01/01/2025
"දන්නවද උද්යෝගීමත් ලෙසින් ඉලක්ක හඹා යන අයගෙ රහස්"
1. එයාලට තියෙන්නෙ නිකම්ම ඉලක්ක නොවෙයි Smart ඉලක්ක! ඒ කියන්නේ පැහැදිලි සැලැස්මක් සහිත ඉලක්ක!
2025 නම් මීට වඩා කෙට්ටු වෙනවා. 😒❌
2025 මාර්තු වෙද්දි මෙච්චරක් kg ගානකින් බර අඩු කරගන්නවා. ✅
2025 නම් මීට වඩා සාර්ථක විදියට වැඩ කරන්නෝනෙ. 😒❌
2025 මේ මාසෙ වෙද්දී මෙන්න මේ වැඩ ටික සම්පූර්ණ කරනවා.✅
සරලවම 'මෙන්න මේ කාලය වෙද්දී මං මෙතෙන්ට යනවා' කියන හොඳ පැහැදිලි සැලැස්මක් එයාලට තියෙනවා. 💪
2. ️තමන්ගෙ විශාල ඉලක්ක, එයාල කඩාගන්නවා පුංචි පුංචි පියවර වලට. ඒ තුලින් එයාල හැම දවසකටම ඉලක්ක සකස් කරගන්නවා. මොකද හරි සැලැස්මක් නැති උනාම වැඩ ගොඩ ගැහෙන බව එයාල දන්නවා.
3. උඩ කියපු රහස නිසා තමන්ගෙ ඉලක්ක වෙනුවෙන් එදිනෙදා කරන්න ඕනි දේවල් ටික මොනවද කියල එයාල දන්නවා.
4. එයාල හැමදාම තමන්ගෙ දෛනික වැඩ ගැන දවස අවසානයේ review එකක් අරන් බලනවා. එතකොට අඩුපාඩු නිවැරැදි කරගන්න කාලය තියෙනවා. මාසයක අඩුපාඩු වලට වඩා දවසක අඩුපාඩු නිවැරැදි කරගන්න එක පහසුයිනෙ.
5. එයාල අර හැම පුංචි අනු ඉලක්කයක්ම සම්පූර්ණ කළාම ඒක සමරනවා. එතකොට උත්තේජනය වෙන Dopamine නිසා එයාලට ඊලඟ ඉලක්කයට යන්න අවශ්‍ය දිරිගැන්වීම ලැබෙනවා.
6. එයාල ප්‍රමාණවත් තරම් විවේක ගන්නවා. විවේකයක් නොගෙන වැඩ කරනවා වෙනුවට මං වැඩ කරන්න තරම් විවේකයක් ගත්තද කියල එයාල හැමතිස්සෙම බලනවා. මොකද Productivity ඉහළ යන්නෙ එතකොටනෙ.
ඉතිං ලස්සන 2025 සාර්ථක විදියට ඉලක්ක වලට යන්න මේ පුංචි රහස් ටිකත් ඉගෙනගන්න!
✍️ - Happy Life