Aloka Homes vasthu

Aloka Homes vasthu වාස්තු ශාස්ත්‍රාණුකූල නිවාස සැලසුම් ඇඳීම, නිවාස වාස්තු පරීක්ෂාව, නිවස සැලසුම් පරීක්ෂාව.

නිවැරදි වාස්තු ශාස්ත්‍රානුකූල නිවාස සැලසුම් ඇඳීම නිවාස සැලසුම් පරීක්ෂාව සහ නිවාස ඉදිකිරීම.ආලෝකා Homes 🏘️ ආලෝකමත් නිවසක් ...
27/03/2026

නිවැරදි වාස්තු ශාස්ත්‍රානුකූල නිවාස සැලසුම් ඇඳීම නිවාස සැලසුම් පරීක්ෂාව සහ නිවාස ඉදිකිරීම.

ආලෝකා Homes 🏘️
ආලෝකමත් නිවසක් උදෙසා...
0764025612

ලිප ගිනි මෙලවීම අලුත් අවුරුදු උදාව 🔥 සහ මුළුතැන්ගය...අලුත් අවුරුදු උදාවත් සමග කරනු ලබන සුවිශේෂි චාරිත්‍රය වන්නේ ලිප ගිනි...
24/03/2026

ලිප ගිනි මෙලවීම අලුත් අවුරුදු උදාව 🔥 සහ මුළුතැන්ගය...

අලුත් අවුරුදු උදාවත් සමග කරනු ලබන සුවිශේෂි චාරිත්‍රය වන්නේ ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රයයි.

අතීතයේදී මුළුතැන්ගෙය නිවසින් පිටත ඒකකයක් ලෙස ඉදි උනත් වර්තමානයේ ඇති කාර්යබහුලත්වය නිසා මුළුතැන්ගෙය නිවසේ එකම අත්තිවාරමක් මත එකම කොටසක් ලෙස දැන් සැලසුම් කරනවා.

🧭සාමාන්‍යයෙන් නිවසක මුළුතැන්ගෙය ගිනිකොණ දිශාව තුළ සැලසුම් කර ගැනීමේ හැකියාව ඇත්නම් එය ඉතාම සුදුසුයි. විකල්පයක් ලෙස වයඹ දිශාව ගන්න පුළුවන්. නමුත් ඊසාන, උතුර සහ නිරිත දිශාව මුළුතැන්ගෙය සඳහා නොගත යුතුය .

🧭මුළුතැන්ගෙය ගිනිකොණ දිශාව තුළ සැලසුම් කර ගැනීමේ හැකියාව ඇත්නම් එය වඩාත් හොඳයි. මෙහිදී ගිනිකොණ දිශාවේ මුළුතැන්ගේ ඇති විට පහසුවෙන්ම නැගෙනහිරි දිශාවට ජනේලයක් සැලසුම් කර ගැනීමේ හැකියාව තියෙනවා. එම නිසා උදෑසන පායන හිරු කිරණ ප්‍රථමව මුළුතැන්ගෙය තුළින් නිවසට ලබා ගන්න පුළුවන් වාස්තු ශාස්ත්‍රය තුළ මුළුතැන් ගෙට පළමු හිරු කිරණ ලැබීම සුබ කරුණක් ලෙස සලකනවා.

🌞තවද හිරු එනම් සූර්යයා පදනම් කර ගනිමින් උදා වන සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුදු සිරිත් වල අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදු කරනු ලබන්නේ ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රයයි. ඉන්පසුව වැඩ අල්ලා ගනුදෙනු කර පසුව ආහාර අනුභව කිරීමේ නැකත්ය. මෙම කාරණාව තුල සිදුවන්නේ හිරුගේ ගින්දරත් ලිපේ ගින්දරත් කුසේ ගින්දරත් යන කරුණු තුනම එකතුවීමෙන්ය. මෙහිදීද මූලික වන්නේ මුළුතැන් ගෙය හා ඒ තුළ ඇති ප්‍රධානම අංගය වන ලිප මූලික කරගෙනය.

🌞වසරකට පසුව උදාවන සුවිශේෂී අවස්ථාවක් වන සූර්යයා මීන රාශීයෙන් මේෂ රාශියට පැමිණීමේ පදනම් කරගනිමින් ගෘහණියන් ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රය වෙනුවෙන් අලුත් අවුරුදු උදාවට පෙර සිටම ඉතා උනන්දුවෙන් ඒ වෙනුවෙන් සූදානම් වීම සාමාන්‍ය සිරිතයි.

🔥මෙහිදී මුළුතැන්ගේ පිරිසිදු කිරීමත් දර කුස්සියක් ඇත්නම් ....ගොම මැටි ගා එම ලිප අලුත් කිරීම හෝ අලුත් ලිපක් මේ සඳහා යොදා ගැනීම සාමාන්‍ය සිරිත වෙනවා. අතීතයේ දී...

🔥අලුත් අවුරුදු උදාවෙන් පසුව ලිපට අලුතින් පලා ගත් දර කැබිලි යොදා අදාළ වසරට ගැලපෙන වර්ණ සහිත වස්ත්‍රයන්ගෙන් සැරසී එම වසරට හා දිනයට ගැලපෙන දිශාව බලා නියමිත වේලාවේ ලිපගිනි මෙලවීම සිදුකරනු ලබනවා.

🌾තවද මේ සඳහා අදාළ වන මුං , තල වැනි ධාන්‍ය වර්ගයක් යොදා ආහාර පිසීමද සිදුකරනු ලබන අතර මෙම ලිපි ගිනි මෙල වීමේ චාරිත්‍රය වෙනුවෙන් පරණ දිරා ගිය දර යොදා ගැනීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ නැහැ.

🧭මෙහිදී අදාළ වසර අනුව ලබාදෙන වස්ත්‍රයන්ගෙ වර්ණයන් හා දිශාවන් මගින් එම චාරිත්‍රය සාර්ථකත්වය තව තවත් වර්ධනය වීම සිදුකරනු ලබනවා.

පුරාතන මානවයා ගින්දර සොයා ගැනීමෙන් පසුව එය මිනිස් පරිණාමයේ විශිෂ්ටතම සොයාගැනීමක් වුණා. පසුව නිවාස නිර්මාණය වීමද ඒ නිසාම ලොවට බිහිවුණා. එයින් ද නොනැවතී එම ගින්දර නිසාම ලිප ගිනි මෙල වීමේ චාරිත්‍රයක්ද ආරම්භ වුණා. එම චාරිත්‍රය සුභ දිනයක සුභ වේලාවකට කිරීමත් ඉතාම හොඳ දෙයක්.

💧උදාහරණ ලෙස අතීතයෙන් බිදක්..

🙏 මෙම විශිෂ්ට දැනුම ශ්‍රී ලාංකිකයින් අතීතයේ සිටම ජේතවනාරාමය අභයගිරි යන ආරාම සංකීර්ණ වල දාන ශාලා ගොඩනැගිලි නිර්මාණය කිරීමේ දී යොදාගෙන තියෙනවා ගිනිකොණ දිශාවට මුළුතැන්ගෙය නිර්මාණය කර ඇත , තවද බත් ඔරුව නැගෙනහිර දිශාවට වන්නට ඉදිකර ඇත.

🔥මුළුතැන්ගේය සහ ලිප ගැන තවත් කරුණු ටිකක්...

1️⃣නිවසක ප්‍රධාන දොරින් එක එල්ලේ මුළුතැන් ගේ ලිප නොපෙනෙන ලෙස ලිප සැලසුම් කරගන්න.

2️⃣ගිනිකොණ දිශාවේ ලිප ඇත්නම් නැගෙනහිර දිශාව බලා ආහාර පිසීමත් වයඹ දිශාවේ ලිප ඇතිනම් උතුරු දිශාව බලා ආහාර පිසින ලෙසත් සැලසුම් කරගැනීමේ හැකියාව තියෙනවා නම් ඉතාම හොඳයි.

3️⃣සාමාන්‍යයෙන් දර පොරනුවකට උඩින් වතුර ටැංකියක් සැලසුම් නොකිරීම ඉතාම සුදුසුයි.

4️⃣මුළුතෙන් ගේ තුළ බීමට ගන්නා ජල භාජන තිබීමට සුදුසුම දිශාව ඊසාන දිශාව වන අතර යම්කිසි රෝගයකට ගනු ලබන ඖෂධ වර්ග මුළුතැන් ගේ තබා නොගැනීමද ඉතාම සුදුසුය. ( ඖෂධ වර්ග තැබීමට සුදුසුම වන්නේ නිවසේ ඊසාන දිශාවයි )

5️⃣මුළුතැන්ගෙට ඉහලින් ඉහළ මහලේ වැසිකිලි නානකාමර ආදිය සැලසුම් නොකරන.

6️⃣නමුත් මුළුතැන්ගෙට ඉහළින් ඉහළ මහලේ නිදන කාමරයක් තිබෙනවා නම් ලිපට ඉහළින් ඇඳක් හෝ වටිනා භාණ්ඩ තැන්පත් කර ඇති අල්මාරි වැනි දේ ඇත්නම් එම ගෘහභාණ්ඩ තරමක් වෙනස් කර තබාගන්න.

7️⃣වර්තමාන ඉතා කාර්යබහුල ජීවිත ගත කරන බොහෝ දෙනා නිවස තුළ ආහාර පිසීමට තරමක් අකමැති වුවත් දිනකට එක් වරක් හෝ ලිප දල්වා කෙටි ආහාර වේළක් හෝ පිස ගන්න එය නිවසක මුළුතැන්ගේ හා නිවස සක්‍රීය කර ගැනීමක් හා සමානයි.

📚📚📚ඉතින් මේ වගේ කරුණු කාරණා ගැන වැඩි වශයෙන් සාකච්ඡා කරපු මා විසින් පුවත්පත් වලට පල කරපු ලිපි රාශියක් එකතු කරගෙ එළි දක්වපු පොතක් තියෙනවා ඒ තමයි ජීවිතයට වාස්තු 01 පොත, ඒ පිළිබඳව විස්තර coment එකේ තියෙනවා ඒකත් බලන්න 📚📚📚

🔥මේ පුරාතන මානවයා ගින්දර සොයා ගැනීමත් සහ ඉන් පසු ලිප ගිනි මෙලවීම යන කරුණු පදනම් කරගත් කුඩා ලිපියක්. ඉතා කෙටියෙන් සටහන් කරලා තියෙන්නේ.

මුළුතැන්ගේ පිළිබඳව තව විස්තරයක් "කුස්සිය " කියලා මේ page එකේ පහතින් තියෙනවා ඒකත් බලන්න මේ ගැන උනත් නොතේරෙන දෙයක් දැනගන්න අපිට කතා කරන්න whatsapp message කරන්න ඔබට පුළුවන්.

අපගේ page එක Like කරන්න හිතවතුන් අතරේ shaire කරන්න.

https://www.facebook.com/AlokaHomesvasthu

අපගේ සේවාවන්...

🏘️වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් ඇඳීම සහ නිවාස ඉදිකිරීම.

🏘️වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් පරීක්ෂාව සහ නිවාස පරීක්ෂාව.

ආලෝකා Homes🏘️
ආලෝකමත් නිවසක් උදෙසා...

076 4025612 / 072 7382820

නිවැරදි වාස්තු ශාස්ත්‍රානුකූල නිවාස සැලසුම් ඇඳීම නිවාස සැලසුම් පරීක්ෂාව සහ නිවාස ඉදිකිරීම.ආලෝකා Homes 🏘️ ආලෝකමත් නිවසක් ...
15/03/2026

නිවැරදි වාස්තු ශාස්ත්‍රානුකූල නිවාස සැලසුම් ඇඳීම නිවාස සැලසුම් පරීක්ෂාව සහ නිවාස ඉදිකිරීම.

ආලෝකා Homes 🏘️
ආලෝකමත් නිවසක් උදෙසා...
0764025612

14/03/2026

සාර්ථක ජීවිතයක් ගත කරන්නේ කොහොමද ? 🏆️🏆️🏆️

කියලා ඔබ හිතනවා නම් මේ ටික අනිවාර්යයෙන්ම කියවන්න.📚

වාස්තු ශාස්ත්‍රය කියන්නෙත් මිනිසුන්ගේ ජීවිත සාර්ථක කරගන්න තියෙන එක්තරා ක්‍රමවේදයක්. ඒ ඇරෙන්න වාස්තු කියලා කියන්නේ අත්භූත විෂයක් නම් නෙමෙයි.

ඉතින් මෙහෙම හිතන්නකෝ ඔබගේ ජීවිතයටත් නව අරුතක් එකතු කරගන්න තිබ්බොතින් කොහොමද කියලා...

ඒ කියන්නේ...🤔

🏘️මගේ ගෙදර ධනය ආර්ථිකය වැඩිදියුණු කරගන්න තිබුණොතින් කොච්චර හොඳයිද ?

🧑‍🎓මගේම දුවට පුතාට හොඳින් ඉගෙන ගෙන හොඳ තැනකට ගියොතින් ඇත්තටම හොඳයි නේද ?

අපිටම කියලා ඉඩමක් අරගෙන ලස්සන ගෙදරක් හදාගෙන අපේම වහලක් යට ඉන්න පුළුවන්නම්... කොච්චර හොඳද ?

බාගෙට හදලා නැවතුනු ගෙදර ඉතුරු වැඩ ටිකත් කරන්නෙ කොහොමද කියලා හිත හිත ඉන්නවා නේද?

🛌 ලස්සනට හදාගත්තු ගෙදර සතුට සැනසීම තියෙන විදිහට නිදන කාමරයක් අපි හරියටම හදාගන්නේ කොහොමද ?

ආ ඒ විතරක් නෙමෙයි කුස්සිය එහෙමත් හරියටම තියාගන්න ඕනේ විදිහක් තියෙනවා නේ?

🩺ලෙඩ දුක් කරදර අඩුවෙන් නීරෝගීමත් විදිහට අපිට ඉන්න තියෙනවා නම්.

ඉතින් මිත්‍රවරුනි ඔය විදිහට අපිට හිතෙන අවස්ථාවන් ඕන තරම් තියෙනවා නේද?

ඉතින් ඒ වගේ ප්‍රශ්නවලට සාර්ථකව විසඳුම් වාස්තු ශාස්ත්‍රය තුළ තියෙනවා.

ඉතින් ඒකට එක විසදුමක් වශයෙන් තමයි
ජීවිතයට වාස්තු කියන පොත 📚. මා විසින් එළි දක්වා තියෙන්නේ.

හිතවත් මිත්‍රවරුනි මා විසින් විවිධ අධ්‍යයනයන් මත සකස් කළ පොතක් තමයි මේ ජීවිතයට වාස්තු කියලා කියන්නේ. 📚

✍️තව විදිහට කිව්වොතින් මා විසින් පුවත්පත්වලට ලියපු ලිපි පෙලක් ඇසුරින් සකස් කරපු ඉතාම වටිනා උපදේශනාත්මක වාස්තු විද්‍යා පොතක්.📚

ඉතින් මේ දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් ලබාගන්න ජීවිතයට වාස්තු පොත ඔබත් දැම්ම අරගෙන කියවන්න.

දැනට ජීවිතයට වාස්තු පොත මින්සර , සරසවි ,සමනල පොත්හල්වල ගන්න තියෙනවා.

ඊට අමතරව පොතේ මිල පමණක් ගෙවලා නිවසටම පොත ගෙන්වා ගන්නත් පුළුවන්.

( ඔබ ගෙවන්න ඕනේ පොතේ මිල විතරයි තැපැල් ගාස්තු ඔබ වෙනුවෙන් අපි ගෙවල තමයි , පොත ඔබේ නිවසටම එවන්නේ ඒක හින්දා තැපැල් ගාස්තුව සම්පූර්ණයෙන්ම නොමිලේ )

පොතේ මිල Rs 1300/=
පිටු 160

තැපැල් ගාස්තුව සම්පූර්ණයෙන්ම නොමිලේ. Free
COD

🤝ඒ වගේම මෙම කෘතිය කර්තෘ වන මාව ඔබට අවශ්‍ය ඕනෑම වේලාවක සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඉතින් ඔබට තියෙන්නේ මට දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ලබාදීම පමණයි.

📱076 4025612

ඔබගේ වාස්තු ශාස්ත්‍රීය ගැටලුවලට විසඳුම් ලබා දෙන්න එතකොට මට පුළුවන්.

👍මීට කලින් පොත මිලදී ගත් සියලු දෙනාම මෙම පොත පිළිබඳව ප්‍රශංසා කිරීමත් මා ඉතාම සතුටින් නිහතමානීව භාරගන්නවා කියලත් කියන්න ඕනේ. ජීවිතයට වාස්තු පොත මිලදීගෙන ඒ වෙනුවෙන් ප්‍රතිචාර දක්වපු ඔබ සියලූම දෙනාටත් බෙහෙවින්ම ස්තුතියි!🙏

පොතේ පටුන comment වල තියෙනව ඒකත් බලන්නන.

ඉතින් හිතවත් මිත්‍රවරුනි, මෙවැනි ගැටලු ප්‍රශ්න තියෙන ඔබගේ හිතවතුන් අතරේද මෙම පණිවිඩය shair කරන්න කියලත් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට
ජීවිතයට වාස්තු කෘතිය අදම ලබාගන්න.

ඉතින් ඔබට සාර්ථක ජීවිතයක් අප ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය!

මම

R අරෝෂ මාලිංග ජයවර්ධන.

ප්‍රවීණ දේශක සහ ලේඛක ( වාස්තු ශාස්ත්‍ර ) වාස්තු ප්‍රභාෂ්වර.
ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පී.
076 4025612

ආලෝකා Homes 🏘
ආලෝකමත් නිවසක් උදෙසා...

නිවැරදිම වාස්තු වලට ගැලපෙන නිවාස සැලසුමක වැදගත්කම.🙏" නුඹ වහන්සේලාට  දිව්‍යමන්දිරයක් හා සමාන ප්‍රාසාදයක් කරවන්නෙමි " ඒ සඳ...
05/03/2026

නිවැරදිම වාස්තු වලට ගැලපෙන නිවාස සැලසුමක වැදගත්කම.

🙏" නුඹ වහන්සේලාට දිව්‍යමන්දිරයක් හා සමාන ප්‍රාසාදයක් කරවන්නෙමි " ඒ සඳහා සැලසුමක් ලබා දෙන සේක් වා . 📝

📝නිවාස සැලසුමක් යනු අලංකාරය තාක්ෂණය වාස්තු ශාස්ත්‍රය යන මේ සියල්ලම තුලනාත්මකව එකතු වූ විශේෂ නිර්මාණයකි.

🏠️ හිසට වහලක් යන්න නමින් ව්‍යවහාරයේ පවතින නිවස තම ජීවිතයේ සුන්දරම සහ ආලෝකමත්ම ස්ථානය වීම තමයි අපේ කැමැත්ත.
ඉතින් මෙවැනි ආලෝකමත් නිවසක් හදන්න අපට වැදගත්ම සාධකය තමයි වාස්තු ශාස්ත්‍රානුකූලව සැලසුම් කරන ලද නිවාස සැලසුමක්.

🧭මෙම සැලසුම වාස්තු විද්‍යාවට ගැලපෙන ලෙස නිර්මාණය කර තිබීම ඉතාම වැදගත් සාධකයක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්.

🧱ඒ විතරක් නෙමේයි නිවස ඉදිකරන කොට ප්‍රායෝගිකව ඇතිවන ගැටලු නොමැති හෝ අවම වන පරිදි සැලසුම සකස් කළ යුතුයි.

උදාහරණ ලෙස ඉතිහාසයෙන් බිඳක්💧

👑එකල දුටුගැමුණු රජු දවස...

ලෝවාමහා ප්‍රාසාදය ඉදිකිරීම ගන්න පුළුවන්. එය මෙසේය...

නුඹ වහන්සේලාට මම දිව්‍යමන්දිරයක් හා සමාන ප්‍රාසාදයක් කරවන්නෙමි " ඒ සඳහා සැලසුමක් ලබා දෙන සේක් වා . යී කීයේ ය.

ඒ අනුව භරණී නම් දේව ගණනට අයිති රත්නප්‍රාසාදය සැලසුමට අනුව නව මහල්කොට ලෝවාමහාප්‍රාසාදය ඉදිකර ඇත.

තවත් සාධකයක් වශයෙන් අර්ජුන සහ ධර්මරාජරථ නැමැති මහල් ගොඩනැගිලිවල සැලසුම් අනුව ලෝවා මහාප්‍රාසදය ඉදිකළ බවද සඳහන්ය.

🏛️කෙසේ වෙනත් අතීත ගොඩනැගිලි පවා නිවැරදි සැලසුමකට අනුව ඉදිකළ බවට මේය හොඳ සාක්ෂියකි.

සැලසුමක ඇති වාස්තු විද්‍යාත්මක කරුණු වශයෙන් පඨවි ආපෝ තේජෝ, වායෝ ආකාශ යන පංච මහා භූතයන්ට ගැලපෙන ලෙස නිවාස සැලසුම් කළ යුතුය.

මේයට උදාහරණය වශයෙන් ගිනිකොණ දිශාව තුළ මුළුතෙන්ගේය ඉදිකළ යුතුය.
නිවසක පඩිපෙළ බටහිර සහ දකුණු දිශාවත්,
වැසිකිළි ආදිය වයඹ බටහිර දිශාවලටත්,
ප්‍රධාන නිදින කාමරය නිරිත දිශාවටත්,
අධ්‍යාපන කාමර සහ ළමා හෝ වැඩිහිටි කාමර, පූජාසනය ආදිය ඊසාන දිශාවටත්,
සැලසුම් කරගැනීම ඉතාම සුදුසුයි. මෙම දිශාවන් වලට සැලසුම් කිරීමට නොහැකි නම් පමණක් මෙම අංගයන් සඳහා සුදුසු අනෙක් විකල්ප දිශාවන් යොදා ගත යුතුයි.

මේ උදාහරණයක් කීපයක් පමණි...

මීට අමතරව නිවසට ඇතුළු වීමේ සහ පිටවීමේ දොරටු, දොරටු චක්‍රයට අනුව සුභ ආකාරයට ඉදිකළ යුතුය. ශෝඩෂ ගෘහ ප්‍රභේද වශයෙන් හඳුන්වනු ලබන මෙම ක්‍රම දාසය තුළ නිවසකට සුදුසු දිශා අනුව නිවසට ඇතුළු වීමේ සහ පිටවීමේ දොරටු සැලසුම් කල යුතුයි.

උදාහරණයක් වශයෙන් උතුර, දකුණ, නැගෙනහිර යන දිශාවන් වලට දොරටු තැබු නිවසක් " ධනද "වශයෙන් හඳුන්වනු ලබන අතර මෙම නිවාසය ඉතාම සුභ නිවසක් ලෙස හැඳින්වේ.

තවද නිවසක් අය වැය ආයුෂ ආදී කරුණු කිහිපයකින් සමන්නාගත වූ වර්ග කිරීම වශයෙන් හඳුන්වනු ලබන ශාස්ත්‍රීය ක්‍රමවේදය අනුවද සැලසුම් කරගත යුතුය.

නිවසක මධ්‍ය ලක්ෂය කිසිවිටකත් බාදා නොවන ලෙසත් ඊට අමතරව මහා මරම, අති මහා මරම ,සන්ධි මර්ම වශයෙන් හඳුන්වනු ලබන මර්මස්ථානද සූක්ෂමව හඳුනාගෙන එවැනි ස්ථාන ගැටලු ඇති නොවන ලෙසත් සැලසුම් කල යුතුය.

ඊට අමතරව දොර ජනෙල් වහලය නිවසට බාහිරින් ඇති වස්තූන් පිළිබඳවත් හොඳින් සිතා බලා නිවස සැලසුම් කරගැනීම ඉතාම වැදගත්.

එපමණක් නොව නිවාසයක් සැලසුම් කළ විට එහි අභ්‍යන්තර සැලසුම් කිරීමද වාස්තු විද්‍යාවට ගැලපෙන ලෙස සිදුකළ යුතුය.

උදාහරණයක් වශයෙන්...

නිදන කාමරයක නිදන ඇඳ උතුරට හිස යොමු වන ලෙස කිසිවිටකත් නොතැබිය යුතුය.

අධ්‍යයන කාමරයක් තුළ සුදුසු දිශාව බලා පාඩම් කිරීමට හැකිවන පරිදි පොත් මේසය සහ පුටුව ආදිය සැලසුම් කරගැනීම.

මේ අනුව නිවසක අභ්‍යන්තර සැලසුමත් වාස්තු විද්‍යාත්මකව සැලසුම් කරගත යුතුයි.

නිවාස සැලසුමක් කිරීම යනු අලංකාරය තාක්ෂණය සහ වාස්තු ශාස්ත්‍ර යන මේ සියල්ලම තුලනාත්මකවකව සංකලනය කරන ලද නිර්මාණයක් වන අතර මේ කරුණු ගැලපීම මගින් ඉතාම සුබදායක ආලෝකමත් නිවසක් ඔබට ලබා ගත හැකිය.

ලිපිය දීර්ඝවන බැවින් ඉතා කෙටියෙන් පමණක් මේ ලිපියය පිළිබඳව සඳහන් කර ඇත.

ඉතින් හැම කෙනෙකුටම තේරෙන විදිහට මේ ලිපිය ඉතාම සරලව ඉදිරිපත් කරලා තියෙනවා, වැඩිදුර තොරතුරු ලබාගන්න පහතින් ඇති අනිකුත් ලිපිත් බලන්න.

ඒත් ...
ඔබට නොතේරෙන දෙයක් අපෙන් අහගන්නත් , දැනගන්න පුළුවන් ඒ සඳහා අපට කතා කරන්න Whatsapp message කරන්න.
ආලෝකමත් නිවසක් ඉදි කරගන්න... ඔබටත් පුළුවන්.

මෙවැනි වටිනා ලිපි ලබා ගැනීම සඳහා අපගේ Page එකට Like කරන්න. ඔබගේ හිතවතුන් අතරේද share කරන්න.

https://www.facebook.com/AlokaHomesvasthu

අපගේ අනෙකුත් සේවාවන්...

🏠️ විද්‍යානුකූල නිවාස සැලසුම් ඇඳීම සහ නිවාස ඉදිකිරීම.

🧭නිවාස සැලසුම් පරීක්ෂාව සහ නිවාස පරීක්ෂාව.

ආලෝකා Homes 🏘️
ආලෝකමත් නිවසක් උදෙසා...
076 4025612 / 072 7382820

💰ධනය, ආර්ථිකය හා සාර්ථකත්වය ළඟා කරගන්නේ කොහොමද ?  කියලා ඔබත් කල්පනා කරනවාද?🤔එහෙනම් ඔබ කියවන්න ඕනෙම පොතක් තමයි මේ ජීවිතයට...
28/02/2026

💰ධනය, ආර්ථිකය හා සාර්ථකත්වය ළඟා කරගන්නේ කොහොමද ? කියලා ඔබත් කල්පනා කරනවාද?🤔
එහෙනම් ඔබ කියවන්න ඕනෙම පොතක් තමයි මේ ජීවිතයට වාස්තු පොත.📚

🧑‍🎓ඔබේ දරුවාට හොඳින් අධ්‍යාපනය ලබන්නත්, සාර්ථක ලෙස විභාග ජයගන්නත් වාස්තු විද්‍යාව. නිවැරදිව යොදා ගන්නේ කොහොමද?
ඒ ගැන හරියට නිවැරදි දැනගන්න ඔබත් අදම ජීවිතයට වාස්තු පොත අරගෙනම කියවන්න .
නීරෝගී ජීවිතයකට වගේම, කාර්යබහුල ගෘහණියකට පහසු වන ලෙස මුළුතැන්ගෙය හරියටම හදාගන්න හැටි දැනගන්න ඔබට අවශ්‍යද?
🏘️​එවගේම ...
අලුතින් ඉඩමක් අරගෙන, නිවාස සැලසුම් ඇඳලා තමන්ගෙම කියලා ගෙයක් හදන්න ඉන්න හැමෝම වගේම
අතරමග නොනැවතී වැඩ අවසන් වන නිවසක් සඳහාත්
කියවන්න ඕනෙම පොතක් තමයි මේ.ජීවිතයට වාස්තු පොත.
මේ සියලු වාස්තු රහස් අඩංගු "ජීවිතයට වාස්තු " පොත අදම ඇණවුම් කරන්න
ඔබගේ පිටපත අදම ලබා ගන්න.
දැන් දිවයින පුරා සරසවි , සමනල ,මින්සර පොත්හලවල් වලින් ලබාගත හැක.

මිල Rs 1300/=
පිටු 160.
පොතේ මිල පමණක් ගෙවා ‎නිවසටම ගෙන්වා ගැනීමට ඔබ අදම අමතන්න
‎‎
ප්‍රවාහන ගාස්තු සම්පූර්ණයෙන් නොමිලේ.
076 4025612
ආලෝකමත් නිවසක් උදෙසා ...
වාස්තු ශාස්ත්‍රය තුළදී ජීවිත ජයග්‍රහණය පිළිබඳව සඳහන් කර ඇති උපදේශනාත්මක වටිනා ප්‍රායෝගික වාස්තු විද්‍යාත්මක පොතක්.
පොතේ මිල පමණක් ගෙවා නිවසටම ගෙන්වා ගන්න තැපැල් ගාස්තු සම්පූර්ණයෙන් නොමිලේ.
වාස්තු ශාස්ත්‍රානුකූල ගෘහ නිර්මාණ ශිල්පී.
ප්‍රවීණ දේශක සහ ලේඛක ( වාස්තු ශාස්ත්‍ර )
R. අරෝෂ මාලිංග ජයවර්ධන
076 4025612
ස්තුතියි !

💰How to Achieve Wealth, Economy and Success? Are you wondering too? 🤔Then a book you need to read is the architecture of...
28/02/2026

💰How to Achieve Wealth, Economy and Success? Are you wondering too? 🤔

Then a book you need to read is the architecture of life. 📚
🎓Architecture for your child to study well and pass the exams successfully. How to use it correctly?

To know about it correctly, take the Vastu book for your life and read it today.
Do you want to know how to fix a kitchen perfectly to make it easier for a healthy life, and a busy housewife?
🏘️ just like that ...
Just like everyone who wants to buy new land, design house and build their own house.
For a house that does not stop on the road
This is a book you should read. Architecture for life.
Order the book "Vastu for life" which contains all these Vastu secrets today
Get your copy today.

Now available in universities, butterflies, Minsara bookstores islandwide.
Price Rs 1300/=
160 pages.
Call today to pay only the price of the book and get it delivered to your home.

Transport charges are completely free.
076 4025612
For a bright house ...
A valuable practical architectural book mentioned about life achievement in architecture.
Just pay the price of the book and get it delivered to your home. Postage is completely free.
Architectural architect.
Expert preacher and writer (Vastu Shastra)
R. Arosha Malinga Jayawardhana
076 4025612
Thank you !

💰ධනය, ආර්ථිකය හා සාර්ථකත්වය ළඟා කරගන්නේ කොහොමද ?  කියලා ඔබත් කල්පනා කරනවාද?🤔එහෙනම් ඔබ කියවන්න ඕනෙම පොතක් තමයි මේ ජීවිතයට...
23/02/2026

💰ධනය, ආර්ථිකය හා සාර්ථකත්වය ළඟා කරගන්නේ කොහොමද ? කියලා ඔබත් කල්පනා කරනවාද?🤔

එහෙනම් ඔබ කියවන්න ඕනෙම පොතක් තමයි මේ ජීවිතයට වාස්තු පොත.📚


🧑‍🎓ඔබේ දරුවාට හොඳින් අධ්‍යාපනය ලබන්නත්, සාර්ථක ලෙස විභාග ජයගන්නත් වාස්තු විද්‍යාව. නිවැරදිව යොදා ගන්නේ කොහොමද?

ඒ ගැන හරියට නිවැරදි දැනගන්න ඔබත් අදම ජීවිතයට වාස්තු පොත අරගෙනම කියවන්න .

නීරෝගී ජීවිතයකට වගේම, කාර්යබහුල ගෘහණියකට පහසු වන ලෙස මුළුතැන්ගෙය හරියටම හදාගන්න හැටි දැනගන්න ඔබට අවශ්‍යද?

🏘️​එවගේම ...
අලුතින් ඉඩමක් අරගෙන, නිවාස සැලසුම් ඇඳලා තමන්ගෙම කියලා ගෙයක් හදන්න ඉන්න හැමෝම වගේම
අතරමග නොනැවතී වැඩ අවසන් වන නිවසක් සඳහාත්

කියවන්න ඕනෙම පොතක් තමයි මේ.ජීවිතයට වාස්තු පොත.

මේ සියලු වාස්තු රහස් අඩංගු "ජීවිතයට වාස්තු " පොත අදම ඇණවුම් කරන්න

ඔබගේ පිටපත අදම ලබා ගන්න.

දැන් දිවයින පුරා සරසවි , සමනල ,මින්සර පොත්හලවල් වලින් ලබාගත හැක.

මිල Rs 1300/=
පිටු 160.

පොතේ මිල පමණක් ගෙවා ‎නිවසටම ගෙන්වා ගැනීමට ඔබ අදම අමතන්න
‎‎
ප්‍රවාහන ගාස්තු සම්පූර්ණයෙන් නොමිලේ.

076 4025612

ආලෝකමත් නිවසක් උදෙසා ...

වාස්තු ශාස්ත්‍රය තුළදී ජීවිත ජයග්‍රහණය පිළිබඳව සඳහන් කර ඇති උපදේශනාත්මක වටිනා ප්‍රායෝගික වාස්තු විද්‍යාත්මක පොතක්.

පොතේ මිල පමණක් ගෙවා නිවසටම ගෙන්වා ගන්න තැපැල් ගාස්තු සම්පූර්ණයෙන් නොමිලේ.

වාස්තු ශාස්ත්‍රානුකූල ගෘහ නිර්මාණ ශිල්පී.
ප්‍රවීණ දේශක සහ ලේඛක ( වාස්තු ශාස්ත්‍ර )
R. අරෝෂ මාලිංග ජයවර්ධන
076 4025612

ස්තුතියි !

🌅බටහිර දොරට බිය නොවන්න සබඳ...බස්නාහිර දිශාවට ඇති ප්‍රධාන දොර ගැන පුංචි සටහනක්...✒️📝🚪ගොඩක් අය අපෙන් අහලා තිබ්බ දෙයක් තමයි...
31/01/2026

🌅බටහිර දොරට බිය නොවන්න සබඳ...

බස්නාහිර දිශාවට ඇති ප්‍රධාන දොර ගැන පුංචි සටහනක්...✒️📝

🚪ගොඩක් අය අපෙන් අහලා තිබ්බ දෙයක් තමයි බටහිර දිශාවට තමයි අපේ ගෙදර ප්‍රධාන දොර තියෙන්නේ ඒක හොඳ නැද්ද කියලා .

ඉතින් ඒකට දෙන්න ඕන ඇත්තම උත්තරය තමයි ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක. ඒවගේම තමයි ඒ ගැන බයවෙන්න දෙයකුත් නැහැ කියන එක.

බටහිර දිශාවට ගෙදර දොර තිබ්බ කියලා ඒක අයින් කරන්නවත් කඩා බිඳ දමන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් දොරවල් තියන්න ඕනේ ප්‍රධාන දිශා හතරට ඒ කියන්නේ උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර යන දිශාවන් වලට. එහෙනම් බටහිර කියලා කියන්නෙත් ප්‍රධාන දිශාවක්නේ ඉතින් එහෙනම් ඇයි බටහිරට බයවෙන්නේ.

ඒ විතරක් නෙමෙයි , ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් දියුණුම පළාත බස්නාහිර, ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන පිහිටලා තියෙන්නෙත් බස්නාහිර. වැඩිම කර්මාන්තශාලාවල් පිහිටලා තියෙන්නෙත් බස්නාහිර.

වාස්තු ශාස්ත්‍රය තුළදී වර්ග කරනවා කියලා අපි හඳුන්වන දෙයක් තියෙනවා. මෙහි එකක් ( ආය ) වශයෙන් හඳුන්වනවා. එයින් වෘෂභ ආය ට අනුව බටහිර දිශාවේ ප්‍රධාන දොර සැලසුම් කිරීම වෙළඳ ව්‍යාපාර කරන අයට ඉතාම සුදුසු බව ශාස්ත්‍රීය පිළිගැනීමයි.

ඉතින් එහෙනම් බටහිර දිශාවට තවත් බයවෙන්න ඕනෙද ?🤔

නමුත් මේතන වැදගත් කාරණාව වෙන්නේ ප්‍රධාන දොරට සහාය දක්වන අනෙකුත් නිවසට ඇතුල්වීමේ සහ පිටවීමේ දොරටු නිවැරදි ලෙස දොරටු චක්‍රයට අනුව සැලසුම් කිරීමයි. ( ශෝඩශ ගෘහ ) ( පහත තියෙන ලිපි වල ඒ ගැන විස්තර තියෙනවා )

🌅නමුත් කියන්න ඕන වැදගත් කරුණක් තියෙනවා ඒ තමයි බස්නාහිර දිශාවට සාමාන්‍යයෙන් ලොකු කවුළු සහිත ජනෙල් , Doorwindows , Frenchwindows එහෙම තියෙනවා නම් බැස යන හිරුගේ 🔥 රශ්මිය උණුසුම වැඩි නිසා නිවස ඇතුළත උණුසුම වැඩි වෙන්න හැකියාව නම් තියෙනවා. ඒ නිසා බටහිර දිශාවේ ජනේල් අඩුවෙන තරමට නිවස ඇතුලේ සිසිලස වැඩි කරගන්න පුළුවන්. ( මේක ගෘහ නිර්මාණ ශිල්පීය සිද්ධාන්තයක් වශයෙන් පෙන්නල දෙන්නත් පුළුවන් )

ඒ වගේම එහෙම තියෙන අවස්ථාවක් තියෙනවනම් අපිට හිරු එළිය නිවසට වැටෙන එක අඩු කරගන්න ක්‍රමවේද තියෙනවා.

හිතන්නකෝ ලොකු ජනේලයක් තියෙන තැනකට ඉස්සරහින් හිරු එළිය වැටෙනවා නම් එය ආවරණය කරගන්න පුළුවන් ශාක වර්ග වැල් වර්ග වගා කරගන්නත් පුළුවන්. ( ඒ කියන්නේ ගසක වැලක සෙවනැල්ලෙන් හිරුරශ්මිය ආවරණය කිරරීම )

උදාහරණ ලෙස ඉතිහාසයෙන් බිඳක්. 💧

🏛️පඬුවස් නුවර රජමාලිගය , පරාක්‍රමබාහු රජ මාලිගාව. නැගෙනහිර සහ බටහිරට දොරටු තබපු පුරාණ ගොඩනැගිලිය. සීගිරිය ද උදාහරණයක් වශයෙන් ගන්න පුළුවන්.

ඉතින් තවදුරටත් ප්‍රධාන දොර බටහිර තිබුණා කියලා බියවෙන්න කාරණාවක් නැහැ.

අපගේ අනෙකුත් සේවාවන්..

🏠️වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් ඇඳීම සහ නිවාස ඉදිකිරීම.

🧭නිවාස සැලසුම් පරීක්ෂාව සහ නිවාස පරීක්ෂාව.

ආලෝකා Homes 🏘️
ආලෝකමත් නිවසක් උදෙසා...
076 4025612 / 072 7382820

සාමය,  සතුට,  සෞභාග්‍ය සපිරි                         ජයග්‍රාහී                    ආලෝකමත්              සුභ නව වසරක් වේවා...
01/01/2026

සාමය, සතුට, සෞභාග්‍ය සපිරි
ජයග්‍රාහී
ආලෝකමත්
සුභ නව වසරක් වේවා !

ආලෝකා Homes 🏘️
ආලෝකමත් නිවසක් උදෙසා...
076 4025612 /072 7382820

වර්ණ යනු සොබාදහමේ  මනරම් නිර්මාණයක් වන අතර මෙම වර්ණයන් ඈත ශිෂ්ඨාචාර යුගවල පවා භාවිත කරලා තියෙනවා. වාස්තු ශාස්ත්‍රයට අනුව...
27/12/2025

වර්ණ යනු සොබාදහමේ මනරම් නිර්මාණයක් වන අතර මෙම වර්ණයන් ඈත ශිෂ්ඨාචාර යුගවල පවා භාවිත කරලා තියෙනවා. වාස්තු ශාස්ත්‍රයට අනුව නිවසක කාර්යාලයයක , වෙහෙර විහාරස්ථානවල ව්‍යාපාර ස්ථානයකට වර්ණ ආලේප කිරීම පිළිබඳව අදහස මතුවී ඇත්තේද බොහෝ කලක සිටය.

සුදු වර්ණය නිවසක අලංකාරත්වයටත් ආකර්ෂණයටත් ඉතාම හොඳයි.

උදාහරණ ලෙස ඉතිහාසයෙන් බිඳක්💧

🏛️අතීතයේදී ශ්‍රී ලංකාව තුළ සුදු හුණු භාවිත කිරීමට හැකියාව තිබුණේ 👑 රජමාළිගාවලට සහ වෙහෙර විහාරස්ථානවලට විතරයි. එසේ නැත්නම් රජුගේ අවසරය ඇති පුද්ගලයන්ගේ නිවාස වලට විතරයි සුදුහුණු භාවිත කරන්න පුළුවන්. සාමාන්‍ය ජනතාවගේ නිවාස වලට නම් තහනම්.

📚( රොබට් නොක්ස්ගේ, එදා හෙළදිව කෘතිය ) තුළ මේ ගැන සඳහන් වෙනවා. 📚

සුදු වර්ණය

සාමාන්‍යයෙන් ගොඩක් දෙනා සුදු පාට තමයි නිවාසවල ආලේප කරන්නේ. මෙය ප්‍රායෝගික දෙයක් . සාමාන්‍යයෙන් උදාසීන වර්ණයක් ලෙස හැඳින් වුවද සුදු වර්ණය මගින් නිවසක ඇති අලංකාරත්වය ඉතාම දැඩි ලෙස පෙන්වන වර්ණයකි. ඊට අමතරව නිවසක ඇතුළත අවකාශයද විශාල කරල පෙන්වනවා.

නිවසක සාලය කුඩා නම් සුදු පාට වර්ණය ආලේප කරන්න .එතකොට සාලය ටිකක් විශාලව පෙන්වන්න පුළුවන්.

සුදු වර්ණය නිවසක ඇතුළත සහ පිටත වර්ණ ගැල්වීමට ඉතාම සුදුසුයි . නිවසක සාලය තුළ සුදු පාට වර්ණය ආලේප කිරීම තුළින්
රාත්‍රී කාලයේදී ආලෝකය පරාවර්තනය වෙන බැවින් හොඳ එළියක් සාලය තුළ තියෙනවා. එතකොට ටිකක් අඳුර වැටෙනකම් ඉඳලා විදුලි බල්බ දල්වන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අඩු විදුලියක් වැය වන විදුලි බුබුළක් භාවිත කලත් සුදු වර්ණය නිසා සාලයේ හොඳට ආලෝකය තියෙනවා. එතකොට විදුලි බිලත් අඩු වෙනවා.

එ කියන්නෙ ආලෝකය පරාවර්තනය කරන නිසා හොඳ එළියක් ලබාගන්නත් පුළුවන්.

ඒවගේම නිවැසියන්ට සෞම්‍ය ගුණ ඇති කරවන වර්ණයක් වශයෙන් ද සුදු වර්ණය හඳුන්වන්නත් පුළුවන්.

🙏මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ අවස්ථාවේ,

🙏 මිහිඳු හිමියන්ට වැඩ සිටීම සඳහා,

රජමාළිගාවෙහි රම්‍ය වූ මණ්ඩපයක් කරවා එම මණ්ඩපය ශ්වේත වර්යෙන් ( සුදු පැහැයෙන් ) අලංකාර කල බව මහාවංශය ද සාක්ෂි දරනවා.📚

( ටිකක් හිතන්න රතු පාට කියලා කියන්නේ අපගේ මනසට කලහකාරීත්වයක් බියජනක ස්වභාවයක් ඇති කරවන වර්ණයක් නේද ? )

අන්න ඒ වගේ තමයි වාස්තු ශාස්ත්‍රය තුළදී වර්ණ භාවිතයන් පිළිබඳව දිශාවන් අනුව ගැලපෙන විදිහට එය සකස් කර දී තිබෙනවා.

✍️මේ මා විසින් පුවත්පතකට ලියන ලද ලිපියක ඉතාම කෙටි සටහනක්.
මා විසින් රචිත ජීවිතයට වාස්තු 01 කෘතියෙන් මේ පිළිබඳව වැඩි වශයෙන් දැනගන්නත් පුළුවන්.

නැතිනම් අපට කතා කර හෝ whatsapp පණිවිඩයක් මගිනුත් මෙ ගැන දැනගන්න පුළුවන්.

අපගේ අනෙකුත් සේවාවන්...

🏠️වාස්තු විද්‍යානුකූල නිවාස සැලසුම් ඇඳීම සහ නිවාස ඉදිකිරීම.

🧭නිවාස සැලසුම් පරීක්ෂාව සහ නිවාස පරීක්ෂාව.

✍️R අරෝෂ මාලිංග ජයවර්ධන
ආලෝකා Homes 🏘️
ආලෝකමත් නිවසක් උදෙසා...
076 4025612 / 072 7382820

🏘️සාමාන්‍යයෙන් නිවසක විදුලිමීටරය සවිකිරීමේ දී ගොඩක් දෙනා දිශාව පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒත් විදුලි මීටරය ...
26/12/2025

🏘️සාමාන්‍යයෙන් නිවසක විදුලිමීටරය සවිකිරීමේ දී ගොඩක් දෙනා දිශාව පිළිබඳව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ.

ඒත් විදුලි මීටරය කියලා කියන්නේ නිවසක ප්‍රධානම විදුලි උපාංගයක්.

මෙම විදුලි උපාංගය සවිකිරීමේ දී එය නිවසේ ඊසාන සහ නිරිත යන දිශාවන්වල නොතිබිය යුතුය.

1911-1912 වර්ෂ වල Victor Franz නමැති භෞතික විද්‍යාඥයෙකු විසින් Cosmic Rays , වශයෙන් අන්තරීක්ෂ ශක්තියක් පෘථිවියට ගලනය වන බව සොයාගෙන ඇත.

🧭මෙහිදී විදුලි මීටරය ඊසාන දිශාවේ සවි කිරීමේදී ඊසාන දිශාවෙන් ගලනය වන ශක්තීන්ට බාධාවක් ඇතිවීම සිදු වෙනවා. ඒ කියන්නේ ඊසාන දිශාවෙන් ගලනය වන සුභ ශක්තීන් අක්‍රමවත් , වියවුල් හෝ කැලඹීම් සහගත තත්ත්වයකට පත් වෙනවා.

🕉️ඒ වගේම වාස්තු ශාස්ත්‍රීය කරුණක් වශයෙන් ඊසාන කියන්නේ ආපෝ ධාතුව ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ජලය කියල හිතමුකෝ ඒ වගේ ජලය තිබිය යුතු ස්ථානයකට අධි බලති විදුලි මීටරයක් සවිකිරීමේදී මෙම ශක්තීන් එකිනෙකට ගැටීමකට ලක්වෙනවා. ඒ මගින් විකූර්ති වූ ශක්තීන් තමයි නිවසට ලැබෙන්නේ . ඒ මගින් යම් යම් අසහනකාරී තත්වයන් ඇති වෙන්න්න පුළුවන්.

ඉතින් මේ වගේ කරුණක් යටතේ ඊසාන දිශාවේ විදුලි මීටරයක් තියාගන්න එක සුදුසු වෙන්නේ නැහැ.

එමෙන්ම සුබ ශක්තීන් තැම්පත් වන , තැන්පත් ධනය ආරක්ෂා කරන ස්ථාවරත්වය ඇතිකරන නිරිත දිශාවේද විදුලිමීටරයක් තිබීම එතරම් සුදුසු වන්නේ නැහැ.

ඔබ අලුතින් ඉඩමක් ගෙන නිවසක් ඉදිකිරීමට සිටිනවා නම් ඊසාන හෝ නිරිත යන දිශාවන්වල විදුලි මීටරය සවි කරන්න එපා.

එ සඳහා වඩාත් සුදුසු දිශාව වන්නේ ගිනිකොන දිශාවයි. දෙවනුවට වයඹ දිශාව සුදුසුයි. ඒ අනුව තීරණය කර විදුලිමීටරය සවි කරන්න.

ඉතින් දැනට ඊසාන , නිරිත දිශාවේ විදුලිමීටරයක් තියෙන අය ඒ ගැන කලබලයක් නැතුව බය වීමකුත් නැතුව ඉන්න කියලත් කියන්න ඕනේ. මොකද ඒවා නිරයාකරණය කරගන්න අපට පුළුවන්. ඒ හින්දා අනවශ්‍ය කලබලයක් ඇති කර ගන්නට වුවමනා වෙන්නේ නැහැ.

(මා විසින් පුවත්පතකට ලියන ලද ලිපියකින් කොටසක්✍️ඉතා කෙටියෙන් ඉදිරිපත් කර ඇත )

මේ පිළිබඳව සහ ජීවිතයට අවශ්‍ය අනෙකුත් වාස්තු විද්‍යාත්මක තොරතුරු ලබා ගැනීම සඳහා ඔබට ජීවිතයට වාස්තු 01 කෘතිය දැන් ලබාගන්නත් පුළුවන්.

✍️R අරෝෂ මාලිංග ජයවර්ධන
ආලෝකා Homes 🏘️
ආලෝකමත් නිවසක් උදෙසා...
076 4025612 / 072 7382820

Address

Gampaha

Telephone

+94764025612

Website

Alerts

Be the first to know and let us send you an email when Aloka Homes vasthu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aloka Homes vasthu:

Share