I Agro Lanka

I Agro Lanka i Agro Lanka | Plantation | Agriculture | Export | Import | Flowers | Garden Center | Agricultural Services | Seeds and Fertilizer

වියට්නාමය චීනයට දූරියන් අපනයනය කිරීමෙන් උපදවන ආදායම, ශ්‍රී ලංකාව චීනයට අපනයනය කරන මුළු භාණ්ඩවල වටිනාකම මෙන් එකොළොස් ගුණය...
29/04/2025

වියට්නාමය චීනයට දූරියන් අපනයනය කිරීමෙන් උපදවන ආදායම, ශ්‍රී ලංකාව චීනයට අපනයනය කරන මුළු භාණ්ඩවල වටිනාකම මෙන් එකොළොස් ගුණයක් බව ඔබ දන්නවාද?

ශ්‍රී ලංකාව 2024 දී චීනයට අපනයනය කළ සියලු භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 කි.

එහෙත් චීනය 2024 දී වියට්නාමයෙන් ආනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් බිලියන 2.94 කි. එනම් මිලියන 2,940 කි.

එනම් චීනය ලංකාවෙන් ගෙන්වන සියලු නිෂ්පාදනවල වටිනාකම මෙන් එකොළොස් ගුණයක් වටිනා දූරියන් ප්‍රමාණයක් වියට්නාමයෙන් ආනයනය කරයි.

මේ අතර වියට්නාමය චීනයට අපනයනය කරන සියලු නිෂ්පාදනවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 60.57 කි. එනම් ඩොලර් මිලියන 60,570 කි.

එය ශ්‍රී ලංකාවෙන් චීනයට අපනයනය කරන මුළු භාණ්ඩවල වටිනාකම මෙන් 231 ගුණයකි.

වියට්නාමය යනු භූමි ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවට වඩා පස් ගුණයක් පමණ විශාල රටකි.

එහෙත් වියට්නාම් යුද්ධයේදී බෝම්බ ටොන් මිලියන ගණනක් ඇද වැටී විනාශ වූ වියට්නාමය තුළ දැවැන්ත නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට අද එරට කොමියුනිස්ට් පක්ෂ පාලනය සමත් වී තිබේ.

විශාල නිෂ්පාදන ධාරිතාවක් සහිත ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදනයේ පරිමාව සහ එයට සිදුවී ඇත්තේ කුමක්දැයි වටහා ගැනීමට මේ සන්සන්දනය වැදගත් නිරීක්ෂණයක් නොවේද?

~ ඉසුරු ප්‍රසංග ~

ℹ️ මූලාශ්‍ර :

▫️https://tradingeconomics. com
▫️https://www.producereport. com

━━━━━━━━━━━━━━━━━━━━━━━

©️ Copied from 🌷
Next Page

~ අපේ පාරම්පරික පානය ~🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿 කොත්තමල්ලි කුළුබඩුවක්, රසකාරකයක්, ඖෂධයක් , අත්බෙහෙතක් හෝ අනුපානයක් ලෙස කිසිදු වයස් ...
30/03/2025

~ අපේ පාරම්පරික පානය ~
🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

🌿 කොත්තමල්ලි කුළුබඩුවක්, රසකාරකයක්, ඖෂධයක් , අත්බෙහෙතක් හෝ අනුපානයක් ලෙස කිසිදු වයස් භේදයකින් නොමැතිව අපිට එදිනෙදා භාවිතා කළ හැකි අගනා ඖෂධයකි.

🔴 කොත්තමල්ලි වල ගුණ :-
========================

🔶. මධුර (පැණි රස), කටුක රස, කසාය රස අඩංගු වේ.
🔶. වාත, පිත, කඵ දෝෂ අසමතුලිතතාවයෙන් ඇතිවන රෝග මැඩ පවත්වයි.
🔶. උණ හා කැස්ස රෝගයට ඉතා ගුණයි.
🔶. කුසගිනි වර්ධනය කරයි.
🔶. ආහාර දිරවීම පහසු කරයි.
🔶. ආහාරමය කෙඳි බහුලයි.
🔶. මල හොඳින් කැටිකර පිටකරවයි.
🔶. මුත්‍රා හොඳින් පිටකරවයි.
🔶. දහඩිය හොඳින් පිටකරවයි.
🔶. සෙම් රෝග වලට ඉතා ගුණයි.
🔶. පිපාසය සන්සිඳවයි.
🔶. උදරයේ දැවිල්ල නැතිකරවයි.
🔶. කාන්තාවන්ගේ ඔසප් වේදනා අඩු කරවයි.
🔶. ඉන්සියුලින් ස්‍රාවය ක්‍රමවත් කරන නිසා දියවැඩියාව පාලනය කරයි.
🔶. රුධිරගත කොලෙස්ටරෝල් පාලනය කරයි.
🔶. අධික තරබාරුව පාලනය කරයි.
🔶. ඛණිජ ලවණ හා විටමින් බහුලයි.
🔶. බෝ නොවන රෝග වලක්වන ප්‍රතිඔක්සිකාරක බහුලයි.
🔶. වාෂ්පශීලී තෛල බහුලයි.
🔶. පිළිකා සෑදීම වළක්වයි.

ඖෂධයක් ලෙසත්, කුළු බඩුවක් ලෙසත් ඖෂධ ගුණයෙන් ඉහළ කොත්තමල්ලි ලොව පා භාවිතයට ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇත්තේ බුද්ධ වර්ෂ 5000 ක පෙර අතීතයේ සිටය.

ආරම්භයේ දී මැද පෙරදිග රටවලටත්, ඊජිප්තුවටත් පමණක් ආවේණික වී තිබු කොත්තමල්ලි වර්තමානය වන විට ලොව පුරාම ප්‍රචලිත ශාක බවට පත්ව තිබේ.

ලොවපුරා සිදුකර ඇති පර්යේකෟෂයන්ගෙන් ඔප්පු වී ඇත්තේ ප්‍රතිජිවක ගුණයේ සිට පිළිකා නැසිමේ ගුණය දක්වා විශාල පරාසයකට දිවෙන ගුණයක් කොත්තමල්ලි සතුවන බවයි.

ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති ඖෂධයක් වන කොත්තමල්ලි අමු ශාකය කොටා ලබා ගන්නා යුෂ සමේ වියළි බව දුරු කර සම ප්‍රසන්න පෙනුමකින් තබා ගැනිමට උපකාරි වේ.

කුරුලෑ වලට එරෙහිව ක්‍රියා කිරිමේ ගුණයක්ද කොත්තමල්ලි සතුවේ. කොත්තමල්ලි කොළ ග්‍රෑම් 5 බැගින් දිනපතා දින හැටක කාලයක් නොකඩවා ගැනිමෙන් ශරිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කර ගත හැකි බව පර්යේක්ෂණයක් මඟින් තහවුරු කර තිබේ. එලෙස කොත්තමල්ලි ගැනිමෙන් කොලෙස්ටරෝල් රෝගින්ගේ රුධිරයේ අන්තර්ගත ලිපිඩ්පෙරොක්ෂිඩේස් නැමැති රසායනය වැඩි වි රතු සෛල ක්‍රියාකාරිත්වය හොඳන් සිදු වි රෝගි තත්ත්වය පාලනය කිරිමට උපකාරි වේ.

කොලෙස්ටෙරොල් රෝගි තත්ත්වයට හේතුවෙන් රුධිරයේ නිර්මාණය වන ට්‍රයිගිසලයින් රසායනය අඩුකර ශරිරයට හිතකර එච්.ඩී.එල්. වැඩිකර ගැනිමට ද කොත්තමල්ලි උපකාරි වන බව වෛද්‍ය විද්‍යාත්මකව පෙන්වා දි ඇති කරුණකි.

අක්මාවේ පිත නිපදවිමේ ක්‍රියාවලිය නිසි පරිදි ඉටු කිරිමට උපකාරි වන කොත්තමල්ලි මේද පරිවෘත්ති ක්‍රියාවලිය යහපත් පරිදි සිදු කරයි.

කාන්තාවන්ට මාස් ශුද්ධියේදී රුධිර වහනය සිමාව ඉක්මවා පිට වන අවස්ථාවේදි එම තත්ත්වය පාලනය කිරිමට කොත්තමල්ලි ශාකය ආහාරයක් ලෙස පිළියෙළ කර (සම්බෝලයක්) ගැනිමෙන් සුවය ලැබේ.

වා ,පිත්, සේම් යන ත්‍රිදෝෂ සමනයටම ගුණදායක කොත්තමල්ලි පිත ගැසිමේ විශේෂ ගුණයකින් යුක්ත වන බව ද ආයුර්වේදයේ දි පෙන්වා දේ.

වේදනාව සහිත ඉදිමුම්වලටත් , කුරුලෑවලටත් කොත්තමල්ලි කොළ අඹරා ගැල්විමෙන් සුවය ලැබෙන අතර මේ සඳහා කොත්තමල්ලි ඇට ද භාවිතා කිරිම වරදක් නැත.

ආහාර දිරවිමේ ක්‍රියාවලිය පහසු කිරිමේ ගුණයකින් යුතු කොත්තමල්ලි ආහාරයට ගැනිමෙන් බඩගින්න ඇතිවේ. කුසගිනි නොඑන විටත්, කෑම ආරුචිය ඇති විටත් කොත්තමල්ලි කොළ ආහාරයට ගැනිම ගුණදායකය.

ආහාර නොදිරවන අවස්ථාවලදි කොත්තමල්ලි බැද හොඳින් කුඩු කර උණුසුම් ජලයට දමා පානය කිරිමෙන් ගුණ ලැබේ.

බඩපුරවා දැමිම, ඔක්කාර ඇති විටත්, අර්ශස් රෝගින්ටත්, පාණ්ඩු රෝගයෙන් පෙළෙන්නන්ටත්,

වියළි ඉඟුරු ,අරළු, කොත්තමල්ලි කළං 4 බැගින් ගෙන සිනි දමා හෝ නොදමා උදේ සවස පානය කිරිමෙන් සුවය ලැබේ.

රත්පිත් රෝගයෙන් පෙළෙන රෝගින්ටත් හෘද රෝගින්ටත් කොත්තමල්ලි කොළ නිතර ආහාරයට එක්කර ගැනිම යහපත්ය.

ආයුර්වේද ග්‍රන්ථයන්හි පෙන්වා දෙන ගැනිමෙන් ශුකාණූ හීනතාවක් ඇතිවිය හැකි බැවින්, දරුවන් සෑදිමේ වයසේ සිටිනා තරුණ පුරුෂ පාර්ශවය කොත්තමල්ලි අධිමාත්‍රාවෙන් ගැනීම නොකළ යුතු බව සඳහන් කර තිබේ.

නිතර ඇතිවන හිසරදය පාලනයට කොත්තමල්ලි කොළ කොටා ලබා ගන්නා පල්පය ඉස්ම සමඟම නළලේ සෘජුවම ආලේප කිරිම හෝ රෙදි කඩක තවරා ආලේප කිරිම ගුණදායකය.

ශරිරයේ විවිධ තැන්වල හට ගන්නා වසප්පු ගෙඩි සුව විමෙන් ඉක්මණින් සැරව පිටවි තුවාලය සුව විමටත් කොත්තමල්ලි කොටා භාවිතය සුදුසුය.

මුඛ අභ්‍යන්තරයේ තුවාල හටගෙන ඇති වට හොඳින් පිරිසිදු කරගත් කොත්තමල්ලි කොළ කොටා ලබාගත් යුෂ මුඛයේ ටික වේලාවක් තබාගෙන මුඛය පුරාවට හොඳින් අලේප වන පරිදි කැළතිමෙන් පසුව, ඉවත් කළ යුතුය.මුඛ රෝග සමනයට ආයුර්වේදයේ මෙය ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

ඇතැම් පුද්ගලයන්ට නිතර ඇතිවන කරකැවිල්ල, සිහි මුර්ජා ,ගතිය, සේම අමතක වන තත්ත්වයේදි එළ කිරිවලට කොත්තමල්ලි ඇට දමා හොඳින් උණුකර නිවෙන්නට හැර පානය කිරිම ගුණදායකය.

අධි රුධිර පිඩනයෙන් පෙළෙන රෝගින්ට ද මෙය ගුණදායකය.

විවිධ විකෘති කාම ආශාවන්ගෙන් යුතු කාම උන්මාදය රෝගි තත්ත්වයෙන් පෙළෙන ඇතැම් රෝගින්ට පවතින තත්ත්වය පාලනය කිරිමට කොත්තමල්ලි තැම්බු ජලය අධිමාත්‍රාවෙන් දිමෙන් හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස් වී රෝගි තත්ත්වය පාලනය කෙරේ.

ආයුර්වේදයේ පෙන්වා දෙන පරිදි මානසික ආතතිය පාලනය කිරිමට තදිම ඖෂධයක් ලෙස කොත්තමල්ලි ගත හැකිය.

සමේ ඇතිවන ශ්‍රාවය පිට වන තුවාල, කුෂ්ඨවල දි කළුදුරු, සුදුරු ,කොත්තමල්ලි සම ප්‍රමාණයෙන් ගෙන තම්බා සේදිම හෝ බිමද ගුණදායකය.

අම්ලපිත්ත රෝගයෙන් පෙළෙන රෝගින්ට කොත්තමල්ලි ඇට රෑට තම්බා නිවෙන්නට හැර උදෑසන සිසිල් කොත්තමල්ලි වතුර හිස්බඩ පානය කිරිම ගුණදායකය.

ගර්භනි කාන්තාවන්ට මුල් මාස කිහිපය තුළදි ඇති වන වමනයට කොත්තමල්ලි කුඩ කර සිනි දමා උණූසුම් ජලයට මිශ්‍ර කර පානය කිරිමෙන් වමනය පාලනය කරගත හැකි බව අප පැරණියන් ප්‍රත්‍යක්ෂව තහවුරු කර තිබේ.

මැග්නිසියම්, පොටෑසියම් සහ කෙඳි බහුලව අන්තර්ගත කොත්තමල්ලි ප්‍රතිශක්තිකරණය ගුණයෙන් යුක්තය.

ග්‍රීක ජාතිකයන් සොයා තිබෙන කරුණුවලට අනුව කොත්තමල්ලි වාෂ්පිකරණ ගුණයෙන් යුතුය. එම නිසාම කොත්තමල්ලි ලිංගික ශක්තිය වැඩිකර ගැනිම සඳහා භාවිතා කරයි.

දියවැඩියාව රෝගින්ට ද කොත්තමල්ලි ගැනිමෙන් රුධිරයේ ඇති ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය උත්තේජනය කර රෝගය පාලනය කිරිමට උපකාර වේ.

දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන්ට ද කොත්තමල්ලි ගුණදායකය.

රූප ස්වභාවය වර්ධනය කර ගැනිමටත්, සමේ තෙතමනය ආරක්ෂා කර ගැනිමටත් කොත්තමල්ලි කොළ සුළු ප්‍රමාණයක් දෛයිනිකව ආහාරයට එක කර ගත හැක. ඊට අමතරව කොත්තමල්ලි කෙනාළ කොටා යුෂ ගැල්විම ද සමේ ආරක්ෂාව යහපත් බව ආයුර්වේදයේදී පෙන්වා දේ.

🧑ආයුර්වේද උපදෙස් - ආයුර්වේද වෛද්‍ය ධනපාල හෙට්ටිආරච්චිගේ මහතා
(බොරැල්ල රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ)

🖊️ සැකසුම :- හෙළ අරණ™️

(උපුටා ගැනීමකි - ලිපියේ අයිතිය මුල් හිමිකරුට).......................

Congratulations Wild Cookbook 🎉
30/03/2025

Congratulations Wild Cookbook 🎉

මෙවැනි වටිනා දේවල් ගැනීමට පේජ් එකට ලයික් කරන්න 💚
27/03/2025

මෙවැනි වටිනා දේවල් ගැනීමට පේජ් එකට ලයික් කරන්න 💚

මෙය ජපන් ස්නායු විද්‍යා මහාචාර්ය යමමොටෝ විසින් නිර්මාණය කරන ලද ස්ථිතික රූපයකි. ඔහුට අනුව:1. රූපය ඔබට සම්පූර්ණයෙන්ම නිශ්ච...
27/03/2025

මෙය ජපන් ස්නායු විද්‍යා මහාචාර්ය යමමොටෝ විසින් නිර්මාණය කරන ලද ස්ථිතික රූපයකි. ඔහුට අනුව:

1. රූපය ඔබට සම්පූර්ණයෙන්ම නිශ්චලව පෙනේ නම්, ඔබ නිරෝගී ය.

2. එය තරමක් චලනය වන බව පෙනේ නම්, ඔබ යම් ආතතියක් හෝ නින්දක් නොමැතිකම අත්විඳිමින් සිටිය හැකිය.

3. එය සෙමින් භ්‍රමණය වන බව පෙනේ නම්, ඔබ ආතතියට පත්ව සිටින අතර විවේකයක් අවශ්‍ය වේ.

4. එය අඛණ්ඩව භ්‍රමණය වන බව පෙනේ නම්, ඔබ දැඩි ආතතියකින් පෙළෙන අතර වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකිය.

ඔබට අවශ්‍ය නම් ඔබට මෙම රූපය සුරැකිය හැක, එවිට ඔබට වරින් වර හෝ අවශ්‍ය විටෙක ඔබව පරීක්ෂා කර ගත හැකිය.

💚 පේජ් එකට ලයික් එකක් දාලා ඔයාට පේන එක කොමෙන්ට් කරන්න

පොල් වගාව සහ අගය එකතු කළ පොල් නිෂ්පාදන පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව - 2025පොල් තාක්ෂණයේ මහ ගෙදරින් පොල් වගාකරුවන්ගේ තාක්ෂ...
22/03/2025

පොල් වගාව සහ අගය එකතු කළ පොල් නිෂ්පාදන පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව - 2025

පොල් තාක්ෂණයේ මහ ගෙදරින් පොල් වගාකරුවන්ගේ තාක්ෂණික දැනුම, වතු පාලනය පිළිබඳ දැනුම, කම්කරු නීති සහ අගය එකතු කළ පොල් නිෂ්පාදන පිළිබඳව අවබෝධය වැඩි කිරීම සඳහා ප්‍රායෝගික දර්ශන ඇතුළත්ව පොල් වගාකරුවන් සහ පොල් වගාවට උනන්දුවක් දක්වන්නන් සඳහා පවත්වන සහතිකපත්‍ර පාඨමාලාවට ලියාපදිංචි වීමට දැන් ඔබටත් අවස්ථාව ඇත.

🌴පේජ් එකට ලයික් කර 070 400 19 28 යන WhatsApp අංකයට පණිවිඩයක් එවීම මගින් ඔබට මෙම වැඩසටහනට ලියාපදිංචි වීමට හැකියාව ඇත.

🌴මෙම අංකයට 070 400 19 28 WhatsApp හරහා යොමු කර විසදුම් ලබා ගන්න. Hotline- 1928
පොල් පර්යේෂණ ආයතනය.

🌿 ඔබ නොදත් කරාබු බෝගයේ විශ්මිත ගුණ ... 🌿 ආහාර වලට කරාබුනැටි හෝ කරාබුනැටි කුඩු මුසු කිරීම දියවැඩියා රෝගීන්ට සුව ගෙන දෙනවා...
22/03/2025

🌿 ඔබ නොදත් කරාබු බෝගයේ විශ්මිත ගුණ ...

🌿 ආහාර වලට කරාබුනැටි හෝ කරාබුනැටි කුඩු මුසු කිරීම දියවැඩියා රෝගීන්ට සුව ගෙන දෙනවා....
රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේ මනා හැකියාවක් කරාබු නැටි වලට තියෙනවා...
මේ නිසා දියවැඩියා රෝගීන්ට කරාබු නැටි භාවිතය ඉතා සුදුසු ඖෂධයක් ලෙස නිර්දේශ කල හැකියි.

🌿 කරාබු නැටි මිශ්‍ර කල ආහාර සහ පාන වර්ග දිනපතා ලබා ගැනීමෙන් ඔබට පණු රෝග වලින් මිදී සිටිය හැකියි...

🌿 බඩ පිපීම, බඩේ අජීර්ණ, වමනය වැනි ආහාර ජීර්ණ පද්ධතියේ ඇති වන රෝගී තත්වයන් සමනය කිරීමටත් කරාබු නැටි යොදා ගත හැකියි...

🌿 ආහාර වලට කරාබු නැටි මුසු කරනවාට අමතරව ඔබට මෙම ක්‍රමත් අනුගමනය කල හැකියි.
උදා:
කරාබු නැටි කුඩු ජලය හා මුසු කර පානය කිරීම
තේ එකට, කිරි එකට කරාබු නැටි කුඩු මිශ්‍ර කර පානය කිරීම

🌿 ඒ වගේම තමයි කරාබු නැටි ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්න සමත් වෙනවා... සිරුරේ උණුසුම ඉහල ගිය විට හිස කරැකැවිල්ල, ඇඟපත දුර්වලවීම, වෙහෙස, මුත්‍රා ආසාදන, උදරයේ වේදනාව වැනි අතුරු ආබාධ රැසක් පැන නඟිනවා. මේ නිසා ශරීරයේ උෂ්ණත්වය සමතුලිතව තබා ගැනීමට ක්‍රියා කිරීම ඉතා වැදගත්...

🌿 රුධිරය කැටි ගැසීම කියන්නේ විශාල අවදානම් තත්වයක්...
සිරුරේ රුධිර කැටි ගැසීම තුලින් ආඝාතය, හදවත් රෝග ඇති විය හැකියි...
සිරුරේ රුධිර සංසරණය ක්‍රමවත් කිරීමේ හැකියාවක් කරාබු නැටි වලට පවතිනවා...

🌿 කරාබු නැටි වලට පුළුවන් කොලොස්ටරෝල් වැළඳීමේ අවදානම අවම කරන්නත්. කරාබු නැටි වල අඩංගු වන ප්‍රතිඔක්සිකාරකයන් ඊට සමත් වෙනවා...

🌿 නිතර හිසරදය වැළඳෙන කෙනෙක්ටත් කරාබු නැටි භාවිතයෙන් සහනයක් ලබා ගත හැකියි. ආහාර වලට කරාබු නැටි මුසු කරනවාට අමතරව, හිසරදයෙන් පීඩා විඳින අවස්තාවක කරාබු නැටි තැම්බූ ජලය පානය කිරීමෙනුත් සහනයක් සලසා ගත හැකිය.

🌿 කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සෙම ගතිය, ඇදුම වැනි සෙම් රෝග නිසා පීඩා විඳින පුද්ගලයන්ටත් කරාබු නැටි වලින් සහනයක් සලසා ගත හැකියි...
ඔවුන්ට පුළුවන් කරාබු නැටි දමා උතුරුවා ගත් ජලය, තේ හෝ කිරි පානය කිරීමෙන් සුවයක් ලබා ගන්න...

🌿 කරාබු නැටි ඔබේ අස්ථි වල ශක්තිමත් බව ඉහල නංවන්න කටයුතු කරනවා...
පුරුද්දක් ලෙස ආහාර වලට කරාබු නැටි යෙදීමෙන් ඔස්ටියෝපොරෝසිස් ඇතුළු අස්ථි ආබාධ ඇති වීම වැළකෙනවා...

🌿 දත් රෝග ඇති කරවන බැක්ටීරියා විනාශ කර, රෝගය සුව කරන්නට කරාබු නැටි සමත් වෙනවා...

🌿 අප ලබා ගන්නා ආහාර වල විෂ කොටස් අඩංගු විය හැකියි. කරාබු නැටි වලට පුළුවන් ආහාර වල අඩංගු විෂ නැති කරන්න...
ආහාර පිසීමේදී කරාබු නැටි එකතු කිරීමෙන් ආහාර වල ඇති විෂ සතිත දෑ නසා දමන්නට පුළුවන්. ඒ වගේම ආහාර විෂ වීම් වලදීත් ප්‍රතිකාරයක් ලෙස කරාබු නැටි තැම්බූ ජලය පානය කල හැකියි...

අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු ඇසුරුනි ...

මෙවැනි වටිනා කරුණු දැන ගැනීමට පේජ් එකට ලයික් කරන්න 💚

මෙහි සටහන,
එච්. ඒ. එල්. සමිත්‍රී
ව්‍යාප්‍ති නිලධාරී (සන්නිවේදන අංශය)
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

පොල් පොහොර සහනාධාර වැඩසටහන 2025 – 2026අවම ගස් 15 උපරිම ගස් 320.ඔප්පු කොපියක් සමග සම්පූර්න කල අයදුම්පත කෘෂිකර්ම පර්‍යේෂණ ...
20/03/2025

පොල් පොහොර සහනාධාර වැඩසටහන 2025 – 2026
අවම ගස් 15 උපරිම ගස් 320.ඔප්පු කොපියක් සමග සම්පූර්න කල අයදුම්පත කෘෂිකර්ම පර්‍යේෂණ හා නිෂ්පාදන සහකාර වෙත ලබාදෙන්න.
APM පොහොර සහනාධාර ඉල්ලුම්පත https://coconutsrilanka.lk/news&event/single/123 බාගත කරගන්න

මෙවැනි දැන ගැනීමට පේජ් එකට ලයික් කරන්න

ජනවාරි -17 දුරුතු මස පුර පසලොස්වක පෝය දිනය -.වසරේ සමාරම්භක පෝය දිනය මෙන්ම බුදු රජාණන් වහන්සේ පළමු කොටම ලක්දිවට වැඩම කිරී...
17/01/2022

ජනවාරි -17 දුරුතු මස පුර පසලොස්වක පෝය දිනය -.වසරේ සමාරම්භක පෝය දිනය මෙන්ම බුදු රජාණන් වහන්සේ පළමු කොටම ලක්දිවට වැඩම කිරීම සහ මහියංගණයේ යක්‍ෂ ගෝත්‍රිකයන්ට ධර්මය දේශනා කිරීම වැනි අතිශය වැදගත් කරුණු අද වැනි දිනක සිදුවීම හේතුවෙන් දුරුතු මස පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලාංකීය බෞද්ධ අප සියලුදෙනාට ඉතා වැදගත් වේ....

01/01/2022
මොනවද මේ “සත්‍ය කුරුඳු” ?ශ්‍රී ලංකාවේ නිපදවෙන වඩා වැදගත් ම සහ වටිනා ම කුළුබඩු වර්ගය වනුයේ කුරුඳු ය. ලක් පොළොවට රන් ආකාරය...
02/12/2021

මොනවද මේ “සත්‍ය කුරුඳු” ?

ශ්‍රී ලංකාවේ නිපදවෙන වඩා වැදගත් ම සහ වටිනා ම කුළුබඩු වර්ගය වනුයේ කුරුඳු ය. ලක් පොළොවට රන් ආකාරයක් වූ ශ්‍රී ලාංකීය කුරුඳු ගුණාත්මකබවින් අද්විතීය වේ. නූතන ආහාර සුරක්ෂණ තාක්ෂණයේ සම්ප්‍රාප්තියට පෙර යුරෝපීය ජාතීන් සිය මාංශ නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා ගම්මිරිස් සමග කුරුඳු භාවිතා කර ඇත.

තව ද කුරුඳු තුළ අන්තර්ගත සුවිශේෂී සුගන්ධය හේතුවෙන් බේකරි නිෂ්පාදනවලදීත් ආසියාතික ආහාර පිළියෙල කිරීමේ දී හා තේ රසගැන්වීමේ දී භාවිතා කරනු ලැබේ. මීට අමතරව ඖෂධ ලෙස පුළුල්ව භාවිතාවෙන කුරුඳු ලොව මිල අධික ම රූපලාවන්‍ය හා සුවඳ විලවුන් නිෂ්පාදනයේ දී ද භාවිතා කෙරේ.

ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාකයක් වන ශ්‍රී ලංකා කුරුඳු (Cinnamomum zeylancium) මධ්‍යස්ථ ප්‍රමාණයේ සදාහරිත ශාකයකි. නිෂ්පාදනයෙන් 90% කට වඩා අපනයනය කෙරෙන ශ්‍රී ලාංකීය කුරුඳු, එහි ඇති අද්වීතීය ගුණාත්මකභාවය, වර්ණය, රස හා සුවඳ හේතුවෙන් අන්තර්ජාතික වශයෙන් දිගු කලක් තිස්සේ පවත්නා කීර්තිනාමයක් අත්පත්කරගෙන ඇත. භූ විද්‍යාත්මක වශයෙන් ශ්‍රී ලංකාවට භාවිතා වූ පැරණි ඉංග්‍රීසි නම වූ සිලෝන් (Ceylon) යන්නෙන් ශ්‍රී ලංකා කුරුඳු (Ceylon Cinnamon) යන නම පැවත එනු ලබයි.

ශ්‍රී ලංකා කුරුඳු (Ceylon Cinnamon) සහ කැසියා කුරුඳු (Cassia Cinnamon) ‍ලොරේසියේ (Lauraceae) පවුලට අයත් සිනමෝමම් (Cinnamomum) යන එකම ගණයේ කුරුඳු විශේෂ දෙකකි. ශ්‍රී ලංකා කුරුඳු හෙවත් "සත්‍ය කුරුඳු" Cinnamomum zeylanicum Blume වෙතින් ද, කැසියා කුරුඳු Cinnamomum cassia වෙතින් ද පැවත එයි. ශ්‍රී ලංකාව සිනමෝමම් සෙයිලානිකම් (Cinnamomum zeylanicum) හෙවත් “සත්‍ය කුරුඳු” නිපදවන ප්‍රධාන රට යි.

ශ්‍රී ලංකාව තුල මෙම කැසියා කුරුඳු දක්නට නොලැබෙන නමුත් ලෝකයේ කුරුඳු භාවිතාවෙන් 80%කට වඩා වැඩි කොටසක් අත්පත්කරගෙන ඇත්තේ ගුණාත්මයෙන් බාල කැසියා කුරුඳු වේ. එසේ වුව ද ශ්‍රී ලාංකීය කුරුඳුවලට පවතින ගෝලීය වෙළෙඳපොල වටිනාකම කැසියා කුරුඳුවලට වඩා 8 ගුණයකින් පමණ වැඩි ය.

මූලාශ්‍ර රට පදනම්ව ගත් විට, ශ්‍රී ලංකා කුරුඳුවල ප්‍රභවය ශ්‍රී ලංකාවේ සිදු වූ අතර එයට ඉහළ ගුණාත්මකභාවයක් ඇති අතර, වඩා වැඩි සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන දෙයි. සත්‍ය කුරුඳු සහ කැසියා කුරුඳු අතර පෙනුමේ, භෞතික සහ රසායනික ලක්ෂණවල සැලකිය යුතු වෙනස්කම් ඇත. අන්තර්ජාලය තුල Cinnamon යනුවෙන් පරීක්ෂාකොට බැලූ විට වැඩිපුර ම දක්නට ලැබෙන්නේ කැසියා කුරුඳු වේ. ඇතැම්විට ශ්‍රී ලාංකිකයන් ද මෙම කුරුඳු දෙවර්ගය නිවැරදිව හඳුනා නොගන්නා අවස්ථා දක්නට ලැබේ.

ශ්‍රී ලංකා කුරුඳු සහ කැසියා කුරුඳු අතර දෘශ්‍ය වෙනස්කම්

කැසියා කුරුඳු
---------------------
• පහසුවෙන් නොකැඩෙන ඝන පොත්ත සහිත සවිමත් වයනය සහ වඩාත් වැඩි සැර රසක් පවතී.
• සාමාන්‍ය වර්ණය තද දුඹුරු හා රතු පැහැයට හුරු දුඹුරු වර්ණය
• කුරේ ඇතුලට යොමු වූ එක් නැම්මක් සහ ඇතුළත හිස් කුහර ඇත.
• ඉහළ සිනමැල්ඩිහයිඩ් Cinnamaldehyde (>80%) ප්‍රතිශතයක් ඇත.
• ඉහළ කුමරින් (Coumarine content > 5%) ප්‍රමාණයක් ඇත. (කුමරීන් යනු පිළිකාකාරක සංයෝගයකි)
• දීර්ඝ කාලීන භාවිතයේ දී විෂ සහිත විය හැක.

ශ්‍රී ලංකා කුරුඳු
------------------------
• පහසුවෙන් කැඩෙන සුළු වයනයක් සහිත අතර ප්‍රසන්න සුගන්ධවත් රසයක් ඇත.
• සාමාන්‍ය වර්ණය ලා රන්වන් දුඹුරු වර්ණය වේ.
• කූර තුල නැමි හෝ ස්ථර ගණනාවක් ඇත.
• සිනමැල්ඩිහයිඩ් මධ්‍යස්ථ ප්‍රමාණයක් ඇත. (50% - 80%)
• ඉතා පහළ කුමරින් ප්‍රමාණයක් අඩංගුව ඇත.
• ශරීර සෞඛ්‍යයට ඉතා යෝග්‍ය ය.

සත්‍ය කුරුඳුවල සෞඛ්‍ය ප්‍රතිලාභ
-----------------------------------------
අතීතයේ සිටම කුරුඳු ඇතුළු කුළුබඩු වර්ග නොයෙකුත් රෝගාබාධ සඳහා පිළියම් ලෙස භාවිතා කළ බව ඓතිහාසික පුරාවෘත්ත වල සඳහන් වේ. විශේෂයෙන් ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දී ඖෂධ ලෙස කුරුඳු යොදා ගැනීම බහුලව සිදු වේ. කුරුඳු වල ඖෂධීය වටිනාකමක් ඇති ගුණාත්මක ලක්ෂණ පැවතීම ඒ සඳහා හේතු පාදක වී ඇත.

• රුධිරගත සීනි මට්ටම අඩු කරන අතර, හෘදය වස්තුවේ සෞඛ්‍ය තත්වය ආරක්ෂාකොට දියවැඩියාව පාලනය කරයි.
• කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරයි.
• ඉහළ ප්‍රතිඔක්සිකාරක මුලාශ්‍රයකි.
• දැවිල්ල ඇති නොකරන ද්‍රව්‍ය අඩංගු ය.
• පිළිකා අවදානම අඩු කිරීමට උපකාරී වෙයි.
• ආසාදන සහ වෛරස් වර්ග වලට එරෙහිව සටන් කරයි.
• මුඛ සෞඛ්‍ය සහ මුඛයේ නැවුම් සුවඳ ස්වභාවිකව රැක දෙයි.
• චර්ම සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට උපකාරී වෙයි.
• ආසාත්මිකතාවන්ට එරෙහිව ක්‍රියා කරයි.
• සීනි නොමැතිව වුවද කෑම වට්ටෝරු රස ගන්වයි.
• ස්වභාවික ආහාර සුරක්ෂකයකි.
• බුද්ධි මට්ටම හීන වීමෙන් ආරක්ෂා කර දී මොළයේ ක්‍රියාකාරිත්වය රැක දෙයි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැනුවත් කිරීමකි.
(මෙවැනි වටිනා තොරතුරු නිතර දැනගන්න අපගේ මෙම ෆේස්බුක් පිටුව Like /Follow කර එකතුවෙන්න)

😁
16/10/2021

😁

Address

Mirigama
11204

Telephone

+94711575000

Website

Alerts

Be the first to know and let us send you an email when I Agro Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to I Agro Lanka:

Share

Category