Bogoda Arch Design Studio

Bogoda Arch Design Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bogoda Arch Design Studio, Architectural Designer, Bogoda Construction, Mawela St, Kuliyapitiya.

Blog Post - 08🏡 නිවසක් සැලසුම් කිරීමේදී සිදුකරන වැරදි 7ක් සහ එයට හොද Solution 7ක්.නිවසක් සැලසුම් කරනකොට එය හරි විදිහට කර...
20/11/2025

Blog Post - 08

🏡 නිවසක් සැලසුම් කිරීමේදී සිදුකරන වැරදි 7ක් සහ එයට හොද Solution 7ක්.

නිවසක් සැලසුම් කරනකොට එය හරි විදිහට කරේ නැත්තන් ඔබට ඉදිරියට විශාල ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන්න සිදු වෙනවා.
අද අපි බලමු ඔයාලා mostly කරන වැරදි 7ක් සහ ඒකට correct solution 7ක්.

❌ වැරදි 1 – Living Room එකට Natural light එන්න space නැතිව plan කරනවා.

Natural Light නැත්තම් living room එක තද, අඳුරු feel එකක් එනවා.

✅ Solution:

Living Room windows East / North facing කරන්න. Main sitting area side එකින් Close වෙන Door & Wall avoid කරන්න.

❌ වැරදි 2 – Bedrooms එකට privacy level consider නොකිරීම.

Bed Rooms වලට hall එකේ sound, visitors, kitchen noise ඇහෙන්න සැලසුම් කරනවා.

✅ Solution:

Bedrooms always keep private zone එකේ තියන්න. Corridor එකකට side wise locate කරන්න. Master bedroom එක house entrance එකෙන් දුරින් තියන්න.

❌ වැරදි 3 – Kitchen + Dining සම්බන්ධතාවය හරි flow එකක් නැතිව plan කරනවා.

කවදාවත් Kitchen එක door එකට ඉතා දුරින් Dining එකට යන විදිහට plan කරන්න එපා.

✅ Solution:

Open kitchen concept / semi-open concept. Dining area kitchenට direct access තියන විදිහට Plan කරන්න.

❌ වැරදි 4 – Bathrooms හුඟාක් scatter කරනවා.

House එකේ plumbing cost unnecessarily වැඩියි.

✅ Solution:

Bathrooms locate කරන්න plumbing cluster එකක් ලෙස.
Example: Master bathroom + Shared bathroom + Wet area cluster.

❌ වැරදි 5 – Corridor space waste කරන long hallway designs.

වැඩකට ගන්න බැරි area බොහොමක් waste වෙනවා.

✅ Solution:

Compact circulation plan කරන්න. Rooms connect කරන්න short corridor + smart layout.

❌ වැරදි 6 – Room sizes lifestyle එකට match නොවීම.

clients request එකට ගැලපෙන් නැති. Small bedroom, oversized living, tiny kitchen...

✅ Solution:

Before planning, clients lifestyle analyze කරන්න:
👨‍👩‍👧 Family size
👶 Kids rooms
👵 Elder-friendly rooms
💼 Work-from-home room.
Then room sizes match කරන්න.

❌ වැරදි 7 – Future expansion consider නැතුව plan කරනවා.

පස්සේ upper floor add කරන්න හිතලා ඇති… but initial plan එකම blocked.

✅ Solution:

Future staircase position + column layout + slab expansion option plan from day 1.

⭐ Final Note

සැලසුමක් හරි විදිහට plan කළාම,
✔️ Privacy
✔️ Airflow
✔️ Natural light
✔️ Budget efficiency
✔️ Long-term comfort
මේ හැම එකම correct Balance එකට එනවා.

👉 ඔයාගේ ඉඩමට perfect distribution plan එක FREE idea එකක් දෙන්නම්. Message එකක් දාන්න!


Blog Post - 07🏡✨ නිවසක් සෑදීමට ඉඩමක් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු 7ක්.ඔයාගේ සිහින නිවහන ගොඩනගන පළමු පියවර තමයි...
01/10/2025

Blog Post - 07

🏡✨ නිවසක් සෑදීමට ඉඩමක් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු 7ක්.

ඔයාගේ සිහින නිවහන ගොඩනගන පළමු පියවර තමයි හරි ඉඩමක් තෝරාගැනීම.
ඉඩම හොඳින් තෝරගන්න එක අනාගතයේදී ගොඩනැගිල්ලේ ගුණාත්මක බවටත්, ආරක්ෂාවටත්, වටිනාකමටත් බලපානවා.

අද අපි බලමු 👉 ඉඩමක් ගන්න කලින් ඔබ අනිවාර්යයෙන්ම සලකා බලන්න ඕනේ කරුණු 7ක්!

🔑 1. ස්ථානය (Location)
ඇතැම් වෙලාවට location එකම ඉඩමේ value එක තීරණය කරනවා.
📍 පාසල්, රෝහල්, වෙළඳසැල්, රථවහන පහසුකම් ලගද බලන්න.

📏 2. ඉඩමේ ප්‍රමාණය සහ හැඩය
ඔයා සකස් කරගන්න plan එකට ඉඩමේ හැඩය match වෙනවාද?
Garden 🪴, parking 🚗, future extension 🏠 මේවාට අවකාශ තියෙන්න ඕනේ.

📜 3. නීතිමය තත්ත්වය
නීතිමය පැත්තෙන් අපැහැදිලි ඉඩමක් ගතහොත් අනාගතේ දුශ්කරතාවලට මුහුණ දීමට සිදුවේ.

🖊 අනිවාරයෙන් Notary / Attorney කෙනෙක්ගෙන් පරීක්ෂා කර ගන්න.

💧⚡ 4. මූලික පහසුකම්
ජලය, විදුලිය, මාර්ගය, internet coverage – මේවා නොමැතිනම් ඔබට විශාල ගැටළු වලට මුහුණ දීමට සිදුවේ.

🌍 5. ඉඩමේ මට්ටම සහ පසේ ගුණාංග
Flood-prone 🌊 හෝ landslide-prone 🏔 ඉඩමක් මිළදී ගැනීමෙන් වලකින්න.
පස දුර්වල වැලි හෝ මඩ සහිත නම් ඔබගේ ඉදිකිරීම කිරීමට විශාල මුදලක් වැය කිරීමට සිදු වේ.

🛡 6. ආරක්ෂාව සහ පරිසරය
Crime rate 🕵‍♂ අඩුද? Neighborhood එක 🏘 හොඳද?
පවුලේ ආරක්ශාව ගැන සැලකිලිමත් වන්න.

📈 7. අනාගතයේදී සිදුවන වටිනාකම්

Development projects 🚧, highways 🛣, schools 🏫 ආසන්නයේ ඉඩම් අනාගතයේදී වැඩි වටිනාකමකින් යුක්ත වේ.

✨ අවසන් වශයෙන්

ඉඩම තෝරගැනීම කියන්නේ හදිස්සියේ ගන්න හොද තීරණයක් නෙමෙයි. ඒක ඔබගේ මුළු අනාගතයටම බලපාන special අවස්ථාවක් වෙනවා

✅ මේ 7 කරුණු හොඳින් මතක තබා ගන්න. එයින් ඔබේ සිහින නිවහන ගොඩනගන ආරම්භය safe & smart වනු ඇත!

🔖 #ගෘහනිර්මාණ

🏠 Blog Post 6✨ අද අපි කතා කරමු ඔබේ නිවසට එකතු කරන්න පුළුවන් නවීන අලංකාරය වැඩි කරවන අංග 7ක් ගැන. ✨වර්තමානයේ දී, අපි හැමෝම...
02/08/2025

🏠 Blog Post 6

✨ අද අපි කතා කරමු ඔබේ නිවසට එකතු කරන්න පුළුවන් නවීන අලංකාරය වැඩි කරවන අංග 7ක් ගැන. ✨

වර්තමානයේ දී, අපි හැමෝම හිතනවා “නිවසක් කියන්නෙ ගොඩනඟලා ඉවර කරන දෙයක් නෙවෙයි, ඒක ජීවිතය වගේ කියලා.” 🏡
ඒ නිසාම ඔබේ නිවසට නවීන, සරල, අලංකාර විලාසිතාවන් එකතු කිරීමෙන් පුංචිම වෙනසකින් ජීවිතයම වෙනස් කරගන්න පුළුවන්.

1. 🛋️ Open-Plan Layout –
නිවසේ ඉඩකඩ වැඩි කරවන සැලසුමක්. Living Room + Dining + Kitchen එකම අවකාශයක් ලෙස සැලසුම් කිරීමෙන් ඔබේ නිවස කුඩා වුවත් විශාල ලෙස පෙනේ. භාවිතයට පහසුයි, බිත්ති ප්‍රමාණය අඩු කරන අතර ඔබේ අමුත්තන්ටත් නව විලාසිතාවක් ලෙස පෙනේ.

2. 🌞 Skylights සහ Clerestory Windows –
ආලෝකයත්, සෞඛ්‍යයමත් බවත්, Natural light මගින් විදුලි බිලත් අඩු වන අතර තාපය අඩු වන ආකාරයට design කරන්න පුළුවන්. Stylish look එකක් නිවසට ලැබෙනවා.

3. 📱 Smart Home Features –
Mobile App එකෙන් පාලනය කරන නිවසක්.
Lights, CCTV, Door Locks වැනි දෑ Mobile App එකෙන් පාලනය කළ හැකියි. 2025 ලෝකය, Smart Homes වලට බොහෝ නැඹුරුවක් දක්වයි.

4. 🌿 Vertical Gardens / Indoor Green Corners –
සිසිලන ආලින්දයක හැඩය වාතාශ්‍රය වැඩි කරනවා, Mini herb garden එකක් kitchen එකේ තියන්න පුළුවන්.

5. 🧱 Exposed Cement Finishes / Rustic Wall Texture – Low-Cost Elegance
Paint නොකර වියදම අඩු කරමින් Elegant & Industrial look එකක් ලබා දේ.

6. 💻 Home Office Corner –
Work From Home සඳහා බොහෝ උපකාරී වන Space එකක්.
Work From Home කරන අය සඳහා Zoom call වලට Background, Desk + Shelf + Lamp සහ Neutral Wall එකක් ලෙස භාවිත කල හැක.

7. 🚿 Mini Pool or Outdoor Shower Concept –
Luxury Vibe එකක් Budget එකට ගැලපෙන කුඩා පිහිණුම් තටාක සහ Cement Tile Outdoor Shower වැනි අංග මගින් වඩාත් අලංකාරවත් බවක් ලැබේ.

✨ මෙයින් එකක් හෝ කිහිපයක් ඔබේ සිහින නිවසට එක් කර ගැනීමෙන් වඩාත් අලංකාරවත් බවක් ඔබේ නිවසට එක් කරගත හැක. ✨



නිවසක් සෑදීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු 7ක්.ඔබේ සිහින නිවහන සැලසුම් කිරීම ආසාවෙන් පිරුණු කාර්යයක් වුණත්, වැරදි තීරණ...
26/07/2025

නිවසක් සෑදීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු 7ක්.

ඔබේ සිහින නිවහන සැලසුම් කිරීම ආසාවෙන් පිරුණු කාර්යයක් වුණත්, වැරදි තීරණ කිහිපයක් හේතුවෙන් ඔබේ මුදල්, කාලය සහ මානසික නිදහස විනාශ විය හැක. මේ නිසාම, නිවසක් සෑදීමේදී බොහෝ දෙනා සිදු කරන පොදු වැරදි 7ක් පහත දැක්වේ. මේවා වළක්වා ගැනීමෙන් ඔබට බොහෝ ප්‍රතිලාභ ලැබේ.

1. නිවාස සැලසුමක් නොමැතිව වැඩ ආරම්භ කිරීම-
ඔබට මුදල් තිබුණත්, කොන්ත්‍රාත්කරුවෙකු සිටියත්, නිවාස සැලසුමක් නොමැතිනම් ඒවා කාර්යක්ෂමව භාවිතා කල නොහැක. නිවැරදි Floor Plan, ඉඩකඩ භාවිතය, වාතාශ්‍රය, දිශාගතකිරීම් වගේ දේවල් පෙර සලකා බැලිය යුතුයි.

2. Budget එක සැලසුම් නොකර වැඩ කිරීම -
ඔබ සතුව ඇති මුදල් සහ ඔබට ඔබේ සිහින නිවහන ඉදිකිරීම සදහා ඔබට යෙදිය හැකි උපරිම මුදල ගැන ඔබ හොදින් සිතා ඒ අනුව සැලසුම කරගන්න.

✅ Tip: සැබෑ වියදම් + අනපේක්ෂිත වියදම් 15%-20% ලෙස සලකන්න.

3. Engineering Drawings, Approvals නොමැතිව වැඩ පටන් ගැනීම -
පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා වැනි පාලන ආයතන සීමාවන් තුල ඉදිකරන ගොඩනැගිලි අනිවාර්‍යෙන් අනුමත කිරීමක් සහිතව ආරම්භ කරන්න. එසේ නොකිරීමෙන් එම ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් ලෙස සැලකෙන අතර නීතිමය ගැටළු වලට මුහුණදීමටද සිදුවනු ඇත.

4. සුදුසුකම් සහ අත්දැකීම් ඇති කොන්ත්‍රාත්කරුවෙකු නොමැතිව වැඩ කිරීම-
කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමේදී අඩු මුදලක් මත වැඩ කරන කෙනෙකුම තෝරගැනීමට තීරණය නොකරන්න. ඔහුගේ පෙර සිදුකර ඇති ඉදිකිරීම් සොයාබලන්න. අදාල ගොඩනැගිල්ලේ හිමිකරුවන් අදාල කොන්ත්‍රාත්කරු පිලිබඳ දරණ මතය විමසා බලන්න.

5. අනාගත අවශ්‍යතා නොසලකා වැඩ කිරීම -
ඔබට අද අවශ්‍ය දේ සඳහා නිවස සැලසුම් කලත් අනාගතය සඳහාද සුදුසු වන ලෙසද එය සැලසුම් කරන්න.

උදා : Future Kids, Parents, Home Office Space වගේ දේවල් අනාගත භාවිතයන් සඳහා සලකා බලන්න.

❗Short-term thinking = Long-term regret.

6. ගුණාත්මක අමුද්‍රව්‍ය වෙනුවට මිළ අඩු අමුද්‍රව්‍ය භාවිත කිරීම -
ලාභ අමුද්‍රව්‍ය වල මූලික වියදම අඩු වුනත්, Repair + Maintenance වියදම් ඉතා ඉහලයි. Roofing, Electrical, Plumbing වැනි වඩාත් වැදගත් තැන් වලදී අනිවාර්‍යෙන් ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතා කරන්න.

7. අධීක්ෂණයක් යටතේ ඉදිකිරීම සිදුකරගන්න -
වැඩ බිමේ දෛනික වැඩ සොයා නොබැලීම කොන්ත්‍රාත්කරුට වාසි සහගත වේ. එම නිසා හැකියාව ඇත් නම් සුපවයිසර් කෙනෙකු මගින් අවම වශයෙන් සතිපතා හෝ වැඩ බිම අධික්ෂණය කරන්න.

අවසන් වශයෙන්,
ඔබේ සිහින නිවහන සෑදීමේදී මෙම කරුණු ගැන වඩාත් සැලකිලිමත් වන්න.එයින් ඔබට වඩාත් හොදින් ඔබගේ වැඩකටයුතු සියල්ල කර ගත හැකි වනු ඇත...

අලුත් blog post එකකින් නැවත හමුවෙමු. ❤

🏠 Blog Post 4"කුඩා ඉඩමකට සුදුසු නිවසක් සැලසුම් කිරීමේදී අත්‍යවශ්‍ය වන කරුණු 5ක්"🔰 හැඳින්වීම:වර්තමානයේ බොහෝ සෙයින්  ඉඩමක්...
19/07/2025

🏠 Blog Post 4
"කුඩා ඉඩමකට සුදුසු නිවසක් සැලසුම් කිරීමේදී අත්‍යවශ්‍ය වන කරුණු 5ක්"

🔰 හැඳින්වීම:
වර්තමානයේ බොහෝ සෙයින් ඉඩමක් තෝරාගැනීමේදී බොහෝ අය බලන්නේ තමන්ගේ කාර්යබහුලත්වය, ගමනාගමන පහසුකම් හා ඉඩම් වල මිල අදික වීම හේතුවෙන් (10-25 Perch) වැනි කුඩා ඉඩමක තමන්ගේ සිහින නිවහන සැලසුම් කිරීමට හා ඉදිකර ගැනීමටය. මේ වගේ මධ්‍යස්ථ පරිමාණයක ඉඩමකට නිවැරදි සැලසුමක් තෝරා ගැනීමෙන්, ඔබට වඩාත් පහසු, ඉතාමත් කාර්යක්ෂම සහ අලංකාර නිවහනක් සාදා ගත හැකිය.
එවැනි නිවසක් සැලසුම් කිරීමට ක්‍රියාත්මක කළ යුතු අත්‍යවශ්‍ය කරුණු 5ක් පහත දැක්වේ:

✅ 1. අවකාශය මනා ලෙස වෙන් කල සැලසුමක් සකස් කරන්න.
- Ground Floor එකට: Living room, Dining Area, Kitchen, 1 Guest Bedroom, 1 Common Bathroom, Utility Area.
- First Floor එකට: Master Bedroom With Attached Bathroom, 2 Bedroom, Study/TV Area, Balcony.
➡ මෙහිදී 1500–1800 sqft පමණ අවකාශයක සැලසුම් කිරීම නිවැරදි වේ.මෙය ඉඩමේ විශාලත්වය හා තමන්ගේ අවශ්‍යතා අනුව වෙනස් වේ.
➡ මුළුතැන්ගෙය, කෑම කාමරය වැනි කොටස් Open-Plan Layouts ආකාරයට අමතර බිත්ති නොමැතිව සෑදීමෙන් Spacious Look එකක් ලැබේ.

✅ 2. Garden Space සහ Parking එක Balance කරන්න.
- Car porch එක + garden එක, එකම ඉදිරිපසින් සැලසුම් කිරීමෙන් පෞද්ගලික බව සහ අලංකාර බව ලබා ගත හැක.
- Garden එක terrace or L-shape format එකකට යොදා ගන්න.
- Vertical garden techniques (සිරස් උද්‍යාන අලංකරන ක්‍රම) යොදාගනිමින් ඉඩකඩ ඉතිරි කර ගැනීමට හැකි වේ.

✅ 3. Wet Area / Utility Area Design එක ප්‍රයෝජනවත් ලෙස සැලසුම් කරන්න
- මුළුතැන්ගෙයට අමතරව wet kitchen / pantry එකක් පිහිටුවන්න.
- Washing area සිට නිවස පිටුපසට ද්වාරයක් (service entry) design කරන්න.
➡ උදා: Garbage Collection, Washing Machine, Outdoor Sink.

✅ 4. Future Extension ( අනාගතයේදී සැලසුමට අමතරව ගොඩනැගිල්ලේ යම් කිසි එකතු කිරීමක් සිදු කිරීමට අවකාශ ඇති ලෙස) සැලසුම නිර්මාණය කිරීමට වග බලා ගන්න.

- Slab Roof + Stairway to Rooftop or Partial 3rd Level Design.
- Electrical Conduits & Plumbing Lines Future Floor එකක් සඳහාම Pre-Plan කරන්න.
➡ උදා: Later Rooftop Bedroom / Solar Panel Installation.
ඔබ සැලසුමක් කිරීමේදී අනාගතය කියවන්න පුළුවන් වෙන්න ඕනා.

✅ 5. Budget Planning එක අත්‍යවශ්‍යයි.
- Stage-Based Build: Phase 1 – Foundation & Walls / Phase 2 – Roofing & Wiring / Phase 3 – Finishing.
- Cost-Efficient Material Selection: Local Tiles, Cement Blocks, Aluminum Windows. (මෙය අප මීට පෙර Blog සටහන් මගින් ඔබව දැනුවත් කර ඇත)

ඉතිං අප අද කතා කරපු මාතෘකාව මෙතනින් අවසන් කරනවා.

🔁 මේ post එක share කරන්න – ඔයාගේ යාළුවන්ටත් මේක වැදගත් වෙන්න පුළුවන්!
🔁ඔයාගේ හිතේ තියෙන නිවාසෙක Idea එක Comment එකක් දාන්න, අපි ඔබට ගැලපෙන Design Concept එකක් Suggest කරන්නම්!

එහෙනන් හැම කෙනෙකුගේම හිතේ තියෙන නිවාස සිහිනය ඉක්මනින්ම සැබෑවක් කරගැනීමට හැකි වේවා!!!

🔨 Blog Post 3: අද අපි කතා කරන්නේ කොන්ත්‍රාත්කරුවෙකු සම්බන්ධ කර ගැනීමේදී දැන ගත යුතු කරුණු 7 ක් ගැන.🔑      🔰 හැඳින්වීම:ඔබ...
12/07/2025

🔨 Blog Post 3: අද අපි කතා කරන්නේ කොන්ත්‍රාත්කරුවෙකු සම්බන්ධ කර ගැනීමේදී දැන ගත යුතු කරුණු 7 ක් ගැන.
🔑

🔰 හැඳින්වීම:

ඔබේ නිවස හෝ අදාල ගොඩනැගිල්ල නිවැරදිව ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවෙක් (building contractor in Sri Lanka) හරහා කර ගැනීම යනු, සරල කාරණයක් නොවෙයි. සැලසුමක් නොමැතිව ක්‍රියා කිරීමෙන්, ඔබගේ මුදල්, කාලය, විශ්වාසය වැනි වටිනා දේවල් ඔබට අහිමි විය හැකිය.
ඒ නිසාම මේ කරුණු 7 ඔබේ නිවස හෝ අදාල ගොඩනැගිල්ල ඉදිකිරීමේ දී අවධානම අඩු කර ප්‍රතිඵල වැඩි කරගැනීමට උපකාරී වේ.

✅ 1. ලිඛිත ඇස්තමේන්තුවක් සහිත කොන්ත්‍රාත් ගිවිසුමක් ලබාගන්න.
🔑

- කොන්ත්‍රාත්කරුවෙකු ඔබට "මම මේ ගානට මේ ගෙදර හදලා දෙන්නම්" ලෙස කට වචනෙට කියන එක තමයි බොහෝ විට ඔබ අමාරුවේ වැටෙන පලවෙනි තැන.

- ලිඛිත ඇස්තමේන්තුවක් (written estimate) ලබා ගන්න – Materials, Labour, Duration, Scope අන්තර්ගත.

➡ Contract එකේ අන්තර්ගතය:
- මුදල් ගෙවීම් අදියර (Payment schedule)
- ප්‍රමාදවීම් සඳහා වන එකඟතා (Delay penalties)
- Material usage responsibility
- Termination conditions

✅ 2. BOQ එකක් (Bill of Quantities) ගන්න
🔑

- Cement, Bricks, Sand, Tiles, Paint & Other – ගොඩනැගීමේදී වැය වන සෑම දෙයක් සඳහාම අමුද්‍රව්‍ය ප්‍රමාණයන් ලියා තිබිය යුතුයි.

- Owner-supplied vs Contractor-supplied අමුද්‍රව්‍ය පැහැදිලිව සඳහන් කර ගන්න.

➡ Benefits: Transparency + budget tracking

✅ 3. ගෙවීම් කරන විට අදියරෙන් අදියර ගෙවීම් කරන්න.
🔑

- Initial advance එක – 10%–20% හෝ ගිවිසුම් ගත වූ ආකාරය අනුව.
- Progress stages:
- Foundation complete → Payment X%
- Wall up to lintel level → Payment Y%
- Roof slab → Payment Z%
- Finishing → Final settlement

➡ සියල්ල ලිඛිත ලෙස සිදු කරගැනීම වඩාත් වැදගත් වේ.

✅ 4. වැඩ සඳහා නියමිත කාල සීමාවන් ඔබගේ කොන්ත්‍රාත්කරුගෙන් ලබාගන්න.
🔑

- එවිට ඔබට ඔබේ කොන්ත්‍රාත්කරු ඔබට ලබා දුන් අදාල කාල සීමාවට අනුව ඉදිකිරීම් සිදු කරනවාද නැතහොත් ප්‍රමාද වනවාද යන්න දැනගත හැක.

✅ 5. Labour Team එක verify කරන්න.
🔑

- අදාල කොන්ත්‍රාත්කරු හට පළපුරුදු මේසන්වරුන්, වඩු කාර්මිකයන් ඇතුළු අනෙකුත් කාර්මිකයින් සහ ප්‍රමාණවත් සේවකයන් පිරිසක් සිටීද යන්න තහවුරු කරන්න.

- Previous contractor projects පරීක්ෂා කිරීමද වැදගත් වේ.

✅ 6. Site Supervision + Weekly Meetings
🔑

- කොන්ත්‍රාත්කරු ඔබගේ ඉදිකිරීම පිළිබඳව අදාල වැඩබිමට පැමිණ සොයා බලන ආකාරය පිලිබඳව සැලකිලිමත් වන්න.

- ඔබට හැකියාව ඇත් නම් Site supervisor කෙනෙකු යොදවා එම ඉදිකිරීම නිරන්තර අධීක්ශනයකින් යුතුව සිදු කරවා ගන්න.

- අදාල නිවාස සැලසුමේ ආකාරයටම,උදාහරණයක් ලෙස කම්බි වැනි ඉදිකිරීම සඳහා වඩාත් බලපාන නමුත් ගොඩනැගිල්ල ඉදිකල පසු ඇසට නොපෙනෙන දෑ නිසියාකාරව යොදනවාද යන්න site supervisor කෙනෙකු යොදවා ගැනීමෙන් තහවුරු කරගත හැක.

✅ 7. ඔබ නිවස හෝ අදාල ගොඩනැගිල්ල ඉදිකල පසු කොන්ත්‍රාත්කරු හට ඉතිරි සියලුම මුදල් ගෙවීමට පෙර පහත සඳන් දෑ පරීක්ෂා කර බැලීම අනිවාර්‍යෙන් සිදු කරන්න.
🔑

- Paint, light fittings, plumbing test, tile alignment
- විද්‍යුත් අයිතමයන් සඳහා වන වගකීම් සහතික සියල්ල ලබා ගන්න.

📣 CTA: ඔබට කොන්ත්‍රාත්කරුවෙකු පිලිබඳව ඇති සතුටු හෝ අපහසුතාවට පත් වූ අවස්ථාවන් පහළින් comment කරන්න. එයද බොහෝ දෙනෙක්ට ප්‍රයෝජනවත් වනු ඇත.
🔑 #ගෙදර_හදන_අය

💰 Budget එකට ගැලපෙන නිවසක් සෑදීම සඳහා අත්‍යවශ්‍ය උපදෙස් 5ක් 🏡ඔබේම නිවසක් යනු ඔබේ ජීවිතයේ තියෙන විශාලම සිහිනයක්. ඔබ ජීවත්...
05/07/2025

💰 Budget එකට ගැලපෙන නිවසක් සෑදීම සඳහා අත්‍යවශ්‍ය උපදෙස් 5ක් 🏡

ඔබේම නිවසක් යනු ඔබේ ජීවිතයේ තියෙන විශාලම සිහිනයක්. ඔබ ජීවත් වීම සඳහා ගොඩනගන නිවසට ඔබ වැය කරන මුදල් ආයෝජන ප්‍රතිලාභයක් ලෙස නැවත ඔබට නොලැබෙන නිසා ඔබගේ වටිනා මුදල් නිසි ලෙස ඒ සඳහා වැය කල යුතුය. ඒ නිසාම, මුල සිටම ක්‍රමානුකූලව ඔබගේ නිවස සඳහා වෙන් කරන මුදල් වැය කරන ආකාරය සැලසුම් කල යුතුය. එවිට කිසිඳු අපහසුවකින් තොරව ඔබගේ සිහින නිවහන ගොඩනැගිය හැකිය.

✅ අංක 1.

ඔබේ නිවසේ ඔබට තිබිය යුතු 'අත්‍යවශ්‍ය' සහ 'අත්‍යවශ්‍ය නොවන' මුත් තිබිය යුතු යැයි ඔබ සිතන ලැයිස්තුවක් සකස් කරන්න.

උදාහරණයක්:
අත්‍යවශ්‍ය දේ: 2-bedroom, kitchen, bathroom, living area

අත්‍යවශ්‍යම නොවන අනෙකුත් දේ: TV lobby, separate dining room, rooftop terrace

✅ 2. Smart Design = Budget Control
වැඩි ඉඩක් සහිත නිවසක් යනු සෑම විටම හොඳම සැලසුමක් නොවෙයි. කුඩා නිවසක් වුවද හොඳින් සැලසුම් කර ඇත්නම් එය විශාල නිවසකට වඩා ප්‍රායෝගික විය හැක.

Tip:
- Open-plan layouts (kitchen + dining + living)
- Multi-purpose furniture (sofa-bed, folding table)
- Built-in storage

✅ 3. Budget එකට ගැලපෙන materials තෝරන්න

ගුණාත්මක ආදේශක අමුද්‍රව්‍ය භාවිත කිරීමෙන්ද ඉදිකිරීමේ වියදම අඩු කරගත හැක.

- Cement blocks vs Bricks
- Terrazzo vs Tiles
- Concrete roof vs Slab + Asbestos / GI Sheets

✅ 4. දිගු කාලීන නඩත්තු වියදමද මෙහිදී සලකා බැලිය යුතුය.
අවම නඩත්තුවක්, ශක්ති පරිභෝජනය අවම (energy-efficient) නිවාස සැලසුමක් මෙහිදී බොහෝ වැදගත් වේ.

- Natural ventilation
- Daylight lighting
- Large windows
- Garden space

✅ 5. පළපුරුදු පුද්ගලයෙකුගේ උපදෙස් ලබා ගන්න.
සුදුසුකම් ලත් සැලසුම් ශිල්පියකුගේ සහාය සෑම විටම ලබා ගන්න.

Sketch ➝ 3D Design ➝ Estimate ➝ Build

🌟 Final Tip:
"Simple design + Smart decisions = Affordable dream home"

ඔබේ අතේ ඇති මුදලට ගැලපෙන සිහින නිවහන සාදාගන්න, මේ උපදෙස් ඔබට බොහෝ වැදගත් වනු ඇත.

🔁 මේ post එක ඔයාගේ යාළුවන්ටත් share කරන්න – ඔවුන්ටත් මේක වැදගත් වෙන්න පුළුවන්!
💬 ඔයාට තියෙන house plan එකක්, හෝ idea එකක් comment එකකින් කියන්න – අපි ඒකට match වෙන design එකක් recommend කරන්නම්!

🏡 ඔබේ සිහින නිවහන සැලසුම් කරන විට අනිවාර්යයෙන්ම දැනගත යුතු උපදෙස් 5ක් 📝නිවසක් සෑදීම ඔබගේ ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව...
24/06/2025

🏡 ඔබේ සිහින නිවහන සැලසුම් කරන විට අනිවාර්යයෙන්ම දැනගත යුතු උපදෙස් 5ක් 📝

නිවසක් සෑදීම ඔබගේ ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුවක්. එත් ඒක හොඳ සැලසුමක් ඇතුව ආරම්භ නොකලහොත්, ඉදිරියේදී ඔබට බොහෝ දුෂ්කරතාවන් වලට මුහුණ දීමට සිදුවේවි.

ඔබත් ඔබගේ සිහින නිවස සෑදීම ආරම්භ කිරීමට සිතන කෙනෙක්ද? එහෙනම් මේ ඔබ සඳහාමයි

🔅 පළවෙනි වතාවට නිවස සැලසුම් කරන අයෙකුට ගැලපෙන, අනවශ්‍ය ලෙස මුදල් වැය වීමකින් වැලකීමට පහත tips ඔබට උපකාර වේවි...

✅ 1. ඔබේ ජීවන රටාවට ගැලපෙන නිවාස සැලසුමක් (House plan) එකක් සාදා ගැනීමට පෙර ආරම්භයේදිම හොඳින් හිතන්න.

- ඔබේ පවුලේ සාමාජිකයින් ගනණ?
- ඔබ දවස ගත කරන ආකාරය?
- ඔබට අවශ්‍ය විශේෂ කොටස් ( උදා : office, study space, kids play area)
- වැඩි ඉඩක් සහිත නිවසක්ද, නැත්නම් නඩත්තු කිරීමට පහසු කුඩා නිවසක්ද යන වග.

✅ 2. ඉඩකඩ මනාව කළමනාකරණය කර ගත යුතුය – මෙහිදී සෑම වර්ග අඩියක් සඳහාම වන වියදම සහ අවකාශ භාවිතය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

නිවාස සැලසුමකට ඇතුලත් වර්ග අඩි ගණන වැඩි වුවද එම ඉඩ ප්‍රමාණයන් ඵලදායී ලෙස භාවිත කර නැත්නම් එය අපරාදයකි.

උදා :

- Kitchen, dining & living area – එක line එකක ස්ථාපනය කල හොත් එය වැඩ කටයුතු පහසුවෙන් කරගැනීම (functional flow) සඳහා බොහෝ පහසු වේ.
- Narrow corridors, blind corners, – අවම කරන්න.
- ගබඩා පහසුකම් (Storage space) smart ලෙස ස්ථාපිත කරන්න.

Small house + smart design = Big comfort!

✅ 3. Budget එක realistic කරන්න – මූල්‍ය කලමනාකරණය.

නිවසක් සැලසුම් කරන විට පහත කරුණු සඳහා වන වියදම් පිලිබඳව සැලකිලිමත් වන්න:

- Design & drawing cost 💻
- Local authority approvals 📄
- Materials 🧱
- Labor cost 👷
- Unexpected changes 🛠

ඔබගේ නිවස වෙනුවෙන් ඔබට වැය කල හැකි මුදලට සරිලන නිවාස සැලසුමක් නිර්මාණය කර ගැනීමට සැම විටම සැලකිලිමත් වන්න. සැබවින්ම, නිවැරදි budget එකක් නැතිව නිවාස ඉදිකිරීම ආරම්භ කිරීමෙන් ඔබගේ නිවසේ කටයුතු අතරමග නතර කර දැමීමට පවා සිදුවේ.

✅ 4. පළපුරුදු නිවාස සැලසුම් ශිල්පියෙක් ලවා ඔබගේ නිවස සැලසුම් කර ගන්න.

ඔබ වෙනුවෙන් සාදන නිවස හුදෙක් කඩදාසියක ගනු ලබන සටහනක් පමණක් නොවේ, එය ඔබ ජීවිත කාලයම ජීවත් වන ස්ථානයයි. එම නිසා එය සුදුසුකම් ලත් පුද්ගලයෙකු ලවා සිදු කර ගැනීමට සැලකිලිමත් වන්න. අඩු මුදලට සිදු කරගැනීමට නොව ගුණාත්මක භාවයට මුල් තැන ලබාදෙන්න.

වර්තමාන තාක්ෂණය සමගින් ඔබගේ නිවස සැලසුම් කරන අවස්ථාවේදීම එය 3D (ත්‍රිමාණ) ලෙස චායාරුප ලෙස හෝ වීඩියෝ ලෙසද ඔබට ලබාගත හැක.එයින් ඔබට ඔබගේ නිවස සෑදූ පසු එහි අවසන් නිමවුම පහසුවෙන් බලා ගත හැක. අඩු පාඩු අවම කරගැනීමට එය ඔබට මහත් සේ උපකාරි වේ.

✅ 5. Lighting(ආලෝකය) සහ Airflow(වාතාශ්‍රය) සැලසුම් කිරීම.

ලංකාව වැනි උණුසුම් කාලගුණය සහිත රටක natural lighting (ස්වාභාවික ආලෝකය)සහ ventilation (වාතාශ්‍රය) ඉතාම වැදගත්:

- වහළයට වීදුරු කවුළු දැමීමෙන් දිවා කාලයේදී හොඳ ආලෝකයක් ලබා ගත හැක. 💡
- Cross ventilation නිසා නිවස තුල උෂ්ණත්වය අවම කර ගත හැක.

- මනා ආලෝකය සහ වාතශ්‍රය ඔබගේ යහපත් කායික සහ මානසික සෞඛ්‍යයටද පිටුවහලක් වනු ඇත. 🧘

🌟 Bonus Tip – අද සැලසුම් කරන විට, අනාගතය ගැනද සිතා සැලසුම් කරන්න.

යම් හේතූන් මත ඔබ අනාගතයේ ඔබගේ නිවස වෙනස් කිරීමට හෝ අමතරව යම් කොටස් එකතු කිරීමට බලාපොරොත්තු වේනම් ඒ සඳහා සුදුසු ලෙස වර්තමාන සැලසුම සාදා ගැනීමට සැලකිලිමත් වන්න.

👉 මේ post එක share කරන්න – ඔබගේ යාළුවෙක්ටත් මේක වැදගත් වෙන්න පුළුවන්.
👉 ඔයාගේ හිතේ තියෙන නිවාසෙක idea එක comment එකක් දාන්න, අපි ඔබට ගැලපෙන design concept එකක් suggest කරන්නම්!

එහෙනන් හැම කෙනෙකුගේම හිතේ තියෙන නිවාස සිහිනය ඉක්මනින්ම සැබෑවක් කරගැනීමට හැකි වේවා!!!

Hi guys,    අපි අද ඉදන් තීරණය කරා ඔබේ life එකේ ලස්සනම සිහිනයක් වන ඔබගේ සිහින නිවහන නිර්මාණය කිරීමට පෙර ඔබ දැනගත යුතුම කර...
23/06/2025

Hi guys,
අපි අද ඉදන් තීරණය කරා ඔබේ life එකේ ලස්සනම සිහිනයක් වන ඔබගේ සිහින නිවහන නිර්මාණය කිරීමට පෙර ඔබ දැනගත යුතුම කරුණු එකින් එක විස්තර කරලා Blog වශයෙන් ඉදිරියට අරගෙන යන්න. ඉතිං අපිත් එක්ක එකතු වෙලා ඉන්න, හෙට දිනයේ 1 වෙනි blog එක ඔබට ගෙන එන්න අපි සූදානම්...❤❤❤

Design Your House Simple & Creative.Project Type - ResidentialLocation       - KuliyapitiyaContact - 077 9252075 / Whats...
01/08/2024

Design Your House Simple & Creative.

Project Type - Residential
Location - Kuliyapitiya

Contact - 077 9252075 / WhatsApp- 076 812 9024


Design Your House Simple & Creative.Project Type - ResidentialLocation     - Udubaddawa (Kuliyapitiya)Contact - 077 9252...
29/07/2024

Design Your House Simple & Creative.

Project Type - Residential
Location - Udubaddawa (Kuliyapitiya)

Contact - 077 9252075 / WhatsApp- 076 812 9024


Design Your House Simple & Creative.Project Type - ResidentialLocation     - Ja-ElaContact - 077 9252075 / WhatsApp- 076...
29/07/2024

Design Your House Simple & Creative.

Project Type - Residential
Location - Ja-Ela

Contact - 077 9252075 / WhatsApp- 076 812 9024


Address

Bogoda Construction, Mawela St
Kuliyapitiya
60200

Telephone

+94779252075

Website

Alerts

Be the first to know and let us send you an email when Bogoda Arch Design Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bogoda Arch Design Studio:

Share