LUCKY ANTHURIUM PLANTS NURSERY

LUCKY ANTHURIUM PLANTS NURSERY Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LUCKY ANTHURIUM PLANTS NURSERY, Garden Center, Kottawa, Kottawa.
(272)

🌿 Plants | Media | Full Guidance 🌿

Youtube 👇
https://www.youtube.com/
Whatsapp channel 👇
https://whatsapp.com/channel/0029Vb6UkcN0gcfTIs6Qku1w

ඇන්තූරියම් ලෝකෙට අලුතින් එන්න හිතන් ඉන්න ඔයාට තමා මේක 🫵🌱මේ ටිකේ මට වැඩිපුරම ආපු message එක තමයි…“අක්කේ මට ඇන්තූරියම් හදන...
25/05/2026

ඇන්තූරියම් ලෝකෙට අලුතින් එන්න හිතන් ඉන්න ඔයාට තමා මේක 🫵🌱

මේ ටිකේ මට වැඩිපුරම ආපු message එක තමයි…
“අක්කේ මට ඇන්තූරියම් හදන්න ඕන business එකක් විදියට 🥹 ඒත් පැල අඩුවට ගන්න විදියක් නෑ…
වගා මාධ්‍ය හදන හැටිත් තේරෙන්නෙ නෑ…” 😥

ඔන්න ඒ ගැටලු ටිකට පුංචි සහනයක් දෙන්න හිතුවා ❤️

ඒ තමයි… 👇

✨ "ඇන්තූරියම් 𝑩𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝑺𝒕𝒂𝒓𝒕-𝒖𝒑 𝑷𝒂𝒄𝒌𝒂𝒈𝒆" එක! ✨

මේ විශේෂ පැකේජ් එකෙන් ඔයාලට:

🌱 වර්ග 20කින් වෙනස්ම පැල 20ක් ලැබෙනවා.

Wooow ...😍

📦 ඒ විතරක් නෙවෙයි, ඒ පැල ටික හරියටම හිටවගන්න ඕන කරන මගේම විශේෂ වගා මාධ්‍යය (Potting Media) ඔයාලට සම්පූර්ණයෙන්ම FREE ලැබෙනවා!

🌿 ඇන්තූරියම් පැල 20ක්
🌿 වර්ග 20කින් පැල
🌿 ඒවා හිටවගන්න මගේ වගා මාධ්‍ය FREE 😍

අලුතින් පටන් ගන්න කෙනෙක්ට හොඳම chance එකක් මේක 👌

මේ package එකේ full details සහ price එකත් එක්ක අද හවස video එකක් ගේන්නම් 🎥🔥

💥 මගේ page එක follow කරලා තිබ්බොත් ඉක්මනින් video එක බලන්න පුළුවන් ✌

Video එක ඕන නම්
“Yes” කියලා comment එකක් දාගෙන යමු බලන්න 😇👇

සුබම සුබ වෙසක් පොසොන් සතියක් හැමෝටම 🙏අවසරයි එහෙනම් ..... බඳිමුද? 😁ඔන්න එහෙනම් "බඳින්න" අවසරයි කිව්ව ගමන් කට්ටිය මොනවා හි...
25/05/2026

සුබම සුබ වෙසක් පොසොන් සතියක් හැමෝටම 🙏

අවසරයි එහෙනම් ..... බඳිමුද? 😁

ඔන්න එහෙනම් "බඳින්න" අවසරයි කිව්ව ගමන් කට්ටිය මොනවා හිතුවත්, අපි ඉතින් බඳින්න ලෑස්ති වෙන්නේ වෙන මොනවත් නෙවෙයි, ලස්සනම ලස්සන වෙසක් කූඩූ තමයි!

🏮 දිලිසි දිලිසි තියෙන නෙළුම් මල්, අටපට්ටම් කූඩූ හදලා, රැලි කපලා, ලස්සනට ආලෝකමත් කරනකොට දැනෙන සතුට වචන කරන්න බැහැ.

මේ පින්බර සතියේ කූඩූ බඳින අතරතුර...

• පවුලේ අය, යාළුවෝ හැමෝම එකතු වෙලා කූඩූ හැදුවාම ඒකෙ තියෙන සතුට තවත් වැඩියි. 🥰

• පරිසරයට හිතකාමී විදිහට උණ බට, වෙසක් කොළ, එහෙමත් නැත්නම් ස්වභාවික දේවල් පාවිච්චි කරලා ලස්සන නිර්මාණයක් කරන්නත් පුළුවන්.

ඔයාලත් මේ පාර හදන්න ලෑස්ති වෙන්නේ මොන වගේ වෙසක් කූඩුවක්ද? අටපට්ටමක්ද, නැත්නම් නෙළුම් මලක්ද? 😁 comment එකක් දාගෙන යන්නකෝ 👇

🌿 30K Followers 😍🙏මේ ආදරේට ඇත්තටම ගොඩක් ස්තුතියි ❤️මගෙන් පුංචිම හරි දෙයක් ගත්තු…පුංචිම හරි දෙයක් ඉගෙන ගත්තු…මගේ post එකක...
24/05/2026

🌿 30K Followers 😍🙏
මේ ආදරේට ඇත්තටම ගොඩක් ස්තුතියි ❤️

මගෙන් පුංචිම හරි දෙයක් ගත්තු…
පුංචිම හරි දෙයක් ඉගෙන ගත්තු…
මගේ post එකක් video එකක් බලලා අත්දැකීම් ගත්තු…
මාව මේ තරම් දුරට අරන් ආපු ඔයාලා හැමෝටම හදවතින්ම ආදරෙයි 💚✨

ඉතින් අද නම් ඔයාගෙන් පුංචි comment එකක් ඕන 🫵👇
ඔයා මොනාද මගේ page එකෙන් ගත්තේ…?
එහෙම නැත්නම් ඉගෙනගත්තේ 🧐
කොච්චර කාලෙක ඉඳන් මාත් එක්ක ඉන්නවද…? 😇🌱
ලස්සන එක වචනයක් ලියන්න ✌

30K කියන්නේ number එකක් විතරක් නෙමෙයි…
ඒ හැම number එකක් පිටිපස්සෙම ලස්සන හිතක් ඉන්නවා ❤️🙏 ඒ ලස්සන හිත් වලට ආදරේ 👊

අනුරාධපුරේ ගැන කිසිත් නොකියමී 🫵 තීන්දුව ඔබට බාරයි 🥹
24/05/2026

අනුරාධපුරේ ගැන කිසිත් නොකියමී 🫵 තීන්දුව ඔබට බාරයි 🥹

🌿 ඇන්තූරියම් වවන්න කලින් මේ දේවල් 3 ගැන දැනගෙන හිටියද? 👇😇✅ 1. හොඳ වගා මාධ්‍යක් අත්‍යවශ්‍යයිඇන්තූරියම්වලට ඕනේ බුරුල් වගා ...
24/05/2026

🌿 ඇන්තූරියම් වවන්න කලින් මේ දේවල් 3 ගැන දැනගෙන හිටියද? 👇😇

✅ 1. හොඳ වගා මාධ්‍යක් අත්‍යවශ්‍යයි

ඇන්තූරියම්වලට ඕනේ බුරුල් වගා මාධ්‍යයක්."

ඇන්තූරියම් වල මුල් ඉක්මනින් කුණු වෙන්න පුළුවන් නිසා ජලය රැඳෙන්නේ නැති, හොඳ drainage තියෙන media එකක් භාවිතා කරන්න ඕන 🌱 ❤️

(පොල්ලෙලී,බොරලු,කරදහයියා වගා මාධ්‍යයට සුදුසුයි ✌)

👉 ඉතිම් ඔයාට හොදම හොද ඇන්තූරියම් වගා මාධ්‍ය අපෙන් ගන්නත් පුළුවන් 🫵

✅ 2. සෘජු හිරු එළිය එපා ❌

"අව්වේ තිබ්බොත් කොළ පිච්චෙනවා, හැබැයි කළුවරේ තිබ්බොත් මල් හැදෙන්නේ නැහැ!"

ඇන්තූරියම් වලට කැමති bright shade 🌤️
වැඩි හිරු එළියට දාද්දී කොළ පිච්චෙන්නත්, මල් අඩුවෙන්නත් පුළුවන්.

✅ 3. වතුර දාන එක balance කරන්න. 🤘

"හැමදාම වතුර දැම්මොත් පැළය ඉවරයි!"

හැමදාම වතුර දාන එක නෙමෙයි වැදගත් 😄
මාධ්‍ය ටිකක් වියළි වෙද්දී වතුර දාන එක තමයි හොඳම ක්‍රමය 💧

🌺 ආදරෙන් වවලා ලස්සන මල් ගන්න නම් මේ tips ටික අනිවාර්යයි 😍

එහෙනම් සුබ ඉරිදාවක් 🙏

ඔයත් ඇන්තූරියම් lover කෙනෙක් නම් comment එකක් දාගෙන යමු 👇💚 මාව follow කරලා තිබ්බොත් තමා මේ වගේ දේවල් ඉක්මනින් දැනගන්න පුළුවන් ☝

🛑 ඇන්තූරියම් වවන්න කලින් මේ දේවල් 3 ගැන දැනගෙන හිටියද? 👇ගොඩක් අය ඇන්තූරියම් වවන්න පටන් ගත්තට, ටික දවසක් යද්දී කොළ කහ වෙන...
23/05/2026

🛑 ඇන්තූරියම් වවන්න කලින් මේ දේවල් 3 ගැන දැනගෙන හිටියද? 👇

ගොඩක් අය ඇන්තූරියම් වවන්න පටන් ගත්තට, ටික දවසක් යද්දී කොළ කහ වෙනවා, මල් හැදෙන්නේ නැහැ, නැත්නම් පැළය කුණු වෙලා මැරෙනවා.

හැබැයි ඔයා මේ රහස් කරුණු 3 හරියටම දැනගෙන හිටියොත්, ඔයාගේ ඇන්තූරියම් පැළත් හැමදාම ලස්සනට, නිරෝගීව වවාගන්න පුළුවන්!

මේ වටිනා Tips 3 මොනවාද කියලා සම්පූර්ණ විස්තර ඇතුව ඊළඟ පෝස්ට් එකෙන් දැනගන්න ඕන ද? එහෙනන් "YES" කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. 👇

(වැඩිපුරම "YES" කමෙන්ට්ස් ආවොත්, ඉක්මනින්ම හැමෝටම වැදගත් වෙන ඒ රහස් 3 ගැන සම්පූර්ණ විස්තරය අරන් එන්නම්! 😉)

වැස්ස කියන්නේ මල් වලට ජීවිතය දුන්න සුන්දර දෙයක් වුණාට, හැමෝටම වැස්ස කියන්නේ සුන්දර අත්දැකීමක් නෙමෙයි... 🌧️🏠ඉතින්, මේ වහි...
23/05/2026

වැස්ස කියන්නේ මල් වලට ජීවිතය දුන්න සුන්දර දෙයක් වුණාට, හැමෝටම වැස්ස කියන්නේ සුන්දර අත්දැකීමක් නෙමෙයි... 🌧️🏠

ඉතින්, මේ වහින වැස්සෙන් කිසිම සතෙක්ට, මනුස්සයෙක්ට කිසිම කරදරයක්, පීඩාවක් නොවේවා! හැමෝම පරිස්සමෙන්, සතුටින් ඉන්න. 🙏🌸

හැමෝටම සුබම වේවා! 💪🔥

වැස්ස කොහොමද? 😁 මරු ✌ මාරයි 💪 සුපිරි 👌 එලකිරි 🤘එලපවුසී 😅⛈️
22/05/2026

වැස්ස කොහොමද? 😁
මරු ✌ මාරයි 💪 සුපිරි 👌 එලකිරි 🤘එලපවුසී 😅⛈️

හැමෝටම සුබම සුබ දවසක් වේවා! 🙏🌸අද මං ආවේ ඔයාලා හැමෝම මගෙන් දිගින් දිගටම අහපු ප්‍රශ්න කිහිපයකට ඉක්මනින්ම උත්තර අරගෙන. 😍පහු...
22/05/2026

හැමෝටම සුබම සුබ දවසක් වේවා! 🙏🌸

අද මං ආවේ ඔයාලා හැමෝම මගෙන් දිගින් දිගටම අහපු ප්‍රශ්න කිහිපයකට ඉක්මනින්ම උත්තර අරගෙන. 😍

පහුගිය දවස් ටිකේ කැට පොහොර සම්බන්ධයෙන් මං දාපු Posts සහ Videos වලට ඔයාලගෙන් ගොඩාක් ප්‍රතිචාරයක් ලැබුණා. ස්තුතියි 🙏

ඒ වගේම "ඇයි මේ පොහොර වර්ග අපිට ඔයාගෙන්ම ගන්න විදියක් හදන්නේ නැත්තේ? අපිට ලේසියි ඔයාගෙන්ම ගන්න එක" කියලා ගොඩක් අය ආදරෙන් ඉල්ලලා තිබුණා.

ඔයාලා මං කෙරෙහි තියන ඒ ලොකු විශ්වාසය ගැන ඇත්තටම නිහතමානීව සතුටුයී ❤️ ඔයාලට හැමදාම හොඳම දේ දෙන්න තමා මටත් ඕනේ.

✨ ඉතින් ඔන්න ඒකට ලඟදීම සුපිරි විසඳුමක් අරං එන්නම් 💪

ඔයාලා ඉල්ලපු NETCOT N සහ LION COT K පොහොර වර්ග දෙක මගෙන්ම මිලදී ගන්න පුළුවන් විදියට වැඩපිළිවෙළක් ලෑස්ති කරගෙන යනවා. තව පුංචි කාලයක් දෙන්න, හැම විස්තරයක්ම එක්ක මං ඉක්මනින්ම Post එකක් දාන්නම්. (දැනට මේවා මං ලඟ තොග නොමැති බව කරුණාවෙන් සලකන්න 🙏)

💬 මට ඔයාලගෙන් පුංචි උදව්වක් ඕනේ! 👇

ඔයාලට මේ පොහොර වර්ග අවශ්‍ය ද ? Yes කියලා විතරක් comment එකක් දාන්නකෝ 👇

තවානටම ඇවිත් බඩු ගන්න ඔයාලා වගේම, Online ක්‍රමයට මගෙන් මිලදී ගැනීම් කරන, හැමදාම මාත් එක්ක රැඳී ඉන්න ආදරණීය පාරිභෝගික ඔයාලා හැමෝම තමා මගේ ලොකුම ශක්තිය! 👊✨

Post එක කියවපු ඔබ සැමටම ගොඩක් ස්තුතියි! 🙏😁
සුභ දවසක්!

21/05/2026

NETCOT N භීෂණේ 😁 මෙයා ගැන විස්තර එක්ක post එකකුත් ඇති ඒකත් බලන්න. මේ පොහොර එක දැනට මං ගාව නෑ. අනේ ගොඩාක් අය msg කරලා අහනවා ඉක්මනින් ඔයාලට මේ පොහොර එක මගෙන් ගන්න විදියක් හදලා දෙන්නම් එතකම් මං කලින් mention කල page එකෙන් ගන්න ලමයී 👊

Address

Kottawa
Kottawa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when LUCKY ANTHURIUM PLANTS NURSERY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category