Anigha CAD Design

Anigha CAD Design We are design your Dream Home

25/10/2021

🏠️🏠️ නිවෙසේ ජනේල සංඛ්‍යාව
කොපමණ විය යුතුද ...... 🏠️🏠️

නිවසක ජනේල අයත් වන්නේ නිවසේ පිහිටි ජනේල උළුවහු ගණයටයි. එකම රාමුව මත ජනෙල් තුනක් හෝ ඊටත් වැඩි සංඛ්‍යාවක් ද, නැතිනම් ඊට අඩු සංඛ්‍යාවක් ඇතත් එකම රාමුවක පිහිටි නිසා එය අයත් වන්නේ ජනේල උළුවස්සක් ගණයටය . එනම් එක ජනේල උළුවස්සක් ලෙසය.

මේ ආකාරයෙන් එකම රාමුවක පිහිටි ජනේල ප්‍රමාණය කොපමණ වුවත් එය තනි ජනේල උළුවස්සක් ලෙස සලකන්න.

වාස්තු විද්‍යාව අනුව ජනේල උළුවහු තැබිය යුතු නියමිත සංඛ්‍යාවක් දැක්වේ. නිවසක පමණටත් වඩා ජනේල උළුවහු නොවැඩි විය යුතුය. එකම කාමරයකට ජනේල උලුහවු තුන හතරක් තැබීමෙන් එම කාමරයට යොදන ජනේල ප්‍රමාණය වැඩිවෙයි. සාමාන්‍ය දිග සහ පළල කින් යුතු (10 × 12) කාමරයක් සඳහා එක් උළුවස්සක් සහිත ජනේල පේලියක් අගනේය. බිත්ති වල තැනින් තැනින් ජනෙල් උලුහව් තැබීම අසුබයි .

බිත්තියක ප්‍රමාණය ගෙන බැලුවත් ජනේලයක ප්‍රමාණය බිත්තියේ දිගින් බාගයක් විය යුතුය. අවශ්‍ය නම් ඊට වඩා අඟල් කිහිපයක් සුළු වශයෙන් වැඩි වීම වරදක් නැත. නමුත් බිත්තියේ පමණට හෝ බිත්තියේ දිගට වඩා අඟල් කිහිපයක් ම පමණක් අඩුවෙන් ජනේලයක් යෙදීම බලගත දෝෂයකි. එම නිවසේ වැඩ කටයුතු නිමා කිරීම පමා කරයි . නිවස ඉක්මනින් ගරා වැටීමට පටන් ගනී.

වාස්තුවිද්‍යාව අනුව ජනේල තැබිය යුතු සංඛ්‍යාවක් දක්වා ඇති බව ඉහතින් සඳහන් විය. කුමක්ද මේ සංඛ්‍යාව...?
ජනේල තැබිය යුත්තේ සැමවිටම ඉරට්ටේ සංඛ්‍යාවන් ගෙන්ය. මෙහිදී ජනේල කියා අදහස් කරන්නේ එක් රාමුවක් මත ඇති ජනේල උළුවස්සයි.

මේ ආකාරයෙන් රාමු ප්‍රමාණය එකතු කරගත් විට දෙකෙන් බෙදෙන සංඛ්‍යාවක් විය යුතුය. එනම් ඉරට්ටේ සංඛ්‍යාවකි. උදාහරණ ලෙස 2, 4, 6, 8 වැනි සංඛ්‍යාවන් ය.

රොෂාන් පනාගොඩගේ
Vasthu Architecture
0768387844

https://www.facebook.com/Anigha-CAD-Design-101326255507390/පලපුරුදු ගෘහනීර්මාණ ශිල්පීන්ගේ අධීක්ෂණය යටතේ  ඔබගේ සිහින නිවහ...
04/06/2021

https://www.facebook.com/Anigha-CAD-Design-101326255507390/

පලපුරුදු ගෘහනීර්මාණ ශිල්පීන්ගේ අධීක්ෂණය යටතේ ඔබගේ සිහින නිවහන සහනදායි මිලගනන් යටතේ සැබෑවක් කර දීමට අපි සුදානම් .
අදම අප හා එක්ව සිතැඟි පරිදි සැලසුම් කරවා ගන්න.

* වාස්තු විද්‍යානුකූලව මෙන්ම ප්‍රාදේශීය සභා සහ නගර සභා රෙගුලාසි වලට අනුකූලව නිවාස සැලසුම් කිරීම.
* අලංකාරවත්ව සහ ඔබගේ අතැති මුදලට නිවස නිමවා ගතහැකි පරිදි සැලසුම් කිරීම.
* Box Type නිවාස, ව්‍යාපාරික ගොඩනැගිලි ඇතුළු සියළුම සැලසුම් නිර්මාණ පවතින ප්‍රාදේශීය රෙගුලාසිවලට අනුකුලව සැලසුමි කිරීම.
* ඉඩමේ හැඩයට අනුව සහ නිවැසියන්ගේ අවශ්‍යතාවයට අනුව සැලසුම් සකස් කිරීම.
* ඔබගේ පැරණි නිවසට, පැරණි ව්‍යාපාරික ගොඩනැගිල්ලට නවීන පෙනුමක් ලැබෙන ලෙස සැලසුම් කර දීම.
* ත්‍රිමාණ සැලසුම් සකස් කිරීම.
* බැංකු ණය සදහා ඇස්තමේන්තු ඇතුලු සියලුම ප්‍රමාණ සමීක්ෂණ කටයුතු.

ඉහත සේවාවන් සුරක්ෂිතව හා විශ්වාසවන්තව ඉටුකරගත හැක.

03/06/2021
02/06/2021

පලපුරුදු ගෘහනීර්මාණ ශිල්පීන්ගේ අධීක්ෂණය යටතේ ඔබගේ සිහින නිවහන සහනදායි මිලගනන් යටතේ සැබෑවක් කර දීමට අපි සුදානම් .
අදම අප හා එක්ව සිතැඟි පරිදි සැලසුම් කරවා ගන්න.

* වාස්තු විද්‍යානුකූලව මෙන්ම ප්‍රාදේශීය සභා සහ නගර සභා රෙගුලාසි වලට අනුකූලව නිවාස සැලසුම් කිරීම.
* අලංකාරවත්ව සහ ඔබගේ අතැති මුදලට නිවස නිමවා ගතහැකි පරිදි සැලසුම් කිරීම.
* Box Type නිවාස, ව්‍යාපාරික ගොඩනැගිලි ඇතුළු සියළුම සැලසුම් නිර්මාණ පවතින ප්‍රාදේශීය රෙගුලාසිවලට අනුකුලව සැලසුමි කිරීම.
* ඉඩමේ හැඩයට අනුව සහ නිවැසියන්ගේ අවශ්‍යතාවයට අනුව සැලසුම් සකස් කිරීම.
* ඔබගේ පැරණි නිවසට, පැරණි ව්‍යාපාරික ගොඩනැගිල්ලට නවීන පෙනුමක් ලැබෙන ලෙස සැලසුම් කර දීම.
* ත්‍රිමාණ සැලසුම් සකස් කිරීම.
* බැංකු ණය සදහා ඇස්තමේන්තු ඇතුලු සියලුම ප්‍රමාණ සමීක්ෂණ කටයුතු.

ඉහත සේවාවන් සුරක්ෂිතව හා විශ්වාසවන්තව අප වෙතින් ඉටුකරගත හැක.

01/06/2021

Address

Mawathagama
Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when Anigha CAD Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anigha CAD Design:

Share