Vastusankalpa Architectural Services. Kandy, SRI LANKA

Vastusankalpa Architectural Services. Kandy, SRI LANKA Vastu Sankalpa based in KANDY, Sri Lanka, we offer the full spectrum of architectural buildings services for residential and commercial developments

සොඳුරු නිවහනක සැබෑ වන සිහිනයට...ඔබේ සිහින නිවහනට පදනම දමන විශ්වාසනීය සහකරු ලෙස, එළඹෙන නව වසර ඔබේ ජීවිතයට සෞභාග්‍යය සහ සත...
01/01/2026

සොඳුරු නිවහනක සැබෑ වන සිහිනයට...
ඔබේ සිහින නිවහනට පදනම දමන විශ්වාසනීය සහකරු ලෙස, එළඹෙන නව වසර ඔබේ ජීවිතයට සෞභාග්‍යය සහ සතුට රැගෙන එන වසරක් වේවායි අප ප්‍රාර්ථනා කරමු.
වඩාත් නිර්මාණශීලී සහ සුබවාදී ගෘහ නිර්මාණ සැලසුම් හා ඉදිකිරීම් සමඟින් ඔබේ නිවහන අර්ථවත් කරන්නට නව වසරේදීත් අප සූදානම්.!!

"Vastusankalpa Architectural Services" වෙතින් ඔබ සැමට 2026 සාමය පිරි සුබ නව වසරක් වේවා!

Designing Spaces, Building Dreams.
As we embrace 2026, we extend our heartfelt gratitude for trusting us to bring your visions to life. May the New Year inspire new foundations of success and open doors to endless possibilities in your life and home.

Wishing you a joyful and prosperous New Year from all of us at "Vastusankalpa Architectural Services!"

Vastusankalpa Architectural servicesවෙතින්...ඔබේ සිහින නිවස, අපේ නිර්මාණ තුළින් සැබෑවක් කරගන්න. * අපේ නිර්මාණ තුළින්, ඔබ...
14/10/2025

Vastusankalpa Architectural services
වෙතින්...

ඔබේ සිහින නිවස, අපේ නිර්මාණ තුළින් සැබෑවක් කරගන්න.

* අපේ නිර්මාණ තුළින්, ඔබේ ජීවන අවකාශයට අලංකාරය සහ පහසුව මුසු වූ නව අරුතක් එක් කරන්න.

* සෑම නිර්මාණයකම, අලංකාරයත් ක්‍රියාකාරීත්වයත් මනාව මුසු වී ඇත.

* ඔබේ සිතේ ඇති අදහස්, අපේ නිර්මාණ තුළින් මූර්තිමත් කර, ඔබේ ජීවිතයට නව ආලෝකයක් සහ සතුටක් ගෙන එන්නට අප සූදානම්.

Vastusankalpa Architectural Services. Kandy.
+94 777841474 / +94 719993131

www.vastusankalpa.lk

මිනෙට් ද සිල්වා: ලාංකේය වාස්තු විද්‍යාවේ පුරෝගාමී ශිල්පිනියමිනෙට් ද සිල්වා (1918 - 1998) යනු ශ්‍රී ලංකාවේ නූතන වාස්තු වි...
14/10/2025

මිනෙට් ද සිල්වා:
ලාංකේය වාස්තු විද්‍යාවේ පුරෝගාමී ශිල්පිනිය

මිනෙට් ද සිල්වා (1918 - 1998) යනු ශ්‍රී ලංකාවේ නූතන වාස්තු විද්‍යා ශෛලියේ පුරෝගාමියා ලෙස සැලකෙන ජාත්‍යන්තරව පිළිගත් විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පිනියකි. ඇය ශ්‍රී ලංකාවේ පුහුණුව ලැබූ ප්‍රථම කාන්තා වාස්තු විද්‍යාඥවරිය වීම විශේෂත්වයකි.

වාස්තු විද්‍යා කෞෂල්‍යය:
මිනෙට් ද සිල්වාගේ නිර්මාණවල ඇති සුවිශේෂීත්වය වන්නේ, බටහිර නූතන වාස්තු විද්‍යා මූලධර්ම (Modernism) ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික කලා ශිල්ප සහ දේශීය පරිසරයට ගැළපෙන අයුරින් මුසු කිරීමයි. ඇය මෙය "නිවර්තන කලාපීය නූතනවාදය" (Tropical Modernism) හෝ "නූතන කලාපීය වාස්තු විද්‍යාව" (Modern Regional Architecture) ලෙස හැඳින්වූවාය.

* දේශීය ස්පර්ශය: ඇය සිය නිර්මාණ සඳහා දේශීයව ලබාගත හැකි ද්‍රව්‍ය, එනම් මැටි උළු, හුණුගල්, දේශීය දැව වර්ග සහ බිත්ති නිර්මාණය සඳහා තැළුණු පොළොව (rammed earth) වැනි සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම යොදා ගත්තාය.

* සම්ප්‍රදාය සහ නවීනත්වය: ඇය දුම්බර පැදුරු, ලාක්ෂා කර්මාන්තය සහ කැටයම් වැනි උඩරට කලා ශිල්පීන්ගේ නිර්මාණ සිය ගොඩනැගිලිවල අලංකාර අංග ලෙස භාවිතා කළාය. එමඟින් නවීන ගොඩනැගිලිවලට ගැඹුරු දේශීය අනන්‍යතාවක් සහ අලංකාරයක් එක් කළාය.

* පරිසරයට සුදුසු නිර්මාණ: ශ්‍රී ලංකාවේ නිවර්තන දේශගුණයට සරිලන පරිදි, ඇයගේ නිර්මාණවල විවෘත සැලසුම්, හොඳින් වාතාශ්‍රය ලැබෙන ඉඩකඩ සහ ස්වභාවික ආලෝකය ඇතුළත් විය. සාම්ප්‍රදායික සිංහල වලව්වල තිබූ "මැද මිදුල" වැනි අංග නූතන ගෘහ නිර්මාණ ශිල්පයට අනුවර්තනය කිරීමට ඇය පුරෝගාමී විය.

ඇයගේ නිර්මාණ කාර්යය තුළින්, සම්ප්‍රදාය සහ නවීනත්වය අතර සුන්දර සමබරතාවක් ඇති කිරීමටත්, දේශීය කලාකරුවන්ට සහ ශිල්පීන්ට වටිනාකමක් ලබා දීමටත් මිනෙට් ද සිල්වා මහත්මියට හැකි විය. ඇයගේ නිර්මාණ ශෛලිය පසුකාලීනව ලාංකේය වාස්තු විද්‍යා ක්ෂේත්‍රයට විශාල ආභාසයක් ලබා දුන්නේය.

© වාස්තු සංකල්ප

Vastusankalpa Architectural Services  අප, ඔබේ සිහින නිවස නිර්මාණය කර ගැනීමට නවීන ගෘහ නිර්මාණ විසඳුම් ලබා දෙන්නෙමු.පළපුරු...
21/03/2025

Vastusankalpa Architectural Services අප,
ඔබේ සිහින නිවස නිර්මාණය කර ගැනීමට නවීන ගෘහ නිර්මාණ විසඳුම් ලබා දෙන්නෙමු.
පළපුරුදු නිර්මාණකරුවකු සමඟ අද්විතීය හා ආකර්ෂණීය ගෘහ නිර්මාණ සැලසුම්.!!!
නේවාසික, වාණිජ, ව්‍යාපාරික ගොඩනැගිලි, අභ්‍යන්තරනිර්මාණකරණය සහ බාහිර අලංකරණ සැලසුම් කිරීම සහ ඉදිකිරීම් සිදුකරනු ලැබේ.
සිහින නිවස සැලසුම්කරණයට ඉදිකිරීම්කරණයට උපදේශනයක්!
Vastusankalpa වෙතින් විශේෂ වට්ටම් සහිතව...!!!
පළපුරුදු කණ්ඩායම,
පාරිභෝගික තෘප්තිය සහතිකයි...
අමතන්න: +94 777841474
වෙබ් අඩවිය: www.vastusankalpa.lk
අමතන්න: +94 777841474

සුබ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා!Happy Sinhala & Tamil New Year!
13/04/2023

සුබ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා!
Happy Sinhala & Tamil New Year!

𝙒𝙞𝙨𝙝𝙞𝙣𝙜 𝙮𝙤𝙪 𝙖 𝙃𝙖𝙥𝙥𝙮 𝙉𝙚𝙬 𝙔𝙚𝙖𝙧 𝙖𝙣𝙙 𝘽𝙡𝙚𝙨𝙨𝙚𝙙 𝙮𝙚𝙖𝙧 𝙖𝙝𝙚𝙖𝙙.𝑯𝒂𝒑𝒑𝒚 𝑵𝒆𝒘 𝒀𝒆𝒂𝒓 2023..
31/12/2022

𝙒𝙞𝙨𝙝𝙞𝙣𝙜 𝙮𝙤𝙪 𝙖 𝙃𝙖𝙥𝙥𝙮 𝙉𝙚𝙬 𝙔𝙚𝙖𝙧 𝙖𝙣𝙙 𝘽𝙡𝙚𝙨𝙨𝙚𝙙 𝙮𝙚𝙖𝙧 𝙖𝙝𝙚𝙖𝙙.
𝑯𝒂𝒑𝒑𝒚 𝑵𝒆𝒘 𝒀𝒆𝒂𝒓 2023..

Wishing you peace, joy, and unconditional love at Christmas and always.
24/12/2022

Wishing you peace, joy, and unconditional love at Christmas and always.

ඔබේ සිතේ ඇඳුන නිවස සාදාගන්නට, එන්න...මිනිසාගේ ආශාවන්, සිතුවිලි හා අපේක්ෂාවන් එකිනෙකට වෙනස්ය. සෑම පුද්ගලයෙකුටම වාගේ ජීවිත...
09/02/2022

ඔබේ සිතේ ඇඳුන නිවස සාදාගන්නට, එන්න...
මිනිසාගේ ආශාවන්, සිතුවිලි හා අපේක්ෂාවන් එකිනෙකට වෙනස්ය. සෑම පුද්ගලයෙකුටම වාගේ ජීවිතයේ කවදා හෝ තමන්ගේ සිතැඟිවලට ගැලපෙන්නට නිවසක් තනා ගැනීමට අවශ්‍යතාවය උදා වේ.
එහිදී තම සිතෙහි ඇඳී ඇති නිවස තම අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සාදා ගැනීම සරල කටයුත්තක් නොවේ. එම අපහසු කටයුත්ත යථාර්ථයක් කර ගනිමින් තමන්ගේ නිවස තම සිහින නිවසම කර ගැනීමේ අවස්ථාව හිමිවන්නේ, වාස්තු විද්‍යාත්මක මගපෙන්වන්නෙක්, සිවිල් ඉංජිනේරුවරයෙක්, ප්‍රමාණ සමික්ෂකවරයෙක් වැනි ක්ශේත්‍රයේ ප්‍රවීණයන්ගේ මගපෙන්වීම මතයි.
එහිදී නිර්මාණකරුවා සතු අභියෝගය වන්නේ, සීමිත සම්පත් උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් සේවා දායකයාගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වන ලෙස නිවස නිර්මාණය කිරීමයි.
කාමර ගණන වෙන්කර වහලයක් ගසා අවසන් කිරීම තරම් සරල නොවන, සංයමයකින් කළ යුතු, එය සැබැවින්ම කලාත්මක නිර්මාණය කටයුත්තකි. එහිදී නිර්මාණකරුවා හා සේවා දායකයා අතර සිදුවන සංවාදය ඉතාම වැදගත්ය. එම කාර්යය එක හමුවකින් අවසන් නොවන සාකච්ඡා වාර කිහිපයකින් යුතු දිගු ක්‍රියාවලියකි.
මෙම ක්‍රියාවලියේදී සේවාදායකයාට අවශ්‍ය ආකාරයෙන්ම නිවස සම්පූර්ණ කර දීමට නම් සේවාදායකයා විසින් නිර්මාණකරුවා හමුවට යාමේදී තමන් සෑදීමට අපේක්ෂා කරන නිවස සම්බන්ධ අවශ්‍යතා ගොනුකර ගෙන යෑම වඩාත් උචිතය.
එනම්, උදාහරණයක් ලෙස තමාට අවශ්‍ය කාමර ගණන, සාලය, මුළුතැන්ගෙය, නානා කාමර ආදිය පිළිබඳ මුලික ලැයිස්තුවක් සකස්කරගෙන යෑම පහසුවකි.
තමන්ගේ නිවස පිළිබඳව සිතේ ඇඳී ඇති චිත්තරූපය හැකි උපරිම අයුරින් නිර්මාණකරුවාට විස්තර කිරීමද වැදගත්ය. සේවාදායකයාගේ සිතේ මැවුණු නිවස පිළිබඳ නිර්මාණකරුවාට පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මෙය උපකාර වේ.
සේවා දායකයාගේ ආර්ථික තත්වය පිළිබඳව ද සැබෑ අවබෝධයක් නිර්මාණකරුවාට ලබාදීම ඉතාමත් වැදගත් සැලකිලිමත්විය යුතු කරුණකි. බොහෝ විට තමන්ගේ අවශ්‍යතාවන්ට අනුව සිතාගෙන සිටින නිවස සෑදීමට ආර්ථික පසුබිම සීමාකාරී සාධකයක් විය හැකිය.
එබැවින් තමන් නිවස සඳහා යොදවන්නට අපේක්ෂා කරන්නේ කුමන මුදලක් ද, එය ලබා ගන්නේ බැංකු ණයක් මගින් ද ආදී සියළු තොරතුරු පැවසීම නිර්මාණකරුවාට පහසුවකි. එවිට නිර්මාණකරුවාට ආර්ථික පසුබිමට ගැලපෙන අයුරින් නිවස නිර්මාණය කිරීමටත්, සමහර විට එම මුදලට අදාලව, පළමු අදියර යටතේ නිම කල හැකි ප්‍රමාණයත් ආදිය කල් ඇතිව තීරණය කළ හැකිය. උදාහරණයක් ලෙස, එවිට ඉදිකරනු ලබන්නේ නිවසේ කොටසක් වුවද එම කොටස් සම්පූර්ණ නිවසක් ලෙස පෙනෙන අයුරින් අලංකාරවත්ව නිර්මාණය කිරීමට හැකිවීම නිර්මාණකරුවාගේ දක්ෂතාවයයි.
සේවා දායකයාගේ විස්තරයට අනුව නිර්මාණකරුවා විසින් නිවසක් සැලසුම් කිරීමද සංකල්පමය ලෙස සිදුවන කලාත්මක කටයුත්තකි. අදාල සංකල්ප ගොඩනැගීම නිර්මාණකරුවාගේ ප්‍රතිභාවයි.
ඔබේ සිතේ ඇඳුන සිහින නිවහන සාදාගන්නට, එන්න..."
-වාස්තුසංකල්ප ගෘහ නිර්මාණ සේවය -

What shouldan architect do?CREATE VALUE...!» TAKE CLIENTS INSTRUCTIONS» SITE VISIT» SKETCH DESIGN» ROUGH ESTIMATE» DRAWI...
05/02/2022

What should
an architect do?

CREATE VALUE...!

» TAKE CLIENTS INSTRUCTIONS
» SITE VISIT
» SKETCH DESIGN
» ROUGH ESTIMATE
» DRAWINGS FOR LOCAL APPROVALS
» ARCHITECTURAL WORKING DRAWINGS AND DETAILS
» SCHEDULES
» SPECIFICATIONS AND SCHEDULE OF QUANTITIES
» ESTIMATE DOCUMENTS AND ASSIST THE CLIENT IN FINALIZING THE ESTIMATE DOCUMENT
» SUPERVISE THE WORK TO ENSURE QUALITY, ACCURACY AND FINISH
» MEASUREMENTS, CERTIFICATE OF PAYMENTS TO CONTRACTOR
» COMPLETION CERTIFICATE AND HANDLING OVER THE PROJECT TO THE EMPLOYER

𝙒𝙞𝙨𝙝𝙞𝙣𝙜 𝙮𝙤𝙪 𝙖 𝙃𝙖𝙥𝙥𝙮 𝙉𝙚𝙬 𝙔𝙚𝙖𝙧 𝙖𝙣𝙙 𝘽𝙡𝙚𝙨𝙨𝙚𝙙 𝙮𝙚𝙖𝙧 𝙖𝙝𝙚𝙖𝙙.𝑯𝒂𝒑𝒑𝒚 𝑵𝒆𝒘 𝒀𝒆𝒂𝒓 2022
31/12/2021

𝙒𝙞𝙨𝙝𝙞𝙣𝙜 𝙮𝙤𝙪 𝙖 𝙃𝙖𝙥𝙥𝙮 𝙉𝙚𝙬 𝙔𝙚𝙖𝙧 𝙖𝙣𝙙 𝘽𝙡𝙚𝙨𝙨𝙚𝙙 𝙮𝙚𝙖𝙧 𝙖𝙝𝙚𝙖𝙙.
𝑯𝒂𝒑𝒑𝒚 𝑵𝒆𝒘 𝒀𝒆𝒂𝒓 2022

Address

Nittawela Road
Kandy
2000

Alerts

Be the first to know and let us send you an email when Vastusankalpa Architectural Services. Kandy, SRI LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vastusankalpa Architectural Services. Kandy, SRI LANKA:

Share