11/08/2024
• ඊරිය • [ Iriya]
ඊරිය , මළබඩ , රුක් යන ගස් තුන් වර්ගයම පෙනුමෙන් සමානයි. ඒවා හඳුනාගත හැක්කේ මල් හා ඵල හට ගැනීමෙන් පසුවය. රුක් ගස්වලින් ලපටි අවධියේ කොළපැහැයෙන් හා මේරූ පසු කහපාටින් යුත් ගැට සහිත බුබුළු වැනි අති සුගන්ධවත් මල් පොකුරු සෑදේ. මෙහි පළ හට ගන්නේ ඒ මල් පොකුරු වලින් නොවේ. කුඩා අතු දිගට වෙන් වෙන් වශයෙන්ය. ඊය ගසේ ද රුක් ගසෙහි මෙන්ම කුඩා අතු දිගට පළහට ගනී. එහෙත් රුප් මල් වැනි ලස්සන මල් හට ගැනීමක් එහි නැත. මලබඩ ගසෙහි කොළ හා ගෙඩිත් ඊරිය, රුක් දෙවර්ගයට වඩා මඳක් දිගටි හැරියෙන් යුක්තය. මේ තුන් වර්ගයේම ගෙඩිවල ලෙල්ලටත් ඇටේටත් අතර රතුපාටින් යුත් සාදික්කා ගෙඩිවල මෙන් වසාවාසී තිබේ. ඊරියේ සහ රුක් යන දෙවර්ගේම ඖෂධ වශයෙන් ගනු ලබන අතර මළබඩ දේශීය වෙදකමෙහි ඖෂධ වශයෙන් යෙදුණු තැනක් දැනගන්නට නැත.