතරක්වත් කන, මස් මාළු බහුල, මී කිරි බත් වගේ කන ආහාර වේලකි. ඔබ කැමති නම් ඒක වේලකට මීකිරි හට්ටියක් පමණක් කෑවත් කමක් නැත.

වර්ධනීය තත්වය – Advanced Level

👉පියවර 8
රාත්‍රී රාත්‍රී 10 ට පෙර නිදා ගන්න. රාත්‍රී අවම පැය හතක්වත් නිදා ගන්න. උදෑසන පහට පෙර අවදි වන්න එපා.

👉පියවර 9
'Wannaku Method' (WM) අනෙක් විශේෂත්වය නම් අපේ ව්‍යායාම වැඩසටහනයි. උපකරණ රහිතව ගෙදරදීම ඉතා අඩු කාලයකින් හැඩ ඇති වැඩ පුලුවන් සිරුරක් හදා ගන්න ඒක තව දුරටත් සිහිනයක් නොවේ.

සතියකට දෙවරක් සදුදා සහ බ්‍රහස්පතින්දා විනාඩි 20 බැගින් ව්‍යායාම කරන්න.

👉පියවර 10
දිනපතා විනාඩි විස්ස බැගින් ආනාපාන සති භාවනාව කරන්න.

'Wannaku Method' (WM) හොඳ නැති අයත් සිටිනවාද ?
(wm5c) 16/8 පියවරට නොයා 14/10 (wm5b) පමණක් කිරීම සුදුසු බව අපේ අදහසයි.

• තයිරොයිඩ සම්බන්ධ අසනීප තිබෙන අය
• කිරිදෙන මවු වරුන් සහ ගර්භනී කාන්තාවන්ට
• අවුරුදු 18 ට වඩා අඩු ළමයින් අනෙක් සියළුම පියවර කරන්නට පිළිවන්.

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

තොරතුරු අන්තර්ජාලයෙන්
Rms Sudarshani

පොඩි ලොකු හැමෝම කන්න ආස Pringles... 😋
05/04/2023

පොඩි ලොකු හැමෝම කන්න ආස Pringles... 😋

බඩවැල් පිරිසිදු කරන / පිලිකාව මර්ධනය කරන කෙසෙල් බඩ ව්‍යාංජනය🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿මගේ මතකය අවුරුදු ගාණක් ඈතට ඇදිලා ගිය එක මොහොතකින් ...
05/04/2023

බඩවැල් පිරිසිදු කරන / පිලිකාව මර්ධනය කරන
කෙසෙල් බඩ ව්‍යාංජනය
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

මගේ මතකය අවුරුදු ගාණක් ඈතට ඇදිලා ගිය එක මොහොතකින් . ඒ අම්මා මට කන්න පුරුදු කරපු මෙන්න මේ කෙසෙල් බඩ නියඹලා කියන කෑම හොයාගෙන . මට තවම මතකයි අම්මා කෙසෙල් බඩ නියඹලා හදලා ඒ එක්ක මට කවපු බත් කටේ රහ . ඒ කාලේ මම වත්තේ කෙසෙල් ගස් කපන්නේ නැහැ . මොකද මම පොඩි නිසා . ඒත් දැන් ගෙදර කෙසෙල් කැන් වැටුනම ඒවා කපන්නේ මම . ඒ නිසා මම කෙසෙල් බඩ අනිවාර්යෙන්ම උයවනවා අම්මට කියලා . එදාට බත් අඩුවෙන් උයලා කෙසෙල් බඩ තමයි වැඩිපුර උයන්නේ . එදාට මම කන්නේත් බත් වලට වඩා කෙසෙල් බඩ නියඹලා .

අම්මා විස වෙදකම් එක්ක හැප්පුණු කෙනෙක්. අම්මා මට කෙසෙල් බඩ නියඹලා හදලා කවන ගමන් මට කිව්ව කතාවක්. ඒ තමයි අපි කන කෑම නිසා අපිරිසිදු වෙන බඩවැල් පිරිසිදු වෙන්න , බඩවැල් පිහදැමිලා යන්න මේ කෙසෙල් බඩ උයලා කන්න කියන කතාව . අම්මා මට කිව්වේ ඇඹුල් කෙසෙල් බඩ උයලා කනවට වඩා හොඳ අලුකෙසෙල් බඩ නියඹලා හදලා කන එක කියලා .
සාමාන්‍ය ජීවිතයට කෑමක් විදියට මේ නියඹලා එකතු කරගන්න කියලා එහෙම කිව්වා වගේම විෂ වෙදකමේදී අළුකෙසෙල් ගහ කොච්චර වටිනවද කියලා කියලා නිම කරන්න බැහැ .

නයෙක් ගැහුවම ඉස්සෙල්ලම කරන වෙදකම් ලිස්ට් එකේ අලුකෙසෙල් බඩ , අලුකෙසෙල් අල , අලුකෙසෙල් ගෙඩි , අළු කෙසෙල් කොළ යුෂ හැමදේම එක එක බෙහෙත් වට්ටෝරු වලට යොදා ගන්නවා . ඒ නිසා මට තේරුනා අම්මා එදා මට කෙලින්ම නොකියා පුරුදු කලේ වෙදකමේ ඉගැන්නෙන කෑමක් කියලා .
(සමහර අයනම් දන්නවා ඇති . ඒත් දන්නේ නැති අය වෙනුවෙන් මම හිතුවා කෙසෙල් බඩ නියඹලා හදන හැටි ලියන්න ඕන කියලා.)

කොහිල අල උයලා කන කෙනෙක්ට කොහිල අලේ වෙනුවට කෙසෙල් බඩ කෑල්ල කපලා දන්න විතරයි තියෙන්නේ . කෙසෙල් ගහක් කපලා කෙසෙල් බඩ විසි කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම කෑමට ගන්න . කොහිල අලත් දැන් කෘමි නාශක නිසා අවදානම් තත්ත්වයකට වැටිලා තියෙන නිසා කෙසෙල් බඩ තමයි හොඳම . හැබැයි ඒ කෙසෙල් ගහත් ගෙදර හැදෙනවානම් තමා වඩාත්ම හොඳ .
කෙසෙල් ගහක් කැපුවට පස්සේ කෙසෙල් කැන එලියට ඇවිත් තියෙන තැන ඉඳලා අඟල් හයක් විතර පහළට වෙන්න තියෙන තැන ඉඳලා අඩි එකහමාරක් විතර කෙසෙල් බඩය කොටස උයන්න හොඳ තත්ත්වයේ තියෙනවා . ඊට පහළ ඉඳලා තියෙන බඩය මෝරලා වැඩියි . කෙඳි ගතිය වැඩි නිසා කන්න අමාරුයි . ඉතින් කෙසෙල් කඳ මේ කිව්ව දුරවල් වලට හරියන්න කපලා අරගෙන කෙසෙල් පතුරු ඔක්කොම ගලවලා දානකොට සුදුපාට කූරක් වගේ කෙසෙල් බඩය තියෙනවා . ඒක තමයි මේ උයන්න හදන්නේ .
අවශ්‍ය දේ :-.......
කෙසෙල් බඩ කැබැල්ලක්
ගස්ලබු ගෙඩියක් ( හොඳට පැහුණු , ඒත් නොයිදුනු )
රතුළූණු
සුදුළූණු
හාල් මේස හැන්දක් විතර
උළුහාල් තේ හැන්දක්
අබ
ගම්මිරිස්
අමුමිරිස් කරල් පහක්
පොල් මේස හැන්දක්
රම්පා
කරපිංචා
කුරුඳු පොතු එකක්
දියකිරි කෝප්ප දෙකයි
මිටිකිරි කෝප්ප එකයි
ලුණු
කහ
උම්බලකඩ

ඉස්සෙල්ලම කරන්න ඕන කෙසෙල් බඩය අරගෙන හොඳට සෝදලා කෑලි කෑලි වලට කපන එක . කැමති විදියකට කපා ගන්න . පොඩිවෙන තරමට කන්න ලේසියි . මමනම් කපන්නේ පෙති පෙති කපලා ඊට පස්සේ ඒ පෙති පහක් හයක් එකට තියලා කෑලි කෑලි වලට කපන එක . තමන්ට කැමති විදියකට කපාගන්න . ඊට පස්සේ ගස්ලබු ගෙඩියත් පොතු ගහලා සිහින් වෙන්න කපාගන්න . හාල් , පොල් , අබ සුදු ළූණු , ගම්මිරිස් , මිරිස් ගලක දාලා හොඳට අඹරගන්න . මිරිස් ගලක් නැත්නම් ග්‍රයින්ඩරේ දාලා වතුර පොඩ්ඩක් දාලා අඹරගන්න . පස්සේ මේ අඹරගත්ත eවයි කෙසෙල් බඩ ගස්ලබු කපපු ටිකයි මැටි ඇතිළියකට දාලා හොඳට අතින් කලවම් කරන්න . ඊට පස්සේ රම්පා කරපිංචා ඒවා මේවා ඔක්කොම දාන්න තියෙන ඒවා දාන්න .
ආ මට දෙයක් කියන්න අමතක උනා . කෙසෙල් බඩවල කෙඳි තියෙනවා .

ඔයාලා කෙසෙල් බඩ කෑලි කපලා ඒ තියෙන භාජනයට හැඳි මිටක් දාලා පොඩ්ඩක් එහා මෙහා කරනකොට වැඩිපුර කෙඳි හැඳි මිටේ පැටලෙනවා . එහෙම කරලා ඕන නැති කෙඳි ඉවත් කරන්න පුළුවන් .

දැන් දියකිරි එකතුකරලා ලිපේ තියෙලා ගින්දර දාන්න . ගින්දර දාන්න බැරිනම් ගෑස් එකේ නොබ් එක කරකවන්න . හොඳට තැම්බුනාට පස්සේ මිටිකිරි එකතුකරන්න . ඊට පස්සේ රහ බලලා ලුණු එකතු කරන්න . මේකට ඉඟුරු කෑල්ලකුත් තලලා දාන්න පුළුවන් නම් මරු තමා . නියඹලාව හොඳට පැහුනට පස්සේ නියම සුවඳක් එනවා . ඊට පස්සේ තියෙන්නේ හැන්දට පොඩි කෑල්ලක් අරගෙන රහ බලන්න .
ඊට පස්සේ ඉතින් කන්ට හැකි බඩ පිරෙනකල් ..

ඔය මල බද්දයට මේ නියඹලා හරිම හොඳයි කියලා කියනවා . ඊට වඩා වැදගත් වෙන්නේ විෂ නැති වෙන්න දායක වීමයි බඩවැල් ආමාශය පිරිසිදු කරන්න , අතු පතු ගාලා දාන්න මේ කෙසෙල් බඩ වල තියෙන කෙඳි වලට හොඳට පුළුවන් නිසා . බොරුවට පොෂ් වෙලා ලංකාවේ දේශීය දේවල් ඈත් කරලා නිකන් අමාරුවේ වැටෙන්න එපා . අහක දාන කෙසෙල් බඩය උයලා කාලා ඒ අත්දැකීම විඳගන්න .

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
මුල් අයිතිකරු ට බෙහෙවින් ස්තුතියි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තොරතුරු අන්තර්ජාලයෙන්
Rms Sudarshani
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

නමිනං වල ගුණ🌿🌿🌿🌿🌿🌿🌿මැලේසියාවට ආවේණිකව තිබී පසුව ශ්‍රි ලංකාවට හඳුන්වා දෙන ලද නමිනං ශ්‍රී ලංකාවේ වගේම ඉන්දුනීසියාව, ඉතාලිය...
05/04/2023

නමිනං වල ගුණ
🌿🌿🌿🌿🌿🌿🌿

මැලේසියාවට ආවේණිකව තිබී පසුව ශ්‍රි ලංකාවට හඳුන්වා දෙන ලද නමිනං ශ්‍රී ලංකාවේ වගේම ඉන්දුනීසියාව, ඉතාලිය, මැලේසියාව, ආදී රටවල් වලත් ඉතා හොඳින් වැවෙන ශාකයක්.

ලංකාවෙත් ඕනෑම ප්‍රදේශයක වවා ගැනීමට පුළුවන්. කුඩා පැළයක් සාමාන්‍යයෙන් මාස 6 කින් උසට වැඩෙනවා සාමාන්‍යයෙන් පඳුරු ආකාරයක් ගන්නා කුඩා ශාකයක් වන මෙය ඝන වියනක් මෙන් වර්ධනය වෙනු ලබන්නක්. ගසේ කඳ කොටසේ පොකුරු වශයෙන් හට ගන්නා නමිනං ගෙඩිය ඉදුණු විට කහ පැහැයක් ගනු ලබනවා. අමු ගෙඩිය මද වශයෙන් ඇඹුල් රසයකින් හා කහට රසයකින් යුක්ත වන අතර හොඳින් ඉදුණු පසු ප්‍රනීත පැණි රසයකින් යුක්තයි.

සාමාන්‍යයෙන් මේ රසවත් නමිනං ගෙඩියක් සෙන්ටිමීටර් 3-10 ක් තරම් දිග අතර උපරිම පළල සෙන්ටිමීටර 2-6 ක් තරම් වෙනවාමේ නමිනං ගෙඩියේ හැඩය බොහෝ දුරට බෝංචි ඇටයක හැඩයක් ගනු ලබනවා. නමිනං ගෙඩියේ මතුපිට රැලි ආකාරයක් දකින්නට හැකි අතර ඵය තරමක් රළු ස්භාවයකින් යුක්තයි. ඵලය ඇතුළත ඒ හැඩයට බොහෝ සමාන වූ පැතලි බීජ ඵකක් දකින්නට පුළුවන්.විටමින් C සහ විටමින් A බහුල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් මේ පලතුර ඖෂධීය වශයෙන් ඉහළ ගුණයකින් යුක්තයි.ලාංකීය අපි නමිනං ගෙඩි පමණක් ආහාරයට ගත්තත් නමිනං ගසේ කොළ සහ පොතු පවා හෙළ වෙදකමේ විවිධ ප්‍රතිකාර සඳහා භාවිතයට ගෙන තියෙනවා. ඒ හැරුණාම නමිනං කොළ වියළා කුඩු කර තේ මෙන් සකසා පානය කිරීම වෙනත් රටවල දකින්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි වෙනත් රටවල් නමිනං ඇටය පවා අඹරා සම්බෝල සාදා ආහාරයට ගනු ලබනවා.

නමිනං ඇටය සපා කෑමෙන් බුලත් විටක් කෑවා මෙන් කට රතු වෙනවා. ඉතින් අපි නමිනං ගෙඩිය හැරුණාම කොළ, පොතු, ඇට ආදිය භාවිතයට ගන්නේ ඉතාම අඩුවෙන්. ඒ වගේම නමිනං ගෙඩිය ඉදුණු පසුව ඵයින් නමිනං පානය වගේම නමිනං අච්චාරුවක්, චට්නියක්, සලාදයක් ලෙසත් ඉතාමත් රසවත්ව පිළියෙල කරගන්නට පුළුවන්.

නමිනං සතු ඖෂධීය අගය ආහාර ජීර්ණය පහසු කරයි ආහාර අරුචිය දුරුකර බඩගින්න වඩයි මානසික ආතතිය දුරුකර සන්සුන්භාවය ඇති කරයි බර අඩුකර අධි ස්ථුලභාවය දුරලයි. මල බද්ධයට වගේම මළපහ බුරුල්වීමටත් ගුණදායකයි. ප්‍රතිඔක්සිකාරක රාශියක් අන්තර්ගත නිසා පිළිකා ඇතිවීම වළක්වයි. සම පැහැපත් කරයි. මොළයේ වර්ධනයට ඉතාමත් හිතකරයි. වකුගඩු ආරක්ෂා කරයි. ඇස් පෙනීම වර්ධනය කරයි. හිසකෙස් සඳහා ගුණදායකයි. දියවැඩියා රෝගීන්ට ගුණදායකයි. පොටෑසියම් අඩංගු නිසා අධි රුධිර පීඩනය දුරලයි. කාන්තාවන්ගේ ගර්භාෂය ආශ්‍රිත රෝග දුරුකරයි. අතීසාරයට ගුණදෙයි. මුත්‍ර ආසාදන දුරු කරයි.සමේ රෝග සඳහා ගුණදායකයි. සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

නමිනං සතු ඖෂධීය භාවිතයන්..... දියවැඩියා රෝගයට නමිනං ගෙඩිය හැරුණාම නමිනං ගසේ පොතු තම්බා පානය කිරීම ගුණදායකයි.සමේ රෝග වලට සමේ ඇතිවන දද කුෂ්ට ආදිය පවා නමිනං කොළ අඹරා ගෑමෙන් සහනයක් සලසා ගන්නට පුළුවන්.

නමිනං ඇට වලින් නිස්සාරණය කරගනු ලබන තෙල් චර්ම රෝග සඳහා භාවිතා කරන්නට පුළුවන්.අතීසාරයට නමිනං ඇට ඉතා සුදුසුයි. මැලේසියාවේ පාරම්පරික වෙදකම තුළ මුත්‍රා ගල් දිය කිරීමට නමිනං ශාකයේ කොළ භාවිතයට ගෙන තියෙනවා.

ඉතින් නමිනං කියන්නේ අද බොහෝ දෙනා පීඩා විඳින රෝග බොහෝමයකට ගුණදෙන රසවත් පළතුරක්. ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කරගන්නට හැකි නමිනං ශාකය අද වෙද්දි ආර්ථිකමය වශයෙන් පවා ඉතා ඉහළ වැදගත්කමකින් යුක්ත පළතුරක්. අපෙන් දුරස්ව යන වසවිස නැති මේ රසවත් ගුණවත් පළතුර ඔබේ ගෙවත්තේ වගා කරගන්නට අමතක කරන්නට ඵපා.
💐💐💐💐💐💐💐💐
තොරතුරු අන්තර්ජාලයෙන්
Rms Sudarshani

අතිරස 🍪__________මේ සඳහා අවශ්‍ය කරනවා:💠හාල් පිටි 500 g💠සීනි 300 g💠මහදුරු 25 g💠ලුණු තේ හැඳි 02💠කප්පි ( කැඩුණු කැකුළු සහල්...
05/04/2023

අතිරස 🍪

__________

මේ සඳහා අවශ්‍ය කරනවා:

💠හාල් පිටි 500 g
💠සීනි 300 g
💠මහදුරු 25 g
💠ලුණු තේ හැඳි 02
💠කප්පි ( කැඩුණු කැකුළු සහල්)
💠පාන් පිටි ස්වල්පයක්
💠පොල් පැණි
💠ගැඹුරු තෙලේ බැදීමට අවශ්‍ය තෙල්

සාදන ආකාරය:

පළමුවෙන්ම කප්පි සාදා ගැනීම සඳහා කැඩුණු කැකුළු සහල් තාච්චියකට දමා රන්වන් පාට වන තුරු බැද ගන්න.

මහදුරු විනාඩියක් පමණ බැද ගෙන හොඳින් කුඩු කර ගන්න.

පැණි මිශ්‍රණය සාදා ගැනීමට සීනි ටිකක් තාච්චියකට දමා එය රන්වන් පැහැ ගැන්වී උකු වන තුරු මද ගින්දරේ රත්කරගන්න.

සීනි මිශ්‍රණය රන්වන් පැහැ ගැන්වූ පසු උණු වතුර කෝප්පයක් එයට එකතු කරගනිමින් හොඳින් මිශ්‍ර කරන්න.

මෙයට ඉතුරු සීනි ටික දමා හොදින් කලවම් කරන්න.

ලුණු කුඩු ද එකතු කරන්න.

සීනි ටික හැන්දකට අරන් පහලට වක්කල විට නුලක් වගේ පහලට ඇදෙන පදමට එනකන් සීනි ටික උණු කර ගන්න.

මිශ්‍රණයෙන් භාගයක් වෙනම කෝප්පයකට දමා පසෙකින් තබාගන්න. පිටි එකතු කිරීමේදී මෙය අපට ප්‍රයෝජනවත් වෙනවා.

පොල් පැණි එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න. මිනිත්තුවක් පමණ තබා ලිපෙන් බා ගන්න.
කප්පි සහ මහදුරු එකතු කරන්න.

පිටි ටිකෙන් ටික එකතු කර ගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න.

පාන් පිටි ස්වල්පයක් ද එකතු කරන්න.

ඇඟිලි තුඩු තබමින් පිටි මිශ්‍රනය නිවැරදි පදමට සැදුණා දැයි අපට දැනගත හැකි වෙනවා. නිවැරදි පදමට සෑදුනු පිටි මිශ්‍රණය අතේ ඇඟිලි වල ඇලෙන්නේ නැහැ.

දැන් මේ මිශ්‍රණය තාච්චියෙන් එලියට ගෙන බෝර්ඩ් එකක් මතට බා ගන්න.

පිටි මිශ්‍රණයේ ම කුඩා වළක් සාදා ඒ මත තෙල් ස්වල්පයක් දමා එය ඇඟිලි තුඩු වල ගාගනිමින් මිශ්‍රණය කුඩා බෝල වලට කඩා ගන්න.

කෙසෙල් කොළයක් මත තෙල් ස්වල්පයක් තවරා ගෙන ඒ මතට කැවුම් බෝල තබා ඇඟිලි තුඩුවලින් බිස්කට් එකක් ආකාරයට සැදෙන පරිදි තලාගන්න.

තාච්චියක් ළිප තබා එයට තෙල් දමා මෙම කැවුම් එකිනෙක දමා ගනිමින් බැදගන්න.

එක කැවුමක් තාච්චියට දමා එය උඩට පැමිණෙන තෙක් දෙවෙනි කැවුම තාච්චියට නොදමන්න. එසේ නොවුනහොත් කැවුම් දෙකම එකට ඇලෙනවා.

කැවුම රන්වන් පාටට බැදුන පසු වට්ටියකට හෝ ටිෂු එකක් මතට බාගන්න.

මේ ආකාරයෙන් මුළු මිශ්‍රණයෙන් ම කැවුම් සාදා ගන්න.

භාජනයක කැවුම් අසුරන විට අඩියට පීරිසියක් අනිත් පැත්ත හරවා නමන්න. අතිරස කැවුම් වල තෙල් අධික බැවින් එසේ කිරීමේ දී කැවුම් වල ඇති තෙල් පීරිසිය අඩියේ තැන්පත් වෙනවා .

Address

Bomugammana
Divulapitiya

Telephone

+94771234567

Website

Alerts

Be the first to know and let us send you an email when Recipe.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share