Sathsuki flowers & Plants

Sathsuki flowers & Plants Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sathsuki flowers & Plants, Gardener, panadura, Hirana.

12/12/2022

Be Strong ...💪💪💪💕💕💕💪💪💪💐💐💐
ආත්ම ශක්තියෙන් පිරිපුන් ගැහැණු ළමයෙක් වෙන්න...

දෙමාපියන් නැතුව තනියම ගමනක් බිමනක් යන්න..
තමන්ගේ වැඩ ටික තනියම කරගන්න ...
ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න ....
අකමැති කෙනෙක් යෝජනාවක් ගෙනාවම ප්‍රතික්ෂේප කරන්න ...
ආදර වන්තයට ශක්තියක් වෙන්න ...
අරමුණක් වෙනුවෙන් මහන්සි වෙන්න ...
කඩන් වැටෙන තැනදි නැගිටින්න ...

සුරංගනා ලෝකවල ජීවත් වෙන්න හැමදේම ලබාගෙන ඔබේ මහන්සියෙන්
එතකන් ඔබ ශක්තිමත් ගැහැණු ළමයෙක් වෙන්න ලද බොලද නොවී තාත්තා සහෝදරයා හෝ පෙම්වතා ස්වාමිපුරුෂයා හැමදේම කරලා දෙයිනේ කියන සිතුවිල්ලෙන් ඉන්න එපා...

එහෙම අය තමා ජීවිතේ එක අරමුණක් ෆේල් උනාම ජීතෙන් පලා යන්න උත්සහ කරන්නේ...

මහන්සි වෙන්න අතපය වාරු ඇතිතාක් ඔබ මවන සුරංගනා ලොව වෙත ගමන් කරන්න පුලුවන් දවස වෙනතාක් කට්ට කන්න...

කකුලෙන් අදින අයට පේන්න ඔබව පහතට හෙලන අයට පේන්න ඔබට දෙයක් කිරීමට නොහැකි බව පවසන අයට පේන්නම නැගිටින්න ...

දවසක මිනිස්සු හූල්ලයි අපෝ මෙයා හිටියෙනම් කොහොමද ? කියලා ඒ කතාවට හිත නොරිදී සතුටක් ඇතිවෙන දවස එනකම් ඔබ ගොඩ නැගෙන්න...

ශක්තිමත් ගැහැණුන්ව කිසිම දාක ආපස්සට හැරවීමට නොහැක... ඇයට ඇය ගැන ආත්ම අභිමානයක් ඇත...

ඉතින් වෙන්න ආත්ම ශක්තියෙන් පිරිපුන් ගැහැණු ළමයෙක්..

වෙන්න දවසක තමන් ආපු දුෂ්කර ගමන් මග දැක සතුටු වෙන්න පුලුවන් විදියේ ගෑනු ළමයෙක් ...

උ.ගැ.

07/10/2022
08/09/2022
06/09/2022

සමහර දවස් තියනවා මොනම විදියකින් වත් කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නැති, හැමදෙයක්ම දිහා මහ කළකිරීමකින් බලන, හැමෝම එක්ක කෙන්ති යන, කිසිම කෙනෙක් කිසිම දෙයක් පෙන්නන බැරි, එහෙම දවස් වලට මොනවද කරන්නෙ , කොතනින්ද පටන් ගන්නෙ කියලවත් හිතාගන්න බැහැ, ජීවිතෙ ඒ වගෙ දවසක් අවොත් මෙ ලිපිය සෙව් කරලා තියගෙන කියවන්න. ( මම ප්රාර්තනා කරනවා ඔයාලට එහෙම දවසක් එන්න එපා කියලා)

 අපෙ ජීවිතෙ අපිලිවෙල වෙන පළවෙනිම දෙ තමයි අපිට රූටින්ග් එකක් නැති එක. නැගිටින්න, ටීවී බලන්න, මේ කිසිම දෙකට අපිට හරි වෙලාවක් නැහැ, ජීවිතෙ පිලිවෙල කරගන්න ඕන මුලින්ම ඔයාගෙ දවස එහෙමත් නැත්තම් පැය පිළීවෙල කරගෙන, එකත් හරියට සතෙන් සතෙ එකතු කරලා ලොකු ගානක් හොයා ගන්නවා වගෙ තමයි. හැමදාම නින්දට යන්න කලින් එලාර්ම් එක තියන්න. එකම වෙලාවට දවස් කිහිපයක් තියලා බලන්න.

සුබ සිතුවිල්ලක් එක්ක දවස අරබන්න. සමහර විට ඒ දවස ඔයාගෙ මනසට සුබ නොවෙන්න පුලුවන්, ඒත් ඔයාට මෙ මොහෙතෙ තියන දෙයට ස්තූති වන්ත වෙන්න, නෙගටිව් එනර්ගි එකක් එක්ක නැගිට්ටම මුලු දවසම මූසලයි. අනුන්ගෙ ක්රියා නිසා, අපෙ දවස ඇයි අපි නැති කරගන්නෙ?

 සැලැස්මක් හදාගන්න, ඔර්ගනයිස් වෙන්න පුරුදු වෙන්න, තමන් ඉන්න වටපිටාව, නිදාගන්න ඇද, වැඩකරන මේසෙ පිලිවෙලකට තියාගන්න.

අපිළිවෙල තැනක ඉදන් කරන වැඩ වලට වඩා නොදැනීම ඔයා වැඩ කොටසක් සතුටින් ඉවර කරලා තියෙයි.
 ජීවිතෙට පුන්චි පුන්චි ගොල්ස් එකතු කරන්න. දවසට එක ගොල් එකක්, මහ ලොකු දෙවල් නෙවෙ, අද මම වතුර ලීටර් 3ක් දවසට බොනවා, නැත්තම් අද දවසෙ මම කෙන්ති ගන්නෙ නැතුව ඉන්නවා වගෙ පුන්චි ගොල් එකක්.

එවගෙම ජීවීතෙට ශොර්ට් ටර්ම් ලොන්ග් ටර්ම් ගොල්ස් හදාගන්න, අවුරුද්දකින් මම මෙක කරන්වා, මාස 5කින් මම කිලො 5ක් බර අඩු කරගන්නවා, එහෙම ගොලස් හදාගත්ට වැඩක් නෑ එකට ඔයා ගේම් පැලෑන් එකකුත් හදාගන්න ඕන.

ගෝල් එක බර අඩු කරගන්න එක නම් ගේම් පැලෑන් එකෙ පලවෙනි ස්ටෙප් එක විදියට මාසයක් සීනී කෑම නොකා ඉන්න, ඒ මාසෙ ඉවර වෙද්දි ඔයාටම සීනී එපා වෙල තියෙයි, ගොල් එක සල්ලි එකතු කරන එක නම් , පොඩි ගානකින් පටන් ගන්න, එකවුන්ට් එකේ බැලැන්ස් එක වැඩි වෙන්න ගන්නකොට ඔයාටම ලොබ හිතෙයි අනවශ්ය දෙවල් වලට වියදම් කරන්න.
 ජර්නල් එකක් ලියන්න පටන් ගන්න, හැමොටම ලස්සනට ලියන්න බෑ, ඒත් ඔයාගෙ හිතට එන දෙ ඔයාට තෙරුම් ගනන් පුලුවන් විදියට ලියන්න. දන්නවද එහෙම ලියන එකත් කෙනෙක් එක්ක කතා කරලා දුක බෙදාගත්තා වගෙම තමයි, එයින් මනස ගොඩාක් සැහැල්ලු වෙනවා. ගැරැටියුඩ් ජර්නල් එකක් ලියන්න. විශ්වාස කරන්න මෙ පුරුදු නිසා ජීවිතෙ මොනවා උනත් ඔබ ඔබ ගැන නිග්ලෙක්ට් වෙන එකක් නෑ. කවුරු මොනවා කිවුවත් ඔබට දැනෙයි, මට මම ඉන්නවා කියන හැගීම.
 අපිට වැඩිපුර ජන්ක්ස් කන්න හිතෙන්නෙ, නිදාගන්න හිතෙන්නෙ අපි කඩන් වැටුන දවසට, ඒත් එහෙම දවසට හොදට එක්සසයිස් කරලා, හොද ආහාර වෙලක් අරන්, පැයක් විතර පොඩි සෙල්ෆ් කෙයාර් පාරක් දාලා බලන්න ඇගට දැනෙන සනීපෙ.
සිද්ද නොවෙන , තමන්ගෙ පාලනයෙන් බැහැරව තියන දෙවල් වලට පුශ් කරන්නෙ නැතුව තමන්ට තමන් වෙනුවෙන් කල හැකි හොදම දේ කරන්න.
ඔයා ඔයාටම පොඩි රිවොර්ඩ් එකක් දෙන්න්න, අමාරුවෙන් උගන්නලත් පොඩි එකාට ළකුනු අඩු උනා කියලා ළමයව මරන් කන්න එපා, ඔයා ඔයාගෙ උපරිමයත්, පොඩි එකා එයාගෙ උපරිමයත් කලා කියලා සතුටු වෙන්න.
තමන්ගෙ රිලෙශන්ශිප් එක තවදුරටත් ගෙනියන්න බෑ කියලා හිතෙනවනම් " මම මගේ උපරිමය මේ සම්බ්න්දෙට දුන්නා කියලා හිතන්න. බැරිම නම් එතනින් අයින් වෙන්න.
ඔබට ඔබව එපා වෙන තැනක ඉන්න ඕන නෑ. මේ ලොකෙ කාට ඔබව වටින්නේ නැති උනත්, ඔබ ඔබ ගැනම වටිනා කමක් හදාගන්න.

Address

Panadura
Hirana
10400

Telephone

+94715275904

Website

Alerts

Be the first to know and let us send you an email when Sathsuki flowers & Plants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category