Viduranga CAD

Viduranga CAD ඔබේ සිහින නිවස ගොඩනගමු අපත් සමග.
ඔබේ අ? House Planning & Estimating Work

අතේ ඇති මුදලට ඔබේම ගෙයක් හිතේ හැටියට 🏠🏡
19/01/2026

අතේ ඇති මුදලට ඔබේම ගෙයක් හිතේ හැටියට 🏠🏡

Construction  - ඉදිකිරීම ජීවිතේ ජීවත් කරන්න අපිට අවශ්‍යතා හා උවමනා දේවල් ටිකක් තියනවා ඒ අතරින් නිවහනක් යන්න අත්‍යවශ්‍ය ස...
22/10/2021

Construction - ඉදිකිරීම

ජීවිතේ ජීවත් කරන්න අපිට අවශ්‍යතා හා උවමනා දේවල් ටිකක් තියනවා
ඒ අතරින් නිවහනක් යන්න අත්‍යවශ්‍ය සාධකයක් අද අපි කතා කරන්න යන්නේ ජීවිතේ එක පාරක් හරි අපි හැමෝටම මුහුණ දෙන්න වෙන කාරණාවක් ගැන ඒ තමයි "ඉදිකිරීම"

ඉදිකිරීම් ගැන කතා කරනකොට ගෙවල් විතරක් නෙමෙයි පාරවල් , ගොඩනැගිලි, පාලම් ආදියත් දක්වන්න පුළුවන් මොන විදියේ ඉදිකිරීමකදි උනත් අපි සලකා බලන්න ඕනි ප්‍රධාන කරුණු තුකක් තියනවා .
1. ගුණාත්මක භාවය (Quality )
2. කාලය (Time )
3.වියදම ( Cost )

මේ කරුණු තුන හරියට උනේ නැති උනොත් වෙන්නේ ඕනි කරන අරමුණට යන්න බැරිව පාඩු විදින්න.
ඒ නිසා තමයි ඉදිකිරීමක් කරන්න කලින් හොදට හොයලා බලලා සැලැස්මකට වැඩටික කරගන්න ඕනි. ඉතින් ඉදිකිරීමකදි
ඊලග කාරණය තමයි මේ කටයුත්ත බාර දෙන්නේ කාටද කියන එක. ඔක්කොම එකතු කරලා බැලුවහම ප්‍රධාන ක්‍රම 5 කට බෙදන්න පුළුවන් මීලගට අපි බලමු ඒ ක්‍රම 5 මොනවද කියලා.

ඉදිකිරීමක් කරන්න ඉන්න ඔයාල හැමෝටම මේ ක්‍රම පහ වැදගත් වෙයි අපි බලමු සරලව ඒ ක්‍රම මොනාද කියලා,

1. දවස් පඩි ( Daily Wages )
අපි දකින විදියට මේ ක්‍රමය තමා මේසන් බාස්ට වාසි ගෙනෙන සේවා දායකයාගේ පොකට් එකට තට්ටු වෙන ක්‍රමය.
ඒ ගැන හිතුවොත්,
* මේසන් බාස්ලට කාලයක් නිමාවක් ගැන කිසිදු තැකීමක් නැහැ.
* අමු ද්‍රව්‍ය පිලිබඳ මනා දැනුමක් නැති නිසා ගේන බඩු ටික අපතේ යනවා වගේම වැඩි වියදමක් ඒ සදහා වැය වෙනවා.
* වාස්තු විද්‍යාඥයින්ට ගෘහ නිර්මාණ ශිල්පීන්ට වෙනම මුදලක් ගෙවන්න වෙන නිසා මෙම ක්‍රමයේ වාසි දායක බවක් පේන්න නැහැ .

2. ශ්‍රම කොන්ත්‍රාත්තුව
පලවන ක්‍රමයට වඩා තරමක් වැසි දායක උනත් 100% නිවැරදි කියන්න බැහැ .
මේකේ තියන වාසි ගැන කතා කරොත් ,
* වැඩේ කරන්න කලින් මිල ගණන් කැදවන නිසා දෙතුන් දෙනෙක්ගේ මිල ගණන් සංසන්දනය කරලා වැඩේ බාරදෙන්න පුළුවන්.
* සුළු අත්තිකාරම් මුදලකින් වැඩේ පටන් අරන් අවසානය වෙද්දී ටික ටික හෝ අවසන් වූ විට එකවර මුදල් දෙන්න පුළුවන්.
* මුදලින් 15% පමණ ඉතිරි කරගන්න පුළුවන් වගේම ලිඛිත ලිය කියවිලි සාදා අත්සන් තැබීමට පුළුවන්.
මේකේ තියන අවාසි ගැන කතා කරොත් ,
* සමහර විට අතරමගදී අමතර අමු ද්‍රව්‍ය මිලක් දරන්න වෙන්න පුළුවන්.

3. ශ්‍රම හා යන්ත්‍ර උපකරණ Construction

ඉහත කොන් දෙකෙහි දැක්වූ ක්‍රමය මේකට වෙනස් වන්නේ යන්ත්‍ර උපකරණ වල වගකීම කොන්ත්‍රාත්කරු දරන එක විතරයි.
උපකරණ වලට හානි වීමක් උනොත් දරපු අමතර වියදම මේ නිසා නැති වෙනවා.

4. සම්පුර්ණ කොන්ත්‍රාත්තුව

මෙහිදී IDA විසින් අනුමත ලන්සු තැබීමේ ලියවිල්ල (Standard Bid Document ) අනුව මිල ගණන් කැදවීම කරන නිසා
කාලය හා ශ්‍රමය අතින් වඩාත් පහසුම ක්‍රමයක්.
මෙම ලියවිල්ල තුල,
*ඉදිකිරීම ආරම්භ වන දිනයන් නිම වන දිනයන් හා කාලය ඉක්ම උවහොත් ගෙවීමට සිදුවන දඩ මුදල්,
සේවක සංඛ්‍යාව , සේවක පඩි ගෙවීම් , කාලය , උපකරණ මිල ගණන් ,
ඉදිකිරීම් වෙළද ද්‍රව්‍ය වල වෙළද නාමයන් හා ප්‍රමිතීන් වාස්තු විද්‍යාඥයින් හා ව්‍යුහ ඉංජිනේරුවන්ගේ සියලු ඉදිකිරීම් විස්තර
මෙහි සඳහන් වේ.
වාසි - ඉහල යන අමුද්‍රව්‍ය මිල ගණන් සේවා දායකයට බල නොපායි , ලන්සු කැඳවීම නිසා හොදම මිල ගණන් තෝරා ගත හැකියි .

5. නිර්මාණයත් හා කොන්ත්‍රාත්තුව

සේවාදායකයට අවශ්‍ය පරිදි නිර්මාණය සැලසුම් කීරීම හා ඉදි කිරීම යන අවශ්‍යතා දෙකම එක කොන්ත්‍රාත්තුවක් ලෙස
අත්සන් කීරීම මෙහිදී සිදු කෙරේ.

මෙසේ නිවැරදි සැලැස්මක් අනුව කරනු ලබන ඉදි කීරීම් කාර්යයන් නිසා පසු තැවීමකින් තොරව ඔබගේ ඉදි කිරීම කරගැනීමටත් මුදල්, කාලය හා ශ්‍රමය ඉතිරි කරගැනීමටත් ඔබට හැකිවේ.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

ඔබ වාස්තුවිද්‍යනුකූල සාර්ථක නිවසක් ගැන සිහින දකිනවද?  එසේ නම් ඔබ අනිවාර්යයෙන්ම දැනගතයුතු කරුණු,      ✏️ ඔබ අනිවාර්යයෙන්ම...
22/10/2021

ඔබ වාස්තුවිද්‍යනුකූල සාර්ථක නිවසක් ගැන සිහින දකිනවද?
එසේ නම් ඔබ අනිවාර්යයෙන්ම දැනගතයුතු කරුණු,

✏️ ඔබ අනිවාර්යයෙන්ම වාස්තු විද්‍යාත්මකව ඔබගේ නිවස නිර්මාණය කරගත යුතුයි,

✏️ වාස්තුවිද්‍යාව අනුව නිවසක් නිර්මාණය කිරීමේදී නිවැරදි දිශාවන්, ඉඩමේ පිහිටීම, නිවසේ ජීවත් වන්නන්, නිවසෙහි කොටස් ස්ථානගත කිරීම, නිවසට සූර්ය ආලෝකට වැටෙන ආකාරය අදී වූ විද්‍යාත්මකව සනාත කරගත් කාරණා විශාල ප්‍රමාණයක් අනුව ඒ පිළිබඳ සැලකිලිමත්ව සැලසුම නිර්මාණය කල යුතුය.

✏️ වාස්තුවිද්‍යාත්මකව මේ කාරණා සියල්ලෙන් සිදුවන්නේ නිවසෙහි ජීවත්වන්නන්ගේ සුභසිද්දිය, දියුණුව, වාසනාව ආදිය ඇතිකර ගැනීමයි.

✏️ නමුත් ඔබ වාස්තුවිද්‍යානුකූලව නිවසක් ඉදිකර ගත් පමණින් ඔබ දියුණුවට පත්වන්නේ නැත, ඒ සදහා නිවසෙහි ජීවත්වන්නන් වාස්තුවිද්‍යාත්මක වාසනාවට නැගී සිටිමට මාර්ගය පාදා දිය යුතුය,
ඒ සදහා,
ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ නිවස ඉතාමත් පිරිසිදුවට පිළිවෙලට තබා ගතයුතුය.
ඔබ නිතරම ඔබගේ දියුණුව ගැන සුබවාදීව සිතිය යුතුය,
ඔබ අදහන ධර්මයට අනුව ජීවත්විය යුතුය,
ඔබගේ නිවස තුළින් ප්‍රියමනාප පෙනුමක් දිස්වන සේ පාලනය කළ යුතුය,
සැම විටම ඔබ මනසින් ශක්තිමත්, දියුණු, සාර්ථක පුද්ගලයෙක් විය යුතුය.
✏️ ඔබගේ නිවසෙහි වාස්තුවිද්‍යාව පරික්ෂාව සදහා පුද්ගලයන් 10 දෙනෙකු පැමිණියහොත් ඔබට බොහෝ විට අසන්නට ලැබෙන්නේ දස විදියක කාරණාය, එක් එක් පුද්ගලයාගේ දැක්ම වෙනස් ආකාරයට ඔබට විදහා දක්වයි. ඉතින් මෙයින් ඔබට සිදුවන්නේ ඔබගේ ජීවිත කාලය පුරාම ඔබගේ නිවසෙහි වෙනස්කම් කරමින් ඔබගේ ධනය විනාශ කරමින් වටිනා කාලය වැය කරමින් ඔබගේ දියුණුව මග නවතා ගැනීමටය,
ඒ ආකාරයට ඔබට කිසිදිනෙක සාර්ථකත්වයක් දියුණුවක් ලබන්නට හැකියාවක් ලැබෙන්නේ නැත.

▶️ ඉතින් ඔබ ඔබගේ නිවස නිර්මාණයේදීම නිවැරදි වාස්තුවිද්‍යාවට අනුව සාර්ථකව වාසනාවන්ත නිවසක් නිර්මානය කරගත යුතුය.

▶️ඉහත සියලුම කරුණු වලට අනුව ඉතා සාර්ථකව නවීන පන්නයට ඔබගේ අදහස් වලට ඉඩ දෙමින් ඔබගේ අතේ ඇති මුදලට සරිලන ඔබගේ මුදලට හානියක් නොවන අයුරින් අප සමග වාසනාවන්ත නිවාස සැලසුම් නිර්මාණය කරගමු

ඔබගේ සිහින නිවස සිහිනයක් නොවී හැබෑවක් කරගමු. 💪

වාස්තු උපදෙස් අනුව ඔබ ඔබේ නිවස කොපමන කඩා වෙනස්කම් කලාද?ඉන් ප්‍රතිඵල නැද්ද?සිත් තැවුලෙන්ද?හම්බුකරන මුදලින් ගේ හදනව විතරද?...
22/10/2021

වාස්තු උපදෙස් අනුව ඔබ ඔබේ නිවස කොපමන කඩා වෙනස්කම් කලාද?
ඉන් ප්‍රතිඵල නැද්ද?
සිත් තැවුලෙන්ද?
හම්බුකරන මුදලින් ගේ හදනව විතරද?
තවත් අමාරුවේ නොවැටී අපි මේ ගැටලු විසදාගමු.
උපදෙස් හා සැලසුම් අපෙන්.
ගැටලු විසදා ගැනීමට අවැසි ඔබ
අපව අමතන්න.
☎ 071 25 15 385
076 46 250 22

ඔබේ සිහින නිවස ගොඩනගමු අපත් සමග.ඔබේ අදහසට අපේ නිර්මාණය,ඔබේ නිර්මාණයට අපේ අදහස්,ගැටලු සැමවිට සාකච්චා කරමුඒ ආකාරයට සිහිනය ...
07/10/2021

ඔබේ සිහින නිවස ගොඩනගමු අපත් සමග.
ඔබේ අදහසට අපේ නිර්මාණය,
ඔබේ නිර්මාණයට අපේ අදහස්,
ගැටලු සැමවිට සාකච්චා කරමු
ඒ ආකාරයට සිහිනය සැබෑකරගමු.😊

3D House Navimana.
07/10/2021

3D House Navimana.

3D Interior Design
07/10/2021

3D Interior Design

3D Home
07/10/2021

3D Home

Mr. Danushka Sampath's HomeNavimana, Matara.
07/10/2021

Mr. Danushka Sampath's Home
Navimana, Matara.

Mr. Sajith Samaranayaka's HomeNavimana, Matara.
07/10/2021

Mr. Sajith Samaranayaka's Home
Navimana, Matara.

Mr. Chandana Manuppriya's HomeNavimana, Matara.
07/10/2021

Mr. Chandana Manuppriya's Home
Navimana, Matara.

Mr. Samantha Ananda's HomeNavimana, Matara.
07/10/2021

Mr. Samantha Ananda's Home
Navimana, Matara.

Address

Navimana
Matara
81000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Viduranga CAD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share