Govi Gedara

Govi Gedara For all your Gardening needs..From Compost to Landscaping & farming..From materials to advisory serv

Upstairs of the Agro Ventures grant office, the metropolitan greenhouse vanilla plantation built for Sri Lanka's first p...
02/08/2024

Upstairs of the Agro Ventures grant office, the metropolitan greenhouse vanilla plantation built for Sri Lanka's first plantation.

18/05/2024
18/01/2023
🥬🥬🫑රෝග විනිශ්චය 🥬🥦🌽අද මම පොඩි වෙනස් දෙයක් ගැන කියනවා.ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි කොල කහ වෙන එක. ඇයි ඇත්තටම කොල කහ වෙන...
21/10/2022

🥬🥬🫑රෝග
විනිශ්චය 🥬🥦🌽
අද මම පොඩි වෙනස් දෙයක් ගැන කියනවා.ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි කොල කහ වෙන එක. ඇයි ඇත්තටම කොල කහ වෙන්නෙ. මේක හරියට දොස්තරගෙ වැඩේට වඩා ටිකක් සීරියස් ප්‍රශ්නයක්. දොස්තර ගාවට ලෙඩා එනවනේ . ඒත් අපිට එහෙමද කුඹුර කහ උනාම කූඹුර උස්සගෙන එන සිරිතක් නෑනෙ. ඇත්තටම කොල කහ වෙන්න හේතු දෙකක් බලපානවා. එකක් රෝගයක් වැලදුනාම අනික පෝෂක ඌනතාවයක් ආවම. තව හේතු කාරනා නැතිව නෙමෙයි. වතුර වැඩි උනාම මුල් තැම්බුනාම වගේ සමහර සිද්ධි නිසාත් වෙනවා. දැන් මේ වගේ වෙලාවන ගොඩ වෙද්දුන්ගෙන් බෙහෙත් ගන්න යන්නෙ බලාගෙන . ලෙඩේ මොකක්ද කියල හරියටම තෝරලා බලල ප්‍රථිකාර කරේ නැත්තම් සල්ලිත් අපතෙ ලෙඩෙත් එහෙම්මමයි. 🥦🌽🫑හරි අපි කතාවට එමුකො ඔය කොල කහ වෙනවා කියන්නෙ මම කිව්වනෙ ලෙඩකටත් එනවා (දිලීර , බැක්ටීරියා ආශාදන වගේ)පෝෂක ඌනතාවකටත් එනවා කියල. අපි අද බලමු පෝෂක ඌනතා ගැන ටිකක්.
🥒🥦🥬👉 ඔයාල දන්නවද ගසකට පෝෂක වර්ග 17ක් විතර අවශ්‍යයි කියල . අදද දන්නෙ . ප්‍රධාන පෝෂක N,P,K ඇරැනම තවත් ගොඩක් ජාති තියනවා කැල්සියම් ,Zn , සල්පර් , බෝරෝන් , යකඩ , කොපර් වගේ තව ජාති තියනවා , මම පොහොර ගැන කියනකොට ඔය ටික විස්තර ඇතිව කියන්නම්. ඉතින් ඔය මොකක් අඩු උනත් මුලින්ම ගහ ඒක අපට කියන්නෙ කොලෙන් . ඒක එක එක විදිහට වෙන්න පුලුවන් . මම මේ ලියුම යටින් පෝෂක ඌනතා පිලිබද ජායා රැපයක් දානවා හොදට බලන්න. දැන් ඔයා ඌනතාවය හරියටම හදුනගෙන ලෙඩේට බෙහෙත් කරන්න.නැතිව හැම කොල කහවීමක්ම ලෙඩක් නෙමෙයි. තව දෙයක් හරියටම දන්න කෙනෙක්ගෙන් විස්තර අහ ගන්න. නැත්තම් සල්ලි අපරාදේ. N අඩු උනාම මෝරපු කොල වලින කහ විම පටන් ගන්නවා වගේ කැල්සියම් අඩු උනාම දල්ලෙන් ඒක පෙන්නනවා. ඔය වගේ එක එක ආකාරයට කොලෙන් , කදෙන් , පඵදාවෙන් , දල්ලෙන් , නාරටිවලින් වගේ , සියුම් තැන් නිරීක්ෂණය කරල අඩුපාඩුව බලා ගන්න පුලුවන්. වැඩිපුර කාබනික පොහොර යෙදීමෙන් මේ තත්වය මග හරවා ගන්නත් පුලුවන්. 🥬🥬🥬🥬

දැන් තේරැනානෙ හැම කහවීමක්ම රෝගයක් නෙමේ කියලා.

ඔබට ජය.💪💪ගොවිගෙදර🍉🍌🫐

අද මම ඔයාලට හොදම හොද නිෂ්පාදනයක් හදුන්වා දෙන්න යන්නෙ. ඔයාලගෙ ගෙවත්තෙ ඉන්න පලිබෝධකයන් ඒ කියන්නෙ මිරිස් වවන්න ගියොත් කොලකො...
16/10/2022

අද මම ඔයාලට හොදම හොද නිෂ්පාදනයක් හදුන්වා දෙන්න යන්නෙ.
ඔයාලගෙ ගෙවත්තෙ ඉන්න පලිබෝධකයන් ඒ කියන්නෙ මිරිස් වවන්න ගියොත් කොලකොඩවෙනවා , එළවලු පැල වලට සත්තු හානි කරනවා . මල් පාත්තියෙ පිටි මකූණා ඇවිල්ලා . නෙලුම් දණ්ඩෙ පොඩි පොඩ් සත්තු වහනවා. ඇන්තුරියම් මලේ සත්තු ඔය වගේ හරිම කරදරයි නෙ. මේ සියලු කරදර වලට නියම විසදුමක් තියනවා . මමපහලින් photo දානවා. මේ බෙහෙත අර මම කියපු හැම ලෙඩේටම හරි . හරිම පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන්. නොමිලේ ස්ප්‍රේයර් එකකුත් එක්ක දෙන්නෙ ලොවෙත් පාඩු නෑ. ගිනි ගනන් දීල වහ ගහන්න ඕනි නෑ. අත්දුටුයි . ප්‍රතිපල සහතිකයි. 0714337660 කතා කරන්න.Cash on Delivery තියනවා. තව දෙයක් මේ බෙහෙත් හදල ටෙස් කරල තමයි එවන්නෙ.

🫑🌶️🌱වැදගත්  වැදගත්  වැදගත් 🐛🐝🪳🦗කොළ කොඩ වීමේ සංකීර්ණය 🐞🐞🐞අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නෙ ඉතා වැදගත් මාතෘකාව ක්  ,,, ගොඩ...
11/10/2022

🫑🌶️🌱වැදගත් වැදගත් වැදගත් 🐛🐝🪳🦗

කොළ කොඩ වීමේ සංකීර්ණය 🐞🐞🐞

අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නෙ ඉතා වැදගත් මාතෘකාව ක් ,,, ගොඩක් දෙනෙක් අහන ගොඩක් දෙනෙක් නොදන්න කතාවක් . කතාව දිග උනාට දැනුමට පට්ට වැදගත් . ඒ නිසා අන්තිම වෙනකන් කියවන්න. 🐸🐸🙉
ඉස්සෙල්ලම කොලකොඩ වෙන එක ගැන කියන වැරදි මත අයින් කරල ඉමුකො එහෙනම්👉
ගොඩක් අය හිතන්නෙ ගොම පොහොර නිසා කොලකොඩ වෙනව කියල 👇ඒක වැරදියි , තව අය හිතනවා පොහොර වැඩි උනාම , යුරියා දැම්මම කොඩ වෙනවා කියලා 👇ඒවා ඔක්කොම වැරදියි.
හැබැයි මෙහෙම කියන්න හේතු තියනවා අපි දැන් කතාවට එමු. ඉස්සෙල්ලම බලමු මේ නම . මොකක්ද මේ කොල කොඩ වීමේ සංකිර්ණය කියන්නෙ . බිල්ඩිමක්ද නෑ. ඒකට නම දාල තියෙන්නෙ මේකයි 👉 කෘමි හානි නිසා හා සුදු මැස්සා කියන සතා බෝකරන වයිරසයක් නිසාත් දෙයාකාරයෙන් මේ ලෙඩේ ඇති වනනිසා තමයි මේකට කොළ කොඩ වීමේ සංකීර්ණය කියන්නෙ. දැන් තේරැනානෙ මේක සංකීර්ණ ප්‍රශ්නයක් කියල . හරි අපි දැන් බලමු විස්තර👉👉කෘමි සතුන් කිව්වම මේක කරනම සත්තු කීප දෙනෙක් ඉන්නවා 🐞🐞පැළ මැක්කා , කූඩිත්තා හා මයිටාව . අපි මේ තුන් දෙනා ගැනත් පොඩ්ඩක් විස්තර බලා ගෙන යමු . ඉගන ගන්න කෙනෙකුට පොඩ්ඩක් වැදගත් වෙයි . හෑලි ලියනව කියල හිතන්න එපා . පොඩ්ඩක් බලන්නකො මාර intresting 🫐🍇🍌🍉

Thrips කියන්නෙ පැල මැක්කට Thysanoptera ග්‍රෝත්‍රයේ සතෙක් , ලා දුඹුරැ පාට මි.මී.1 ක් 2 ක් විතර දිග පොඩිම පොඩි සතෙක් . සතා පොඩි උනාට වැඩ සුපිරි ආ... මු බිත්තර දාන්නෙ ශාක පත්‍ර පටක වල , හැබැයි පිලා අවදිය ඉන්නෙ පස් ඇතුලෙ . මුගෙ ශිශුවන් හා ලොකු සත්තු ළපටි කොලයි දලුයි වලින් යුෂ උරාබොන නිසා පත්‍ර දාර දිගේ උඩු අතට රෝල් වෙනවා . ලොකු මෝරපු කොල වල නාරටි දිගේ දුඹුරැ පාට වෙනවා. හානිය වැඩි උනොත් කොලටික හැලිල යනවා.ගෙඩියට වැඩේ දුන්නොත් විකෘති වෙලා දුර්වර්ණ වෙනවා. මම පොටෝ ටික පහලින් දාන්නම් එතකොට වැඩේ තව ලේසියි තේරැම්ගන්න.
මම මේ සත්තු ගැන මෙච්චර විස්තර කියන්නෙ ලෙඩේ හරියට තේරැම් ගන්නයි බෙහෙත් පාවිච්චි කරනකොට තැන බලල ගහන්නයි කියල දෙන්න. මු කොලේ උඩු පැත්තට රෝල් කලාට දවල්ට ඉන්නෙ කොලේ යටි පැත්තෙ . ඒකනෙ මම කියන්නෙ හරියට අහගන්න කියල . තව රස්නෙ වැඩි කාලවලට මුගෙ හානිය දරැනුයි . තව මුගෙ ජීවන චක්‍රය සති 2ක් මාසයක් විතර වෙනවා. දැක්කනෙ ඔයා කොලකොඩවෙන්නෙ ඇයි කියල හරියටම දන්නෙ දැන්නෙ . තව ඉවර නෑ තව සත්තු එහෙම්මමයි .
🐞🐞 මයිටා Mites එහෙම නැත්තම් Acarina ග්‍රෝත්‍රය මූ නම් ඇස් දෙකට පේන්නෙ නෑ , හානියෙන් තමයි අදුනගන්න වෙන්නෙ . බලමුකො ඒ ගැනත් ටිකක් ,,,, 🐞🐞 පත්‍ර වල යටි පැත්තෙ ඉදන් යුෂ උරා බොනවා. පාට නම් ඉතින් කිරි පාට තමයි , ලොකු සතා ලා දුඹුරැ පාට වගේ බලනව නම් තිත් වගේ තමයි පේන්නෙ . මේ මයිටා වෝ කොලේ යුෂ උරා බොන නිසා කොලේ දුඹුරැ පාට වෙලා ඝන වෙලා යටි පැත්තට ඇකිලෙනවා. ලපටි කොල වල නටුව ලග හොදට බලන්න දුඹුරැ පාට වේ ගෙන එනව නම් ඔන්න බඩු ගහට ඇවිල්ලා අවදානම් සහිතයි. තව එකක් N වැඩි පුර දාලා මේ සත්තු ගෙන්න ගන්නවා නෙමෙයි . අර මම මුලින් කව්වෙ ගොම එහෙම දාලා වැඩි පුර පොහොර දාලා ගහ සරැ වෙනකොට මයිටාට එන්න ලේසියි . හැබැයි ඒකයි මේකයි 2ක් . මේකට ගෙන්දගම් පොඩ්ඩක් කලවම් කරල ගැහැවු නම් ok.
🐞🐞🐞ඊ ලග එකා කූඩිත්තා , Aphid , Hemiptera ග්‍රෝත්‍රය . මි.මී 1 ක් 2ක් වගේ පොඩි සතෙක් . සතෙක් උනාට ඉන්නෙ ජනාවාස හදාගෙන සමහරැන්ට පියාබන්නත් පුලුවන් . මෙන්න බලන්නකො මේකෙ විස්තරේ . 👉 කූඩිත්තා සමුහ වශයෙන් පත්‍ර වලින් , කදෙන් යුෂ උරා බොනවා. කොලේ නිකන් කොප්පයක් වගේ වෙලා කහ පාට වෙනවා. ගොඩක්ම වැඩි උනොත් ගහ බාල වෙනවා. මුගෙ ජරාව ඇලෙන සුලු පැණි වගේ නිසා දිලීර ඉක්මනින් බෝ වෙනවා. කොලේ කලුපාට වෙන නිසා ආහාර නිෂ්පාදනයට බාදා තමයි . මම මේ හැම එකකම Photos දානව. කලින් දැකල ඇති තමයි දැන් නේද විස්තරේ හරියටම දන්නෙ . තව එකෙක් ඉන්නවා ඌනෙ අපේ නම සංකීර්ණ කලේ .,,👉👉Hemiptera ග්‍රෝත්‍රයේ ඉන්න සුදු මැස්සා Whitefly මු පොඩ්ඩක් අමාරැකාරයා.
සුදු පාට පොඩි පියාබන මැස්සෙක් . මි.මී.1ක් විතර ඇති ඕනිනම් . වැඩි පුරම ඉන්නෙ කොලේ යට , කොල හොල්ලන කොට පියාබල යනවා පේනවා. මු තමයි කොල කොඩ වීමේ වයිරසය පතුරවන සතා. වයිරස් රෝග වලට බෙහෙත් නෑ හොදේ්. කරන්න තියෙන්නෙ සතාව ඉවර කරන එක තමයි . මු හානි කරාම කොලෙ නිකම් බෝට්ටුවක් වගේ වෙනවා. ඔයාලට මතක ඇතිනෙ අනිත් සත්තු හානි කරාම කොලේට වෙන හැඩය . සතා මොකාද කියල හරියටම තෝරගන්නයි ඒ හැඩ ගැන කිව්වෙ.

හරි අපි දැන් සත්තු ගැන කියල ඉවරයි. දැන් ඔයාලට පැහැදිලි ඇති කොල කොඩ වෙනවා කියන්නෙ මොකක්ද කියලා . පැහැදිලි කිරීම මදි වගේ නම් මට කතා කරන්න 0711600100 . දැන් මේ ගැනත් පොඩ්ඩක් අහගෙන යන්න
🫑කොල කොඩ වීම වැඩි පුරම එන්නෙ හොදට පොහොර දාලා සරැවට හැදෙන ගස් වලට ඒ නිසා ගහ සරැ කරන්න ගිහින් නැති ප්‍රශ්න දා ගන්න එපා . ඒකට නිවැරදි අනුපාතය හොයාගෙන පොහොර ටික දාන්න. ඒ ගැන විස්තර මම දෙන්නම් .
🫑කොල කොඩ වෙලා තියනව දැක්කොත් කලබල වෙලා එක පාරටම බෙහෙත් ගහන්න යන්න එපා. අපිට මුල් කාලෙදි මේක පාලනය කරගන්න පුලුවන් ක්‍රම තියනවා. ඒ ගැන මම පසුව කියන්නම් .
🫑කොඩ වෙච්ච කොලේ මොන බෙහෙත ගැහුවත් ආයි හොද වෙන්නෙ නෑ. ඊ ලගට එන කොල තමයි හොදට එන්නෙ මතක තියා ගන්න.
🫑බෙහෙත් වර්ග පාවිච්චි කරාට දවස් 3 4 කින් විතර ආයි ගහන්න. ඒ පලවෙනි පාර විනාශ නොවුනු බිත්තර වලින් පැටව් එලියට ඇවිත් ආයි වගාව හානි කරන්න පුලුවන් නිසා
🫑එක දිගට රසායන බෙහෙත් එකම වර්ගය පාවිච්චි කරන්න එපා. උන් ඒවට හුරැ උනොත් ඉදල ඉවරයි.
🫑මුලින්ම අතින් අයින් කරන්න බලන්න., නැත්තම් කාබනික කෘමි නාශක ගහන්න. බැරිම උනොත් රසායනික බෙහෙත් වලට යන්න

දැන් ඔයාලට තේරෙනවා නේ ද . කොල කොඩවීම ගැන හරියටම . තව විස්තර ඕනි නම් මට කතා කරන්න. මේක කලබල වෙලා වගාව අතහරින්න හේතුවක් නෙමෙයි . මේක ලේසියෙන් පාලනය කරන්න පුලුවන් දෙයක් . හරි අදට ඔය ඇති 🌽🥦🥬🥒ජය වේවා . 🍎🍎ගොවිගෙදර 0711600100

ගොලුබෙල්ලන්ගෙන් තොර නිරෝගී වගාවක් සදහා...
20/09/2022

ගොලුබෙල්ලන්ගෙන් තොර නිරෝගී වගාවක් සදහා...

ඔබේ ගොවිගැටලුවට අපෙන් පිළියම්. සාර්ථක ගෙවතු වගාවට අපෙන් අත්වැලක්. හිසරදකාරි කෘමින්ගෙන් තොර සාර්ථක වගාවකට
05/08/2022

ඔබේ ගොවිගැටලුවට අපෙන් පිළියම්. සාර්ථක ගෙවතු වගාවට අපෙන් අත්වැලක්. හිසරදකාරි කෘමින්ගෙන් තොර සාර්ථක වගාවකට

03/07/2022

Address

No. 183, Lake Side , Paradise
Kuruwita
70500

Telephone

0711600100

Website

Alerts

Be the first to know and let us send you an email when Govi Gedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share