Green Heart flowers nursery

Green Heart flowers nursery Elegant Garden Decorations for Attractive Prices

10/06/2025
ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය  විනයානුකූලව සකසන ලද බුදු පිලිම හා දේව පිලිම  අවම මිල ගනන් යටතේ ලබා ගැනීමට පැමිනෙන්න අප වෙත .. 🎯න...
20/03/2025

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය විනයානුකූලව සකසන ලද බුදු පිලිම හා දේව පිලිම අවම මිල ගනන් යටතේ ලබා ගැනීමට පැමිනෙන්න අප වෙත ..


🎯නුවර පාර,වේවැල්දෙනිය

📱0769085728

අද දින මැදිරිගිරිය  බලා පිටත් කර යැවූ අපගේ නිශ්පාදන....පහන් කනු ,දිය ඇලි කනූ, බුදු පිලිම ,දේව පිලිම එකම වහලක් යටින් මිලද...
20/03/2025

අද දින මැදිරිගිරිය බලා පිටත් කර යැවූ අපගේ නිශ්පාදන....

පහන් කනු ,දිය ඇලි කනූ, බුදු පිලිම ,දේව පිලිම එකම වහලක් යටින් මිලදී ගැනීමට පැමිනෙන්න අප වෙත..

🎯 නුවර පාර, වේවැල්දෙනිය

📱 0769085728

Happy Dilvalii 2024❤️
30/10/2024

Happy Dilvalii 2024❤️

වප් පොහොය අදයි..වප් පොහොය වැදගත් සිදුවීම් රැසකට යෙදී ඇත. ඒවා නම්,1. බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට...
17/10/2024

වප් පොහොය අදයි..

වප් පොහොය වැදගත් සිදුවීම් රැසකට යෙදී ඇත. ඒවා නම්,

1. බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම
2. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම
3. සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්‍රදානය කිරීම
4. සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා දඹදිවට පිටත්වීම
5. ථූපාරාමයේ කරන ලද විනය සංගායනාව
6. ජය ශ්‍රී මහා බෝධි අංකුරය පිහිටුවීම
7. වස් පවාරණය කිරීම ආදී වශයෙනි

සත්වන වස් කාලය ගත කිරීම සඳහා තව්තිසා දෙව් ලොවට වැඩි බුදුරජාණන් වහන්සේ එහි තුන් මසක් ගත කළ සේක. එහි දී සිය මෑණියන් වූ මාතෘ දිව්‍ය පුත්‍රයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනා කළහ. උන් වහන්සේ මෙම තෙමස ගත කළ අන්දම ඉතා සිත්ගන්නා සුළුය.

බුද්ධත්වයෙන් සත් වන වස එළඹි ඇසළ පුන් පෝදා සැවැත්නුවර ජේතවනාරාම අසළ ගන්ධබ්බ රුක් මුලදී යමාමහ පෙළහර පාමින් සිටි බුදුරජාණන් වහන්සේ එක් වරම අතුරුදහන් වූ හෙයින්, පුදුමයට පත් වැසියෝ ඒ ගැන සැරියුත් තෙරුන් විමසූහ.

උන්වහන්සේ තමන් කාරණය දන්නේ නමුදු, අන් තෙරනුන්ගේ ගුණය ප්‍රකට කරනු වස් අනුරුද්ධ තෙරුන් විමසා දැන ගන්නැයි කී හෙයින්, බුදුන් වහන්සේ තව්තිසා දෙව් ලොවට වැඩමවා මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කරමින් ඉදිරි වස් තුන් මස එහි ගත කොට වස් පවාරණ දින ආපසු වඩනා බව අසා දැන ගත් වැසියෝ බුදුහිමි නැවත වඩිනා තෙක් කඳවුරු බැඳ ගත්හ.

සැවැත්නුවර වැසි චුල්ල අනාථ පිණ්ඩික සිටාණෝ එම තෙමසම වැසියනට ආහාර පාන හා බුලතින් සංග්‍රහ කළහ. මේ කාලය තුළ බුදුරදුන්ගේ උපදෙස් පරිදි මුගලන් තෙරණුවෝ එම වැසියන්ට දහම් දෙසු සේක. ඒ අතර බුදුරදුන් තව්තිසා දෙව් ලොව සිට මාතෘ දෙව් පුත් ප්‍රමුඛ දෙවියනට දහම් දෙසු සේක. එසේ දහම් දෙසූ අයුරුද ඉතා අපූරුය.

සෑම දිනකම පිණ්ඩපාත වෙලාව දක්වා දෙවියන්ට අභිධර්මය දේශනා කරන බුදුරජාණන් වහන්සේ කිසිවකුටත් නොදැනෙන පරිදි තමන් වහන්සේ හා සමාන විස්මිත බුදුරුවක් මවා දහම් දෙසීමට සලස්වා , පිඬු සිඟා යනු පිණිස හිමාලයට වැඩ උතුරු කුරු දිවයිනෙහි සැරිසරා, ඉන්පසු අනෝතප්ත විලෙන් පැන් පහස නිවා ගෙන දන් වළඳන සේක.

එම වෙලාවට එහි වඩින සැරියුත් හිමියෝ බුදුරදුන්ට වත් පිළිවෙත් කරති. දන් වළඳ අවසන් වූ කල තව්තිසාවේ දෙවියන්ට දෙසු ධර්මය සැරියුත් හිමිට ඉගැන්විණි. ඉන් අනතුරුව යළි තව්තිසා දෙව්ලොවට වඩින බුදු හිමියෝ විස්මිත බුදුරුව අතුරුදන් කොට තමන් වහන්සේ ම එතැන් සිට දහම් දේශනා කරන මෙම ක්‍රියා පිළිවෙත එම තුන් මස ගෙවනා තුරුම දිනපතා සිදුවූවක්ම විය. දහම් දෙසුම් අවසානයේ මාතෘ දෙව් පුත් සෝවාන් ඵලයේ පිහිටි අතර, දහම් ඇසු කෝටියක් දෙවියෝද බ්‍රහ්මයෝ ද ධර්මාභිසමය ලැබු බව දැක්වේ. වස් පවාරණයට දින හතක් තිබියදී බුදුරජාණන් වහන්සේ සැරියුත් හා මුගලන් හිමිවරු අමතා අදින් සත්වන දවස එනම් වප් මස පුර පසළොස්වක පෝ දා දඹදිව සංකස්ස නුවරින් මිහිකතට වඩින බව සැළ කළහ. මෙම ආගමණය දේවාවරෝහණය නම් වේ.

බුදුරජාණන් වහන්සේ තව්තිසාවේ සිට දෙව් බඹුන් විසින් පිරිවරන ලදුව, අහස් කුස සිට රන් හිණි මගකින්, පරසතු මදාරා මලින් පුදමින් ශක්‍ර දෙවි හා සහම්පති දෙදෙනාගේ මූලිකත්වයෙන් පැවති මහා පෙරහරකින්, හාත්පස ඒකාලෝක කරමින් රැස්ව සිටි ජනයාගේ සාධුකාර මධ්‍යයේ වප් පුර පසලොස්වක පෝය දින සංකස්ස නගර ද්වාරයෙන් මිහිකතට වැඩි බව දේවාවරෝහණ වර්ණනාවේ දැක්වේ. මෙම අසිරිමත් පෙරහර පින් පිරුණු ජනයාට දැකිය හැක්කේ එක් බුද්ධෝත්පාද කාලයකට එක් වරක් පමණක් වීමද විශේෂ කරුණකි. මේ අවස්ථාවේදී තම දිවිය තුළ පළමු වරට බුදු අසිරිය දුටු මහ සැරියුත් තෙරුණුවෝ.

“ න මෙ දිට්ඨො ඉතො පුබ්බේ - නස්සුතො උදකස්මි
එවං වග්ගු වදෝ සත්ථා – තුසිතා ගණිමා ගතා “

යන ගාථා රත්නය දේශනා කොට බුදු සිරි පතුල් වැඳ ප්‍රණාමය පළ කළහ. එහිදි බුදුරජාණන් වහන්සේ බුදුවරු විසින්ම විසඳිය හැකි ප්‍රශ්න කීපයක් විචාරා ඊට නිසි පිළිතුරු දුන් හෙයින් සැරියුත් තෙරුන් වහන්සේ සියලු ප්‍රාඥයින් අතරින් අගතැන් පත් වූ අය ලෙස නම් කරනු ලැබූසේක.

මෙම පෙළහර දුටු බොහෝ දෙනා බුදුබව ප්‍රාර්ථනා කළහ. මෙහිදී සිදුවු තව වැදගත් සිද්ධියක් වූයේ, දෙව් බඹුන් එනිනෙකාවත්, මිනිසුන්ට දේව බ්‍රහ්ම සමූහයාත්, අපායගාමී සත්වයිනට එකිනෙකාවත් බුද්ධ අධිෂ්ඨානයෙන් දැක ගත හැකි වීමය. මේ අසිරිය දුටු පෙර සිට පෙරුම් පුරා බෝධි සම්භාර ඇති මෛත්‍රී බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවේ පැවිදිව එදිනම උපසම්පදා ලැබූසේක.

ධර්මාශෝක මහ රජුගේ ආශිර්වාදය මත බුදු සසුන ඇරඹුනද, කාන්තාවන් සඳහා භික්ෂුණී ශාසනයට ඇතුල්වීමට අනුලා බිසව ප්‍රධාන කාන්තාවන් නිසි අවසර ඉල්ලූ අවස්ථාවේදී ඒ සදහා මෙරටට භික්ෂුණීන් වහන්සේලා වැඩම කරවීම පිණිස මිහිඳු මා හිමියන්ගේ අනුදැනුම ඇතිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ පන්සියයක් දූත පිරිස දඹදිව පැළලුප් නුවර වෙත පිටත් කර හැරියේද මෙම වප් පොහෝ දිනයේදීය.

මෙසේ විවිධ ශාසනික දායාදයන් ලබා අවසන දෙවන පෑතිස් රජතුමා මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ‘ලක්දිව බුදු සසුන් පිහිටියේදැ? යි විමසු විට උන් වහන්සේ ප්‍රකාශ කළේ ලක්දිව සීමා මාලකයක් තනා එහිදී මහණ උපසම්පදාවක් කළ යුතු බවයි.

ඒ සඳහා සියලු සුදුසුකම් ලත් අරිට්ඨ මහ තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ථූපාරාම සීමා මාලකයේදී විනය පිටකය සංගායනා කරන ලද්දේ ද අද වැනි වප් පොහෝ දිනයකදීය.ඇසළ පෝය දින සිට පුරා තෙමසක් මුළුල්ලෙහි වස් සමාදන්ව සිටිමින් තමන්ගේ අධ්‍යාත්මික දියුණුව පිණිසත්, සැදැහැතියන්ගේ ගුණ දහම් වර්ධනය උදෙසා කටයුතු කරමින් සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කරන්නේද අද දිනයි. ඒ අනුව චිවර මාසය ආරම්භ වන්නේද අද දින සිටය.

මෙම අසිරිමත් සිදුවීම් සිහියට නගා ගනිමින් අද වැනි දිනෙක බුදුරජාණන් වහන්සේගේ අපරිමිත ගුණ කදම්භය මෙනෙහි කිරීම බෞද්ධ අපගේ යුතුකම වන්නේය.

Address

Kandy Road, Weweldeniya
Mirigama
11894

Telephone

+94769085728

Website

Alerts

Be the first to know and let us send you an email when Green Heart flowers nursery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Green Heart flowers nursery:

Share

Category