26/10/2022
♥️Spring Pleasure Blossoms පාරිභෝගික ඔයාලට...♥️
⛔️මම ටික දවසක් මගේ පෞද්ගලික වැඩ ගොඩක් නිසා කාර්යබහුල වෙලා හිටිය නිසා මල් අලෙවිය ඉතාමත් මන්දගාමීව තමයි සිදුකෙරුණේ. ඉතිං මම මේ පොස්ට් එක දාන්නේ ඔයාලට පුංචි පණිවිඩ කීපයක් දෙන්න ඕන නිසා.
⛔️මට පහුගිය ටිකේම ගොඩාක calls සහ මැසේජ් මඟහැරුණා. මගේ phone එක පවා off තියෙන්න ඇති. ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම. මම හැමෝටම ඉක්මනින්ම පිළිතුරු එවන්නම්.
🚫ගොඩක් මැසේජ් එවලා අහලා තිබුණා මම ඇන්තූරියම් ලෝකෙන් ගියාද.? අනේ ඔයා මේක නැවැත්තුවාද .? ප්‍රශ්න ගොඩායි..
⭕️නෑ කවදාවත් මම මේක නවත්තන්නේ නෑ. මම දෙයක් කරගත්තා නම් මම යමක් උපයාගත්තා නම් ඒ සියල්ලම මේ මගේ පුංචි ඇන්තූරියම් ව්‍යාපාරය නිසානේ.. ඒ නිසා මම ඇයි නවත්තන්නේ…..?
🚫ඉතිං මම ඔයාලට දැන් පණිවිඩ කීපය කියන්නම්කෝ.
🚫පහුගිය දවස් කීපය වගේම මට ඉදිරි දින කීපයත් ගොඩක් කාර්යබහුල වේවී. (මගේ පෞද්ගලික කාරණාවක් නිසා). ඒ නිසා මම පොස්ට් එකකින් පළ කරන පැකේජයක් හෝ මල් පැළ හැරුණම වෙනත් සිල්ලර ඇනවුම් කිසිවක් බාරගන්නෑ. ⭕️දින කීපයක්
ප්‍රමාද වීමටද හැකියි⭕️
🚫නමුත් සුපුරුදු පරිදි දීර්ඝ කාලීනව ලබා දුන් තොග ඇනවුම් කිසිදු වෙනසක් නැතිව එලෙසම නියමිත පරිදි ලබා දීමට කටයුතු කරනවා.
🚫කාර්ය බහුල දින කීපය ගෙවෙනා තුරුම මුදල් ගෙවු ක්ෂණිකව කුරියර් දැමීම වැනි හදිසි ඇනවුම් නම් කිසි සේත්ම බාර ගන්නට බැහැ. (ඒ කියන්නේ පැළ ගන්න නම් මාව විශ්වාස කරන්නම වෙනවා. 😜)
🚫විශේෂයෙන්ම පැළ ඉල්ලා මැසේජ් කර ප්‍රශ්න පත්‍ර දිගහැරියාට කමක් නෑ ඇත්තටම පැළ අවශ්‍ය නම් පමණක්. විශ්වාසය තහවුරු කරගන්න අවශ්‍ය නම් මගේ පේජ් එක බලන්න. ඔබ මුදල් දමා පැළ මිලදී ගන්නේ නැති නම් බැංකු ගිණුම් විස්තර ඉල්ලා ගන්න එපා.
♨️(නිකරුණේ තොරතුරු අසනා අයටත් කිහිප විටක්ම පැළ ඉල්ලා ගිණුම් අංක පවා ලබාගෙන පැළ මිලදී නොගෙන කාලය කන අයගේ මැසේජ් වලට පිළිතුරු ලබා දෙන්නේ නම් නැහැ මම) ♨️
🚫සිල්ලර ඇනවුම් තාවකාලිකව නවත්වා දැමීමට හේතුව ඔයාලගේ අදහස් නිසා මගේ කාර්යබහුලත්වය සමඟ හරිම අපහසුයි ඇනවුම් ලබා දීම.
⭕️ප්‍රධාන හේතුවක් තමයි ඔයලා පැළ කේවල් කරන එක. පොහොර මිලයි. පෝච්චි මිලයි. පොල්ලෙලි බොරළු හැමදේම මිලයි නම් නඩත්තුව පහසු නැහැ නේද.? හැමදේම මිල ඉහළ යද්දි පැළ වල මිල අඩු වෙන සූත්‍රයක් නම් මට නැහැ.
⭕️පැළ පැකේජයක් හෝ අවමය 10ක් මිලදී ගන්නවා නම් තමයි මම ඇනවුම බාරගන්නේ. පැළ 3,4 ඉල්ලද්දි මිල වැඩියෙන් කියන්න සිදුවෙනවා. රු.20-30 ලාබයකට පැළයක් අලෙවි කරද්දි පැළ 3,4ක් ඔයාලට දුන්නම ලාබය කීයද රු.100කුත් නැහැ. දන්නවද කාඩ්බෝඩ් පෙට්ටි මිලයි. සෙලෝටේප් මිලයි. ප්‍රවාහන පහසුකම් ලබාගනිද්දි ඒවාට වියදම් වැඩියි. පාඩු ලබන්න ව්‍යාපාර කරන්න බැහැ නේද.?
⭕️මම බොහොම සාධාරණ විදියට මිල පවත්වාගන යනවා. හැමදේම මිල වැඩි වෙන්න කලින් තිබූ මිලටම පැළ අලෙවි කරනවා. පැළ වල මිල වැඩි කළේ නැහැ. මගේ මිල වෙනසක් නැහැ.
🚫(මිල කේවල් කරලා පැළ ඉල්ලන කිසිදු මැසේජ් එකකට මම පිළිතුරු දෙන්නේ නැහැ.)🚫
😍🥰දැන් ඉතිං ඔයාල ආසම පණිවිඩයක්…
ගොඩක් අය ඇහුවා බැංකොක් වර්ග පිළිබඳව,
♨️ඉදිරියේදී (දින කීපයකින්)
බ්ලැක් වර්ග, ලිවියම්, සෆාරි, පිග්ටේල්, ෆ්ලෑෂ් ඇතුළු ඉතාම වටිනා බැංකොක් වර්ග වලින් සහ සීඩ් වර්ග වලින් පුංචි පුංචි පැළ පැකේජ වශයෙන් ඔයාලට අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා.. (සාධාරණ මිල ගණන් යටතේ)
🚫මෙම වර්ග වලින් නම් තොග ලබා දෙන්නේ නැහැ. තොග වශයෙන් මාස කිහිපයකින් නම් දෙන්න පුළුවන්.
♥️ඉතිං ගොඩාක් අය මගෙත් එක්ක විශ්වාසයෙන් එකතු වෙලා ඉන්නවා කියලා මම දන්නවා. මට නම් ලස්සන හෑලි ලියන්න බෑ. බොරු ශෝ දාන්න බෑ ඉතින්.
💯High Speed යන්නෑ. හිමින් තමයි යන්නේ.. ඉතින් ඔයාලා බැංකොක් වර්ග මිලදී ගන්න බලාපොරොත්තුව සිටියානේ.. හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. මේකට comment එකක් දාන්න ඔයාලා ඉල්ලන වර්ග. අපි බලමු වැඩියෙන්ම ඉල්ලුම තියෙන වර්ග මොනාද කියලා… 🚫💯
♥️ මින් ඉදිරියට තවත් ගොඩාක් දේවල් තියෙනවා කියන්න. මම මල් වලින්ම නතර වෙන්නෑ.. වෙනස් විදිහටත් හිතනවා..
♥️ බොහෝ විට ඇන්තූරියම් මල් පිළිබඳව දැන්වීම් මගේ පේජ් එකේ විතරක්ම පල කිරීමටයි අදහස. ඒ නිසා දැන්ම ඔයාලා මගේ පේජ් එක Like කරලා Follow කරලා තියාගන්න.. ♥️
✍️ සෂිනි උඩගෙදර
Spring Pleasure Blossoms
කුරුණෑගල