Rohana PLANT Nursery

Rohana PLANT Nursery දේසීය විදේශිය බද්ධ පළතුරු පැල, හා
විසිතුරු මල් පැළ විශ්වාසවන්ව ලබාගැනීමට අපවෙත පැමිණෙන්න rohana plant nursery
hiripitiya road mailagammana wellawa

,

13/01/2026
සියලූම බද්ද පලතුරු පැල සහ විසිතුරු මල් පැල   විස්වාස වන්තව ලබාගැනීමට අපවෙතෙ පැමිනෙන්න  076-7082940
02/01/2026

සියලූම බද්ද පලතුරු පැල සහ විසිතුරු මල් පැල විස්වාස වන්තව ලබාගැනීමට අපවෙතෙ පැමිනෙන්න 076-7082940

සීයලූම වර්ගයේ බද්ද  පළතුරු පැල සහ විසිතුරු මළ්පැල   තොග සහ සිල්ලර වශයෙන් ලබාගැනීමට අපවෙතෙ  පැමිනෙන්න
06/10/2025

සීයලූම වර්ගයේ බද්ද පළතුරු පැල සහ විසිතුරු මළ්පැල තොග සහ සිල්ලර වශයෙන් ලබාගැනීමට අපවෙතෙ පැමිනෙන්න

https://www.facebook.com/share/p/16bzqAkuCs/
18/09/2025

https://www.facebook.com/share/p/16bzqAkuCs/

මී ගස කරන පුදුම හිතෙන වැඩ බලන්නකෝ..

1) දවස පුරාම ඔක්සිජන් සපයන ශාකයක් බවට විශ්වාස කෙරෙනවා

සාමාන්‍යයෙන් ශාකයකින් දහවල් කාලයේ දී ප්‍රභාසංස්ලේෂණය සඳහා කාබන්ඩයොක්සයිඩ් ලබාගෙන පරිසරයට ඔක්සිජන් මුදාහැරෙන අතර, රාත්‍රී කාලයේ දී ශාකවල ශ්වසනය පිණිස ඔක්සිජන් ලබාගෙන කාබන්ඩයොක්සයිඩ් පිටකරනවා. නමුත් ඇතැම් ශාක ඊට වෙනස් ලක්ෂණ පෙන්නුම් කරනවා. මී ගසත් එවැන්නක් බව යි පැවසෙන්නේ. මී ගස් දහවල් සහ රාත්‍රී භේදයකින් තොරව පරිසරයට ඔක්සිජන් මුදාහරින බව විශ්වාස කෙරෙනවා.
කෙසේ නමුත් මේ කරුණෙහි සත්‍යාසත්‍යතාව පැහැදිලි කරගැනීමට විද්‍යාත්මක පර්‍යේෂණ පවත්වා ඇත්දැ යි වාර්තාවක් නැහැ.

2) වගාවන්ට ස්වභාවිකම පොහොර ලබාදෙයි
ගෙවුණු දශක කිහිපය පුරාවට අප රටේ ගොවියන් මහා පරිමාණයෙන් රසායනික පොහොර භාවිතය සඳහා හුරුවුණා. එහි අහිතකර ප්‍රතිඵල මේ වන විට බොහෝ දෙනෙකු විඳිමින් සිටිනවා. දැනට වසර කිහිපයක සිට කාබනික පොහොර භාවිතයේ වැදගත්කම පිළිබඳව සමාජය තුළ කතිකාවතක් ගොඩනැගී තිබෙනවා.
කාබනික පොහොර පිළිබඳව කතා කරන විට මී ගස අපට අමතක කරන්නම බැරි ශාකයක්. මී ගස අපට ස්වභාවිකම පොහොර ලබාදෙන ශාකයක් බව විශ්වාස කෙරෙනවා. එනිසා පැරැන්නන් කුඹුරු සහ වගාබිම් ආශ්‍රිතව මී ගස් වගා කිරීමට පෙළඹුණු බව යි කියැවෙන්නේ.

මී මල් පිපෙන කාලයේ දී සහ ගෙඩි හටගන්නා කාලයේ දී වවුලන් නිතරම මී ගස් ආශ්‍රිතව සැරිසරනවා. මී ගෙඩි සහ මල් කා දමන වවුලන් යාබද වගාබිම් සහ කුඹුරු පුරාම වසුරු දැමීම සිදුකරනවා. මේ වසුරුවල ශාක වර්ධනය සදහා අවශ්‍ය වන නයිට්‍රජන් පොහොර සහ අනෙකුත් සංඝටක රාශියක් අඩංගු වී තිබෙනවා. එනිසා කුඹුරු සහ වගාබිම්වලට රසායනික පොහොර අවශ්‍ය වන්නේ නැහැ. එකල සරුසාර කෙත් යාය සහ වගා බිම් දක්නට ලැබුණේ මී වැනි වටිනා ශාක කුඹුරු සහ වගාබිම් ආශ්‍රිතව බහුලව තිබුණු නිසා යි. එසේම මී ගසේ කොළ පොළවට වැටී දිරාපත් වුණු විට ද පොහොර ස්වාභාවිකවම ලබාගන්නට පුළුවන්. එනිසා අපේ පැරැන්නන් මී ගස හඳුන්වනු ලැබුවේ “පොහොර ගස” ලෙස යි.

3) ස්වභාවිකව පළිබෝධකයන් පාලනය කිරීමට සහාය වන ශාකයක්

රසායනික පොහොර මෙන්ම පළිබෝධනාශක ද අද වන විට අප රටට පිළිලයක් වී තිබෙනවා. නමුත් වගාබිම් ආශ්‍රිතව ජීවත් වන පළිබෝධකයන් පාලනය කිරීමට වෙනත් ක්‍රමයක් නැති නිසා ගොවියන් සීමාවක් නැතිව පළිබෝධනාශක භාවිතා කරනවා. පළිබෝධනාශක භාවිතා කරන ලද වගා බිම්වලින් නෙලාගන්නා වස විස සහිත එළවළු සහ පළතුරු ඇතුළු බෝග වර්ග පරිභෝජනය කිරීමට මිනිසුන් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. එනිසා වර්තමානය වන විට කාබනික එළවළු සහ පළතුරු සඳහා විශාල ඉල්ලුමක් හිමිව තිබෙනවා.
අද වන විට වගාවන් සඳහා මහා පරිමාණයෙන් පළිබෝධනාශක භාවිතා කළත්, පැරැන්නන් ස්වභාවික ක්‍රම මඟින් පළිබෝධකයන් මර්ධනය කිරීමට පුරුදුව සිටියා. ඔවුන් භාවිතා කළ එක් උපක්‍රමයක් වුණේ වගාබිම් ආශ්‍රිතව මී ගස් වගා කිරීම යි. මී ගෙඩි සහ මල් ආහාරයට ගැනීමට පැමිණි වවුලන් සහ අනිකුත් කුරුල්ලක් ගොයමට සහ වෙනත් බෝගවලට හානි කරන ලද පළිබෝධකයන් ද ආහාරයට ගත්තා. එනිසා ඈත අතීතයේ දී පළිබෝධනාශක භාවිතයෙන් තොරව වගා කටයුතු සිදුකිරීමට හැකියාව ලැබුණු බව කියැවෙනවා.

4) විවිධ ආහාර වර්ග සැකසීමට මී ගසේ ඇතැම් කොටස් භාවිතා කරයි

මී ගසේ ඇට භාවිතා කර සිඳින තෙල්වලට ආර්ථිකමය වටිනාකමක් හිමිව තිබෙනවා. එහි ඕලෙයික් අම්ලය, සිට්‍රික් අම්ලය, සහ ලිනොලයික් අම්ලය වැනි අම්ල වර්ග කිහිපයක් අඩංගු යි. මී තෙල්වල ගුණදායකබව නිසා මී තෙල් යොදා සකස් කරන ආහාර වර්ග අනුභව කිරීමෙන් කොලෙස්ටෙරෝල් සහ අර්ෂස් වැනි රෝග තත්ත්වයන් සමනය කළ හැකි බවට මතයක් පවතිනවා.
මී ගසේ ගෙඩි සහ මල් භාවිතා කරමින් විවිධ කෑම වර්ග සෑදීමට පැරැන්නන් පුරුදුව සිටියා. ඔවුන් හැලප සහ කැවුම් සෑදීම සඳහා මී මල් භාවිතා කළා. තව ද පැරැන්නන් මී ඇටවලින් තෙල් සිඳීමෙන් පසුව ඉතිරිවන මීමුරු තවත් ස්වභාවික ද්‍රව්‍ය සමග මුසුකොට දුම් ඇල්ලීම සිදුකරනු ලැබුවා. ඒ අවට පරිසරයේ තිබෙන විශබීජ විනාශ කිරීම සඳහා යි.

5) ආයුර්වේද වෙදකම සහ හෙළ වෙදකමට ඇති ප්‍රයෝජන
හෙළ වෙදකමේ දී සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී කරන ඇතැම් ප්‍රතිකාර සඳහා මී ශාකයේ විවිධ කොටස් යොදාගනු ලබනවා. මී ගසේ මල්, කොළ, පොතු, මුල්, ඇට ආදී සියලු කොටස් බෙහෙත් සෑදීම සඳහා භාවිතා කරනවා. මී ඇටවලින් සිඳින මී තෙල් විවිධ කැක්කුම් සමනය කිරීම සඳහා වේදනා නාශකයක් ලෙස යොදාගනු ලබනවා. එසේම මී තෙල්වලින් සාදන ලද බාම් වර්ග අද වන විට වෙළඳපොළේ දක්නට ලැබෙනවා.

එසේම හොඳ ඔසුවක් වන මී ගසේ පොතු කැඩුම් බිඳුම් ප්‍රතිකාර කිරීමට සඳහා යොදාගන්නවා. තව ද හන්දිපත් වේදනාව සමනය කරගැනීම සඳහා මී පොතු කසාය බීම වඩාත් ගුණදායක යි. මී පොතු වියළා ලබාගන්නා කුඩුවලින් එම පානය සකස්කර ගන්නවා. මී ගසේ ඇට මඟින් සකසන පානයන් මඟින් පුරුෂයන්ගේ ශුක්‍රාණුවල දෝෂ නැතිවී යන බව පැවසෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සඳහන් වන ආකාරයට මී මල් භාවිතා කර සාදාගන්නා මධු කසාය ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ යහපත් ක්‍රියාකාරීත්වයට උපකාරී වනවා.
ස්නායු ශක්තිමත් කිරීමටත්, බඩ වේලීම වැනි තත්ත්වයන් සමනය කර ගැනීමටත් මී තෙල් හොඳ ඔසුවක්. සමේ ඇතිවන දද, කුෂ්ඨ සුව කිරීමට ද මී තෙල් යොදාගන්නවා. ඊට අමතරව සෙම් රෝග, හිස කැක්කුම් ආදියේ දී යොදාගන්නා නස්න කර්ම සඳහා මී ඇට භාවිතා කරනවා.

ඈත අතීතයේ දී කුප්පි ලාම්පු දැල්වීම නිසා මිනිසුන්ගේ ඇස්වල ඇතිවුණු දැවිල්ල අඩු කිරීමට මී තෙල්වලින් කුප්පි ලාම්පු දල්වනු ලැබුවා. ඉන් ඇස්වලට සහනයක් ලැබුණු බව කියැවෙනවා. ඊට අමතරව සර්පවෙදකම, උගුරේ ආබාධ, වාතරෝග, අතීසාරය, ක්ෂයරෝගය සහ මුත්‍රා ආසාදනයන් සුවපත් කිරීම සදහා මී ගසෙන් ලබාගන්නා කොටස් භාවිතා කළා.

6) රජ කාලයේ දී මී ගස් කැපූ අයට මරණ දඬුවම ලබාදුන්නා
දේවානම්පියතිස්ස රජතුමාගේ යුගයේ දී සමහර ගස් වර්ග කැපීම තහනම් කර තිබුණා. එයින් එක් ගසක් වුණේ මී ගස යි. එදා ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු මී ගසක් කපා අසුවුණොත් ලැබුණු දඬුවම වුණේ මරණීය දණ්ඩනය යි. එකල මී ගසක් කැපීමට කිසිම හේතුවක් ඉදිරිපත් කිරීමටවත් අවස්ථාවක් ලබාදුන්නේ නැහැ. නිවෙසකට මී අත්තක් පහත් වී තිබුණත්, එම අත්ත නොකපා වෙනත් ස්ථානයකින් නිවෙසක් තනා ගැනීමට රජතුමා ඉඩහසර ලබා දුන්බව සඳහන් වනවා.
එකල මී ගස මායිම් ලකුණු කිරීම සඳහා ද යොදාගත්තා. එදා මහා විහාරයේ සීමා ලකුණු කිරීම සඳහා මී ගස යොදාගත් බවට සාක්ෂ්‍ය මහාවංසයෙන් හමුවනවා, එහි මී ගස හැඳින්වීම සඳහා කුදුමීරුක යන වචනය යොදා තිබෙනවා. ඊට අමතරව ධාතුවංසය, පුලියම්කුලම් පුවරු ලිපිය, මිහින්තලේ පුවරු ලිපිය යන ඒවායේ එකල මී ගස් කැපීම තහනම්කර තිබුණු බවට සඳහන්.
අපගේ රජවරුන් ආරක්ෂා කළ මී ගස කැපීම සඳහා 1833 කෝල්බෘක් ප්‍රතිසංස්කරණය මඟින් අවසර ලබාදීම මෙරට මී ගස් ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවීමට විශාල ලෙස බලපෑවා.

සැකසුම ~ දීඝායු

#මීගස

🍒 Natal Plum (Carissa macrocarpa) එහෙමත් නැතිනම් පැණි කරඹ 🍯 ඉතාමත් රසවත්, එක්වරකදී වැඩි මල් 🌸 ප්‍රමාණයක් හටගන්නා පළතුරකි...
08/09/2025

🍒 Natal Plum (Carissa macrocarpa) එහෙමත් නැතිනම් පැණි කරඹ 🍯 ඉතාමත් රසවත්, එක්වරකදී වැඩි මල් 🌸 ප්‍රමාණයක් හටගන්නා පළතුරකි.

🌞 විශේෂත්වය නම් ඉතා අඩු තෙතමනයක් 💧 පවතින ස්ථානයක, හිරු එලිය වැඩි ☀️ තැනක හොඳින් වර්ධනය වීමයි.

🏡 ගෙවතු අලංකරණයට සේම, නිවෙස් තුළ සාමාන්‍යයෙන් හිරු එලිය වැටෙන ස්ථානයක උ

🌿 ඉතා අලංකාර ලෙස කප්පාදු ✂️ කිරීමට හැකි පදුරු වැනි වර්ධනය නිසා, නිවෙස් වල වැටවල් වලට 🚧 හා කටු 🌵 සහිත නිසා සතුන්ට 🐐 බාධකයක් ලෙසද, බොන්සායි කිරීමට ගන්නා ශාකයක් ලෙසද ජනප්‍රිය වී තිබේ.

🌱 වර්ධන අවශ්‍යතා
ආලෝකය ☀️: පැණි කරඹ වලට මනා හිරු එලියක් අවශ්‍ය වන අතර, හිරු එලිය අඩු තත්ව යටතේ වර්ධනය හා ගෙඩි/මල් හට ගැනීම අඩුවේ.

ජල සම්පාදනය 💧: ජලය ඉතාම අඩු ප්‍රමාණයක් සුදුසු වන අතර, වැඩියෙන් ජලය යෙදීම 💦 හෝ අධික වැසි 🌧️ නිසා ඉතාම පහසුවෙන් මුල් කුණු වීමට අවස්ථාවක් තිබේ.

පස 🏜️: හොඳින් ජලය බැසයන වැලි සහිත පසක් මෙම පැලය සඳහා සුදුසු වේ.

පොහොර 🧪: පොහොර නිසි ලෙස තෝරා නොගැනීම හෝ භාවිතා නොකිරීම මත මල් 🌼 හට ගැනීම අඩුවිය හැකි අතර, මැයි – අගෝස්තු කාලයේදී වැඩි වශයෙන් මල් හා ගෙඩි 🍒 හට ගනී.

කප්පාදුව ✂️: නිසි ලෙස කප්පාදු කිරීමෙන්, ගෙඩි ප්‍රමාණය 🍈 හා හිරු එලිය වැටීම පාලනය වැදගත් වේ

දෙහි බීජ පැළ
03/08/2025

දෙහි බීජ පැළ

14/04/2025
ඔන්න ගෙනව ඇපල් පේර හොයන අයට සුපිරිම සුපිරි ඇපල් පේර ලේයර් පැළ සෙට් එකක්  තොග වශයෙන් ගන්නත් පුලුවන් කතාකරන්න අපිට  076 70...
14/03/2025

ඔන්න ගෙනව ඇපල් පේර හොයන අයට සුපිරිම සුපිරි ඇපල් පේර ලේයර් පැළ සෙට් එකක් තොග වශයෙන් ගන්නත් පුලුවන් කතාකරන්න අපිට 076 708 2940

හොරණ ගෝල්ඩ් ප්‍රබේදයේ පැෂන්පෘට් පැළ විකිනීමට ඇත  076 708 2940
24/02/2025

හොරණ ගෝල්ඩ් ප්‍රබේදයේ පැෂන්පෘට් පැළ විකිනීමට ඇත 076 708 2940

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහතික ලේබල් යෙදු ටොම්ජේසි බද්ද අඹ පැළ විකිණීමට ඇත.  076 708 2940
28/01/2025

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහතික ලේබල් යෙදු ටොම්ජේසි බද්ද අඹ පැළ විකිණීමට ඇත. 076 708 2940

Address

Maylagammana Wellawa
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94767082940

Website

Alerts

Be the first to know and let us send you an email when Rohana PLANT Nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rohana PLANT Nursery:

Share