Clasical life

Clasical life My own experiments

07/05/2026
මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නෙ පැරනි මෝටර් වාහන සදහා භාවිත වී වර්ථමානය වන විට භාවිතයෙන් කෙමෙන් ඈත් වී යන ඇනලොග් වේග ම...
23/09/2025

මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නෙ පැරනි මෝටර් වාහන සදහා භාවිත වී වර්ථමානය වන විට භාවිතයෙන් කෙමෙන් ඈත් වී යන ඇනලොග් වේග මාපක පිලිබඳව.

මේ ගැන කතා කරද්දි කොටස් කීපයකට බෙදල අපි කතා කරමු

ඇනලොක් වේග මාපකයක් කොහොමද වැඩ කරන්නෙ

ඉතිං අපි දකින්නෙ රෝදය කැරකෙද්දි ඉස්සෙන දර්ශකය විතරයි මේකෙ යාන්ත්‍රික පැත්ත ගත්තම ටිකක් සංකීර්න නමුත් සරල තාක්ශනයකට භෞතික විද්‍යාවේ චුම්භක ක්ෂේත්‍ර මූල්ධර්මය පදනම් කරගෙන තමයි නිශ්පාධනය කරල තියෙන්නෙ ඔය දර්ශකය වේගයට අනුව චලනය කරවන්න ⁣දීල තියනව රෝදෙ ඉදල අව්ටර් එකක් ඇතුලෙන් එන ටිකක් දෘඩ නැමෙනසුළු කේබල් එකක් මේක කෙලින්ම සම්භන්ධ වෙනව ඇවිල්ල වේග මාපකය (speedometer) එකට ඒ සම්භන්ධ අවස්ථාවේදි රෝදය කැරකෙද්දි රෝදයේ හබ් කොටස තුල තියන worm wheel කොටස ආධාර කරගෙන තමයි කේබලය කැරකෙන්න ගන්නෙ ඔය චලනය දිගටම ගිහින් මීටරය ඇතුලෙ තියන චුම්බක කෝප්පයට යනව ඒ කියන්නෙ ඒකත් කැරකෙනව ඒකට සම්භන්ධ කරල තියනව දර්ශක කටුවත් එක්ක තවත් අැලුමිනියම් කෝප්පයක් චුම්බක කොප්පය තුලට ඇතුල් කරල නමුත් කිසිම සම්ධතාවක් නෑ ඉතිං මෙතනදි චලනට වන ⁣චුම්භක කෝප්පය ඇතුලෙ හටගන්නව චුම්බක සුලි ඔන්න ඔය සුලියට අර ඇළුමිනියම් කප් එක චලනය කරන්න පුළුවන් ඉතිං වේගය වැඩි වෙන්න වෙන් සුලිය ඉතා ප්‍රභල වෙනව ඒ වෙද්දි දර්ශකයේ උත්ක්‍රමනයත් ඉහල අගයක් ගන්නව ඉතිං මෙතනදි තවත් කොටසක් දර්ශක කොටසට සම්භන්ධ වෙනව ඒ තමයි hair spring මේක තියෙන්නෙ දර්ශකය නිවැරදි වේග සීමාවේ රදව ගන්න සහ නැවත ශුන්‍ය අගයට ⁣දර්ශකය ආපසු රැගෙන එන්න ඔය දර්ශක කියවීමෙන් තමයි අපි බලන්නෙ අපි කොයි තරම් වේගයකින් පදවනවද කියන එක (මම මේ කතා කරේ රෝද වලින් යන වාහන ගැන නාවික හා ගුවන් කටයුතු වලදිත් මේ දේම පාවිච්චි වෙනව හැබැයි වෙනස් ක්‍රම දෙකකට ) ඉතිං මෙහෙම වේගය මනිද්දි අපිට ඕන කොච්චර දුරක් ගියාද කියන එක ඉලක්කමකින් බලා ගන්න ඒකට කරන්නෙ අදාල වාහනයේ රෝද වල ප්‍රමානය බලල ගනනය කිරීම් කරල ඒ අනුව ගියර පද්ධතියක් ආශ්‍රයෙන් පාඨාංක පෙන්නුම් කිරීම ඕක තමයි ඇනලොක් වේග මාපකයක සම්පූර්න කතාව තම මේවට ඇතුල් කරල තියෙන තාක්ෂණය මම කතා කරන්නම් අදාල වේග මාපක වල පිලිසකර කිරීම් එක්ක අපි බලමු වාහන වලට ආපුම මීටර් කොහොමද නැවත ඒ විදියට හදාගන්නෙ කියල අළුතින් මීටර් තියනවට වඩා හොදයි ඔරිගිනල් මීටර්ම තියල හදන එක ඉස්සරහට මම කියල දෙන්නම් මීටර් වල පොදු දෝශ අගයන් ශූන්‍ය කරන්නෙ වගේ දේවල් ⁣.මේව කතා කරල අපි යමු ඩිජිටල් මීටර් පැත්තටත්

මම ජනිත්

2025/09/24

W app 071.2358830
Call 0716687828

මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව ටිකක් අළුත් දෙයක් අපිට අළුත් උනාට අපිට කලින් මැකෑනික්වරුන්ට මේක අමුතු දෙයක් නෙවෙයි එයාල මේ...
07/07/2025

මම ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව ටිකක් අළුත් දෙයක් අපිට අළුත් උනාට අපිට කලින් මැකෑනික්වරුන්ට මේක අමුතු දෙයක් නෙවෙයි එයාල මේ තාක්ෂණය දන්නව දැනගත්තට දැන් යල්පැනල ගිය එකක් හන්ද අළුත් පරම්පරාව මේ ගැන හොයන්න යන්නෑ ඉතිං මම කතාකරන්නෙ mtx 50 R බයික් එක ගැන මොකද මම පාවිච්චි කරන්නෙ ඒක ඉතිං මට හරි අත්භූත කෑල්ලක් උනා ඔය දාල තියන rev booster එක මගෙ බයික් එකේ ලෙඩක් තිබුන ටොප් එකේ 60 kmph වලදි ඉග්නීශියන් off කරගන්න කතන්දරයක් පරන බයික් ගත්තම එන ලොකුම හිසරද තමයි මේ වගේ ලෙඩවල් මම ගැරේජ් ගානකට පෙන්නුව වැඩක් උනේ නෑ සමහරු බයික් එක දැක්කම ගේන්නවත් එපා කියනව කෑලි නෑ අරක නෑ කියල ඉතිං මටම එපා උනා හැබැයි මට කෙනෙක් කිව්ව මේක cdi එකට clip වෙන එකක් කියල අන්න එතන තමයි මගෙ turning point එක මම ඒක follow කරා කරල හොයාගත්ත මේකේ හරිම කතන්දරේ තමයි 50 cc කාන්ඩයේ. Mtx mbx dt කියන කාන්ඩ අනුව නිශ්පාධිත හා ඉල්ලුම් කරන සමහර රටවල් වලින් නිර්දේශිත වේග සීමාවක් දාල තියනව 60 kmph වලින් එහාට දුවන්න බෑ කියල එතනින් එහාට ස්පීඩ් වෙද්දි එන්ජිම නොක් කරල ආයෙ 60kmph වලදි ඉග්නීශියන් ඔන් වෙනව මේක වෙන්නෙ cdi එකේ තියන ලිමිටර් එකකින් ඒ කියන්නෙ 2strock cdi වලදි සාමාන්‍ය වේග වලදි රිලේ එකක් හෝ ට්‍රැයැක් එකක් මගින් තමයි ඉග්නීශියන් පාලනය වෙන්නෙ ඉහල වේග සීමා වලදි පාලනය මයික්‍රොකන්ට්‍රෝලර් එකකට ගන්නව ඒ වෙලාවෙදි මයික්‍රොකන්ට්‍රෝලර් එක ඔපරේට් වෙන්න ඕන 12 volts ලයින් එක නැති කරල තියෙන්නෙ ඒකයි බයික් එක 60kmph වලදි ඉග්නීශියන් ඕෆ් කරන්නෙ ඔන්න ඕක නැති කරල මයික්‍රොකන්ට්‍රෝලර් එකට කරන්ට් එක දෙන්නෙ අර කියන rev booster එකෙන් එකෙ තියෙන්නෙ. 1 kilo ohm resistor bank එකක් ඔන්න ඔහොමයි වැඩේ වෙන්නෙ

මම වෘත්තීයමය මැකෑනික් කෙනෙක් නෙවෙයි ඉතිං වැරදි ඇති ඒව කතා කරන්න මම හැමදේම දන්න කෙනෙක් නෙවෙයි දන්න දේ බෙදා ගත්ත කාට හරි මේ අව්ල ඇවිල්ල තියනවනම් ඒක හදාගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම දැම්මෙ

31/05/2025

Address

Kolonna
Embilipitiya Pallegama
205

Telephone

+94712358830

Website

Alerts

Be the first to know and let us send you an email when Clasical life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Clasical life:

Share